යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

පිටසක්‌වල බෞද්ධයන්ගේ ඇඟ කිළිපොළායන අනාවැකි

එක්‌තරා බෞද්ධ නිකායකට අයත් සැදැහැවතකු මට ළඟ දිනක මහමඟදී හමුවිය. ඔහුගේ තර්කන බුද්ධිය ඒ බෞද්ධ සම්ප්‍රදායට අයත් නායකයා විසින් ගල්කර තිබුණි. ඔහුට අනුව මහ උගතා වනුයේ ද තුන් ලෝතතු "ඒ ටූ ඉසෙඩ්" දන්නේ ද ඔහුගේ නායකයා පමණි. අන් අය මැට්‌ටන්ය. ඔවුන් බුද්ධි ඵලයෙන් හීනය. මෙවැනි අන්තවාදී නිකායකට අයත් අයකු සැදැහැවතකු ලෙස මා නම් කළේ එක්‌තරා වැදගත් හේතුවක්‌ මතය. දැන් මම ඔබව ඒ හේතුව සරලව පහදා දෙමි.
මිනිසා ආගමක්‌ ඇදහීම පටන්ගත්තේ කොපමණ කලකට පෙරදී ද යන්න මෙතෙක්‌ කිසිවකු විසින් හෝ විසඳා නොදුන් ගැටලුවකි. දැනට වසර විසිදහසකට පෙර යුරෝපයේ ජීවත්වූ නියෑන්ඩර්තාල් මානවයන් පවා ආගමක්‌ ඇදහූ බව පුරාවිද්‍යාඥයන් විසින් සාධක සහිතව ඔප්පු කර ඇත. මිනිසා ආගම් ඇදහීමට මූලික හේතුව වූයේ සොබාදහම ඔහුට හරි හැටි තේරුම් ගත නොහැකි වීමයි. හිරු පෙරදිගින් නැග බටහිරෙන් බැසයයි. ගින්නෙන් සියල්ල දැවී අළුවී යයි. සුළඟට හසුවූ සැහැල්ලු දේ ඈතට ඈතට පාවී යයි. එබඳු සංසිද්ධීන් තේරුම්ගත නොහැකිවූ තැන මිනිස්‌සු ඒ පිටුපස තිබෙන කිසියම් අද්භූත නායකත්වයක්‌ ගැන විශ්වාස කරන්නට පටන්ගත්හ.
ලෝක ආගම් සියල්ලෙහිම දැකගත හැකි එක්‌තරා පොදු ලක්‍ෂණයක්‌ වෙයි. ඒ පොදු ලක්‍ෂණය නම් අන්‍ය ආගමික මතවාදයන් නොඉවසීමයි. අන්‍ය මතවාදයන් උපහාසයට හා හෑල්ලුවට ලක්‌ කිරීමයි. අන්‍ය ආගමකට අයත් දෙවියන්ට වැඳුම් පිදුම් නොකළ යුතුය යන්න පරණ තෙස්‌තමේන්තුවට අයත් දස පනතෙහි පැහැදිළිව සටහන් කර ඇත. සූත්‍ර පිටකයට අයත් බ්‍රහ්ම ජාල සූත්‍රයෙන් එවකට පැවති අන්‍ය ආගමික මතවාද සියල්ල ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. සෑම ආගමික නිකායක්‌ම තමන් හරි අන් අය වැරදි කියා ප්‍රචාරය කරනු දක්‌නට ලැබේ. තමන්ට අවනත වන අය සැදැහැවතුන්ය. අන් අය මිථ්‍යා දෘෂ්ඨිකයන්ය. මේ ලක්‍ෂණය කොයි ආගමික කල්ලියටත් එකහා සමාන මහා පොදු සාධකය වෙයි.
2016 ජනවාරියේ අඟහරු ග්‍රහයා එන තිබුණේ යෑයි කියන ප්‍රතිමාවකට සමාන සලකුණක්‌
දැන් අපට වැදගත් ප්‍රශ්නයක්‌ ඉතිරිවෙයි. ලෝකයේ සියලු ආගම් එකිනෙක නොපෑහේ නම් අප විසින් කළ යුතු වඩාත් සාධාරණ තේරීම කුමක්‌ද? මේ ප්‍රශ්නය ඉතා සරල එකක්‌ ලෙස ඔබට පෙනෙනු ඇත. නැත. එය සරල ප්‍රශ්නයක්‌ නොවේ. ඔබ මරණින් මතු නිරයට නෙරපනු ලබන්නේද එසේ නැතහොත් ස්‌වර්ගයේ උත්පත්තිය ලබන්නේද යන ප්‍රශ්නයට පිළිතුර රඳා පවතින්නේ ඔබේ තේරුම නිවැරදිද යන්න මතය. කොයි ආගමික මතවාදය නිවැරදි ද එය කොපමණ දුරට නිවැරදි ද යන පැනයට පිළිතුර ඔබ අද අදම දැන සිටිය යුතුය. අපගේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම විසඳාගත යුතු ප්‍රශ්නය වන්නේද එයයි. 
මා පිටසක්‌වල බෞදAධයන් ගැන මේ තරම් විස්‌තර ලිවීමට එක්‌ හේතුවක්‌ නම් පිරිසිදු බුදුදහම හැර වෙනත් විකල්ප ගැලවීමේ මාර්ගයක්‌ නොමැති බව පෙන්වා දීමට ඇති අවශ්‍යතාවයි.
මා පිටසක්‌වල බෞද්ධයන් ගැන ලියන පොත්පත් අදවන විට ශීඝ්‍රයෙන් රට තුළ ජනප්‍රිය වෙමින් පවතියි. පිටසක්‌වල බුදුවරුන් ගැන රසකර කථා ලියන වෙනත් සිංහලයකු ගැන ඔබ අසා නොතිබෙන්නට බොහෝ ඉඩ ඇත. බෝසත්වරුන් හා සංවාදයේ යෙදෙන තවත් මිනිසකු ගැන ඔබ අසා නැතුවාට සැක නැත.
එක්‌කෝ මා කියන දේ බොරු විය යුතුය. නොඑසේ නම් මනෝභ්‍රාන්තියකට (hallucination) ලක්‌ව ඒ කථා ලියනවා විය යුතුය. එසේත් නැතිනම්? ඒ කථා පිටසක්‌වල බෞද්ධයන්ගේ සැබෑ තොරතුරු විය යුතුය.
පිටසක්‌වල බෞදAධයන් ගැන සූත්‍ර පිටකයේ තැන් තැන්වල ඇති වැදගත් තොරතුරු ගණනාවක්‌ මම පසුගිය ලිපිවලින් හෙළිදරව් කළෙමි. විජය සක්‌විති රජු පිටසක්‌වල බුදුවරුන්ට වන්දනාමාන කිරීමේ පිනෙන් අපාය වියළවීය. අනුරුදධ තෙරණුවෝ දසදහසක්‌ සක්‌වල මනුෂ්‍යවාසයන් ගැන දිවැසින් දැක ගත්හ. කාශ්‍යප බුදුන්වහන්සේගේ සමයෙහි විසූ අභිභූ රහතන්වහන්සේ දසදහසක්‌ සක්‌වලට ඇසෙන්නට බණ කීහ. මේ සූත්‍ර පිටකයෙහි පිටසක්‌වල බෞද්ධයන් ගැන සදහන් වන වැදගත් තැන් කිහිපයකි.
පිටසක්‌වල බෞදධ නායකයන් සූක්‍ෂම කයින් පැමිණ මා හමුවීය යන්න මා නිතර නිතර කියන කරුණකි.
"හා අපිත් භාවනා කරනවා. එහෙමනම් අපටත් ඔයවැනි දේ පෙනෙන්නට ඕනනේද?" යනුවෙන් සමහරු තර්ක කරති. කලාතුරකින් තව කෙනෙකු කියන පරිදි පිටසක්‌වල බෞදධයන් ගැන අපට වැඩක්‌ නැත. අපි අපේ බුදුන් කී බණ අසාගෙන අපේ ගමන යමු යෑයි ඔවුහු කියති. දැන් මම ඒ ප්‍රශ්න සියල්ලම සාධාරණව විසඳා දෙමි.
මුලින්ම මා හමුවට ආ පිටසක්‌වල බෞදධ නායකයා මංජු ශ්‍රී නම් වෙයි. මංජු ශ්‍රී මා වෙත ආවේ අතිශය සංවේදී හා වැදගත් පණිවුඩයක්‌ ද සමගය. කුමක්‌ද ඒ වැදගත් පණිවුඩය? ඒ පණිවුඩය කොටස්‌ කිහිපයකින් විස්‌තර කිරීම පහසුය. මහායානය යනු බුදුදහමේ ශාඛාවක්‌ නොව එය වසවර්ති මාරයාගේ නිර්මාණයක්‌ බව ඔහු කී පළමු පණිවුඩයයි. මහායානය නිර්මාණය වීම පිළිබඳව ඔබ මෙතෙක්‌ නොඇසූ සත්‍ය කථා ප්‍රවෘත්තිය මෙසේය.
සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ සියලු බුදුවරුන්ගේ ප්‍රතිපත්ති අනුව යමින් දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට අතිශය දීර්ඝ ධර්ම දේශනාවක්‌ කළහ. එම ධර්ම දේශනාව සද්ධර්ම පුණ්‌ඩරීක සූත්‍රය නම් වෙයි. 
සංසාරය බියකරුය. බුදුවරයකු පහළවීම දුර්ලභ කරුණකි. බුදුවරයකුගේ බණ කනවැකීම සංසාරයේදී ලැබෙන විරල ගණයේ අවස්‌ථාවකි. ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගෙන වහ වහා ධර්මාවබෝධයට පත්විය යුතුය යන්න ඒ ධර්ම දේශනයේ සාරාංශයයි.
වෙනත් ලෝකධාතුවල බුදුවරුන් වැඩ වාසය කරන්නේද යන සැකය සදධර්මපුණ්‌ඩරික සූත්‍රය අසා සිටින දෙවිවරුන්ගේ සිත්වල ඇතිවිය. බුදුපියාණන්වහන්සේ ඒ සැකය දුරුකරනු පිණිස වෙනත් ලෝකධාතුවල ඇති බුද්ධ ක්‍ෂේත්‍ර ගැන ද දැනට වැඩවසන බුදුවරුන් වහන්සේලා ගැනද බෝසත්වරුන් ගැනද දීර්ඝ දේශනාවක්‌ කළහ. ඒ මනරම් දෙසුම අසා සිටි මාරදූවරු සිය පියාට ඒ ගැන රපෝර්තු කළහ. මාරයා වහ වහා ක්‍රියාත්මකවී මිනිසුන්ගේ සිත්වලට බලපෑම් කර මහායානය නම් වූ අප්‍රභංශය නිර්මාණය කළේය.
මා කලින්ද විස්‌තර කළ පරිදි මහායානය පදනම් වනුයේ වසවත් මරුන් විසින් මිනිසුන්ට ආරූඪවී කරන ලද ප්‍රකාශයන්ය. මහායානයේ ඇති ලෝකධාතු විස්‌තරයෙහි නිවැරදි තැන් ඇත. නමුත් මහායාන ගමන් මඟ කෙළවර වනුයේ වසවත් මරුගේ ප්‍රාසාදයෙනි. ප්‍රකෘති ශ්‍රාවකයන්ගේ කාලය අවසන් වන තුරු මහායානිකයෝ සසරෙහි දිගට ගමන් කරති. බුද්ධ ශාසනය අවසාන වූ කල්හි ඉඳහිට මහායානිකයෙක්‌ පසේබුදු බව ලබයි. මහායානය යනු වසවර්ති මාරයාට සෙනග එකතු කිරීමට තනන ලද උපක්‍රමයකි. බෝසත්වරුන් කියන පරිදි මහායානය බුදුදහමේ ශාඛාවක්‌ නොවේ. එය වශවර්ති මාරයා විසින් සෘජුව මෙහෙයවන ආගමික නිකායකි.
පිටසක්‌වල බෝසත්වරුන් මේ කියන අනෙක්‌ වැදගත් කරුණ නම් සුඛාවතියේ වෙසෙන අමිතාභය බුදුන් සමීපයෙ උපත ලබන ප්‍රතිපදාවක්‌ අපට නොමැත්තේය යන්නයි. මේ කරුණ අමිතාභය බුදුන්වහන්සේ විසින්ද මතක්‌ කර දෙනු ලැබීය.
"පින්වත. මුළු විශ්වයෙහි ලෝකධාතු සියල්ලටම පොදුවූ ගුණාංග තුනක්‌ ඇත. අනියත, සන්තත හා සංකර යන ගුණාංග තුන ලෝකධාතූන් සියල්ලටම පොදුය. එබැවින් සියලු ලෝකධාතූන්හි සංස්‌කාරයන් අනිත්‍යය. සංස්‌කාරයන් අනිත්‍ය බැවින් දුක්‌ඛ සත්‍යය සිය`ථ ලෝකධාතූන්ට පොදුවෙයි. කිසියම් ලෝකධාතුවක සිටින යම් කෙනකු සසර දුක නැති කරන්නේ නම් චතුරාර්යසත්‍යය අවබෝධයෙන්ම එය සිදුවිය යුතුය. ඕනෑම ලෝකධාතුවක ලෝකසත්‍යය හෙළිකරගනු ලබනුයේ බෞදධ අවබෝධතා මාර්ගයෙන් පමණි. ඒ හැර දුක නිවීමට වෙනත් මාවතක්‌ නොමැත. අමිතාභය බුදුන් වෙසෙන සුඛාවතියේ ඉපදීමේ ප්‍රතිපදාව පෘථිවි වාසින්ට නිෂ්පල වූවකි."
තවද ලෝකාන්තර නිරය හරහා ද නිරය අතර සත්වයන් මාරුකිරීමේ ක්‍රමය හරහා ද ආසන්නතම සක්‌වලෙහි ඉපදිය හැකි මුත් පෘථිවියේ කෙනකුට සඛාවතියෙහි ඉපදීමට කිසිදු ක්‍රමයක්‌ නැත. අමිතාභය බුදුන්වහන්සේ තවත් විටෙක මෙසේ දේශනා කළහ.
"පින්වත. පෘථිවි තලයෙහි ගෞතම බුදුන්වහන්සේගෙ ශාසනය තවම විද්‍යාමානය. ඒ ශාසනය තුළ ඔබට උගන්වන ලද ප්‍රතිපදාව සමාදන්වීමෙන් සසර දුකට පිළියම් කළ හැකිය. නිසැකවම සසර සයුර තරණය කළ හැකිය."
අමිතාභය බුදුන්වහන්සේ කොපමණ දූරදර්ශී නායකයකුද යන්න පහත දැක්‌වෙන ප්‍රකාශයෙන් වටහා ගත හැකිය.
"අමිතාභය බුදුන් නම් වන මට වැඳීමෙන් පිදීමෙන් ද මා අරභයා පුද පූජා කිරීමෙන්ද බොහෝ පින් අත්වෙයි. එය බොහෝ කල් වැඩ පිණිස හේතුවෙයි. නමුත් පෘථිවිවාසීන්ගෙන් කිසි කලෙක එවැන්නක්‌ බලාපොරොත්තු නොවෙමි. ඔබ ගෞතම බුද්ධ ශාසනයේ මතු පැවැත්ම කැමැත්තේ නම් අමිතාභය බුද්ධ වන්දනාව ප්‍රචලිත නොකළ යුතුය."
අමිතාභය බුදුහු සිතට දැනෙන්නට ඉතා මොළොක්‌ව සරලව බණ කියති. අමිතාභය බුදුන්ගෙන් මා බණ ඇසූ කාලයේ තවත් අපූරු අත්දැකීමක්‌ ලබා ගත හැකිවිය. එක්‌තරා දේවතාවෙක්‌ මා වෙත පැමිණ අසවල් දිනයේ අසවල් වේලාවේ අමිතාභය බුදුන්වහන්සේ මා අරභයා බණ කියන්නේය යනුවෙන් මා දැනුවත් කිරීම පුරුද්දක්‌ කර ගත්තේය. අද මට නොව අසවලාට ඇසෙන්නට බණ කියන්නටැයි මා ආරධනා කළොත් එදින බණ ඇසෙන්නේ මා විසින් නම් කළ නියෝජිතයාටය. මට නොවේ.
නිලන්ත හෙට්‌ටිගේ
දිවයින
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤