යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

ලංකාව, ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA පිළිගනි


ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි. එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය.
පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ.gravityමෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත.
මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය .
පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය. පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ. ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත . එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්” දක්වා ඇත. මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට, සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහිගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය.
දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත. ඒ හා සමාන බලපෑමක් සුර්යයා ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .සද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි . දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම නිදසුනයි . පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය බුදු දහමින් තවත් පිලිබිබු වේ. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය .
විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි. බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ. මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය. දැන් මා ඔබෙන් පැනයක් අසමි. පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද? බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති. දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි.
පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද? ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය. ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී . මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය.
බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය. එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය. ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි.
අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.
lankaCnews පාඨකයෙක් විසින් යොමු කරන ලද්දකි.

December 31, 2013 at 12:01 am | lanka C news

සිරිපා කන්දේ සෙවනැල්ල ලොව පැරණිම දින දසුනයි

1934 දී රූගත කළ SONG OF THE CEYLON  වාර්තාමය  චිත‍්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල දිස්වු අයුරු.
ප‍්‍රතිබිම්බය ගණනය කිරීම (ප‍්‍රතිබිම්බයේ තුඩ කුරුවිට, එරත්න බටතොට ලෙන ආශ‍්‍රිතව පිහිටා ඇති විට)

බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට  පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළි කිරීමට ශ‍්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ  වන විට සමත්ව සිටී.
සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත‍්‍රිකෝණාකාර ප‍්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත.
ශ‍්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශයේ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පර්යේෂණය භාරව ක‍්‍රියා කළේය. රොහාන් ඉන්දික විජේතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ ආතර් සීි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ජානක අඩස්සුරිය,  කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කමල් අබේවර්ධන, යන මහත්වරු ද මේ පර්යේෂණයන්ට එක්වූහ.
සමනොළ කන්දේදී සූර්ය උදාව ‘‘ඉර සේවය’’ ලෙස බොහෝ දෙනෙක් නම්කර ඇත. හිරු උදාවෙන විට ශ‍්‍රීපාද මලූවේ සිටින කෙනෙකුට එහි බටහිර ක්‍ෂිතිජය දෙස බැලූවහොත් ශ‍්‍රීපාද කන්දේ ප‍්‍රතිබිම්බය ත‍්‍රිකෝණාකාරව දැකගත හැකිය. යහපත්වූ කාලගූණයක් පවතින විටක මෙය හොදින් නිරීක්‍ෂණය කළ හැකිය. උදෑසන කාලයේ පරිසයේ ජලවාෂ්ප ඝණත්වය ඉහළ අගයක් ගන්නා නිසා බටහිර ක්‍ෂිතිජයේ් සමනොළ කන්ද ප‍්‍රතිබිම්බය හොදින්ම දැකගත හැකි බව පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙවැනි සිද්ධියක් දැකගත හැකි බවට ලෝකයේ  මෙතෙක් සොයාගත් එකම ස්ථානය සමනොළ කදුමුදුන විය හැකියැයි පර්යේෂකයෝ විශ්වාසය පළකරති.
සමනොළ කන්දේ සෙවනැල්ල හා එහි භූගෝලිය පසුබිම සම්බන්‍ධයෙන් 2011 සහ 2012 වර්ෂවල අවාර සමය යොදාගෙන මෙම පර්යේෂණයන් පවත්වා ඇති බව ද පර්යේෂකයෝ කියති. ඒ අනුව 2011 වර්ෂයේ සිට සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ත‍්‍රිකෝණාකාර පිහිටීම පිළිබදව, චන්‍ද්‍රිකා තාක්‍ෂණය ඇසුරෙන් ලබාගත් දත්ත ද ගබඩා කර පසුව ඒවා විශ්ලේශනය කර මෙම නිගමනයට එනු ලැබීය.
සමනොළ කන්දේ උස මීටර් 2233කි. ඉහත දත්ත අනුව ප‍්‍රතිබිම්බය නිර්මාණය වීම සදහා වස්තුවේ උස මීටර් 275ක අගයක් ලබාගත හැකි වූ බවත් එය සමනොළ කන්දේ සම්පූර්ණ උසින් අටෙන් එකක අගයක් ගන්නා බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. එය සමනොළ කන්ද නැගීමේදි හමුවන ආ`ඩියාමළතැන්නේ (ආඩියාමළ තැන්නට මුහුදු මට්ටමේ සිට උස මීටර් 1958කි) සිට ශ‍්‍රීපාද මලූවට ඇති දුරට සමාන බව ද ඔවුහු පෙන්වා දෙති. සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ පාතනය ශ‍්‍රීපාදස්ථානයට ගමන් කිරීමට ඇති කුරුවිට එරත්න මාර්ගය හරහා සිදුවන බව ද පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. අවාරයේදි සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ආරම්භක ප‍්‍රදේශයක් ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජාඇලට කිලෝ මීටර් දෙදහසක් ඉහළ අහසේ බව හ`දුනාගැනීමට හැකිවූ බවද පර්යේෂකයෝ කියති.
ශ‍්‍රීපාද වාරයේ සහ අවාරයේ සූර්යා උදාවන ස්ථානය වෙනස් වන නිසා එහි ප‍්‍රතිබිම්බයේ ද විචලනයන් සිදුවන බව දත්ත අනුව පෙනී යන බව ද පර්යේෂකයෝ කියති. එය සාමාන්‍යයක් ලෙස ගත්විට එම විචලනය කොළඹ මධ්‍යයනය ලෙස ගත් විට කිලෝමීටර් විස්සක් උතුරට සහ දකුණට ප‍්‍රතිබිම්බයේ ආරම්භය පෙන්නුම් කරන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගණනය කිරීම්වලදී පර්යේෂකයෝ මීට අවුරුදු අසුවකට පමණ ඉහතදී සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බය සටහන්වීම ගැන තොරතුරු විශ්ලේෂණයට ගෙන තිබේ. 1934 වර්ෂයේදී ඉංග‍්‍රීසි ජාතිකයන් පිරිසක් විසින් ශ‍්‍රීපාද මලූවේ සිට රූගත කරන ලද ශ‍්‍රී ලංකාවේ ගීතය (SONG OF THE CEYLON)  නමැති වාර්තාමය චිත‍්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල ද නිරීක්‍ෂණයන්ට භාජනය කර ඇත. මෙම දත්ත ද පර්යේෂකයන්ගේ දත්ත  හා ඉතා සියුම්ව විමර්ශනය කිරීමේදී ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය සමද්විපාද ත‍්‍රිකෝණයක් ලෙසට හදුනාගත හැකිවූ බවද පෙන්වා දෙති.
මෙම ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය ස්වාභාවික සංඥාවක් (NATURAL SIGNAL) ලෙස පර්යේෂකයෝ හදුන්වති. මෙම දත්ත අනුව ප‍්‍රතිබිම්බයේ පාතනය සමග ශ‍්‍රීපාද බටහිර බෑවුමේ සතුන්ගේ චර්යාමය වෙනසක් සිදුවිය හැකි බවට පර්යේෂකයෝ නිගමනය කරති. ඉදිරි පර්යේෂණයන් එම ක්‍ෂෙත‍්‍ර කෙරෙහි යොමු කරවීමට නියමිත බව ද ඔවුහු කියති.
එසේම මෙම ප‍්‍රතිබිම්බය සහ වායුගෝලීය වස්තූන් අතර සම්බන්‍ධතාවක් ඇති බවට පර්යේෂණයේදී පෙනී ගිය බව ද කියති. එංගලන්තයේ ‘‘ස්ටෝන්හෙන්ජි ගොඩනැගීම’’ හරහා එහි සෙවනැලි පාතනය භාවිතායෙන් ද මෙම කාලය ගණනය කළ හැකි බව පර්යේෂකයෝ අවධාරණය කරති. ඒ අනුව පෘථිවියේ චලිතයේ කොටස්වන භ‍්‍රමණය, පරිභ‍්‍රමණය පහසුවෙන් ගණනය කළ හැකි බව ද පවසන පර්යේෂකයෝ ඒ මත පිහිටා ලොව පැරණිම ස්වභාවික දින දර්ශනය ලෙස සමනොළ කන්ද සහ එහි ප‍්‍රතිබිම්බය හ`දුන්වාදීමට තීරණය කළ බව ද කීවේ ය.

ප‍්‍රතිබිම්බය නිර්මාණය වන අයුරු.
ශ‍්‍රී පාද ප‍්‍රතිබිම්භය ප‍්‍රථමයෙන් ඇතිවන අවස්ථාවේ වස්තුව ලෙස  ක‍්‍රියාකරන ශිඛරය (උස මීටර් 275- අඩියාමළතැන්න - ශ‍්‍රීපාදය)

මෙම පර්යේෂණයන් අදියර අටකින් යුක්තය එහි පළමු අදියර නිමාවීමෙන් පසු මෙම නිගමනයට පැමිණ ඇත.  ‘‘SESSIONAL
SHADOW MOTION OF ADAM S PEAK 2011- 2012 - 1/8 ’’ නමින් පත‍්‍රිකාවක් මගින් මෙම නිගමනය නම්කර තිබේ. මෙම පර්යේෂණ නිගමන තොරතුරු පත‍්‍රිකාව SAIA PACIFIC JOURNAL OF BIOGEOGRAPHY, THE INTER N ATIONAL BIOGEOGRAPHY SOCIETY, SKY සහ TELESCOPE හා NASA යන ආයතන සහ සගරාවෙත ද යවා ඇති බව පර්යේෂකයන් වෙනුවෙන් කරුණු දැක්වූ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පැවසුවේ ය.

ප‍්‍රතිබිම්බයක (GPS) චන්‍ද්‍රිකා දත්ත භාවිතාකර මෙවැනි පර්යේෂණයක් සිදුකළ ලොව ප‍්‍රථම අවස්ථාව මෙය බවද පර්යේෂකයෝ කියති.
‘‘අපේ මේ පර්යේෂණ මාලාව හරහා භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව යන අංශ එකිනෙක බැදුනු අංශ බව ලෝකයට ඔප්පුකර නව විද්‍යාත්මක සොයාගැනීමකට හැකියාව ලැබුණ බව ද පර්යේෂකයෝ කීහ.
සෑම වසරකම අවසානයේ උදුවප් පොහොයෙන්් ඇරඹී වෙසක් පොහොයෙන් අවසන් වන සිරිපා සමයත් වෙසක් පොහොයෙන්් ආරම්භ වී උදුවප් පොහොයෙන් අවසන්වන සිරිපා අවාර සමයත් අතර ඇති විද්‍යාත්මක වෙනස්කම ගැනත් ‘‘ඉර සේවයේදී’’ දැකිය හැකි සමනොළ කන්දේ සෙවනැල්ලත් ගැන එළඹෙන සිරිපා සමයේ සිරිපා කරුණා කරන සියලූ දෙනාටම හිතන්නට යමක් මෙම පර්යේෂණය තුළින් ඉතිරි කරයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වම් සිරිපා පද්මය සනිටුහන් කිරීමටත් මෙයද හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය. එමෙන්ම, අතීතයේ රෝමයේ මහා ඇලෙක්සැන්ඩර් රජු, දාහතරවැනි සියවසේ දේශගවේශකයෙකු වූ ඉබන් බතූතා වැන්නවුන් ද එහි පැමිණෙන්නට ඇත්තේ මේ ආශ්චර්ය නිසාද? අලූත් කතිකාවතකට මේ පර්යේෂණයන් මාර්ගය සකසයි.
එසේම සිරිපා අඩවියේ වෙසෙන වන සතුන් පිළිබද සත්ත්ව විද්‍යාඥයින්ගේ සොයාගැනීම් අනුව සිරිපා අඩවියේ සත්ත්ව විශේෂවල හැඩරුව (ශ‍්‍රීපාද අඩවියේ වන අලි කුරු හැඩයකින් යුතු බව) මෙන්ම චර්යාවන්හි ද වෙනස්කම් ඇති බව අවධාරණය කර ඇත්තේ මේ විද්‍යාත්මක හේතූන්දැයි අලූතින් සිතීමට කාලය එළඹ ඇත.
සමන්තකූඨයේ බටහිර බැවුම හරහා විචලනය වන සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බය.


2013 දෙසැම්බර් මස 15 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සිදුහත් කුමරැ ඉපදුණු කාලය තහවුරු වේ

ලුම්බිණි සල් උයනේ මහ මයා සෑයේ නටබුන් මතුවේ

නේපාලයේ ලූම්බිණියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා ගැනුණු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ.
ලූම්බිණියේ මායාදේවි විහාරය පිහිටා ඇත්තේ සිදුහත් කුමරුන් උපත ලැබූ සල් උයනේ වන අතර කැණීම් වලදි සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලාගෙන සිටි බව කියන ගස ආවරණය කරමින් තැනූ විහාරයයි.
මෙම විහාරය ක්‍රිස්තු පූර්ව  6 වැනි සියවසට අයත් වන බවත් ලූම්බිණියේ පිහිටි මායා දේවි විහාරයට යටින් ඉදිකර තිබූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
පුරාවිද්‍යාඥයන් මෙම කැණීම් ආරම්භ කරන ලද්දේ මායා විහාරයේ මධ්‍යයෙනි. 
මෙම විහාරයේ පියස්සක් නොමැති බවත්  දැවයෙන් කරන ලද ගොඩනැගිල්ලක් වූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති. ඉන්පසුව ඒ මතින් ගඩොලින් විහාර තනා ඇති බවද ඔවුහු   කියති.
මේ සොයා ගැනීමත් සමග බුදු  රදුන්ගේ උපත පිළිබඳ මෙතෙක් තිබූ මතවාද නිරාකරණය වනු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ පවසති.
බුදු රදුන් උපත ලැබූ ස්ථානය ලෙස නේපාලයේ ලූම්බිණිය  හඳුනාගෙන තිබූ අතර සෑම වර්ෂයකම ලූම්බිණිය වැද පුදා ගැනීමට දහස් ගණනින් ජනයා එහි පැමිණෙති.
බුදු රදුන් උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 390ත් ක්‍රිස්තු පූර්ව 340ත් අතර කාල සීමාවේදි බවට ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය මේ සමග බිඳී යනු ඇතැයි පුරා විද්‍යාඥයෝ කියති.
මේ වනතෙක් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි  පැවතියේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා පමණි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී පැවැතියේ අශෝක අධිරාජ්‍යයාගේ කාල සීමාවයි.
මෙම කැණීම් වලදි සොයාගත් ගොඩනැගිලි ශේෂයන්, අඟුරු කැබැලි හා ධාන්‍ය වර්ග විකිරණ කාබන් හා සම්බන්ධ තාක්ෂණයන් යොදාගනිමින් පරීක්ෂාවන්ට ලක්කරන බව කැණීම් වලට එක් වූ පුරාවිද්‍යාඥයෝ   පවසති.
මෙම කැණීම් වලට ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්හැම් ඇතළු පිරිසක් ද සහභාගි වූහ.
(බීබීසී හා සීඑන්එන් වාර්තා ඇසුරෙනි)







2013 නොවැම්බර් මස 26 | . , තිස්ස මඩවල ,තුෂාර සිල්වා


ලොව පැරණිම වන රමණිය..
ලොව පැරණිම විහාරයේ නටබුන් හමුවේ


ලොව පැරණිතම බෞද්ධ විහාරයේ නටබුන් සිද්ධාර්ථ කුමරු උපන් ලුම්බිණි සල්උයනෙන් හමු වූ බව බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාඥ රොබින් කොනින්හැම් ප්‍රකාශ කරයි.

මේ විහාර නටබුන් හමුව ඇත්තේ වසර දහස්‌ ගණනක්‌ බෞද්ධයන්ගේ වන්දනාවට ලක්‌වුණ සිද්ධාර්ථ බෝසතාණන් මෙලොවට උපන් ස්‌ථානයේ පිහිටි මායාදේවි මධ්‍යයේ කරනු ලැබූ කැණීම්වලිනි.

මෙම පැරණි විහාරය හයවැනි සියවසේ ගොඩනගන ලද්දක්‌ විය හැකි බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ පවසති. 

ලීයෙන් කරන ලද පැරණි විහාරයක නටබුන් මායාදේවි විහාරයේ මධ්‍යයේ කරනු ලැබූ කැණීම්වලදී හමුව ඇත. 

මේ නව සොයාගැනීම් නිසා සිද්ධාර්ථ කුමරු උපන් දිනය වසර සියයකින් පමණ පස්‌සට යා හැකි බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ පවසති. සාමාන්‍ය පිළිගැනීම වන්නේ සිද්ධාර්ථ කුමරු උපන්නේ ක්‍රි.පු. 623 දී බවයි. නමුත් මේ සොයාගැනීම් අනුව එය ක්‍රි.පූ. 550 දී සිදුවන්නට ඇතැයි යන මතය පුරාවිද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබයි.

අශෝක අධිරාජ්‍යයා ලුම්බිණි සල්උයනේ අශෝක ස්‌ථම්භය පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 249 දීය. 

විනාශයට පත්ව තිබුණු මායාදේවි විහාරය ඉංග්‍රීසි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවේ 1896 දීය. එය වර්තමානයේ යුනෙස්‌කෝ ලෝක උරුම ස්‌ථානයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 

මේ පැරණි විහාරයේ බෝධිඝරයක්‌ තමන් සොයාගත් බව පුරාවිද්‍යාඥ රොබින් කොනින්හැම් පවසයි.

පුරාවිද්‍යාඥයන් වන බ්‍රිතාන්‍ය ජාතික රොබින් කොනින්හැම් හා කෝසාල් ප්‍රසාද් ආචාර්යා මේ කැණීම් නිරීක්‍ෂණය කරන අයුරු මුල් පිටුවේ ඡායාරූපයෙන් දැක්‌වේ.

චතුර පමුණුව
2013 නොවැම්බර් 27 බදාදා දිවයින 


තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන හෙළිනොවූ රහස්



දේහය පිළිබඳ වෘත්තාන්තය
රාහුල හිමි අපවත්වීමට පෙර ඉතා වටිනා ඖෂධයක් පාවිච්චි කළ බවත්, ඒ බලයෙන් සිරුර දින කෝටියක් නරක් නොවී තබාගත හැකි බවත්, එම සිරුර පෘතුගීසීන් විසින් රැුගෙන යනු ලැබූ බවත් අද ගෝවේ ශාන්ත සේවියර් තුමාගේ යැයි ප‍්‍රදර්ශනය කරන දේහය වෙන කාගේවත් නොව රාහුල හිමියන්ගේම යැයි සිංහලයන් තරයේ විශ්වාස කෙරෙයි.
ඇත්ත වශයෙන්ම ගෝවේහි, ජේසු ජන්ම බැසිලිකා නම් පල්ලියෙහි දාසයවැනි ශත වර්ෂයේ විසූ ශාන්ත සේවියර්ගේ යැයි විශ්වාස කෙරෙන දේහයක් ඇති අතර, වාර්තාවලට අනුව මෙම දේහය කිසි දිනක ”එම්බාම්” කර නොමැති බොහෝ කලක් ඉතාම හොඳ තත්ත්වයේ පැවත දැන් කෙමෙන් කෙමෙන් දිරාපත්වීමට පටන්ගෙන ඇති බවට වාර්තාවේ.
කතෝලික බැතිමත්හු මෙම දේහය ශාන්ත සේවියර් නමැති, 1552 නොවැම්බර් මස 20 වැනි දින චීන වෙරළබඩ ආසන්න දුපතක් වන ”සැන්ක්ෂන්” නමැති දුපතේදී මියගිය, ”සංචාරක පූජක” තුමාගේ දේහය යැයි පවසති.
ශාන්ත සේවියර් පූජකතුමා සම්බන්ධයෙන් ලියූ පොත පත අනුව ඔහුගේ ඉතිහාසය සැකෙවින් මෙසේය. ප‍්‍රැන්සිස් සේවියර් උපත ලැබුවේ 1506 අපේ‍්‍රල් මස 7 වැනි දින ස්පාඤ්ඤයේ නවාරා යන පෙදෙසෙහිය. 1537 ජුනි මස 24 වැනි දින ඔහු රෝමයේදී පූජකයකු බවට පත්වූ අතර පාප් වහන්සේ ඔහු දුරස්ත නැගෙනහිර දිශාවේ තම නියෝජිත/පණිවිඩකරු ලෙස පත්කර හැරියේය. එතැන් පටන් ප‍්‍රැන්සිස් පියතුමා බොහෝ දුර සංචාරය කරමින් ශුද්ධ වූ බයිබලය උගන්වමින්, ගෝවේ තම මූලස්ථානය කර ගනිමින් ආගමික කටයුතුවල නිරතවිය. ඒ කටයුතු නිසාම ඔහුට ”සංචාරක පූජකතුමා” යැයි නමක්ද පටබැඳිනි. අවසාන කාලයේ ඔහු ජපානයට ගිය අතර, වර්ෂ 1552 දී චීනයට ගියවිට අසනීපයට පත්වී ”සැක්න්ෂන්” දුපතෙහි 46 වියෙහි දී අභාවප‍්‍රාප්ත විය.

කැතලික් මැසෙන්ජර් නම් පුවත්පතෙහි (1931 දෙසැම්බර් 1 දා) මෙම දේහය පිළිබඳ පහත දැක්වෙන පරිදි විස්තර සඳහන් වෙයි. එම විස්තර ලබාගෙන ඇත්තේ ටි‍්‍රචිපොලෙහි පූජක කැස්ටස් පියතුමා විසින් සම්පාදනය කරන ලද ”කෘති‍්‍රම එම්බාම්කරණයෙන් තොරව මළ සිරුර නරක් නොවී සකස් කිරීම” යන කෘතිය ආශ‍්‍රයෙනි.
ස ප‍්‍රැන්සිස් පියතුමාගේ දේහය සැන්ක්ෂන් දුපතේ සිකුරාදා සිට ඉරිදා දක්වා තබා, රළු මිනී පෙට්ටියක බහා එහි විශාල ප‍්‍රමාණයක් හුණු දමා (සිරුර නරක්වීමේ කි‍්‍රයාවලිය වේගවත් කිරීමට* කුඩා කන්දක් යට වළලනු ලැබීය.
සස මාස දෙකහමාරකට පසුව එනම් 1553 පෙබරවාරි 13 වන දින සැන්ක්ෂන් සිට මලක්කාවට නෞකා යාත‍්‍රා කිරීමේ කාලය පැමිණ ඇති බැවින් පියතුමාගේ ඇට කටු ඉන්දියාවට යැවීමට සැළම්කොට මිනීවළ විවෘත කරන ලදී.
සසස මිනී පෙට්ටිය විවෘත කොට හුණු ඉවත් කළ විට සිරුර ඉතාම හොඳ තත්්ත්වයෙන් තිබෙනු නිරීක්ෂණය කරන ලදී. එසේම මිහිරි සුවඳක් ද ඉන් වහනය වන්නට පටන්ගෙන තිබිණ. එය සනාථ කිරීම සඳහා කකුලේ කලවයට තුවාල කළ විට පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. සිරුර යළි පෙට්ටියට දමා හුණුවලින් ආවරණය කොට ”සැන්ටාක්‍රෝසෙ” යන නෞකාවට පටවන ලදී.
සඩ 1553 මාර්තු 27 වැනි දින සැන්ටාක්‍රෝසෙ නෞකාව මලක්කාවට සේන්දු වූ අතර එම මිනී පෙට්ටිය ඉතාම අලංකාර වර්ණවත් උත්සවයකින් ”අවර්ලේඩි ඩි මොන්ටෝ” යන පල්ලියට ගෙන යන ලදී. මිනීපෙට්ටිය විවෘත කොට යළිත් දේහය ඉතාම හොඳින් තිබෙන බැව් නිරීක්ෂණය කොට (පැළඳු ඇඳුම් ද සහිතව) නැවත වරක් පල්ලියේ භූමියේ භූමදාන කරන ලදී.
දේහය මෙවර භූමදාන කළ අයුරු විස්තර කර ඇත්තේ මෙසේය. ”දේහය ඉවතට ගෙන ඝන රෙද්දකින් ඔතා, තෙත බරිත වූ පසෙහි, මිනී පෙට්ටියක්ද නොමැතිව, හිසට කුඩා මෙට්ටයක් තබා මුහුණ කුඩා රෙදි කැබැල්ලකින් ආවරණය කොට බහාලන ලදී. මිනීවළ දේහයට වඩා ටිකක් කුඩා වූ බැවින් එය බලෙන් ඇතුළට ඔබා පස් දමා තදකරන ලදී. මේ අවස්ථාවේදී සිරුරෙහි බෙල්ල කැඞී තුවාලයක් සිදුවී රුධිරය පිටවූ අතර එයින් මිහිරි සුවඳක් ද වහනය වන්නට පටන් ගති.
ඩ එම වසරේම අගෝස්තු මස සේවියර් පියතුමාගේ හොඳ මිතුරකු වූ ජෝන් ඞී බර්ස් නමැති පියතුමා මලක්කාවට පැමිණ දේහයට ගෞරවනීය භූමදානයක් දෙනු පිණිස එය යළි ගොඩගන්නා ලදී. එතරම් අගෞරව ලෙස කිසිදු ආරක්ෂාවක් නොමැතිව තෙත බරිත පස් ගොඩක මාස 5 ක පමණ කාලයක් තිබූ සිරුර කිසිසේත්ම නරක් නොවී තිබෙනු ඔහුට නිරීක්ෂණය විය. එසේම ඔහු පහත සඳහන් ලෙස සිරුරේ තුවාල ද සටහන් කරගති.
පස් දමා තද කරන විට තියුණු ගලක කොනක් වැදීම නිසා මුහුණේ වම් පැත්තේ ගැඹුරු තුවාලයක් ඇතිවී ඇති අතර නාසය තැලී හීරී ඇත. මුහුණු ආවරණය කළ රෙදි කැබැල්ල සහ හිසට තැබූ කුඩා මෙට්ටය ලෙයින් නැහැවී ඇත. ශරීරය ඇතුළේ සිදුවී ඇති තුවාලය නිසා රුධිරය මුවින් පිටවී ඇත.” යනුවෙනි.

ඩස පියතුමා සිරුර ඉන්දියාවට යැවීමට සැළසුම් සූදානම් කරන ලදී. ඒ සඳහා සේවියර්ගේ ධනවත් මිතුරකු වූ ඩියාගෝ පෙරේරා උදව් වීය. ඉතා හොඳ අලංකාර මිනී පෙට්ටියක් සාදා එහි තැන්පත්කොට ඉන්දියාවට යැවීමට යාත‍්‍රාවක් එනතුරු බලා සිටියහ. ඩසස දින 18 කට පසුව එනම් 1553 සැප්තැම්බර් මස යාත‍්‍රාව මලක්කාවෙන් පිටත්වූ අතර 1554 දී මාර්තු මස 15 වැනි දින එය ගෝවේට ළඟාවිය. දේහය රාජකීය ගෞරවයෙන් පිළිගෙන ගරු කටයුතු අලංකාර ඇඳුම් අන්දවා උත්සවශ්‍රීයෙන් ශාන්ත පෝල් ඉපැරැුණි පල්ලිය වෙත ගෙන යන ලදී. එහි දින 3ක් බැතිමතුන්ගේ ගෞරවය සඳහා තබන ලදී. මෙහිදී ඉතා උසස් දෝන ඉසබෙලා ටී කැරොන් නමැති රාජකීය කාන්තාව දේහයේ පාදය සිඹින මුවාවෙන් පාදයේ කුඩා ඇඟිල්ල මුවින් හපා වෙන් කර ඇත. එවිට රුධිරය ගලා ඒමට පටන්ගති. ජනතාවගේ බුහුමන් අවසානයේ මිනී පෙට්ටිය වසා දමන ලදී.
ශාන්ත සේවියර් පියතුමාගේ දේහය පිළිබඳව ලියා ඇති බොහෝ පොත්පත් සහ පුවත්පත්වල සඳහන්ව ඇති විස්තර එනම් ඔහු චීනයේ සැන්ක්ෂන්වල මිය ගිය දින සිට ගෝවේට ගෙන එනතුරු සිදුවූ සිදුවීම් දක්වා ඇත්තේ ඒ අයුරිනි.


 දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා
දැනට තිබෙන වාර්තා අනුව මෙම දේහය පිළිබඳව වෘත්තීමය නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් වරින් වර පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ පිළිබඳව වාර්තා පහත සඳහන් පරිදි වේ.
වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝගේ මරණ පරීක්ෂණ
වර්ෂ 1558 නොවැම්බර් මස වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝ විසින් දේහය පරීක්ෂා කොට ඇති අතර ඔවුහු දිවුරුම් මත ඉදිරිපත් කර ඇති වාර්තාවන් මෙසේය.
”වයිස්රෝයි සාමිවරයාගේ නිල වෛද්‍යවරයා වන වෛද්‍ය කොස්මස් සරාවියෙන් වන මා විසින් ප‍්‍රැන්සිස් පියතුමන්ගේ (ශාන්ත ප‍්‍රැන්සිස් පියතුමා යැයි සඳහන් කර නොමැත්තේ ඔහු ඒ වනවිට ශාන්තුවරයෙක් ලෙස පත්කර නොමැති නිසායි) දේහය ගෝවේ නගරයේදී පරීක්ෂා කර බැලීමි. සිරුරේ හැම කොටසක්ම පරීක්ෂා කොට බැලූ අතර උදරය ඔබා බැලීමේදී අතුනුබහන් ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බැව් අවබෝධ කොට ගතිමි. සිරුර එම්බාම් නොකොට නරක් නොවීමට කෘති‍්‍රම ලෙස ශරීරයට කිසිවක් ඇතුළු නොකොට මෙම තත්ත්වය පවතී.මා සිරුරේ වම් පැත්තේ හදවත පෙදෙසහි සිදුරක් හෝ තුවාලයක් වැනි දෙයක් දැක ජේසුස් වහන්සේගේ ගිහි සහෝදරයින් දෙදෙනෙකුට ඔවුන්ගේ ඇඟිලි ඒ තුළට දමන ලෙස කියූ අතර එසේ ඇඟිලි දැමූ පසු එකෙණෙහිම පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. මා ඒ රුධිරය ආඝ‍්‍රාණය කළමුත් එහි කිසිදු දුඟඳක් නොවීය. පාද සහ සිරුරේ අනික් කොටස් මාංශ ඇතුළුව ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර මෙම සුරක්ෂිතභාවය රසායනික හෝ වෛදික මාර්ගයකින් පැහැදිලි කළ නොහැක. 1556 නොවැ 18 වන දින ගෝවේහිදී වෘත්තිමය දිව්රුම් දීමක් මත සහතික කොට ප‍්‍රකාශ කරමි.”
”දොස්තර රිබේරියෝ වන මා, මෙම පූජනීය දේහය රිසි සේ පරීක්ෂා කළෙමි. පාද සිට දණහිස් දක්වා සහ දෙඅත් ද පරීක්ෂා කළ අතර සම්පූර්ණ සිරුර මාංශ පේශින්වලින් වැසී, ස්වභාවික වර්ණයෙන් යුතුව හොඳින් සුරැුකී තිබුණි. මාංශ ඉතා මෘදු සහ තෙත් ගතියෙන් යුක්ත විය. වම් පාදයේ දණ හිස මත පිටතින් ඇඟිල්ලක තරමේ එක පහරකින් සිදුවූ තුවාලයක් වූ අතර, පිටවූ පසු කාලයක් තිබීමෙන් කළු පැහැ ගන්වූ ලේ පැල්ලම් තුවාලය වටේට දක්නට ලැබිණ. උදරයේ ද වම් පැත්තේ තුවාලයක් වන් කුඩා සිදුරක් දුටුවෙමි. එම සිදුර තුළින් මා ඇඟිල්ලක් දැමූ අතර පළමුව එහි රික්තයක් වූ නමුත් තවදුරටත් එබීමේදී වියළි ගිය අතුනුබහන් ස්පර්ශකිරීමට හැකිවිය. මම කොපමණ යටට අත දැමුවත් කිසිම දුර්ගන්ධයක් මට නොදැනුණි. හිස යට කුඩා මෙට්ටයේ ද, දණහිස් මත මෙන් දීර්ඝ කාලීනව පිටවූ රුධිරයේ පැල්ලම් දක්නට ලැබුණි. මේ සියල්ල මා 1556 දෙසැම්බර් 1 වන දින නිරීක්‍ෂණය කළෙමි.

වෛද්‍ය ලැලිසියානෝ රාමොස්ගේ වෛද්‍ය පරීක්‍ෂණය:
මේරි රැජිනගේ අණ පරිදි 1782 ජනවාරි 1 වන දින දේහය පිළිබඳ තවත් පරීක්‍ෂණයක් පවත්වන ලදී. එය නිරීක්‍ෂණය කිරීමට ආණ්ඩුකාරතුමා, කපිතාන් ජනරාල්වරයා. පරිපාලන නිලධාරී සහ ගෝවේහි පූජක අධිකාරියේ බලධාරීන් පැමිණ සිටි අතර පසු දින පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කරන ලදී.
අති අභිමානවත්, ආණ්ඩුකාර ෆෙඞ්රික් ගිල්ගර්ම් ඩි සොයිසා සාමිවරයාණෙනි. උතුම් වූ රැජිනගේ අණපරිදි පූජනීය දේහය කුමන තත්ත්වයේ තිබේද යන්න පරීක්‍ෂාකිරීමට එය බහාලූ පෙට්ටිය විවෘත කළ අතර එම දේහයට අදාළ පූජනීය සළු අන්දවා තිබිණ. හිස සුරක්ෂිතව තිබූ අතර හිසකෙස් කුඩා ප‍්‍රමාණයක් හිස් කබලේ තිබිණ. මුහුණ දකුණු පැත්ත සීරීමකට අමතරව මනාව සුරක්ෂිතව තිබූ අතර, හොඳ වර්ණයෙන්ද, සමින් ද වැසී තිබුණි. කන් දෙකම හොඳ තත්ත්වයේ තිබූ අතර, එකක් නෑර දත් සියල්ලම තිබුණි. වම්අත සමින් වැසී ස්වභාවික වර්ණයෙන් යුක්තවූ අතර දකුණු අත දක්නට නොවීය. ජේසුස් ෆාහේරාගේ කාලයේ මෙම අත කපා රෝමයට ගෙන යන ලදැයි ජනප‍්‍රවාදයක් වේ. ශරීරයේ අනෙකුත් අවයව පරීක්‍ෂාකිරීමේදී අතුණුබහන් නොමැති බැව් නිරීක්‍ෂණය කරන ලදී.

කලවායන්හි සම ගැලවී යමින් තිබූ නමුත් පාදයන්හි සම තිබූ අතර එය ඉලිප්පී පෙනෙන්නට තිබුණි. පාදවල එක් ඇඟිල්ලක් නැතිව අන් සියලූම ඇඟිලි සහ එහි නියපොතු ද විය. පාදයේ එක් ඇඟිල්ලක් නොතිබූ අතර එය එක්තරා භක්තිමත් කාන්තාවක් විසින් ඩැහැ ගන්නා ලදුව දැන් එය ජනරාල්වරයාගේ නිවාසයේ තිබේ.
2013 නොවැම්බර් මස 24 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

ක්‍ෂීරපථයේ ජීවයට සුදුසු ග‍්‍රහලෝක බිලියන ගණනක්?

 අප සූර්ය ග‍්‍රහමණ්ඩලය අයත් ක්‍ෂීරපථ මන්දාකිණිය තුළ පමණක් ජීවයට සුදුසු තත්වයේ ග‍්‍රහලෝක බිලියන 8.8ක් පමණ තිබිය හැකි බව තාරකා විද්‍යාඥයන් ගණන් බලා ඇතැයි වාර්තා වේ.
පෘථිවියට විශාලත්වයෙන් සමාන සහ අයත් තාරකාවේ සිට අධික උෂ්ණත්වයක් හෝ අධික ශීතලක් නොමැති සෞම්‍ය කලාපයේ පිහිටා ඇති ග‍්‍රහලෝකයන් ජීවයට සුදුසු තත්වයේ පවතින බවට සලකනු ලබයි.
කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් ලබාදුන් දත්ත විශ්ලේෂණයෙන් මෙම නිගමනයට එළඹී ඇතැයි පැවසේ.  එම දුරේක්ෂය විසින් ක්‍ෂීරපථ මන්දාකිණිය තුළ ඇති තාරකා 420000ක් පමණ නිරීක්ෂණය කරන ලද අතර අප මන්දාකිණියේ මුළු තාරකා ප‍්‍රමාණය බිලියන 200ක් පමණ බව කියවේ.
තාරකා විද්‍යාඥයන් පවසන්නේ සෑම තාරකාවන් 1/5ක පෘථිවිය හා සමාන ප‍්‍රමාණයේ ග‍්‍රහයන් සහිත ග‍්‍රහමණ්ඩල පවතින බවයි.
එවැනි ග‍්‍රහමණ්ඩල සහිත තාරකාවන්ගෙන් 22%කම ජීවයට අනිවාර්යය වන ද්‍රව ජලය තිබීමට සුදුසු උෂ්ණත්ව කලාපයේ පවතින ග‍්‍රහලෝක පවතින බව ඔවුන්ගේ අදහසයි.  කෙප්ලර් දුරේක්ෂය විසින් එවනු ලැබූ දත්තයන් අතරින් තාරකාවන් 3538ක් පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කර ඇති අතර ඉන් 833ක් ජීවය තිබීමට සුදුසු ලෙස සලකන ලදී.  නමුත් ජිවය පැවතිය හැකි කලාපයේ පවතින බවට තහවුරු වී ඇත්තේ ඉන් 10ක් පමණි.
කෙප්ලර් විසින් නිරීක්ෂණය කර ඇත්තේ සූර්යයා හා සමාන තාරකාවන් පමණක් වන අතර විශ්වයේ බහුලව ඇති උෂ්ණත්වයෙන් අඩු රතු වාමන තාරකාවන්ගෙන් 15%කම ජීවයට සුදුසු කලාපයේ ග‍්‍රහලෝක පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි.
කෙසේවෙතත් තවමත් කිසිදු දියුණු ජීවී විශේෂයක් සිටින බවට විශ්වයෙන් ඇමතුමක් නොලැබීම විමතිය දනවන්නක් බව ග‍්‍රහලෝක පර්යේෂක ජෙෆ් මාර්සි පවසයි.

November 6, 2013 at 1:45 pm | lanka C news


සටහන
බුදුදහමින් ඉගැන්වෙන අතිවිශාල ලෝකධාතූන් සහ සත්වයින් පිළිබඳ විස්තර තවදුරටත් විද්‍යාව මඟින් සනාථ වේ.

අවුරුදු 300 ක් ජීවත් විය හැකි රත්නසේකර වාජීකරණය!

ගෝණුස්සෝ කුණු ගොඩවල්වල බිත්තර දමති. කුණු ගොඩෙන් ගොණුස්සන් ඉපදුණේ යැයි සමහරු කියති. එහෙත් ගෝණුස්සාගේ උපතට හේතුව කුණු ගොඩ නො වේ. ගෝණුසු මව විසින් බිත්තර දමනු ලැබේ. ඒ අනුව වඩා වැදගත් වන්නේ බීජය යි. හෙවත් ජීවය යි. ජීවය ශක්තිමත් කිරීමෙන් චිරාත් කාලයක් යෙහෙන් ජීවත් විය හැකි ය. ජීවය ශක්තිමත් කරන මූලයන් ඇත්තේ අප අවට පරිසරය තුළ ය. පරිසරයේ ඇති රහස් බොහොමයක් අපේ පැරැන්නෝ දැන සිටියහ.
විජය ආදි පිරිස දිවයිනට පැමිණෙන්නට පෙර මෙහි විසු යක්ෂ ගෝත්‍රිකයෝ ලෝකයා මවිත කරවන යක්ෂ වැඩ කළහ. ඔවුහු අහස උසට පැවැති මහා මන්දිර සහිත රමණිය නගර නිර්මාණ කළහ. ආකාස යාත්‍රාවලින් විවිධ රටවල් තරණය කළහ. යන්ත්‍ර මන්ත්‍ර - ඉන්ද්‍රජාල ශාස්ත්‍රයේ මෙන් ම රසායන විද්‍යාව ඇතුළු වෙදකම ද මැනැවින් දැන - උගෙන ජීවත් වූහ.
ජගත් පූජිත වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවරයා වූ පුලතිසිපුර අශ්‍ර රාජධානිය කොට විසූ මහරජ පුලතිසි රජගේ මුණුබුරු වූ වෛද්‍ය ශිරෝමණි ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා විය. මෙතුමා ජීවත් වූයේ බුද්ධ වර්ෂයෙන් වසර 1844 ක් ඉක්ම ගිය කල යැයි රාජාවලියේ සඳහන් වේ.
එකල ලක්දිව යන්ත්‍ර - සූත්‍ර අතින් අද යුරෝපය පරදා සිටි ත් බව රාම - රාවණා යුද්ධයේදී භාවිත කළ නාගශර - අග්නිශර යන ආයුධවලින් පෙනී යයි.
රාවණා රජතුමා දක්ෂ වෛද්‍යවරයෙකි, අනුන් අතින් නොමැරෙන වරයක් ලබා ගැනීම සඳහා බ්‍රහ්මයා සතුටු කරනු වස්; මෙතුමා ගෝකණ්ණ ආශ්‍රමයට වී තපස් රැකි බව කියැවේ. (ගෝකණ්ණ යනු ත්‍රිකුණාමලයට එදා ව්‍යවහාර වූ නමක් බව ඒ පෙදෙසෙහි තිබි සොයා ගත් සෙල් ලිපියක සඳහන් වේ.) රාවණා රජතුමා බ්‍රහ්මයා ගෙන් බලාපොරොත්තු වූ වරය ගැන සිතන විට එතුමා බ්‍රහ්මයා ගෙන් වෙදකම ඉගෙන ගත්තා පමණක් නොව ක්ෂණික තුවාල වලින් දිවි ගලවා ගත හැකි රහස් ඖෂධ ගැනත් දැනගෙන තිබෙන බව, රාම - රාවණා යුද්ධයේ දී බරපතළ තුවාල ලබා මියගිය අයට පණ දුන් පුවතින් හෙළි වේ.
රාවණා රජතුමා විසින් රචනා කරන ලද දේශීය වෛද්‍ය ග්‍රන්ථ ලෙස කුමාර තන්ත්‍ර, අකීක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස් තන්ත්‍ර යන ග්‍රන්ථ අතරින් යන්ත්‍රානුසාරයෙන් වාෂ්ප කර ඖෂධ පෙරා ගන්නා අකීක ප්‍රකාශ ග්‍රන්ථය වැදගත් ය. ඒ ගැන සලකා බලන විට පෙනී යන්නේ දේශීය වෙදකම අද මෙකල අපරදිග වෙදකමට වඩා දියුණුව පැවති බව ය.
උත්තර දක්ෂිණ භාරතීය වෙදකම ද අපගේ දේශීය වෙදකම තරම්ම පැරණි බැව් නොයෙක් සාධක අනුව පෙනී යයි. පසු කලෙක භාරතීය වෙදකම හා දේශීය වෙදකම හුවමාරු කරගෙන තිබෙන බවක් දෙරටෙහි ම ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනයෙන් පෙනී යයි. පෙරදිග ධර්ම දූතයන්ගේ, දේශීය සංචාරකයන්ගේ හා වෙළෙදුන්ගේ මාර්ගයෙන් අරාබි ජාතිකයන් ඔස්සේ අපරදිගට ගියේ ද මේ වෙදකමයි.
එකල දඹදිව තිබූ නාලන්දා - තක්ෂිලා - වික්‍රමශිලා යන විශ්වවිද්‍යාලවල වෙන ම විෂයයක් ලෙස ආයුර්වේදය ඉගැන්විණි. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ භාරතීය විශ්වවිද්‍යාලවල පැවති දියුණු තත්ත්වය දැනගත් ග්‍රිකයෝ ද එහි විශ්වවිද්‍යාලවලට බැඳී ආයුර්වේදය ඉගෙන ගත්හ.
ග්‍රිකයෝ ඉගෙනීමට අතිදක්ෂයෝ වූහ. කුලවාදයෙන් මත් වූ ඇතැම් බමුණෝ ග්‍රිකයන්ට පරිභව කළ ද ඔවුන් ඉගෙන සිය රට බලා ගොස් ඉගෙන ගත් ශාස්ත්‍රය වඩාත් ක්‍රමානුකූල ලෙස සකස් කර අනෙක් අපරදිග රටවල බෙදා හැරීමෙන් වර්තමානයේ පවත්නා අපරදිග වෙදකම ඇතිවූ බවත් පිළිගත හැකි ය.
දේශීය වෙදකම පිළිබඳ ස්වර්ණමය යුගය රාවණා යුගයයි. මින් පසු මේ ගැන තොරතුරු දැක්විය හැක්කේ විජය කුමාරයා ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු මෙහි ලියැවී තිබෙන වංශ කථා - අට්ඨ කථා - ශිලා ලිපි හා වෙද පොත් අනුව ය. දැනට සොයාගෙන තිබෙන සෙල් ලිපිවලින් ලංකාවේ පෙර පැවැති ආරෝග්‍ය ශාලාවල පාලනය - සේවක පිරිස හා නඩත්තු කිරීම පිළිබඳවත් විස්තර කර ඇත.

“දීර්ඝායුෂය පිළිබඳ ශාස්ත්‍රය” යන අර්ථය දෙන ආයුර්වේදය පිළිබඳ ශ්‍රී ලංකා වාසීනට තිබුණේ සියුම් දැනුමකි. ඔවුහු සියලු දෙනාම සුළු - සුළු අත් බෙහෙත් පිළිබඳව දැන සිටියහ. ඒ පිළිබඳ හොඳම නිදසුන වන්නේ 1660 වසරේ අප්‍රේල් මස මෙරටට අහම්බෙන් ගොඩ බැස විසි වසරක් තිස්සේ සිංහල රජුගේ සිරකාරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ විසු රොබට් නොක්ස් සිය රටට යන අතරතුරේදී ලියූ Historical Relation of Ceylon නැමති ග්‍රන්ථය යි. ඔහු ශ්‍රී ලංකාව ගැන සඳහන් කරත් දී එක් තැනෙක දක්වන්නේ,
“මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් හැමෝම වෙද්දු ය යන්න ය. එසේ ම ඖෂධ පැළෑටිවලින් ලක්වැසියනට කිසිදු අඩුපාඩුවක් නැත. බෙහෙතක් ගත යුතු කල ඔහු යන්නේ කැළෑවටය. එහි ඕනෑ ම බෙහෙතක් ඇත. එහෙයින් කැළෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැළේ වැවෙන බෙහෙත් පැළෑටිවල, කොළ, ඉති, පොතු, මල්, පොතු යන මේවායින් පත්තු සාදා ආලේප වශයෙන් පාවිච්චි කරති යනුවෙන් ද සඳහන් කරයි.
තව ද දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මේ ඔසුවලින් සුව වන බව ද සිංහලයන්ගේ සියලුම ඖෂධ පිළිබඳ විස්තරයක් කිරීම මගේ අභිලාෂය නොවන්නේ යැයි ද එහෙත් ඔවුනගේ බෙහෙත් ඖෂධ පිළිබඳ දැනීම් සම්භාරයට සාධක වන පරිදි එක් කරුණක් පමණක් දක්වන්නේ යැයි ද, එනම්; මගේ අසල්වැසි සිංහල මනුෂ්‍යයකු යම් කෙනෙකුගේ කැඩි බිඳි ගිය හා ඇටයක් හෝ අත් ඇටයක් පෑස්සීමට භාරගතහොත් බතක් හෝ ව්‍යාංජන තුනක් ඉදෙන වේලාවේදී එනම් පැය එකහමාරක් තුළ එම ඇටය පාස්සන්නේය.
මෙසේ කැඩුම් බිඳුම් සුව කළ අවස්ථා මම හොඳින් දැක ඇත්තෙමි.” ඒ රොබට් නොක්ස් නමැති විදේශිකයා අපගේ මුතුන් මිත්තන් ළඟ තිබු පාරම්පරික ආයුර්වේද ඥානය පිළිබඳ තක්සේරු කළ ආකාරයයි වෘක්ෂලතා පිළිබඳ ඔවුන් තුළ තිබුණේ මහත් ඥාන සම්භාරයකි.

අවුරුදු 300 ක් ජීවත්විය හැකි වාජීකරණ ඖෂධයක් පිළිබඳ කථා ප්‍රවෘත්තියක් මහනුවර සමයේ විසූ ශ්‍රී රත්නසේකර නමැති රාජ වෛද්‍යවරයකු ලියූ පොතක සඳහන් වන්නේ මේ ආකාරයටය. “පත්කෑල” නමින් ඉතා දුර්ලභ වෘක්ෂයක් වෙයි. මෙය රත්කෑල කැටකෑල යන වර්ගයට අයත් ගසකි.
ගැට සහිත සුදු කඳක් ඇති වඩාත් කොළ පාට නොවූ කොළ ඇති මේ ගස. අඩි පනහකටත් වඩා උසය. මේ වර්ගයේ කොළ පොතු තැල්ම උළුක්කුව සඳහා ද ගනු ලැබේ. එකවර ගස පිරී යන අයුරින් අතු අග රතු පාටට පිපෙන මල් දින තුනක් පමණ පර නොවී පවතී. මල් පරවී වැටුණු පසු ගස යට රතු පලසක් ඇතුරුවා වැනි සොබාවක් ගනී. දුරට පෙනෙන මේ මල් මස් කැදැලි යැයි සිතා සිවල්ලු දුව එතියි කියන ජනප්‍රවාදයක් ද පවතී.
විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක් මුල සිට අඩි හයක් පමණ උසින් පෙත්තට කපා ඉවත් කොට ඉතිරි වන මුල් කොටසේ මුදුනේ වංගෙඩියක් සේ විශාල සිදුරක් හාරා සිදුර තුළට ඇට ඉවත් කළ අමු නෙල්ලි පලම් හැට හතරක් දමා, ඒ වර්ගයේ ලී කැබැල්ලකින් ම, සිදුරට ඇබයක් ගසා, බිම සිට එම ලී කොටය වැසී යන තෙක් හොඳින් වියළුණු ගොම ගොඩ ගසන, ඒ වියළුණු ගොමවලට ගිනි තබා, ගොම සම්පූර්ණයෙන් ම පිලිස්සී ගිය පසු උතුරා නැග'විත් එකට පිලිස්සී තිබෙන ඒ නෙල්ලි සාරය (කල්කය) ගෙන ගිතෙලින් අඹරා, හොඳ ශරීර ශක්තියක් ඇති, පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ නහාවා හොඳින් පිරිසිදු කොට, පිරුවට අන්දවා, මැසි මදුරුවන් ගෙන් උවදුරු නොවන ලෙස, ආරක්ෂා සහිතව ඇතුළු කාමරයක තබා මේ නෙල්ලි කල්කය උණු කළ එළකිරිත් සමඟ දිනකට තුන් වරක් මාසයක් පමණ දිය යුතුයි.
මේ කල්කය එළකිරිත් සමඟ දින පහළොවක් අනුභව කරන විට ඔහුගේ හෝ ඇගේ ඉසකෙස්, නියපොතු, දත් හා සමත් ගැලවී යයි. අනෙක් දින පහළොව තුළදී ඒ ඉවත් වූ සම, නියපොතු, ඉසකෙස් සහ දත් හොඳින් වැඩි තරුණ භාවයට පත්වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු 300 ක් පමණ ආයු වැලඳිය හැකි බව පොතෙහි සඳහන් වෙයි.
කිසි කාලයක මේ වාජිකරණ ඖෂධය පරීක්ෂණයකට ලක් කළ බව අප අසා නැත. එහෙත් විජයාවතරණයට පෙර සිට යක්ෂ ගෝත්‍රිකයන් වෛද්‍ය විද්‍යාවේ දක්ෂයන්ව සිටි බැවින් ඔවුන් විසින් මේ වාජිකරණයන් අත්හදා බැලු බවට සැකයක් නැත. මෙය අත්හදා බැලීම නවීන විද්‍යාවේ හා මානව සමාජයේ ප්‍රගමනයට හේතු වනවාට කිසිඳු සැකයක් නැත.

මන්තර බලයෙන් අලියා මෙල්ල කළ හැටි

මා සෑම විටම මරණයෙන් බේරී ඇත්තේ අනූ නමයෙනි. මගේ මව් බිමෙන් සැතැපුම් ලක්‍ෂ ගණනාවක් ඈත නැගෙනහිර අප‍්‍රිකාවේ ටැන්සානියාවේ දී වනජීවී කළමනාකරණ පුහුණුව ලබමින් සිටි වකවානුවේ ‘අභියෝග ජයගැනීම’ පාඨමාලාවේ දී මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උසින් පිහිටා ඇති කිලිමන්ජාරෝ වනාන්තර ප‍්‍රදේශයේ දී ටැන්සානියානු යුද හමුදා කැප්ටන් කපායා අපට නියම කළේ තනිවම ගිනි අවියක් නොමැතිව රාත‍්‍රී 02 එනම් දින 03ක් ගසක් යට ගත කළ යුතු බවය.

පහරදීමට හඹා එන අලියකු වන සත්ව නියාමක සුජීව විසින් නතර කරලීම (යාල වනෝද්‍යානයේදී)
අපට ලැබුණේ සීමිත අමුද්‍රව්‍ය ආහාර ස්වල්පයකි. මා සිටියේ තනිවම දැවැන්ත ඇකේෂියා (Accacia) ගසක් පාමුලය. හුදෙකලාව සිටි මම ඊළඟ සගයා සිටින්නේ කොහිදැයි දැන නොසිටියෙමි. එදින අලූයම මගේ කැන්වස් ඇඳ අසලටම කිසිත් නොදැන සංක‍්‍රමණය වූ අප‍්‍රිකානු අලි රංචුවෙන් බේරුනේ හාස්කමකින් මෙනි. එම අවස්ථාවේ මා පියවි ඇසින් නොසිටින්නට මේ වන විට මා මියගොසිිනි.
මන්ත‍්‍ර බලයෙන් හඹා එන වන අලින් නතර කරලීම
මිනිසාට පහර දීමට හඹා එන අලින් මන්ත‍්‍ර බලයෙන් නතර කරලීමේ අභියෝගය මැනවින් ඉටු කරන්නේ දකුණු ප‍්‍රදේශයේ සේවය කරන වනජීවී සේවකයින් බව උතුරු, නැගෙනහිර හා මධ්‍යම වනජීවී ප‍්‍රදේශවල අස්සක්xමුල්ලක් නෑර රාජකාරි සිදුකොට ඇති මගේ පෞද්ගලික නිරීක්‍ෂණයි. වසර 1971 ජේ.වී.පී. භිෂණය සමයේ දී ස්වේච්ඡා යුද හමුදා නිලධාරීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද කතරගම රූප සුන්දරිය පේ‍්‍රමවතී මනම්පේරී ගේ පියා අති දක්‍ෂ මන්ත‍්‍ර ගුරුකම් සිදු කළ වනජීවී නිලධාරියකු බව, ඔහු මා හමුවූ දිනවල මා සමග පවසා තිබේ. මා අම්පාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ හැටියට සේවය කළ වකවානුවේ මගේ නිල ජීප් රථය පැදවූයේ ඔහුගේ පුතකු වූ කරුණාදාස මනම්පේරිය.

දිනක් කරුණාදාස මනම්පේරි ඇමතූ මම’’ කරුණාදාස.. මම අහලා තිබෙනවා.. ඔයාගේ තාත්තා හඹා එන අලින්ට... ලේxබඩයන්න මතුරනවා කියලා.... ඒ ගුරුකම් කොහෙන්ද එයාට ලැබුණේ... ’’ යයි විමසුවෙමි. ඊට පිළිතුරු දුන් කරුණාදාස
‘‘ඇයි සර්... තාත්තා පානම වැඩ කළානේ දිගු කාලයක්. ඒ පළාතෙම ගෙදරක.. පදිංචිකරුවෙකුගෙන් තමයි ඒවා ලැබිලා තිබෙන්නේ. පුළුවන් නම් සර් කොහොම හරි තාත්තගෙන් ඒවා ටික ගන්න’’ යයි ඔහු මට කීය.


යාල වනෝද්‍යානයේදී වනසත්ව නියාමක හෙන්දිරික් අප්පුහාමි විසින් හඹා එන අලියකු නතර කරලීම.
පානම වනාහි වන අලින් බහුලව වෙසෙන නැගෙනහිර වෙරළට නුදුරු ගම්මානයකි. ‘පානම’ පසුකොට සැතපුම් විසි පහක් යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය තුළට ගිය තැන ‘කුමන’ පුරාණ ගම්මානය හමුවෙයි. කිට්ටු සබඳතාවයක් පැවති මෙම ගම්මාන දෙකෙහි විසූ පැරණි ගම්වාසින් දක්‍ෂ ගුරුකම් කාරයින් වූහ. ‘කුමන’ ගමේ ඉපිද හැදී වැඩුනු කේ. ඬේවිඞ් කලක් යාල උද්‍යානයේදී මා යටතේ සේවය කළ එහෙත් සොහොයුරකු ලෙසින් මම ආශ‍්‍රය කළ වනසත්ව නියාමක (පසුව අඩවි සහකාර) නිලධාරියෙක් විය. ඔහු දැන සිටියා වූ වන සතුන් මෙල්ල කළ හැකි මන්ත‍්‍ර මා ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහු මා සමඟ කියා සිටියේ ඒ මන්ත‍්‍ර මගෙන් ගන්නවාට වැඩිය හොඳයි.. මම ඒවා දීපු කෙනෙකුගෙන් ගන්න.. ඔහු මට කීය. ‘‘ ඒ ඇයි?’’ මම විමසුවෙමි... එවිට ඬේවිඞ් මට කියා සිටියේ  ‘‘එහෙම ඉල්ලගත්තම.. බල වැඩියි.. ඒ නිසා සර්ගෙ යාලූවා ලක්‍ෂමන් නෙත්ති කුමාර (මියගොස් සලාකා සමූහ ව්‍යාපාරය - කොළඹ) මහත්මයාගෙන් ඉල්ලා ගන්න.’’ ඔහු ද මට ඒවා ලබාදුන්නේ කිහිප වතාවක් පෙරැත්ත කිරීමෙන් අනතුරුවය. ඬේවිඞ්, ලක්‍ෂමන් නෙත්ති කුමාර සහ මා කුළුපග මිතුරන් ය. විවිධ අයගෙන් ලැබුණු මන්ත‍්‍ර මම කට පාඩම් කරගත් නමුත් මම ඒවා අත්හදා නොබැලූවේ මගේ ගොරෝසු කටහඬ භාවිතයෙන් වනාන්තරය තුළදී මම මුහුණදුන් අවස්ථා ලෙහෙසියෙන් ජයගත් බැවිනි.
මගේ හිතවත් සේවක ඬේවිඞ් ගේ පුත් වනසත්ව නියාමක සුජීව තම පියාගෙන් ලබාගත් ප‍්‍රබල අලි මන්ත‍්‍රයකින් තමාට පහරදීමට හඹා ආ කෝපාවිෂ්ඨ වූ අලියකු මෙල්ල කළ ආකාරය මට අද මෙන් මතකය. මගේ දෙ ඇස් ඉදිරියේ එය සිදු වූයේ 1989 අප‍්‍රියෙල් මස පසළොස්වක් පොහොය දිනක යාල උද්‍යානයේ රාත‍්‍රී කාලයේ පැරණි බූතවසංචාරක බංගලා නිවහන ඉදිරිපිටදීය.
නියමිත මුදල ගෙවා යාල උද්‍යානයේ බුතව (පැරණි) බංගලාව දින තුනකට වෙන්කරවා ගත් ලක්‍ෂමන් සිය බිරිඳ වජිරා, දරුවන් සහ සමීප මිතුරන් කණ්ඩායමක් සමග බුතව බංගලාවේ පදිංචියට පැමිණියහ. කණ්ඩායමේ මාර්ගෝපදේශක වනසත්ව නියාමක (ඬේවිඞ්ගේ පුත්) සුජීව විය. යාල වනෝද්‍යානයේ භාරකරු වූයේ මමයි.
සිරිත් පරිදි  ලක්‍ෂමන්, වජිරා සහ දරුවන් හමුවීමට ඔවුන් පැමිණි දිනම මම රාත‍්‍රී 8.00 පමණ බුතව බංගලාවට පැමිණියෙමි. ජීප් රථයෙන් බැසගත් මා කෙළින්ම ගියේ කිසියම් කරුණක් වීමසීමට බංගලා භාරකරු හමුවීමට මුලූතැන් ගෙයටය. එකෙනෙහිම කිසියම් කෙනෙකු උස්හඬින්  කතා කරමින්’’ හා පුළුවන් නම් සුජීව. අර ගල උඩ වතුර ටැංකියට වතුර බොන්න යන අලියා ළඟට.. යනවා කෝ.. ‘‘නියාමක සුජීවට අභියෝගයක් එල්ල කළ බව මට ඇසුනි. ඒ මගේ මිත‍්‍රයාගේ කටහඬ නොවන බව මම හඳුනා ගතිිමි. ‘‘අලියා ළඟටම යන්න  ඕනැද?’’ එසේ ඇසුවේ සුජීවයි. ‘‘ඔව් ළගට ගියොත් රුපියල් පන්දහසක් (රු. 5000/=) දෙනවා.’’ තවත් කෙනෙක් සුජීව දිරිගන්වමින් කෑ ගැසීය. මා පැමිණ සිටින බව කණ්ඩායමේ කිසිවකුත් දැන සිටියේ නැත. මෙම සංවාදය මුළුතැන් ගෙයි සිට අසා සිටි මම වහා බංගලාවේ ඉදිරිපසට ගියෙමි. මගේ මිත‍්‍රයා ලක්‍ෂමන් නෙත්තිකුමාර ඇතුලූ පිරිස මා පැමිණ සිටින බව දැනගත්තේ එවිටය. මා දුටු  ලක්‍ෂමන් ‘‘හා... විල්සන්.. කොයි වෙලාවෙද ආවෙ... වාඩිවෙන්න... මොනවද බොන්නෙ’’ විමසීය. මම කිසිත් නොදොඩා අසල තිබූ පුටුවක හිඳ ගතිමි.
බංගලාව ඉදිරිපිට ගල්තලාව සහ අවට වනාන්තරය සඳ එළියෙන් නෑවී ඇත. මුහුදේ රැුල පහර ගල්පරවල හැපෙන ශබ්දය ද මට ඇසේ.. සුජීව කොහිදැයි මම විපරමින් අවට බැලූවෙමි... මම ප‍්‍රමාද වැඩිය ඒ වන විටත් ඔහු ගන්තලාව ඉහළට නිසොල්මනේ ඇවිද යන දැවැන්ත අලියා සමීපයට ඉක්මන් පියවර තබමින් යන ආකාරය මම දුටුවෙමි. ඔහුගේ ගමන වළක්වාලීමට මා විසින් ඒ අවස්ථාවේ කෑගැසීම අන්තරාදායක විය හැකි බැවින් මම එසේ නොකළෙමි.

මා අසතුටින් සිටින බව දුටු ලක්‍ෂ්මන් මගේ මිත‍්‍රයා ‘‘අපි දන්නෙ නැහැ... විල්සන්  බංගලාවට ඇවිත් සිටි බව’’ යයි කීය.
‘‘දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.. සුජීව ගල්තලාවෙන් පහළට ආපුවාවෙ කෝ...’’ මගේ සිත තුළ ජනිතව ඇත්තේ සියුම් කෝපයකි. බැරි වෙලාවත් සුජීවට අනතුරක් සිදු වුවහොත් මට එය විශාල ගැටළුවක් වනු ඇත.
වයස අවුරුදු පණහක් පමණ වන මෙම අලියා කාලාන්තරයක් තිස්සේ දිනපතා රෑ බෝ වූ පසු ‘‘බුතව’’ බංගලාව ඉදිරිපිට පිහිටා ඇති ගල් තලාව ඉහළටම ඇවිද ගොස් ඒ මත ඉදිකොට ඇති බංගලාවට ජලය සැපයෙන වැසි වතුර ටැංකිය තුළට තම හොඬ වැල බහා සිත්සේ පිපාසය සංසිඳුවාගනී. බංගලාව ඉදිරිපිට ඇති නෙලූම්,  ඕලූ සහිත ‘බුතව වළේ’ වතුර මඩ සහිත බැවින්, දිනපතා එය පසු කරමින් අලියා ගල්තලාව ඉහළට ගොස් ටැංකි ජලයෙන් පිපාසය සංසිඳුවාගනී. අලින් මඩවතුර නොබොන බැවින් නියං සමයේ දී ඉව අල්ලමින් පැහැදිලි ජලය සොයාගෙන ඉතා ඈත දුර බැහැරට යති.
මේ වන විට බංගලාවේ සිටි පහළොස්  දෙනෙකුගේ පමණ ඇස් යොමු වී ඇත්තේ ගල ඉහළට ඇවිද යන අලියා සහ ඔහු පසුපසින් කඩිනමින් යන සුජීව වෙතය. පැහැදිලි සඳ එළිය හේතුවෙන් දහවල් මෙන් සියල්ල මනාව දර්ශනය වේ. වැසි ජල ටැංකිය සමීපයට ගිය අලියා තම හොඬවැල දියට පහත් කොට එක උගුරක් තම මුව තුළට ගත්තා පමණි... අලියා සහ සුජීව අතර දුර යාර 15-20 පමණය. ක්‍ෂණයකින් අලියා දිය බීම පසෙක තබා සුජීව දෙසට හැරුණි. තම හොඬවැල අග මුව තුළට ගති. කන්පෙති දෙක කෙලින් කරගෙන සුජීව දෙසට මුහුණට - මුහුණලා බලාගෙන මොහොතක් නිසොල්මන් විය. තව නිමේශයකින් අලියා සුජීවට පහර දීමට ඒකාන්තයෙන්ම හඹා යන බව මම දැන සිටියෙමි. සුජීවගේ ගමනේ වේගය අඩු වී ඔහු ඉතා සෙමින් අලියා දෙසට පියනගන්නට විය. එවිට එක්වරම වනාන්තරය දෙවනත් කරවන සුලූ අති භයංකර මහා ශබ්දයක් මුවින් පිටකරමින් අලියා හොඬවැල උස්සාගෙන සුජීව කරා පහරදීමට හඹා එන්නට විය. අලියාගේ හඬ නිසෝල්මන් වනාන්තරයේ දෝංකාරය දුනි. එකඳු අඩියක් පස්සට නොගත් සුජීව තම දකුණත අල්ල ඇඟිලි දිගුකොට ඉදිරියට හඹා එන අලියා දිසාවට යොමු කරගෙන ශබ්ද නගා මන්ත‍්‍රය මතුරන්නට විය... ‘‘ ඕං..... සංසාර.... දිරි ආදී වශයෙන් තම පියාගෙන් උගත් අලි මන්ත‍්‍රයෙන් නැවත නැවතත් ශබ්ද නගා මතුරන්නට විය.
සුජීව ආසන්නයටම දිව ආ අලියා තම හොඬවැල පහත් කොට සුජීවට පහර නොදී හෝ පහර දීගත නොහැකිව පසෙකට හැරී ඉතා 

වේගයෙන් ගල්තලාව පහළට දිවගියේ විකාරයෙන් මෙන්
‘බුතව වළ’ හරහාය. ඒ දිවගිය ආකාරයට ‘‘බුතව වළේ’’ (Buttuwa Pond) දියයට සිටි කිඹුලන් දෙතුන් දෙනෙකුගේවත් හිස් කබල්, ඉළ ඇට අලියාට පෑගී උන් මිය යන්නට ඇතැයි මට සිතුනි.

දිව ගිය අලියා පෙනෙන්නටවත් නැත. සුජීව ජයග‍්‍රාහි ලීලාවෙන් ගල පහළට වුත් ඔහුට අභියෝග කළ සහ රු. 5000/= ත්‍යාගය දීමට පොරොන්දු වූ අය අසලින් වාඩිවිය. එකෙණෙහිම මගේ මිත‍්‍ර ලක්‍ෂ්මන් නෙත්තිකුමාර සුජීව වෙත ගොස් කනට කොඳුරා කුමක්දෝ කීවේය. ඒ මම බංගලාවට පැමිණ සිටින පුවත විය යුතුය.
ඒ සැණින් මා අසලට පැමිණි සුජීව ‘‘සර්... කොයි වෙලාවෙද ආවේ... මම දැනගෙන සිටියෙ නැහැ සර්... ඉන්න බව...’’ යයි මා ඇමතීය. මම ඔහුට දැන්වූයේ ‘‘බැරි වෙලාවත් සුජීව ඔයාට අලියා ගැහැව්වා නම්... මට මගේ රැකියාවත් අහිමි වෙනවා.. මීට පස්සෙ මම ඉන්න තැනක ඔය වැඬේ කරන්න එපා’’ යනුවෙන් මම ඔහුට අවවාද කළෙමි. සුජීව මේ වන විට සේවය කරන්නේ කතරගම උතුරින් පිහිටි ගාල්ගේ අඩවියේය. ඔහු අති දක්‍ෂ වනෝද්‍යාන මාර්ගෝපදේශක කෙනෙකි.

එඞ්මන් විල්සන්

 විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ යාල ජාතික  වනෝද්‍යානයේ හිටපු භාරකරු
 ඊමේල් edmund.wilson09@gmail.com
 ඡායාරූප අනුග‍්‍රහය:- කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ අධිපති රංජිත් ද සිල්වා
2013 ඔක්තෝබර් මස 05 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

ගුරුත්වය අඩුම රට


ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.
ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරලා.

2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා‍. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්‍යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කලා.
පලවෙනි ‍රූපයෙන් දැක්වෙන්නේ එය පෘථිවිය පුරා අධ්‍යනය කරමින් ගුරුත්වය නිරීක්ෂණය කරන ආකාරයයි. පෘථිවියේ ගුරුත්වය වැඩිතැන් හා අඩුතැන් හොදින් ස්කෑන්කරල බැලුව.

දෙවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකා‍නේ ලබාගත් දත්තයන්ට අනුව ජලය ඉවත්කල පථිවි පෘෂ්ඨය. පැයට කිලෝමීටර 107300ක වේගයෙන් හිරු වටා ගමන්කරන පෘථිවිය ගෝලයක් වගේ පෙනෙන්නෙ ජලය නිසයි.

තුන්වන රූපයන්ගෙන් ඔබ දකින්නේ වර්ණාවලීන් යොදා ගනිමින් ගුරුත්වය අඩුම තැන් නිල් පාටින්ද ගුරුත්වය වැඩිම තැන් රතු පාටින්ද සකස් කෙරුන පෘථිවි ගෝලයයි.

හතරවෙනි රූපයෙන් දැක්වෙන්නෙ ගුරුත්වය පිළිබද වඩාත් හොදින් කල අධ්‍යනය. බලන්න ගුරුත්වය අඩුම රට මොකක්ද කියල. අපේ රට නේද යාලුවනේ. විද්‍යාවට අනුව ගුරුත්වය යනු පොළවෙන් අප තවත යොදන බලයයි. විශ්ව ශක්තිය යනු අප බාහිර විශ්වයෙන් ලබාගන්නා ශක්තියයි. එසේනම් ගුරුත්වය අඩුම තැන යනු විශ්ව ශක්තිය වැඩිම තැනයි. ඒක කියන්නෙ ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි. මොකක්ද මේ නැගෙන විශ්ව ශක්තිය. ඒ තමයි අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඇතුලු ඒ අමා නිවනින් නිවී සැනහී වදාල මහ රහතුන්ද, අදත් මේ පින්බිමේ වැඩසිටිනා අති උත්තම යතිවරුන් විශ්වට නිකුත්කරන ශක්තියයි. විශ්වය හා ගණුදෙනු කරන ඒ උතුමන්ගේ ශක්තියයි. හෙළ රට පාලනය කල රාවණ ඇතුලු මහ සෙන්පතියන් විශ්වය හරහා ගමන්කළ තාරකා දොරටු අනුරාධපුරයේ පිහිටා අතිබව ඔබ දැක ඇති. සක්වල චක්‍රය තමයි ඒ. රන්මසු උයන නරඹන ඕනැම කෙනෙකුට මෙය දැකගන්න පුලුවන්.

බලන්න මොනතරම් අසිරිමත් සිදුවීමක්ද? විද්‍යාව හා බුදු දහම පිළිබද තර්ක කරන අසරණ අදබාලයන්ට මේ සිදුවීම හොද උත්තරයක්වේවි.

බුදුදහමින් හෙළිවන මිනිසාගේ පරිණාමය - අග්ගඤ්ඤ සූත්‍රය


1..........ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.´
´
2..........වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´
වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය.

3..........වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය.

4..........එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´

5..........කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. 

27. අග්ගඤ්ඤ සූත්‍රය(සම්පූර්ණයෙන්)


1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාන්‍යයෙහි වැඩ වසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමනේර දෙනම භික්‍ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්‍ෂූන් සමීපයෙහි වෙසෙත්.

එකල භාග්‍යවතුන් වහන්සේ සවස් වේලයෙහි විවේකයෙන් නැඟී සිට ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල පවත්නා පසු භාගයෙහි අවකාස්ථානයක සක්මන් කළහ.

එවිට වාසෙට්ඨ, භාරද්වාජ දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.

එකල භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ හට කථාකොට මෙසේ කීවාහුය. ´´වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවාහුය. බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙත් ද? හෙළාදැකීම නොකෙරෙත් ද?´´

2. ´´ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති.´´

´´බ්‍රාහ්මණයෝ අපට මෙසේ කියති. ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රහ්මයා විසින මවන ලද්දාහුය. බ්‍රහ්මයා ගෙම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වංශය හැරපියා හීන වූ මාර පක්‍ෂයෙහි වූ බඹහුගේ පාදයෙන් උපන්නා වූ අපිරිසිදු වූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම් වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි´´ කියාය.´´

´´වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූද, දරුගැබ් ඇත්තා වූද, දරුවන් වදන්නා වූද, දරුවන්ට කිරි පොවන්නා වූද බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යෝනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ඔහු තුමූ බ්‍රහ්මයාට ද බොරුවෙන් හෙළා දකිත්. බොරු ද කියත්. බොහෝ පව් ද රැස්කර ගනිත්.´´

3. ´´වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්‍ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියාය. වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ප්‍රාණාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂ වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තෙක් වෙයි. මිත්‍යාදෘෂ්ඨි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.´´

´´මෙසේ යම් ධර්ම කෙනෙක් අකුසල වෙත් ද, ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි දක්නා ලැබෙත්. ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති. සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.´´

4. ´´වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුෂ වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යක් දෘෂ්ඨි (හරි දැකීම්) ඇත්තෙක් වෙයි.´´ ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි, සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහි ද, සමහර ශුද්‍රයෙකු කෙරෙහි ද දක්නා ලැබෙති.´´

´´බ්‍රාහ්මණයෝ, ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය´´ යන ඔවුන්ගේ ඒ කථාව නුවණැත්තෝ පිළිනොගනිත්. ඊට හේතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්‍ෂත්‍රියාදී) සතර වංශයන් අතුරෙන් (එකකට ඇතුළත් වූ) යම් භික්‍ෂුවක් රහත්වූයේ ද, නැති කරන ලද ආශ්‍රව ඇත්තේ වේ ද, වාසය කොට නිම කරන ලද බ්‍රාහ්මචාර්යාවාස ඇත්තේ ද, කරන ලද සිවුමහ කටයුතු ඇත්තේ ද, බාහා තබන ලද ස්කන්ධ බර ඇත්තේ ද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේ ද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේ ද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේ ද ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මේ ආකාරයෙන් ද දත යුතුයි.´´

5. ´´වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙමේ තමන්ට වඩා උසස් අනෙකෙකු නැති හෙයින් අනුත්තර නම් වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූයේ යයි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජුහට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජුහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, පසේනදි කොසොල් රජුහු ගරු සැලකිලි පැවැත්වීම ද, වැඳීම ද, දැක හුනස්නෙන් නැඟී සිටීම ද, ඇඳිලි බැඳීම ද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියා ද තථාහතයන් වහන්සේට කරයි.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මෙකී ආකාරයෙන් ද දත යුතුයි.´´

6. ´´වාසෙට්ඨය, ´´තෙපි කවරුහුදැ´´යි විචාරණ ලද්දාහුම ´´ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයම්හ´´යි ප්‍රකාශ කරන්නාහුය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වෙමි. ඊට හේතු කවරේ ද? වාසෙට්ඨය, ධම්මකාය යනු ද, බ්‍රහ්මකාය යනු ද, ධම්මභූත යනු ද, බ්‍රහ්මභූත යනු ද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.´´

´´ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.

7. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´

8. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය. එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´

´´මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´පින්වත් සත්වය කම් නැත. මා විසින් සතර දවසක ප්‍රයෝජනය පිණිස එකවරම හැල් ගෙන එන ලදැ´´යි කීයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්ව තෙම ඒ (හැල් ගෙණ ආ) යම් කලෙක්හි ඒ සත්වයෝ හැල් (ගෙනවුත්) කල් තබා ගෙන පාවිච්චි කරන්ට පටන් ගත්තාහූ ද එකල්හි කුඩු ද සහල් වසා සිටියේය. දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපන ලද ධාන්‍යයද නැවත නොවැඩුනේය. කපන ලද තැන් එසේ අඩුවම පෙණුනේය. ඇල් වී පඳුරු පඳුරුව සිටියාහුය.´´

´´ඉක්බිත්තෙන් ඒ සත්වයෝ ඇල් වී බෙදා ගත්හ. මායිම් තබාගත්හ.´´

9. ´´එවිට එක්තරා සත්වයෙක් ස්වකීය කොටස ආරක්‍ෂා කරන්නේ මතහට නුදුන්නා වූ එක්තරා කොටසක් රැගෙන (සොරකම් කොටගෙන) පාවිච්චි කළේය. එතැන් පටන් (ලෝකයෙහි) අන්සතු නුදුන් දෙය ගැනීම පහළ විය. (අන්‍යයන්ට) අපහාස කිරීම පහළ විය. බොරු කීම පහළ විය. (සත්ව හිංසා පිණිස) දඬු ගැනීම පහළ විය.´´

10. ´´වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වී ද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වී ද, ඒ සත්ව තෙම ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කිරීමට ද, ගැරහිය යුත්තහුට හොඳින් ගැරහීමට ද, නෙරපිය යුත්තහු නෙරපීමට ද යෙදුවේය. ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් මහා සම්මතත කියා පළමුවන නාම (ව්‍යවහාරය) ඇතිවිය. වාසෙට්ඨය, ක්‍ෂෙත්‍රයන්ට (ඉඩම් වලට) අධිපතිය යන අර්ථයෙන් ක්‍ෂත්‍රියයයි කියා දෙවන නාම (ව්‍යවහාරය) විය. ධර්මයෙන් අන්‍ය සත්වයන් පිනවයි යන අර්ථයෙන් රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍ර යයි දන්නා ලද්දා වූ ලෝකෝප්පත්ති වංශ කථාවෙන් මේ ක්‍ෂත්‍රිය සමූහයාගේ පහළ වීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමාන වූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධව මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨය.´´

´´ඒකාන්තයෙන් පාප ධර්මයෝ සත්වයන් කෙරෙහි පහළ වූහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් දුරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණයයිම පළමූවන නාම (ව්‍යවහාරය) වූයේය. ඔහු තුමූ වන ප්‍රදේශයෙහි පන්සල් (කොළ සෙවිලි කල පැල්) කොටාගෙන එහි පන්සල්වල ධ්‍යාන කෙරෙති. ඔහු තුමූ ආහාර ලබාගෙන නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්. වාසෙට්ඨය, ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාරය) විය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහූ) ගම් වෙතට ද, නියම්ගම් වෙතට ද පැමිණ ත්‍රිවේදය සකස් කෙරෙමින් ද, උගන්වමින් ද වෙසෙති. ´´ධ්‍යාන නොකෙරෙති´´ යන අර්ථයෙන් අජඣායකය යන තුන්වන නාමය විය.´´

´´වාසෙට්ඨය, (වේද මන්ත්‍ර දැරීමය, වේද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත් යයි සම්මත විය. (ඒ මන්ත්‍ර හැදෑරීම හා කියවීම) දැන් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයි.´´

´´වාසෙට්ඨය, මෙසේ මේ පුරාණ වූ ලෝක උප්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් සත්ව කෙනෙක් මෛථුන ධර්ම සේවනය නිසා හරක් රැකීම් වෙළඳාම් ආදී ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුනහ.´´

´´´´මෛථුන ධර්මය සඳහා ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදෙත්´´ යන අර්ථයෙන් වෛශ්‍යයයි නාමය විය.´´

´´වාසෙට්ඨය, මෙසේ වනාහි මේ පුරාණ වෛශ්‍ය සමූහයාගේ ලෝකෝත්පත්ති වංශ කථාව පහළ වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් යම් ඒ සත්ව කෙනෙක් ඉතිරි වූවාහු ද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූහ.´´

´´වාසෙට්ඨය, නපුරු ක්‍රියා ඇත්තෝය, නින්දිත ක්‍රියා ඇත්තෝය යන අර්ථයෙන් ශුද්‍රයයි යන නාම විය.´´

´´මෙසේ මේ පුරාණ ශුද්‍ර සමූහයාගේ පහළවීම පිළිබඳ ලෝක උප්පත්ති වංශ කථාව වූයේය.´´

11. ´´වාසෙට්ඨය, යම් හේතුවකින් ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේද තමාගේ ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි ගිහිගෙන් නික්ම මහණ වේ ද, එබඳු කාලයක් වේමය.´´

´´වාසෙට්ඨය, මෙසේ ඒ වංශ සතරට අයත් අමූහ අතුරෙන් ශ්‍රමණ සමූහයාගේ පහළවීම වූයේය.´´

12. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් දුෂ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිර, සිතින් දුෂ්චරිතයෙහි හැසිර, මිථ්‍යාදෘෂ්ටිව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්ව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදියි.´´

13. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යක් දෘෂ්ටිව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්ව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.´´

14. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. සිතින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍ර වූ දෘෂ්ටි සමාදන්ව මිශ්‍ර වූ දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව දුක් දෙකම විඳින්නේ වෙයි.´´

15. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව කොට්ඨාස වශයෙන් සත් වැදෑරුම් වූ බෝධිපාක්‍ෂික ධර්මයන් (මාර්ග ඥානය ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්ම භාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.´´

16. ´´වාසෙට්ඨය, මේ සතර වංශ අතුරෙන් යම් භික්‍ෂුවක් අර්හත් වූයේ ද, නැති කරන ලද කෙලෙස් ඇත්තේ ද, වැස නිම කරන ලද බ්‍රහ්මචර්යාව ඇත්තේ ද, බහා තබන ලද (කෙලෙස් බර ආදී) බර ඇත්තේ ද, පැමිණියා වූ තමාගේ අර්ථය ඇත්තේ ද, නැති කරන ලද සසර බැඳුම් ඇත්තේ ද, මනා කොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේද, හේ තෙමේ ඔවුනතුරෙන් අග්‍ර යයි කියනු ලැබේ. ඒ ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨයි.´´

´´වාසෙට්ඨය, සනත් කුමාර නම් බ්‍රහ්මයා විසින් ද මේ ගාථා තොමෝ කියන ලද්දීය.´´

´´යම් ජනයෝ, ´´මම ගෞතම වෙමි´´, ´´මම කාශ්‍යප වෙමි´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

´´වාසෙට්ඨය, මම ද මෙසේ කියමි. ´´යම් ජනයෝ ´´මම ගෝතම වෙමි. මම කාශ්‍යප වෙමැ´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. වාසෙට්ඨ භාරද්වාජ යන සාමනේරයන් වහන්සේලා දෙනම සතුටු සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටූ වූවාහුය.´´

විසිහත් වැනි වූ අග්ගඤ්ඤ සූත්‍රය නිමියේය. ( උපුටා ගැනීමකි )