යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

ධ්‍යාන බලයෙන් අහසේ පාවෙන නේපාල භික්‍ෂුව


 ඉංග්‍රීසි භාෂාවෙහි Levitation (ලෙවිටේෂන්) නමැති වචනයක්‌ තිබේ. මෙයට දිය හැකි සරළම භෞතික තේරුම සිටින තැනින් ඉහළට නැඟ පා වීමය. ඒ අතර තවත් විඤ්ඤාණවාදී තේරුම් දෙකක්‌ ද මෙයට තිබේ. ඉන් පළමුවැන්න ධ්‍යාන බලයෙන් අහසේ පාවීමය. අනෙක “සෘද්ධිචාරය” ය. සෘද්ධිචාරය පිහිටන්නේ රහතන්වහන්සේලා ඇතුළු සෘද්ධි බලයෙන් අහසේ ගමන් කළ හැකි අයට ය. ගුප්ත විද්‍යාවට අයත් භූතාත්මවලට මෙන්ම දේව සංකල්පයේ පාර්ශ්වකරුවන් වන දෙවිවරුන්ටද අහසින් ගමන් කළ හැකි බව පිළිගැනේ. තම සිරුරට සවි කර ගත හැකි ජෙට්‌ එන්ජිමක ආධාරයෙන් අහසේ ගමන් කිරීමට භෞතික විද්‍යාඥයකුට හෝ ඔහු විසින් එම කාර්යය සඳහා යොදවන පුද්ගලයකුට පුළුවන. අප ගුවන් යානයක යන විට සිදු වන්නේද අහසේ පාවීමකි. පැරෂුටයක්‌ නැතිව තට්‌ටු තිහ හතළිහක්‌ උස අහසින් බිමට පනින කෙනකු ද ක්‍රමානුකූලව අහසේ සිට මහ පොළවට පාවී එයි. ඔහුගේ ගමන සිරස්‌ (Vertical) අතට සිදු වන්නක්‌ වන නිසා පෘථිවියට ආසන්න වන විට ගුරුත්වාකර්ෂණයේ බලපෑමට හසුවී ඉතාම වේගයෙන් පොළොව මතට වැටී ඔලුව පැලී කොන්ද කැඩී අතපය කුඩු වී විනාශයට පත් වෙයි. 

දෙවි කෙනකුත් නොවන, අර්හත්ඵල සමාපත්තියට පැමිණි පුද්ගලයකුත් නොවන, භූතාත්මයකුත් නොවන ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නමැති පුද්ගලයා මෙයට මාස 02 කට පෙර ඇමරිකාවේදී අහසේ ඇවිද යමින් දහස්‌ ගණනක පිරිසක්‌ පුදුමයට පත් කළේය. ඇමරිකන් ජාතික ඉන්ද්‍රජාලිකයකු වන ඔහු සිය සිරුරට ජෙට්‌ එන්ජිමක්‌ හෝ පැරෂුටයක්‌ සවිකරගෙන සිටියේ නැත. එහෙත් ඉතා මෘදු ලෙස අහසට නඟිමින්ද ආපසු පොළොවට එමින්ද තම සංදර්ශනය බැලීමට පැමිණි තරුණියක්‌ දැතින් ඔසවාගෙන අහසට නැඟ පාවී ගොස්‌ ආපසු ක්‍රමයෙන් පහත් වී ඇය බිම තබා යළි අහසට නැඟීමෙන් ද ඔහු ජනයා තුළ ප්‍රීතියක්‌ මෙන්ම තැති ගැන්මක්‌ ද ඇති කළේය. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් අහසින් ගමන් කළ පළමුවැනි අවස්‌ථාව හෝ සියවැනි අවස්‌ථාව මෙය නොවේ. ඔහු 150 වරක්‌ පමණ සංදර්ශන පවත්වා අහසින් ගමන් කර ඇත. ගත වූ ශතවර්ෂයේ ඉපදී මේ ශතවර්ෂයට පැමිණි විශිෂ්ටතම මැජික්‌කාරයා හැටියට කොපර්ෆීල්ඩ් හඳුන්වනු ලැබේ. ඔහු ගැන ඉදිරි ලිපියකින් පාඨකයා දැනුවත් කරනු ලැබේ.

මැජික්‌ නමැති දෘෂ්ටි මායාව ද නොවන ගුවන් යානයක්‌ හෝ ජෙට්‌ එන්ජිමක්‌ද නොවන සෘද්ධි බලයක්‌ ලොව තිබිය හැකිද? Paranomal හෙවත් “අතිඓන්ද්‍රීය ලෙස හැඳින්වෙන මේ බලය සාමාන්‍ය භෞතිකවාදයට හසුවන්නේ නැත. ලෝහමය හැඳි ගෑරුප්පු යනාදිය අතින් නොඅල්ලා චිත්ත බලය යොදා නැමීමට හැකි තරුණයෙක්‌ ඊශ්‍රායලයේ ජීවත් වෙයි. යුරි ගෙලර් නමැති එම තරුණයාගේ චිත්ත බලය නවීන විද්‍යාවට අල්ලාගත නොහැක. 19 වැනි ශතවර්ෂයේදී ලන්ඩනයේ ජීවත් වූ ඩැනියල් ඩංග්ලස්‌ හෝම් ඇතැම් විට සිය මිතුරන් ඉදිරියේදී ක්‍රමයෙන් පොළොවෙන් ඉහළට එසැවී වහළයේ සීලිම දක්‌වා ගමන් ගත්තේය. ඔහු කියුවේ භූතාත්ම කිහිපයක්‌ විසින් තමා ඔසවාගෙන යනු ලබන බවය.

සෘද්ධි බලය නමැති ක්‍රියාවලිය ඉතාම බහුල ලෙස ක්‍රියාත්මක වන්නේ ආසියාතික ආගමික සමාජය තුළය. තිබ්බතයේ ලාමාවරු සහ ඉන්දියාවේ යෝගිවරු භාවනානුයෝගීව සිටින අතර පොළොවෙන් ඉහළට එසැවී පාවීමට පටන් ගැනීම ඉතා සුලභය. සුප්‍රකට ඇමරිකන් මැජික්‌ ශිල්පියකු වූ Dan White වසර 2011 අගෝස්‌තු 13 වැනිදා නේපාලයේ කත්මණ්‌ඩු නගරයේදී පද්මාසන ඉරියව්වෙන් භාවනා කළ භික්‍ෂුවක්‌ දැසින් දුටු අතර ඩිස්‌කවරි රූපවාහිනිය වෙනුවෙන් එම දර්ශනය වීඩියෝගත කළේය. එය www.youtube.comlevitating monk යනුවෙන් ටයිප් කර නැරඹිය හැකිය.

2011 අගෝස්‌තු 13 වැනිදා කත්මණ්‌ඩු නුවරදී මහායාන බුදුදහමට අයත් එම ලාමාවරයා (භික්‍ෂුව) හමුවන ඩැන් වයිට්‌ තම මැජික්‌ බලය ඔහුට පෙන්වන්නේ අහසේ පායා ඇති සඳ අතුරුදන් කිරීමෙනි. ඇමරිකන් මැජික්‌ ශිල්පි ඩේවිඩ් කොපර්ල්ඩ් ද මේ ආකාරයෙන්ම ට- මහල් මන්දිරය සහ ඇමරිකන් ලිබර්ටි ප්‍රතිමාව ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ අතුරුදන් කර යළි මවා පෙන්වා ඇත. ඩැන් වයිට්‌ගේ දෙවැනි මැජික්‌ ක්‍රියාව වන්නේ ඔහුගේ ගෙලෙහි ඇති මාලය ගෙල කැපී වෙන්වී යන පරිදි පහළට ඇද ලාමාවරයාට ත්‍යාගයක්‌ වශයෙන් දීමෙනි. මාලය ගෙල කපාගෙන පහළට ඇදීමත් ඒ හාම වෙන්වුණු ගෙල ප්‍රදේශය හාවීමත් එකවර සිදු වෙයි. මෙය දකින ලාමාවරයා උපේක්‍ෂා සහගත සතුටකින් එම ක්‍රියාව පිළිගන්නා අතර එයට ප්‍රශංසා කරයි. ඉන්පසු පද්මාසන ඉදිරියව්වෙන් අහසේ පාවී පෙන්වන ලෙස ඔහු ලාමාවරයාගෙන් ඉල්ලයි. මැජික්‌ සහ ප්‍රාතිහාර්ය යනු දෙආකාරයක ක්‍රියාවන් දෙකක්‌ බව කියන ලාමාවරයා තමා ආසන්නයෙන් ඉවත්වන ලෙසත් එවිට තම බලය ක්‍රියාත්මක කර පෙන්වීමට උත්සාහයක්‌ ගත හැකි බවත් කියයි. මේ අනුව ඩැන් වයිට්‌ ලාමාවරයා වෙතින් ඉවත්වූ පසු පද්මාසනයෙන් හිඳ ගන්නා ලාමාවරයා ස්‌වල්ප වේලාවක්‌ භාවනාවෙහි නිමග්න වන අතර ක්‍රමයෙන් ඔහු මහපොළොවෙන් ඉහළට එසැවෙන්නට පටන් ගනී. විනාඩියක්‌ පමණ එම ඉරියව්වෙන් සිටින ලාමාවරයා නැවත කෙමෙන් පොළවට පහත් වී ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි.

මේ වීඩියෝ පටය ඉතා ජනප්‍රිය ය. එහෙත් එය වීඩියෝ පටයක්‌ නිසාම සමහරුන්ගේ සැකයට පාත්‍ර වී තිබේ. ඩිජිටල් තාක්‍ෂණය මගින් කළ හැකි බොහෝ දේ ඇති බව ප්‍රේක්‍ෂකයා දන්නේය. එහෙත් ලාමාවරයාගේ ක්‍රියාව ඉන්ද්‍රජාලයක්‌ නොව ප්‍රාතිහාර්යයක්‌ම බව ඩැන් වයිට්‌ගේ මතය ය.

තිබ්බතීය භික්‍ෂූන්වහන්සේලා ප්‍රාතිහාර්ය දක්‌වන්නේ කෙසේද? අන්තර්ජාලයේ ඇති aliensandangels.wordpress.com වෙබ් අඩවියේ එන පරිදි ලාමාවරුන් මේ ප්‍රාතිහාර්යය කරන්නේ තම චිත්ත ශක්‌තිය එක්‌ ලක්‍ෂ්‍යයකට සංකේන්ද්‍රනය කර සිරුරේ සෑම සෛලයක්‌ම තුළ ඇති ශක්‌තිය එම ලක්‍ෂ්‍යය වෙත ගෙන්වාගෙන ඉවතට මුදාහැර සිරුරෙහි බර සැහැල්ලු කර ගැනීමෙනි. චිත්ත ඒකාග්‍රතාව ආධ්‍යාත්මික ක්‍රියාවලියක්‌ වුවද එමගින් ශරීරයෙහි බර සැහැල්ලු කරගත හැකි නම් එහි අර්ථය වන්නේ කුමක්‌ද? චිත්ත ශක්‌තියට ශරීරය කෙරෙහි භෞතික බලපෑමක්‌ කළ හැකි බවය.

නේපාලයේ කත්මණ්‌ඩු නගරයේ ලාමාවරයා පොළොවෙන් ඉහළට එසැවෙන්නේ ඉතා සෙමිනි. උන්වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාව වර්ධනය වීමේ වේගයත්, උන්වහන්සේ මහ පොළොවෙන් ඉලිප්පීමේ වේගයත් සමානය. ලාමාවරයා අහසේ පලක්‌ බැඳ සිටින මොහොතේදී කිසිවකු ඔහුට පිටුපසින් ගොස්‌ විශාල හඬක්‌ නැඟුවහොත් එම ඒකාග්‍රතාව බිඳී ලාමාවරයා ගලක්‌ අතහැරියාක්‌a මෙන් බිමට පතික වනු ඇති බවද පෙර සඳහන් වෙබ් අඩවියේ සඳහන් වේ.

- අනුර සොලමන්ස්‌ / Divaina 


”විශ්වය” යන්න


”විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ. විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙම ක්‍රියාවලිය චක්‍රාකාරව නැවත නැවතත් සිදුවන බැවින් ආරම්භයක් හෝ අවසානයක් ගැන කතා කිරීම නිශ්ඵල ය. එසේම බුදුදහම යනු සත්ත්වයා‍ දුකින් එතෙර කරවීම පිණිස, දුකට හේතුව වන තණ්හාව නැති කිරීම අරමුණු කරගත් දහමකි. නමුත් විශ්වය, අභ්‍යාවකාශය පිළිබද කතාකිරීමේදී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක්ඇතිවීමය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ”විශ්වය” සම්බන්ධ කරුණු පිළිබද අනවශ්‍ය ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත.


එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.


විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ.

නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.

යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ
තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු!

විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption)පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්,
1. ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation)
2. මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis)
යන ඒවායි.

පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක්ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.

අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.

2007 තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Crunch Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.

මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇති එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ ”දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!”, යන තර්ජනාංගුලිය පමණි.

වරක් එක්තරා පුද්ගලයෙක් “විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ”යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ “ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය” යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.
නවීන විද්‍යාවේ දියුණුව හමුවේ දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යනපුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේවවාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.

නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ. අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදුදහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය.

තරුවන් යනු හයිඩ්‍රජන් ප්‍රතිශතය සියයට 74කින්ද හීලියම් ප්‍රතිශතය සියයට 25කින්ද සමන්විතවූ ස්වශක්තියෙන්ම ආලෝකය සහ ශක්තිය පිටකරන අතිවිශාල දීප්තිමත් ආකාශ වස්තුවක්ය. අපගේ සෟරග්‍රහ
මණ්ඩලයේ තාරකාව සූර්යයා වන අතර එය විශ්වයේ ඇති අපමණ තාරකා අතර සාමාන්‍ය ප්‍රමාණයේ එකකි. හිරුට වඩා විශාල යෝධ තරු විශ්වයේ අනන්තවත් තිබෙනවා.තරුවක මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්
අංශක 3000 සිට 80000 දක්වා පරාසයක් තුල පිහිටනවා. අපගේ සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 6000 පමණ බැව් සඳහන් කරනවා. මා සඳහන් කරන්න හදන කාරණය පටන්ගන්නේ ඔය
දත්තයන් ඔස්සේය. තරුවක ඇතුලත හරය core උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10
පමණ ආසන්න වෙද්දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව ඇරඹෙනවා. හයිඩුජන් හීලියම් බවට පත්වෙනවා. එම ක්‍රියාවලියේදී අතිවිශාල ශක්තියක් තරුවෙන් පිටකරනවා. තරුවේ දීප්තිය පවතින්නේද මේ නිකුත්වන ශක්ති ස්කන්ධයෙන්. එහෙත් අනිත්‍ය ස්වභාවය පසක් කරමින් ඒ සෑම ක්ෂණයක් පාසාම තරුවේ
ස්කන්ධයද ක්‍රමයෙන් දැවි දැවී යනවා. හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුවෙමින් හීලියම් බවට පත්වෙමින් වසර මිලියන එක දිගට බැබලෙන තරුව අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත් වෙමින් ජාති ජරා ව්‍යාධි මරණ යන අවස්ථාවට ලංවෙමින් වෙනස් ආකාරයේ ක්‍රියාවලියකට අවතීර්ණය වෙනවා. හයිඩ්‍රජන් ඌනතාවයට පත් මහලු තරුවේ මතුපිට තට්ටු ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා.හරය හැකිලෙනවා. පිට කබොල සිසිල් වෙනවා. දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙනවා.එය ඒ අවස්ථාවේ හඳුන්වන්නේ යෝධ තරුවක් Red giant නමින්.
මෙන්න මේ අවස්ථාව සැලකිල්ලට ගන්න වටිනවා. බුදුරජාණන්වහන්සේ මේ අවස්ථාව සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරනවා හිරු හතක් පායන බව. සූර්යයා මේ අවස්ථාවට පත්වන විට බුධ සහ සිකුරු යන ග්‍රහලෝක සමීපයට විහාලනය වෙනවා. හිතාගන්න පුලුවන්ද සූර්යයාගේ එවිට විශාලත්වය. ඒවන විට
සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරන ආකාරයට සප්තමහා සාගර සියල්ලම සිඳීගිහින් ගිනියම් වැලි මතුවෙනවා. කිසිදු ජීවයක් මහපොලොව මත ශේෂවී නැහැ. සියල්ල දැවී ගිය අඟුරැවී ගිය ස්වභාවයක් තියෙන්නේ.

තරුවේ න්‍යෂ්ඨික ශක්තිය වැයවී අවසන් වෙත්ම තරුව සංකෝචනය වෙනවා. එවිට එය සුදුවාමන තරුවක් White Dwarf Star බවට පත්වෙනවා. අනතුරුව ක්‍රමයෙන් සිසිල් වෙමින් ගොස් දීප්තියක් නොමැති අඳුරු කළුවාමන තරුවක් Black Dwarf බවට පත්වී විනාශවී යනවා. ඒ සමගම මහපොලොව ඇතුලු සියලු ග්‍රහලෝක විනාශ වී යනවා. මෙන්න මේ අනිත්‍ය ස්වභාවයට කවදාහරි මහපොලොවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිරු වැනි අතිවිශාල මහා තරුවකුත් යම් දිනකදී ක්ෂය වී වැයවී විපරිනාමය වී නැතිවී යනවා නම් අන්න ඒ ධර්මතාවයම තමයි සියලු සත්ත්වයා කෙරෙහිත් බලපාන්නේ. සියලු සත්ත්වයෝද ක්ෂයවී වැයවී විපරිනාමය වී ජරා ව්‍යාධී අවදි පසුකරමින් මරණයෙන් විනාශවෙනවා. මරණාස්මෘතිය වඩන්නට මෙය කෙතරම් උචිත තැනක් නොවන්නේද?

හටගත් සියල්ල මෙලෙස අනිත්‍ය ස්වභාවයටත් දුක්ඛ ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත් පත්වෙනවා. හටගත් සියල්ල පවතින කාලය තුල වෙනස්වෙමින් ගොස් අවසානයේ නැති වෙනවා. ඉතින් වසර හැටක් හැත්තෑවක් වැනි සුළු කාලයක් තුල ජීවත් වන අප කිසිදා නොමියෙන අමරණීය අය ලෙස සිතා පඤ්චකාමයන් කෙරෙහි ඇලී උපාදන වී සිතින් කයින් වචනයෙන් පව් නම් සංස්කාර ධර්ම රැස් කරන්නේම
අවිද්‍යාව නම් මුලාව මෝඩකම නිසාම නෙවෙයිද?

(අන්තර්ජාලය ඇසුරින්)

Kalpana Ekarathna

පිරිතේ බලය


2013 cp{£ù v~ 20 {¥ë n£ Sùà රිවිර 


විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය 
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්.... ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක්‌ නෙමෙයි, ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්‌ රැසක්‌ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස්‌ හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.

ඒ අපූරු රහස්‌ එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක්‌ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස්‌ කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක්‌ මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්‌) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස්‌ අරවන කෘතියක්‌ බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.

ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු. 


ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්‌ම ඉන්පස්‌සේ සිදු කළා. 

සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්‌. සම්භාව්‍යය සංගීත රාවයට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්‌. 

මේ පර්යේෂණය තවත් ඉදිරියට ගෙන ගිය ආචාර්ය මසාරු ජල සාම්පල් දෙකකට නිතිපතා එකිනෙකට වෙනස්‌ ආකාරයේ වදන් අසන්නට සැලැස්‌සුවා. ආචාර්ය මසාරුගේ මුවින් ගිලිහුණු කාරුණික වදන් දිනපතා අසන්නට ලැබුණු ජල සාම්පලය පෙර පරිදිම පියකරු ජල අණු රටා මවද්දී ඔහුගේ මුවින් සැර පරුෂ වදන් නිතිපතා ඇසූ ජල සාම්පලය විකෘති හැඩ තල මවන්නට වුණා.

මේ විදියේ එකිනෙකට වෙනස්‌ විවිධාකාර පර්යේෂණ ගණනාවක්‌ තුළින් මිනිස්‌ චිත්ත සන්තානයට ජල අණුවල ව්‍යqහය වෙනස්‌ කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා. 

ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක්‌ නොවන්නේ පිරිත් සඡ්ජායනාවෙන් ආශීර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස්‌ ගණනාවක්‌ ඈත ඉ`දන් නිසයි. ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්‍ර සඡ්ජායනා ජලයේ ස්‌වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි. 

මේ කතාව අවසන් කරන්නට මත්තෙන් ආචාර්ය මසාරු අවධාරණය කරන තවත් කරුණක්‌ සිහිපත් කරන්නට අවශ්‍යයි. අපේ සිරුරෙන් සියයට හැත්තෑවකටත් වඩා තියෙන්නේ ජලය බව විද්‍යාත්මක සත්‍යයක්‌. ඒ කියන්නේ මිනිසුන් කියන අපි නිර්මාණය වෙලා තියෙන්නේත් ජලය මත පදනම්ව. ඒ නිසා ධනාත්මක සිතිවිලි නිරන්තරයෙන්ම සිතන පතන පුද්ගලයන්ගේ සිරුරේ ජල අණු ඒ මත පදනම්ව ධනාත්මක පිරිපුන් දිවියකට මග පාදන බව ආචාර්ය මසාරු පෙන්වා දෙනවා. 

ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස්‌ ගණනකට කලින්. "ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි". ඒ බුදු වදනයි. 

සමන් කළුආරච්චි

 2014 ජනවාරි 26 ඉරිදා දිවයින 

මාතලේදී පොලාව පැලී ගස් ගිලා බහී

පෙර බුදුන් දවස දෙව්දත් තෙරැන් පො‍ළොව පලාගෙන අපාගතවූ පුවත යම් අයෙක් විශ්වාස නොකරයි නම් ඒ සඳහා කදිම නිදසුනකි මේ දැක්වෙන්නේ....

මාතලේ දුන්කලවත්ත දොරකුඹුර ප‍්‍රදේශයෙන් පොලොව පළා ගෙන දැවැන්ත ගස් දෙකක් ගිලා බැසීමේ සිද්ධියක් වාර්තාවේ. විශ්කම්භය අඩි 20-30 ක් පමණැති ආවාට දෙකක් මතුවී දැවැන්ත ගස් දෙකක් මෙසේ ගිලා බැස තිබේ. 19 දින හිටිහැටියේ මෙම ආවාට මතුවී කොස් ගසක් සහ කිතුල් ගසක් ගිලා බැස ඇත. දොරකුඹුර සීලවතී කුමාරිහාමි මහත්මියගේ වත්තක මෙම ආවාට මතුවී ඇති අතර අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ අඩි 60 ක් පමණ උසැති කිතුල් ගසක් මෙම ආවාට දෙකෙහි ගිලා බැස නොපෙනී ගොස් තිබේ. ඉකුත් සුනාමි පැවැති කාලයේදී මෙම ප‍්‍රදේශයේ නිවාස 400 ක පමණ බිත්ති ඉරිතලා හානි සිදුවූ අතර මීට පෙරද මෙම ස්ථානයට ආසන්න තැනක යකඩ ඉන්නක දිගේලිකර සිටි ගවයෙකු යකඩ ඉන්නද සමග පොලොව යටට ගිලා බැස ඇති බව ඉතිහාසයේ සදහන් වුවද එහි සත්‍ය අසත්‍යතාව තහවුරුව නැත. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ප‍්‍රදේශවාසීන් භීතියට පත්ව සිටිති.
December 20, 2012 at 8:34 am | Lanka C News. 

පෙර බුදුන් දවස උකුස්සකු විසින් පටාචාරාවන්ගේ දරැවකු රැගෙන යෑම සිහිගන්වන දර්ශනය.....

තන්තිරිමලේ බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා


Thursday, November 22, 2012



පොළොන්නරුව තිවංක පිළිමගෙයි සිතුවම් අතර පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙනා බව මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන අවා.

බොහෝ රට වල ගල්ගුහා වල තිබෙනා ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වල එවැනි ආකාරයේ රූප තිබෙනා බව වාර්තා වුනත් ලංකාවේ එවැන්නක් පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් නැත.

නමුත් තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් කිසිවිටෙකත් පිටසක්‌වල යානා බව හෙළිරදව් කර නැති නමුත් පෘථිවිවාසීන්ගේ කිසිම උපකරණයකට සමාන නැති "හඳුනා නොගත් සංකේත" බව කියවේ.

මේ ඒ පිළිබඳව පලවූ ලිපියකි.

ක්‍රි .පූ. 3500 තරම් ඈත කාලයේ වනගත දඩයක්‌කරුවන් ලෙස දිවිගෙවූ පෘථිවිවාසීන් එකවරම ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාර ගොඩනැඟුනේ කෙසේද? මහා ශිෂ්ඨාචාරවලින් ගුවන්යානා සහ අද්භූත ජීවීන් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබේ. 

මැටි පුවරු ලේඛන අනුව ඒ අද්භූත ජීවීන් පෘථිවිවාසීන් මෙහෙයවා උක්‌ත මහා ශිෂ්ඨාචාර ගොඩනගා ඇත්තේය. එකී ශිෂ්ඨාචාරවාසීන් දෙවිවරු ලෙස වන්දනා කළ අද්භූත ජීවීන්ගේ නික්‌ම යාමත් සමඟම ක්‍රි.පූ. 1400 තරම් ඈත කාලයේදී ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ශිෂ්ඨාචාර එකවරම අභාවයට ගිය බවටද මතයක්‌ ඇත. 

ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාරවල අවසාන භාගයට සමකාලීනව ලංකාව පුරා පැතිරී පැවැති ශිෂ්ඨාචාරයක තොරතුරු රංචමඩම, හල්දුම්මුල්ල වැනි ස්‌ථානවලින් මතුවෙමින් පවතී. 

මහා ශිෂ්ඨාචාරවල ඒ නොවිසිඳුණු ඉතිහාසයේ අප්‍රකට පැතිකඩක්‌ දැකිය හැකි පිටසක්‌වල ජීවීන්ගේ රූප සටහන් කීපයක්‌ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තන්තිරිමලයට දකුණින් පිහිටි බිල්ලෑව නමැති ප්‍රදේශයේ ලෙනකින් හමු විය. මේ නිසා වෙනත් ශිෂ්ඨාචාරවලට මෙන්ම මෙරට අභාවිත ශිෂ්ඨාචාරයකට ද ගුවන් යානා වලින් පැමිණි අද්භූත ජීවීන් මඟපෙන්වා ඇති දැයි මේ සොයාබැලීමට මේ සටහන ලියමි.

විජයාවතරණය වසර 400 පෙර එනම් ක්‍රි.පූ. 900 වන විට ලංකාවට ආර්යයන් පැමිණ ඇති බව අනුරාධපුර ඇතුල් නුවර කැණීම්වලින් තහවුරු වී ඇති සත්‍යයකි. මේ ආර්ය ජනාවාස වලට වඩා බොහෝ ඉපැරණි ක්‍රි.පූ. 1300 ආසන්න කාලයකට අයත් ග්‍රාමීය ජනාවාස පද්ධතියක්‌ රට පුරා ස්‌ථාන ගණනාවකින්ම හමු වී ඇත. 

ඉබ්බන්කටුව, රංචමඩම, හල්දුම්මුල්ල, කන්නරෝඩෙයි ආදී රට පුරා ස්‌ථාන ගණනාවකින් තහවුරු වූ උක්‌ත ග්‍රාමීය ජනාවාස වල අයිතිකරුවන් පාලි වංශ කතාවල "යක්‍ෂ" හෝ "වැදි" ලෙසත් ක්‍රි.පූ. යුගවල බ්‍රාහ්මී ශිලා ලේඛනවල "මිලක" ලෙසත්, අටුවා ග්‍රන්ථවල "ම්ලේඡ" ලෙසත් හඳුන්වා ඇති බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන්ගේ දියුණු පරපුරක්‌ විය හැකිය. ඉබ්බන්කටුව ආදී එම ස්‌ථානවලින් ලැබුණ වළං කටුවල ඇති කුරුටු අක්‍ෂර සංකේත සමකාලීන ඉන්දුනිම්න ශිෂ්ඨාචාරයේ රූපාක්‍ෂරවලට ඉඳුරා සමාන නිසා එකී ප්‍රාග් ජනාවාස ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ ජනාවාසවීමේ සම්භාවිතාව ඉහළ මට්‌ටමක ඇත.

මේ අප දන්නා ආදිවාසී ජනාවාසවලට වෙනස්‌ සංස්‌කෘතියකට අයත් කුරුටු සිතුවම් විශේෂයක්‌ ද ලංකාවේ වියළි කලාපයේ ස්‌ථාන කීපයකින් හමු වී ඇත. ආර්යයන්ගේ සහ ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ සංක්‍රමණ දෙකකට පෙර යුගයේ ලංකාවේ තනි අයිතිකරුවන් වූයේ බලංගොඩ මානවයාගෙන් පැවත ආ අපේම ඈත නෑයෝය. හද්දා පිටිසර බින්තැන්නේ හුදකලා දිවි ගෙවන වැදි ජනයා ඒ අතීත හුදකලා ලක්‌දිව උරුමකරුවන්ගේ නූතන පරපුරයි. පිටස්‌තර ලෝකය සමඟ අතේ දුරින් සබඳතා පවත්වා ඇති බලංගොඩ මානවයාගේ පරපුර පිටසක්‌වල ජීවීන් සමඟ සබඳතා පවත්වා ඇති බව ඔබට පිළිගත හැකිද? 


මේ පිළිබඳ ප්‍රබලම සාධකයක්‌ සහිත 01 රූපයේ දැක්‌වෙන ගුහා සිතුවම හමුවූයේ ආචාර්ය නන්දේව විඡේසේකර මහතාගේ "වැද්දන්ගේ විකාශන ක්‍රමය" නම් කෘතියෙනි. 

රූපය දෙස විමසිලිමත්ව බැලූ විට එකිනෙකට වෙනස්‌ ජීවීන් වර්ග දෙකක්‌ හඳුනාගත හැකිය. එක්‌ වර්ගයක්‌ හිස වටා රශ්මිමාලා සහිත අද්භූත ජීවීන් වර්ගයකි. අනෙක්‌ වර්ගය රශ්මිමාලා නොමැති සාමාන්‍ය මානව සිරුරය. හිසට බද්ද නොවූ හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ පිහිටි රශ්මිමාලාධාරී අද්භූත ජීවීන්ට වඩා මානවයන්ගේ සිරුරු ප්‍රමාණයෙන් කුඩාය. 

හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ සිතුවම් කර ඇත්aතේ ආලෝක කිරණ විය යුතුය. 01 - රූපයේ හිස වටා විහිඳුවන විශාල රශ්මිමාලා සහිත මානවරූපී අද්භූත ජීවීන් දහදෙනකුගේ සහ මානවයන් හය දෙනකුගේ රූප සටහන් දැකිය හැකිය. මේ රශ්මිමාලා සහිත ජීවීන්ගේ සිතුවම් ලෝකය පුරා හමු වූ පිටසක්‌වල ජීවීන්ගේ චිත්‍රයට නඟා ඇති සිතුවම් සමඟ බෙහෙවින්ම සමානය. 

මේ නිසා ඡේතවනාරාමයේ දෙවිවරුන්ට තම විමාන යානා ගොඩබැස්‌සවීමට පිටසක්‌වල ජීවීන් යාන නවතන "පිටසක්‌වල යානා තොටුපළක්‌" තිබෙන්නට ඇති බව සිතිය හැකිය. මේ පිළිබඳව සුවිශේෂී ගවේෂණයකට විද්වතුන් යොමු වේවා. 

අප දැන් යොමු වන්නේ තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති සිතුවම් පිළිබඳ හෙළිදරව් කිරීමටයි. නන්දදේව විඡේසේකර මහතා සම්පාදිත Per Historic Age නම් කෘතියේ මේ සිතුවම් පිළිබඳ අගනා විස්‌තරයක්‌ ඇත. ශිරාණි දැරැණියගල, අනුරාධ සෙනෙවිරත්න වැනි විද්වතුන්ගේ පර්යේෂණවලට පවා ලක්‌ වූ මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් කිසිවිටෙකත් පිටසක්‌වල යානා බව හෙළිරදව් කර නැත. නමුත් පෘථිවිවාසීන්ගේ කිසිම උපකරණයකට සමාන නැති "හඳුනා නොගත් සංකේත" ලෙස සාමාන්‍ය පෙළ චිත්‍ර මාලාවට පවා ඇතුළත් මේ චිත්‍ර නැවත කියවිය යුතුය. 


2 වැනි රූපයේ දැක්‌වෙන සංකේතය බොහෝ පොත් පත්වල සූර්යයා ලෙස හඳුන්වා ඇත. නමුත් බිල්ලෑව ලේනේම සූර්යයා දැක්‌වෙන වෙනත් චිත්‍රයක වෘත්තයකින් නික්‌මෙන රශ්මිමාලාව මිස රශ්මිමාලාව වටා බාහිර රේඛාවක්‌ නැත. 

මැද පිහිටි වෘත්තාකාර කොටසකින් නික්‌මෙන ආලෝක ධාරාව කරත්ත රෝදයක ගරාදි මෙන් චිත්‍රයට නඟා ඇති බව සිතිය හැකිය. 

හඳුනාගත් පියාසර වස්‌තූන් පිළිබඳ පොත්පත් බොහොමයක මේ හැඩයේ පියාඹන පීරිසියක රූපයක්‌ දැකිය හැකිය. මේවා අතරින් එබඳු හඳුනා නොගත් පියාසර වස්‌තුවක සුප්‍රකට ඡායාරූපයක්‌ 2003 වසරේ මැයි 17 දින නෙදර්ලන්ත වැසියෙකු ගෙන ඇත. මෙහි ඡායාරූපයක්‌ සහිත විස්‌තරයක්‌ පිටසක්‌වල ජීවීන් නමැති ග්‍රන්ථයේ ඇත. (පිටසක්‌වල ජීවීන්. සජීව බණ්‌ඩාර, ප්‍රකාශය ගුණසේන, 173 පිටුව) 

බිල්ලෑව ලෙන සහ පිටසක්‌වල ජීවීන් අතර සම්බන්ධතාව හෙළිදරව් වන සුවිශේෂිම රූපය වන්නේ 3 රූපයේ දක්‌වා ඇති සිතුවමයි. මේ සිතුවම මානව රූපී නොවන සත්ව රූපීද නොවන අප දන්නා වෙනත් උපකරණයක ද සමාන කමක්‌ නොමැති සංකේතයක්‌ වැනිය.


වෘත්තාකාර කවපෙත්තක්‌ වැනි කොටස ආධාරකය මත තැබූ විට එහි දාරය සහිත පැත්තෙන් මේසයක්‌ මත තැබූ පිඟානක්‌ මෙන් පෙනිය යුතුය. 

නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර ශිල්පියෙකු නූතන චිත්‍ර කලා මූලධර්ම වලට පටහැනිව ආධාරකය මත හිසට ඉහළින් ඇති වෘත්තාකාර වස්‌තුවක්‌ පෙනෙන ආකාරයට කවපෙවත්තක්‌ වැනි කොටස සිතුවම් කර ඇත.

මෙය සැලකිල්ලට ගෙන වෘත්තාකාර කොටසේ දාරය සහිත මූණත ඉදිරියට පෙනෙන ලෙස තැබූ විට පෙනිය හැකි ආකාරය 4 - රූපයේ කල්පිතව දක්‌වා සකස්‌ කර ඇත. එසේම 4 - රූපය ඇසුරින් යානාව ගොඩබැස්‌සූවිට පෙනුන ආකාරය 05 - රූපයේ මා විසින් අඳින ලද චිත්‍රයෙන් දැක්‌වෙයි. 

"යානය" වේගයෙන් පැමිණියා. නෙෆ්ලිම්වරු (දේව දරුවන් ලෙස එනමින් හඳුන්වා ඇත්තේ ද අනුනාකිවරුය) විසින් ගින්නෙන් මිනිසුන්ගෙන් ගැහැනුන් වෙන්කළා. ඔවුන් තෝරාගත් ගැහැනුන් බිරියන් ලෙස රැගෙන ඒ බලවතුන් (අනුනාකිවරු) ටික දිනකට ඉවත්ව ගියා. ඉන්පසුව අනුනාකිවරු සහ ගැහැනුන් (පැහැරගත්) ආපසු පැමිණියා. ගැහැනුන්ට දරු උපතක්‌ සිදුවිය. ඔවුන් (දරුවන්) බෝ වන්නට වූ අතර, ඔවුන් බලවත් විය. මිනිසුන්ගේ ගෞරවයට ලක්‌වුණා. මිනිසුන් වහලුන් බවට පත්වුණා." 
(පරණ තෙස්‌තමේන්තුව (උපත්ති කතා, 6.1 - 4) 


උක්‌ත බයිබල් කතාව අනුව නෙෆ්ලිම්වරු හෙවත් අනුනාකිවරු නමැති අද්භූත ජීවීන් විසින් කාන්තාවන් පැහැර ගැනීමක්‌ පුරාතන බයිබලයට පාදක වූ සුළු ආසියාවේ ද රටක සිදුවී ඇත. මේ බයිබල් විස්‌තරයට සමාන සිදුවීමක්‌ 1 - රූපසටහනේ දක්‌වා ඇතැයි සිතිය හැකිය. 

මේ මානව රූපී රශ්මිමාලාධාරීන් පෘථිවිවාසීන් නොවන බව හඳුනාගැනීමට කදිම ප්‍රවේශයක්‌ බෞද්ධ සාහිත්‍යයේ ඇත. මංගල සූත්‍ර දේශනාවේ නිදාන කතාවේ මධ්‍යම රාත්‍රියේ ඡේතවනාරාමය ආලෝකවත් කරමින් පැමිණි දෙවිවරු පිළිබඳව සඳහන්ය. ඡේතවනාරාමයට එම ජීවීන් (දෙවිවරු) පැමිණ ඇත්තේ රාත්‍රියේදී ආලෝකධාරා විහිදුවාගෙන ඡේතවනාරාමය ආලෝකවත් කර ගෙනය. 

මඡ්ජිමනිකායට්‌ඨ කතාවේද ශක්‍රදෙවියා දුන් "විමාන" යානාවල නැගී බුදුන්වහන්සේ අපරාන්තයට වැඩම කළ බවත් සඳහන්ය. වෛමාන ශාස්‌ත්‍ර නමැති ග්‍රන්ථයේ විමාන නමැති ගුවන් යානා ගැන දීර්ඝ විස්‌තරයක්‌ ඇත. 

මේ නිසා "විමාන"නමැති යාත්‍රා පුරාණ ඉන්දියානුවන් දැනසිටි අහස්‌ යාත්‍රා විය යුතුය. මෙකී විමානවලින් පැමිණි අය "දෙවිවරු" ලෙස හඳුන්වා ඇත්තේ ඔවුන් පෘථිවිවාසීන්ගෙන් වෙන් කර දැක්‌වීමට විය යුතුය. ඒවා අද UFOLOGY නම් හඳුනානොගත් පියාසර වස්‌තූන් ගවේෂණය කරන විද්‍යාවෙන් අනාවරණය කරගත නොහැකිව සිටින යානා විය යුතුය. මෙය සත්‍ය නම් අතීත ඉන්දියාවේ බුදුන්වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමයට විමාන නමැති යානා වලින් පැමිණ දෙවිවරු ලෙස හැඳින් වූ ජීවීන් අද වචනයෙන් කිවහොත් පිටසක්‌වල ජීවීන් විය හැකිය. බුදුන්වහන්සේ තම දෛනික කාල සටහනේ රාත්‍රී යාමය වෙන් කර තැබුවේ දෙවිවරු සහ බ්‍රහ්මයන් ලෙස හැඳින් වූ පෘථිවිවාසීන් වෙනුවෙන්ය. 

3 - රූපයේ හැඩයට ඉතාම සමාන පිටසක්‌වල යානාවක්‌ 1976 මාර්තු 08 දින ස්‌විසර්ලන්ත වැසියෙකු ඡායාරූපගත කර ඇත. 3 - රූපයේ සංකේත ලෝකය පුරා පිටසක්‌වල යානා පිළිබඳ වාර්තා ඇසුරෙන් "බ්‍රිතාන්‍ය හඳුනානොගත් පියාසර වස්‌තුන් පිළිබඳ පර්යේෂණ සංගමය" විසින් කල්පිතව සකස්‌ කරන ලද පිටසක්‌වල යානාවට ද ඉඳුරා සමානය. මේ නිසා 3 රූපය ආදිවාසීන් දර්ශනය වූ පිටසක්‌වල යානාවක්‌ ලෙස සැලකිය හැකිය. 

මේ නිසා 3 රූපයේ දැක්‌වෙන්නේ ආධාරකයක්‌ මත ගොඩබස්‌වා ඇති පිටසක්‌වල යානාවක්‌ විය යුතුය. ආධාරකය හකුලුවා ගුවන්ගත වූ විට 6 - රූපයේ ආකාරයට පෙනෙන්නට ඇත. මෙවැනි කවපෙත්තක හැඩයට ආකාශයේ ගමන් කරන යාත්‍රාවල රූප සහිත කුඤ්ඤ අක්‍ෂර ලේඛන පුවරු ගණනාවක්‌ම සුමේරියානු ශිෂ්ඨාචාරයෙන් හමු වී ඇත. 

ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පෙරදිග සංස්‌කෘතික අධ්‍යයන අංශයට බෙනෝ ලෑන්ඩ්බර්ග් (Benno Landsberger) සහ ඡේ. වී. කිනියර් විල්සන් (J.K. Kinnier Wilson) යන දෙදෙනා විසින් "එනමු - ඉල්ෂ් පුවරු පහ (The Fifh Tablet of Enumu - Elish) හිසින් විශිෂ්ඨ නිබන්ධනයක්‌ ඉදිරිපත් කළේය. 

මේ නිබන්ධනයේ ඇත්තේ නිබිරු නමැති යානාවලින් පෘථිවියට පැමිණෙන අද්භූත ජීවීන් වර්ගයක්‌ තම යානා පෘථිවියට පහත් කිරීම ඇසින් දුටු සාක්‍ෂියක ලිත සටහනකි. 

7 - රූපයේ දැක්‌වෙන්නේ කවපෙත්තක හැඩැති යානාවකින් ගමන් කරන එම අද්භූත ජීවීන්ගේ කැටයමකි. එබැවින් 3 - රූපයේ දැක්‌වෙන්නේ සමකාලීන සුමේරියානුවන් පවා කැටයමට නඟා ඇති පිටසක්‌වල යානාවලට සමාන පිටසක්‌වල යානාවකි. 

මේ නිසා සුමේරියානු ශිෂ්ඨාචාරයට සමාන්තරව පැවති අභාවයට ගිය දැනට අප නොදන්නා ශිෂ්ඨාචාරයක්‌ ලංකාවේ ද තිබුණු බව මේ විශිෂ්ඨ රූප සටහන ඉඟි කරයි. එබැවින් රංචාමඩම, හල්දුම්මුල්ල යන ස්‌ථානවලින් මෑතකදී පාදාගත්තේ බිල්ලෑව චිත්‍රශිල්පීන්ගේ පරපුර පිටසක්‌වල නෑයන්ගෙන් පැවත එන පරපුරක්‌ද? 

බිල්ලෑව ලෙනේ ඇති අනෙක්‌ සුවිශේෂී සිතුවම 8 රූපයේ දක්‌වා ඇති මානව රූපී අද්භූත ජීවීන් දෙදෙනාය. මෙම රූප දෙක කොටුකර ඇත. මොවුන්ගේ කායික අංක ලක්‍ෂණ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස්‌ය. අතේ ඇඟිලි තුනකි.

එසේම අසාමාන්‍ය ලෙස දිගැටි විශාල හිස්‌ කබලේ ඉහළ අඟක්‌ වැනි කොටසක්‌ ද ඇත. මේ රූපය දෙස බැලූ විට කිසියම් මනුෂ්‍ය රූපී අද්භූත ජීවින් දෙදෙනෙකු බව අනුමාන කළ හැකිය. ඉපැරණි සුමේරියානු ශිෂ්ඨාචාරය හා සම්බන්ධ පිටසක්‌වල ජීවීන්ගේ කැටයම් කර ඇති රූපවල ද සත්ව හිස්‌ සහිත මානව රූපී ජීවීන් දැකිය හැකිය. බයිබලයේ පැරණිතෙස්‌මේන්තුවටත් වඩා ඉපැරණි කොප්ටික්‌ නමැති භාෂාවකින් ලියූ ලේඛන විශේෂයක්‌ ඊශ්‍රායලයේ මළමුහුද අසලින් හමු විය. එම ලේඛනවල අනුනාකිවරුන්ගේ දේහ ලක්‍ෂණ විස්‌තර කර ඇත්තේ මෙසේය. 

"අනුනාකිවරු විටෙක මත්ස්‍ය රූපී මානවකයන් (Fish human)) සිංහ රූපී මානවයන් ((Lion human) පක්‍ෂිරූපී මානවකයන් (Bird human)) ලෙසත් වෙනත් සතුන් ලෙසත් මිනිසුන් ඉදිරියට පැමිණියහ. මේ නිසා අනුනාකිවරු දෙවියන් ලෙස හඳුන්වා මිනිසුන් වන්දනා කළා. මෝසස්‌ එයට දරුණු ලෙස විරෝධය පෑවා. පසුකලෙක ප්ලීඩියස්‌වරු (Pleidians) නමැති (අනුනාකිවරුන් වැනිම මිසරයේ සිටි අද්භූත ජීවීන් කොටසකි) ඊජිප්තුවේ පාරාවෝ තුන්වන ස්‌වර්ණමය යුගයේදී මෝසස්‌ විසින් දේව වන්දනා කළ සුමේරියන්වරුන්ව විනාශ කිරීමට මිසරවරු මෙහෙයවීය. මිසර - සුමේරියා වැසියන්ගේ බිහිසුණු යුද්ධයෙන් සුමේරියන්වරු ජයගත්තේය." 

බිල්ලෑව ගුහාවෙන් පියාඹන පීරිසි ලෙස සැළකිය හැකි යානා දෙකක රූපසටහන් ද හමුවීම නිසා මේ අද්භූත ජීවීන් එම යානාවලින් පැමිණි පිටසක්‌වල ජීවීන් විය නොහැකිද? පිටසක්‌වල යානා ලෙස සැලකිය හැකි යානා හා අද්භූත ජීවීන් අතර රූපික සම්බන්ධයක්‌ ද පෙන්විය හැකිය. 

1) 7 රූපය අහසෙ ඈත පාවෙන පිටසක්‌වල යානාවකි. 
2) 3 රූපය ආධාරකය මත නවතා ඇති පිටසක්‌වල යානාවකි. 
3) 8 රූපයෙන් දක්‌වා ඇත්තේ පිටසක්‌වල යානාවකින් එළියට පැමිණි පිටසක්‌වල ජීවීන් දෙදෙනකි. 


මෙම රූප සටහන් නිහඬව පවසන සත්‍ය වන්නේ බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන් වූ අපේ ඈත නෑයන් සහ පිටසක්‌වල ජීවීන් අතර සබඳතාවක්‌ ඉතිහාසයේ ඈත යුගයකදී තිබුණු බව පමණි. එසේම ඉබ්බන්කටුව ආදී බොහෝ ප්‍රාග් ජනාවාසවල මෙගලිතික්‌ සොහොන් සමාන වන්නේ අසල්වාසී දකුණු ඉන්දියාවට නොව ඈත ඉන්දුනිම්නයේ හරප්පා නගරයේ සොහොන් කොත්වලට වීම පුදුම සහගතය. මේ සමානකම වෙළෙ¹ම හරහා රටවල් දෙකක්‌ අතර ඇතිවූ සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ බව ඉන්දුනිම්නයෙන් හමු වූ ලංකාවේ මැණික්‌ සහ ඉබ්බන්කටුව ආදී මෙගලතික්‌ සොහොන්වල ඇති ඉන්දුනිම්න රූපාක්‍ෂර සාක්‍ෂි දරයි. 

මේ නිසා ඉන්දු නිම්න වෙළෙඳුන් පිටසක්‌වල ජීවීන්ගේ සහාය ඇතිව ලංකාවේ මැණික්‌ ආදී සම්පත් ගෙන ගිය බව සිතිය හැකිය. නමුත් ඉන්දුනිම්න මහා ශිෂ්ඨාචාරය ආර්යයන් විසින් විනාශ කිරීම නිසා ලංකාවේ තිබූ ඉන්දුනිම්න ජනාවාස හුදෙකලා වන්නට ඇත. මේවා සංවර්ධනය වෙමින් ක්‍රි.පූ. 900 දී ආර්ය සංක්‍රමණය වනතුරු ස්‌වාධීනව පවතින්නට ඇත. රංචමඩම, හල්දුම්මුල්ල සහ ඉබ්බන්කටුව ඇති ඉන්දුනිම්න ජනාවාස පැහැදිලිවම ආර්ය ජනයාගෙන් වෙනස්‌ සහ ඊට පූර්වගාමී එකකි. 

ඉහත නිගමනය නිසා අපේ ඉතිහාසයේ අඳුරු යුගයක්‌ ආලෝකමත් වෙයි. අප දැනට දන්නා ඉතිහාසයෙන් බැහැරව අපේ යටගියාව සෙවිය යුතු බවට මේ සිතුවම් අපව දිරිමත් කරයි. 

-ලලීන්ද්‍ර සන්නස්‌ගම මහතා විසින් විසින් 2011 ඔක්තෝබර් 26 වනදා දිවයින පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරෙනි-

තිවංක පිළිමගෙයි ඇඳ ඇති පිටසක්වල ජීවියෙකුගේ බවට සැක කරන බිතු සිතුවම හා ඒ පිළිබඳ පෙර ලිපිය පහතින්.