යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

තිස් එක් තල ලෝක අවකාශය - 31 World layer Space



NS-LS-MS-ES   අවකාශය

NS  -NANO  SPACE
LS  - LAW SPACE
MS - MIND SPACE
ES -  EMPINESS  SPACE

NS - පරමාණුක අවකාශය හෙවත් සියම් රූප ධර්ම හැසිරෙන අවකාශය තුළ ප්‍රේත -  අසුර - නරක - දිව්‍ය ලෝක බහ්ම ලෝක පිහිටා ඇත. නැනොමීටර් එකක අවකාශයේ සිට 80,000 දක්වා අතර මෙම දිව්‍ය බහ්ම තල පිහිටා ඇත. ( ඉඳිකටු තුඩකින් 80,000 පංගුවක් අකනිටා ලොව පිහිටා ඇති අතර ඉඳිකටු තුඩකින් 10,000 - 2000 අතර චාතුර්මහාරාජික දෙව් ලොව, ප්‍රේත ලෝකය නරකය, අසුර අපාය පිහිටා ඇත.

LS - පහළ අවකාශය මනුෂ්‍ය ලෝකයයි. සියලු රූප ධර්ම වල ඒකරාශී වී ඇති ඝන අවකාශය තුළ තිරිසන්, මනුෂ්‍ය භූමිය පිහිටා ඇත.

MS - අරූපතලය පිහිටා ඇති අවකාශය සිතේ හැසිරීම පමණක් ඇති රූප නොමැති අවකාශයයි.

ES - නිර්වාන ධාතුව සිය රූප ධර්මවලින් සියලු නාම ධර්ම වලින් මිදුනු පරම ශුන්‍යතා අවකාශ ධාතුවයි.


• විශේෂ කරුණු 1

තිරිසන් ලෝකය මනුෂ්‍ය ලෝකය හා සමව පිහිටයි.

දිව්‍යමය තිරිසන් සතුන් පළමු චාතුර්මහාරාඡික දිව්‍ය ලෝකයට අයිති වේ.
ප්‍රේත ‍ ලෝකය මනුෂ්‍ය භූමියට සමාන්තර චාතුර්මහාරාඡික දිව්‍ය ලෝකය අවකාශ කොට - දුගති භූමිය වශයෙන් පවතී.
(මනුෂ්‍ය භූමියේ හිඟන්නන් මෙනි. )
අසුර ලෝකය මුහුද ඇසුරු කොට චාතුර්මහාරාඡික දිව්‍ය ලෝකය අවකාශ කොට මහාමේරු පර්වතය යට මුහුදේ පිහිටා ඇත.
නරකය පෘථිවි අභ්‍යන්තර ගිනිගෙන දැවෙන ලාවා තට්ටු යට එකිනෙකට පහලින් මහා නරක අටක් හා එක් නරකයකට ඔසුපත් නරක 16 බැගින් පිහිටා ඇත.

• විශේෂ කරුණු 2

චාතුර්මහාරාඡික දිව්‍ය ලෝකය කොටස් තුනකින් සමන්විත වේ.
1 මනුෂ්‍ය භූමිය ඇසුරුකොට පවතින දෙවියන්
2 ආකාස්ථ දෙවියන්
3 සතර වරම් දිව්‍ය රාජ්‍ය දෙවියන්

මහාමේරු පර්වතය, යුගන්දර, සිනේරු, මේවා අයිති වන්නේ චාතුර්මහාරාඡික දිව්‍ය ලෝකයටයි. යක්ෂ - කුම්භාණ්ඩ-නාග-ගුරුලු -ගාන්ධර්ව හා දිව්‍යමය ඇතුන්, අජානීය අශ්වයන් අයිති වන්නේ චාතුර්මහාරාඡික දිව්‍ය ලෝකයටයි.
අවුරුදු දහයක් ආයු ඇති උතුරුකුරු නම් මනුෂ්‍ය කොටසත්, කිඳුරු නම් වූ මනුෂ්‍ය කොටසත් අයිති වන්නේ චාතුර්මහාරාඡික දිව්‍ය ලෝකයටයි. චන්ද්‍ර දිව්‍ය විමානය, සූර්යය දිව්‍ය විමානය අයිති වන්නේ චාතුර්මහාරාඡික දිව්‍ය ලෝකයටයි.

• විශේෂ කරුණු 3

1-2-3 ධ්‍යාන භූමි එක් තලයක පිහිටා ඇත. ප්‍රථම ධ්‍යාන සමාධිය නීවරණ වලින්
නොමිදී අඳුරු ස්වභාවයක් සහිත ඇති විට පළමු ධ්‍යාන භූමියේ බ්‍රහ්ම පාරිසජ්ජ ලොවට පැමිණෙයි.
මධ්‍යම ප්‍රමාණයෙන් ප්‍රථම ධ්‍යාන සමාධිය මඟින් නීවරණ යටපත් කොට ඇතිවිට
ද්විතික ප්‍රථම ධ්‍යාන භූමියට හෙවත බ්‍රහ්ම පුරෝහිතයට පැමිණෙයි. සම්පූර්ණයෙන් නීවරණ යටපත් කොට මහා බ්‍රහ්ම ප්‍රථම ධ්‍යාන භූමිය පැමිණෙයි.

• විශේෂ කරුණු 4

1-2-3 ද්විතීක ධ්‍යාන සමාධි, ප්‍රථම ධ්‍යාන සමාධි විස්තර කළ ලෙසම තේරුම් ගත යුතුයි.එම ධ්‍යාන තල එලෙස තේරුම් ගත යුතුයි.

• විශේෂ කරුණු 5

1-2-3 තෘතීක ධ්‍යාන සමාධි බ්‍රහ්ම ලෝකත් පෙර ලෙසම තේරුම් ගත යුතුයි.

• විශේෂ කරුණු 6

වේහප්ඵල - අසඤ්ඤි යන බ්‍රහ්ම ලෝක තල දෙකක පිහිටා ඇත. සතරවන ධ්‍යාන සමාධිය ලැබූ ධ්‍යානලාභීන් එහි උපදී. සිතේ ආදීනව දැක සිතිවිලි සන්සිඳවීමෙන් ලැබූ ධ්‍යාන සමාධිලාභීන් මේ සතරවන ධ්‍යානභූමිය වූ අසඤ්ඤි තලයට පැමිණේ. එහි සිත නොමැති රූප මාත්‍රයක් පවතී.

• විශේෂ කරුණු 7

අවිහ, ආතප්ප, සුදස්සි, සුදස්ස, අකනිට්ඨ යනු අනාගාමී ආර්යයන් වහන්සේලා උපදින සතරවන ධ්‍යාන භූමි පහයි. අනාගාමී ආර්යයන් වහන්සේලා පස් දෙනෙක් එහි ඉපිද අරිහත්වයට පැමිණ පිරිනිවෙයි.

අන්තරා පරිනිබ්බායි - පළමු බ්‍රහ්ම ලෝකයේ ඉපිද එහි ආයුෂයෙන් අඩක් අවසන් වන විට අරිහත්වයට පැමිණෙන ආර්යයන් වහන්සේ.

උපච්චය පරිනිබ්බායි - පළමු බ්‍රහ්ම ලෝකයේ ආයුෂ අවසන් වන විට අරිහත්වයට පැමිණෙන අනාගාමී ආර්යයන් වහන්සේ.

සංඛාර පරිනිබ්බායි - නැවත නැවත සමථ විපස්සනා භාවනා වඩා උත්සාහවත්වී අරිහත්වයට පැමිණ පිරිනිමෙන අනාගාමී ආර්යයන් වහන්සේ.

අසංඛාර පරිනිබ්බායි - මහන්සි නොවී වහා අරිහත්වයට පැමිණෙන අනාගාමී ආර්යයන් වහන්සේ.

උද්ධෘසෝත අකනිට්ඨාගාමී - අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ ලෝක පහේම ඉපදී අකනිඨා ලොවදී අරිහත්වයට පැමිණෙන ආර්යයන් වහන්සේ.

• විශේෂ කරුණු 8

අරූප ධ්‍යාන ලැබූ ධ්‍යානලාභීන් අරූපතල සතරේ උපදී. එහි කිසිදු රූපයක් හට නොගනී. සිත පමණක් පවතී. චතුවොකාර හෙවත් පංචස්කන්ධයෙන් රූප කය හැර ඉතිරි වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නාම ධර්ම පමණක් මෙහි පහළ වේ.

A B C D E F G H I භූමි වලට පැමිණෙන ආකාරය

A ‍ ප්‍රේත - අසුර - නරක - තිරිසන් යන සතර අපායට පැමිණෙන්නේ කයින් වචනයෙන් සිතින් අයහපත් අකුසල ධර්ම රැස් කිරීමෙන්. ලෝභය - ද්වේශය - මෝහය - මානය - ඊර්ෂ්‍යාව - මිථ්‍යා දෘෂ්ඨිය - බුදු රජාණන් වහන්සේලා දෙසූ ධර්මය නොදැනීම - නොපිළිපැදීම - එම සොබා ධර්මයට ගැරහීම මේ සතර අපායට පැමිණෙන හේතු වේ.

B මනුෂ්‍ය භූමිය හා දිව්‍ය ලෝක සයේ ඉපදීමට හැකි වන්නේ කයින් වචනයෙන් සිතින් යහපත් කුසල ධර්ම රැස් කිරීමෙනි. සම්මා දිට්ඨිය මුල් වූ දාන සීල භාවනා තුන් කුසල ධර්ම එම ලොවට පැමිණෙන කුසල ධර්මයි.

C පඤ්ච නීවරන යටපත් කොට ප්‍රථම ධ්‍යාන සමාධිය ලැබීමෙන් ප්‍රථම ධ්‍යාන භූමි තලවලට උත්පත්ති වශයෙන් පැමිණේ.

D දෙවන ධ්‍යාන සමාධිය ඉපදවීමෙන් දෙවන ධ්‍යාන භූමි තුළට උත්පත්ති වශයෙන් පැමිණේ.

E තුන්වන ධ්‍යාන සමාධිය ඉපදවීමෙන් තුන්වන ධ්‍යාන භූමි තුළට උත්පත්ති වශයෙන් පැමිණේ.

F සතරවන ධ්‍යාන සමාධිය ලැබීමෙන් වේහප්ඵල භූමියට පැමිණේ. සිතේ ආදිනව මෙනෙහි කිරීමෙන් සිත යටපත් කොට ලබන සතරවන අසඤ්ඤි ධ්‍යාන සමාධිය ලැබීමෙන් අසඤ්ඤි තලයට පැමිණේ.

G සමථ විපස්සනාා භාවනා වඩා කාමරාග පටිඝ අකුසල ධර්මයන් හට නොගන්නා ලෙස මාර්ග ඥානයෙන් ප්‍රහීන වීමෙන් ලැබූ අනාගාමී ඵලය ඇති අනාගාමී ආර්යයන් වහන්සේලා සුද්ධාවාස බඹ ලොවට පැමිණේ.

H අරූප ධ්‍යාන සමාධි ලබා එහි විපාක වශයෙන් අරූප තල වලට උත්පත්ති වශයෙන් පැමිණේ.

I කාම රූප අරූප සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා ඥානයෙන් දැක සමථ විපස්සනා වශයෙන් ණුවන හා සිත දියුණු කොට සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත්වයට පැමිණ සියලු රාග ද්වේශ මෝහ කෙලෙස් සංසිඳුවා අසංඛත නිර්වාන දහම් සුව ලබයි.

මනුෂ්‍ය ලොවට වඩා අතිශයින් සියුම් අවකාශයක ප්‍රේත, දිව්‍ය, බහ්ම ලෝක පිහිටා ඇත. එහි දුර මැනිය යුත්තේ එම අවකාශයට අනුවයි.
පළමු දිව්‍ය ලෝකයට මනුෂ්‍ය ලෝකයේ සැතපුම් 16 ක් දිව්‍ය ලෝකයකට යොදුන් 1 කි. එය දෙගුනයක් වීමෙන් ඉහළ ඉහළ තලවල දුර තේරුම් ගත යුතුය.

මනුෂ්‍ය ලොව සැතපුම් 16 - පළමු චාතුර්මහාරාජික දෙව්ලොවට යොදුන් 1
මනුෂ්‍ය ලොව සැතපුම් 32 - තාවතිංස දෙව්ලොවට යොදුන් 2
මනුෂ්‍ය ලොව සැතපුම් 64 - යාම දෙව්ලොවට යොදුන් 4
මනුෂ්‍ය ලොව සැතපුම් 138 - තුසිත දෙව්ලොවට යොදුන් 8
මනුෂ්‍ය ලොව සැතපුම් 276 - නිම්මානරති දෙව්ලොවට යොදුන් 16
මනුෂ්‍ය ලොව සැතපුම් 552 - වසවර්ති දෙව්ලොවට යොදුන් 32
නරක අතර දුර යොදුන් 15,000 (සැතපුම් 240,000)
වසවර්ති දෙව්ලොව හා ප්‍රථම බඹ ලොව අතර දුර යොදුන් 5508000 (සැතපුම් 881280000)
අකනිඨ රූප තලය හා අරූපතලය අතර දුර යොදුන් 558000 (සැතපුම් 88128000)
මෙම දුර දිව්‍යමය පරමාණුක අවකාශය තුළ බව තේරුම් ගත යුතුය. එය මනුෂ්‍යයන්ට විෂය නොවේ. 


සතර අපාය ආයුෂ


1 ) ප්‍රේත ලෝකය
දින 7 සිට අන්තඃකල්ප 3-4 විවිධ ආයුෂ වේ. 
මනුෂ්‍ය තප්පර 50 ක් ප්‍රේත ලෝකයට තප්පර 1 යි. මනුෂ්‍ය විනාඩි 50 ප්‍රේත ලෝකයට විනාඩි 1 යි. මනුෂ්‍ය පැය 50 ප්‍රේත ලෝකයට පැය 1 යි.  ප්‍රේත ලෝකයට දින 50 ක් ප්‍රේත ලෝකයට දින 1 යි.

2 ) නරකය ( අපාය )
සංජීව නරකය - වසර මිලියන 9 ක් එක් දිනයි. එවැනි දින 30 ක් මාසයයි. මාස 12 අවුරුද්දයි. අවුරුදු 500 ක් ආයුෂ වේ. 

3 )තිරිසන් ලෝකය
ක්ෂ්ද්‍ර ජීවීන් තප්පරයෙන් 1000 න් එකයි. 100 න් පන්ගුවේ සිට මනුෂ්‍ය භූමිය අවුරුදු 100 දක්වා. දිව්‍යමය නාග - ගුරුලු - ඇත් අශ්ව සතුන් සදහා අවුරුදු 9000000 අනූලක්ෂයක්.

4 )අසුර ලෝකය
මනුෂ්‍ය දින අනූලක්ෂයක් ( 9000000)





අපේ පූජනීය අනාගතය