යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

පලමු දෙවන තුන්වන ධ්‍යාන භූමි



බ්‍රහ්මලෝක නවයේ ආයුෂ තීරන්ය වන්නේ කල්ප විනාශය සිදුවන චක්‍රය අනුව වේ. පෘථෘවිය එක අසංඛ්‍යයක් පවතී. ඉන්පසු ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුලගින් විනාශ වේ. තුන්වරක් ගින්නෙන් විනාශ වන අතර සතරවන කල්පය ජලයෙන් විනාශ වේ. යලිත් තුන්වාක් ගින්නෙන් විනාශ වන අතර සතරවන වර ජලයෙන් විනාශ වේ. යලිත් තුන්වරක් ගින්නෙන් විනාශ වන අතර එක් වරක් සුලගින් විනාශ වේ.


ඒ අනුව කල්ප නවයක් ගින්නෙන්ද කල්ප දෙකක් ජලයෙන්ද එක් කල්පයක් සුලගින්ද විනාශ වේ.


කල්පය ගින්නෙන් විනාශව කල්හි පලමු ධ්‍යාන භූමි තුන හා දෙවන ධ්‍යාන භූමි දෙකත් විනාශ වේ.

කල්පය ජලයෙන් විනාශවන කල්හි පලමු දෙවන ධ්‍යාන භූමි සම්පූර්ණයෙන් විනාශ වන අතර තුනවන ධ්‍යාන භූමියේ බ්‍රහ්ම ලෝක දෙකක් විනශ වේ.



කල්පය සුලහින් විනාශවන කල්හි ධ්‍යානභූමි තුනම සම්පූර්ණයෙන් විනාශ වේ.

පෘථෘවිය හටගෙන එක් අසංඛෙය්‍යකින් විනාශ වන බවින්
සතර අපාය - මනුෂ්‍ය භූමිය - දිව්‍ය ලෝක සය හා බ්‍රහ්ම ලෝක පහක ආයුෂ එක් අසඛෙය්‍ය කල්පයකට හෝ ඊට අඩුවෙන් යෙදේ.


අපේ පූජනීය අනාගතය