යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

භාවනාව මගින් සිරුරේ ජාන සැකැස්ම වෙනස් වන බව හෙළිවේ

භාවනාව මගින් යහපත් සෞඛ්‍ය ප‍්‍රතිඵල අත් කරදෙන බවට වන විශ්වාසයන් මැද එය විසින් ශරීරයේ රසායනික ක‍්‍රියාකාරීත්වය වෙනස් කරන බව තහවුරු කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
ඇමරිකාවේ විස්කොන්සින්හි, ස්පාඤ්ඤයේ සහ ප‍්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අනාවරණය කර ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුක්තව සිටින භාවනාවක් අභ්‍යාස කරන පුද්ගලයෙකුගේ ශරීරයේ ජාන සැකැස්ම වෙනස් වන බවයි.
මෙම පර්යේෂණය සඳහා ඔවුන් පුහුණු භාවනානුයෝගීන් පිරිසක් දිනක කාලයක් තුළ භාවනාව අභ්‍යාස කිරීමට යොදවා ඇති අතර සාමාන්‍ය පිරිසක් නිහඬ සහ සන්සුන් කාර්යයන් සඳහා යොදවා තිබේ.
ආරම්භක අවස්ථාවේදී දෙපිරිසේ ජාන සැකැස්මේ වෙනසක් නොතිබී ඇති නමුත් භාවනාව කරගෙන යාමේදී ජාන නියාමනය කරන රසායනිකන්ගේ වෙනසක් සිදුවී ඇති අතර කෝපාවිෂ්ඨ බවට බලපාන ජානයන් අඩුවී ඇතැයි වාර්තා වේ.
මෙමගින් මානසික පීඩාකාරී තත්වයක සිට ඉක්මනින් යථා තත්වයට පත්වීමට අවකාශ සලසන බව පර්යේෂකයින් පවසති.  පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි රිචඞ් ජේ. ඬේවිඞ්සන් පවසා ඇත්තේ මෙය භාවනාව මුලින් ශරීරයේ රසායනික සංයුතිය වෙනස් වන බව තහවුරු කළ පළමු පර්යේෂණය බවයි.
මෙම පර්යේෂණ ප‍්‍රතිඵල ඉදිරි ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් සඳහා භාවිතා කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ. 

January 14, 2014 at 9:17 am | lanka C news

අරූපාවචර බ්‍රහ්ම ලෝක (Immaterial Brahma Realms)


බ්‍රහ්ම ලෝක තල 4 කි . සමථ විදර්ශනා වැඩීම හරහා මනුෂ්‍යයෙකුට විශාල අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැක. නිර්වාන මාර්ගයට පිවිසීමට පෙරාතුව ලබන තාවකාලික මානසික දියුණු අවස්ථා හැඳින්වෙන්නේ ධ්‍යාන වශයෙනි. මුලින්ම අත්කරගත හැක්කේ රූප ධ්‍යාන 4ක් වන අතර ඉන් ඔබ්බට ගිය විට අරූප ධ්‍යාන අත්කරගත හැක. අරූප ධ්‍යාන ද 4කි. යමෙකු ඉන් එක් ධ්‍යානයක් ලබා මියයන මොහොත වනතුරුත් ඉන් නොපිරිහී සිටීමට සමත් වේ නම් ඔහු මෙලොවින් වෙන්ව ගොස් නැවත උපත ලබන්නේ ඔහු ලැබූ අරූප ධ්‍යානයට අනුරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ය. ඉන් වඩාත්ම ප්‍රාථමික ලෝකය ආකාසානඤ්චායතනය වන අතර උසස්ම වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි.  අරූප ධ්‍යානයේ ලක්ෂණය නම් රූපය කෙරෙහි ආශාව, හෝ රූපය පිලිබඳ හැඟීම බොහෝ දුරට දුරු කර තිබීමයි. මේ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට භෞතික පෙනුමක් නැත; පවතින ස්ථානයක් නැත; අඩුම තරමින් එහි වෙසෙන්නන්ට රූපයක් නැත. ඇත්තේ ඉතාමත්ම සියුම් හැඟීම් මාත්‍රයක් පමණි. මෙම බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතා දීර්ඝ ය. බුදුවරුන් ඉපිද ඉපදී පිරිනිවන්පා ගිය ද මොවුන් ඒ බව දන්නේ නැත. මේ හේතුව නිසා අනාගතයේ බුද්ධත්වය ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු - බෝධිසත්ත්වයෙකු - මනුෂ්‍ය ලෝකයේදී අරූප ධ්‍යානයක් ලැබුව ද ඔවුන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නේ නැත. එය බෝධිසත්ත්ව වරුන්ට පම්ණක් විශේෂ ලක්ෂණයකි. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි.

1) නෙවසඤ්ඤානාසඤ්ඤායතන ( Plane of Neither Perception-nor-non-Perception ) : සිදුහත් බෝසතාණන් වහන්සේගේ දෙවන ගුරුවරයා වූ උද්දකරාම පුත්ත එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු සිතා සිටියේ නිවන යනු එය කියා ය. නමුත් බුදුන්වහන්සේ බුදුවී දම් දෙසීමට පැමිණෙන විට ඔහු එම ධ්‍යානයෙන්ම කලුරිය කර තිබූ නිසා අනන්තවත් වූ කාලපරිච්ඡේදයකට ඔහු මෙම බ්‍රහ්ම ලෝකයට ගියේය. මෙම ලෝකයේ ආයු කාලය කල්ප 84000ක් තරම් අති දීර්ඝ වේ.  
2) ආකිඤ්චඤ්ඤායතන ( Plane of Nothingness ) : සිදුහත් බෝසතාණන් වහන්සේගේ පළමු ගුරුවරයා වූ ආලාර කාලාම එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු නිවන ලෙස සිතා සිටියේ එයයි. 
3) විඤ්ඤාණඤ්චායතන ( Plane of Infinite Consciousness ) 
4 ) ආකාසානඤ්චායතන ( Plane of Infinite Space )

සබ්බ දානං ධම්ම දානං ජිනාති