යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

රුසියාවේ පරීක්ෂකයන්ට ඇහුනු අපායේ සද්දේ

1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක්‌ විසින් අපායේ ශබ්ධය පටිගත කර ගැනීමට සමත් වූ බව පැරණි පුවතකි.නමුත් මෑත කාලයේ ලංකාව තුලද "අපායේ සද්දය" පිලිබඳ සාමන්‍යය ජනතාව තුල කතාබහට ලක්වීමට පටන්ගෙන තිබීම හේතුවෙන් එම පරීක්ෂණයව්‍යාජ එකක් බව කියා පාන සාධක මෙයින් ඉදිරිපත් කරන්නෙමු.

සමිද්දි සූත්‍රය
පසුබිම් කතාව

1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක්‌ පොළොවෙහි සිදුරක්‌ විදින්නට පටන් ගත්හ. අඟල් 10 ක්‌ පමණ පළලකින් යුතු මේ සිදුර කිලෝමීටර් 14.5 ක්‌ යටට විදින ලදී. පසෙහි සිදුරක්‌ විදින විට විදුම් යන්ත්‍රවල සර්පිලාකාර විදුම් කටු මගින් පස්‌ පොළොව මතුපිටට ගෙනෙන අතර එවිට හටගන්නා සිදුරෙහි කණ්‌ඩි කඩාවැටීම වළක්‌වනු සඳහා යකඩ බට සිදුර තුළට බස්‌සනු ලැබේ. මෙය මෙකල ළිංවලට වළලු බැස්‌සවීම හා සමාන කටයුත්තකි. 

සයිබීරියාවේ විදින ලද සිදුරටද අඩි 20 බැගින් දිග යකඩ බට කිලෝමීටර් 14.5 ක්‌ වන තුරු බස්‌සවන ලදී. තවදුරටත් විදීම සිදු කරන විට විදුම් කටුව විශාල අගාධයක්‌ වැනි තැනක පියස්‌ස වැදී පොත්ත හිල් කරගෙන ගිය බව පර්යේෂකයන්ට දැණින. 
ඒ ගැන සෙවීම සඳහා තාපයට ඔරොත්තු දෙන මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යවන ලදී. මයික්‍රෙෆෝනය ගොස්‌ නැවතුන තැන උණුසුම ෆැරන්හයිට්‌ අංශක 2000 ක්‌ විය. ඉතාම පුදුම සහගත කාරණය වූයේ කිලෝමීටර් 14.5 ක්‌ පොළව යටින් නැගුණ විලාප තැබීමේ හඬවල් සමූහයක්‌ මයික්‍රෙෆෝන හරහා පොළව මතුපිටට ලබාගෙන පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවීමය. තප්පර 17 ක කාලයක්‌ මේ හඬ පටිගත කරන විට මයික්‍රෙෆෝන උණු වී වැගිරුණ බව කියනු ලැබේ. 

තමන් ශ්‍රවණය කළේ අපායේ පව්කාරයන් වධ විඳින විට නඟන විලාප බව තේරුම් ගත් පර්යේෂකයන් රැසක්‌ වහාම රැකියාවලින් ඉවත් වී ගෙවල් බලා ගිය බව කියනු ලැබේ. ඉතිරි වූ පර්යේෂකයන් කිහිප දෙනා රාත්‍රි කාලයේ දී ඉතා බියකරු දර්ශනයක්‌ දුටුවාහ. 

එනම් කනින ලද සිදුරෙන් පිටතට ආ විශාල ගිනි කදම්බයකින් ඉතා ආගන්තුක විලාප නිකුත් වීමය. මෙය දැකීමෙන් සිහි විකල් වූ පර්යේෂකයන්ට යළි යථා තත්ත්වයට පැමිණීම සඳහා නිද්‍රාජනක ඖෂධ ප්‍රතිකාර කිරීමට සිදු විය. 

අපායේ සද්දය නිර්මාණය කල පුවතක් වන්නේ කෙසේද?


මෙම කතාව නිරාමනය කල එකක් බවට නැගෙන මුලික තර්කය වනුයේ ෆැරන්හයිට් අංශක 2000 ආසන්නයේදී ක්‍රියාත්මක වන මයිකරෆෝනයක් තිබීමට නොහැකි බැවිනි.එමෙන්ම එම උෂ්ණත්වය යටතේ විලාප නැගීමට ස්වාරලයක් ද තිබිය නොහැක.

පසුව කල සොයා ගැනීම් වලින් හෙළි වුයේ එම ශබ්ධය 1972 දී තිරගත කරන ලද "බැරන් බ්ලඩ්" නැමති චිත්‍රපටයේ කොටසකින් ගෙන නිර්මාණයකොට ඇති බවයි.


අපායේ සද්දය 

ලබාගත් චිත්‍රපටය 

 

- අනුර සොලමන්ස් ගේ ලිපියක් ඇසුරිනි


මෙහි හඩ පට දෙකෙහි වෙනසක් ඇත.

බුදු දහමට අනුව ලෝක විනාශය සිදු වන ආකාරය

[පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විනයාචාර්ය පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වමීන් වහන්සේ විසින්
සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පළ කිරීමට එවන ලද ලිපියකි.]

මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතර ට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය.

ඒ කෙසේද යත්;

දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණය ලැබ දාන, සීල, නෛශ්කම්ම ආදී දස පාරමී, උපපාරමී, පරමත්ත පාරමී නම් තුන් අයුරින් සම්පාදනය කොට අවසන් වශයෙන් පාරමී දම් සපිරීම වෙසතුරු ආත්මයේදී සිදුකොට නමුලොවින් ඉවත්ව දෙව් ලොව බිහිව සුදුසු කල්හි පස්මහ බැලුම් බලමින් දෙවියන්ගේ ආරාධනය පිළිගෙන සුදොවුන් මහ රජුට පුත් රුවනක් වෙමින් සිද්ධාර්ථ නමින් ඉපිද නිසි වයස් එළඹී කල්හි යසෝදරාවගේ අත ගෙන උපතින් විසිනව (29) අවුරුද්දක් සම්පූර්ණ වූ, තම ලෙයින් ජාතක වූ රාහුල කුමරුන්ගේ ජන්ම දිනය දා ගිහි සම්පත්, රජ සම්පත් හැර දමා අභිනික්මන් කොට සයා වුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට එයද අතහැර දමා මැදුම් පිළිවෙතින්, සුජාතාව දුන් කිරිපිඬු වළඳාඅ හිස් පාත්‍රය උඩුගඟ බලා ගමන් කරන අයුරු දැක තම අභිප්‍රාය සාර්ථක වනු දැන සොත්තිය බමුණානන් විසින් පුදන ලද කුස තන මිටි අට අජපල් නම් නුග රුක මුල එලා සකසාගත් ආසනය මත භාවනා ඉරියව්වෙන් හිඳ සසර භාවිත කළ සියලු භාවනා අරමුණු නැවත සිහි කරමින් අවසාන ආනාපාන සති භාවනා අරමුණ සිත රඳවමින් හුන් කලිහි සියලු විදර්ශනා ඥානයන් උපදවා සියලු සන්තානගත කෙලෙස් මුල් උදුරා සර්වඥතා ඥානය උපදවා ලොවට මෛත්‍රියේ මූර්තිය පහළ විය.

ඉන් අනතුරුව පන් සාලිස් වසක් (වසර 45) ලොව වැඩ වසමින් සූවාසූ දහසක් (84000) වූ ධර්මස්කන්ධය දේශනා කොට උපතින් වර්ෂ අසූවක් සපිරුණු තැන නිරුපධිශේෂ පරිනිර්වාණයට පත් වූහ. ඉන් අනතුරුව වර්තමානය දක්වා ශාස්තෲ කොට ඇත්තේ උන් වහන්සේ දෙශනාකොට වදාළ අසූහාරදහසක් වූ ධර්මස් කන්ධයම පමණි. එම ධර්මස්කන්ධය ප්‍රධාන කොටස් තුනකින් වර්තමානයේ දැකිය හැක. එනම් පිටක වශයෙන් සූත්‍ර, විනය හා අභිධර්ම යයි. මෙම කොටස් තුන නැවත කොටස් දෙකකට බෙදේ, ඒ පරමර්ථ දේශනා හා සම්මුති දේශනා වශයෙනි. ඉන් අභිධර්ම පිටකය පරමාර්ථ වශයෙනුත් සූත්‍ර හා විනය යන පිටකද්වය සම්මුති වශයෙනුත්ය.

සම්මුතිය වනාහී නම් ගොත් වශයෙන් යම් යම් දේ හැඳින්වීම පිණිස ඇති කරන සම්මුති දේ මුල් කරගෙන සිදු කරනු ලැබූ දේශනා වේ. එය ඕනෑම මන්ද ප්‍රාඥ්ඥ කෙනෙකුට වුවද පහසුවෙන් තේරුම් ගැනීම පිණිස දේශනා කරන ලදී. නමුත් පරමාර්ථය එසේ නොව පියවි ඇසට නොපෙනෙන්නා වූ සිත ගැනද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සිද්ධාන්ත විග්‍රහ කරනු පිණිස කරන ලද දේශනා කොට්ඨාසය වේ. එය නුවණින් දියුණු අයට ම බොහෝ සප්පායම් වේ (ගැළපේ).ඒ අනුව අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ එම සම්මුතිය හා පරමාර්ථය අවබෝධ කර ගැනීම පිණිසය. මේ ව්‍යායාමය ඒ සඳහාය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයට අයත් අංගුත්තරනිකායේ චතුෂ්ක භාගයට අයත් සත්තක නිපාතයෙහි දෙවන පණ්නාසකයෙයි දෙවන මහා වග්ගයේ දෙවන සූත්‍ර දේශනාව නම් සත්ත සූරියග්ගමන සූත්‍රයෙන් විස්තර වන්නේ ලෝක විනාශය සිදු වන ආකාරයයි. එම සූත්‍රයෙහි සාරාංශය පහත පරිදි වේ.

සුගෙර නම් පර්වතය වනාහී දිගින් පළලින් හා උසින් යොදුන් අසූහාර දහසකි. ඉන් අසූහාර දහසක භූමී භාගය මහ මුහුදේ ගිලී ඇති අතර අසූ හාරදහසක භූමී භාගය මුහුදින් මතුව පිහිටා ඇත. එසේම බොහෝ වර්ෂ ගණනක් වර්ෂ දහස් ගණනක්, වර්ෂ ලක්ෂ ගණනක් වර්ෂාව නොමැති වේද, එවන් කාලයක් අනාගතයෙහි ලොව ඇත. එකල්හි බීජාගාම හෙවත් බීජයන්ගෙන් හටගන්නා වූද, ඥතගාම හෙවත් භූමිය ආශ්‍රය කොට හටගන්නා වූද ඖෂධ තණපත් විශාල ගස් ආදිය එකල්හි වියලී යයි. යළිත් ඒවා පොළෝ තලයෙහි පැන නොනගී. මේ සංස්කාරයන්ගේ අනිත්‍ය හෙවත් වෙනස්වන බව ප්‍රකට කරන, අස්ථීරත්වය ප්‍රකට කරන ලක්ෂණ වේ. එනිසාම මෙය සසර දුක අවබෝධයම පිණිස උත්සාහ ගන්නා අයට ඒ සඳහා ප්‍රමාණවත් වේමය.

එසේම, මෙසේ වැස්ස නොමැතිව දීර්ඝ කාලයක් පැවතීමෙන් අනතුරුව සූර්යයන් දෙදෙනෙකුගේ පහළ වීම මේ පෘථිවි තලයට වන්නේය. එකල්හි යම් නොසිඳුනු කුඩා ගංගා, විල්, පොකුණු ආදිය වෙත්නම් ඒවාද වියැලෙන්නේමය. නැවත හට නොගන්නා ලෙසම වියැලෙන්නේමය. මෙසේද සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙත්.

නැවත සූර්යයන් තුනක ගේ පහළ වීම සිදු වෙයි. එකල්හි විශාල ගංගා ලෙස පවතින ගංගා යමුනා අචිරවතී සරඟ මහී ආදී ගංගාවන්ද සිඳී යත්මය. නැවත හට නොගන්නා ලෙසම සිඳී යන්නේමය. මෙසේද සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙත්.

නැවත සූර්යයන් හතර දෙනෙකුගේ පහළ වීම සිදු වෙයි. එකල්හි ජල උල්පත් ‍රැකගත් මහා විල් ආදිය වන අනවතප්ත, සිංහප්‍රපාත, රථකාරය, කර්නමුණ්ඩ, ෂඩ්දන්ත, මන්දාකිණී යම් මහවිල්ද නැවත හට ඔගන්නා ලෙසම වියැළෙත්.

නැවත දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වන සූර්යයාද පහළ වෙන්නේමය. එකල්හි සප්ත මහා සාගරයෙයි යොදුන් සියය බැගින්ද, මහා සමුද්‍රයෙයි යොදුන් දෙසීයක්ද, මහා සයුරෙහි යොදුන් තුන් සියයක්ද, යන ආකාරයෙන් ජල මට්ටම අඩු වී අවසානයේ මහසයුර පිහිට තැන්ද ජලය නොමැති ගොඩබිම් බවට පත් වෙන්නේමය, නැවත හට නොගන්නේමය.

ඉන් අනතුරුව දීර්ඝ කාලයක් ඇවෑමෙන් සයවන සූර්යයාගේ පහළ වීම සිදුවන්නේය. එකල්හි මැටි බඳුන් පුළුස්සන පෝරණුවක මෙන් මහ පොළොවෙන් දුම් දැමීම ආරම්භ වන්නේය, එසේම පෙර කිවූ සුනෙර පර්වතයෙන්ද දුම් දැමීම ආරම්භ වන්නේය. එසේ ආරම්භ වී දුම පිටකිරීම ක්‍රමයෙන් වර්ධනය වන්නේය. මෙසේ දුම් දමමින් දීර්ඝ කාලයක් පවතී.

අනතුරුව සත්වන සූර්යයාගේ පහළ වීම සිදුවේ. එකල්හි දුම් දමමින් තිබූ සුනෙර පර්වතය හා මහපොළොව රත් වූ යකඩ වල පැහැය ගෙන ගිනි ගෙන දැවෙන්නේමය. දැවෙන්නට දැවෙන්නට වායු ගෝලය අවසන්වී ඒ ගින්න බඹ ලොව දක්වාම පැතිර යයි. එම ගින්නට හසුවන්නා වූ මහපොළොවෙහි අළු දූලි වත් ඉතුරු නොවන්නේමය. මේ ගින්නෙන් ලෝක විනාශය සිදු වන ආකාරයයි.

සත්ත සූරියගමන සූත්‍ර දේශනාවට අනුව ලෝක විනාශය සිදු වන්නේ මෙලෙසිනි. එයට වසර ලක්ෂ ගණනක් ගත වන්නේමය. එසේ නොමැතිව වසරකින් දෙකකින් මෙය සිදු නොවන්නාහ. එනිසාම දෙදහස් දොළහ වර්ෂයේ ලෝක විනාශයක් සිදු වේ යැයි සිතීමද මුළාවකි. නමුත් මිනිසුන්ගේ නොමනා හැසිරීම් නිසා තමන් විසින් සිදු කරගන්නා නොයෙක් විනාශ නම් ඕනෑම කාලයක සිදුවිය හැක. ඒ නව සොයාගැනීම් වශයෙන් ක්ෂණික ආහාර, අවි ආයුධ නිපද වීම ආදිය තුළින් සිදුවන්නා වූ විනාශය ලෝක විනාශයක් නම් නොවේ. ලෝක විනාශයක් වන කල්හි ලොව කිසිදු සත්වයෙක් ඉතුරු වනන්ට ඉඩක් නොමැති බවද සිහියේ තබා ගැනීම වඩා වැදගත් වේ. ලෝක විනාශයෙන් ගැලවීමට මග බුදුරජාණන් වහන්සේ දෙශනා කොට වදාළ නිවන් මග මිස වෙන මගක් නොවන්නේමය.

පූජ්‍ය. විනයාචාර්ය උඩුගම සාරානන්ද හිමි.
විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
දික්හේන පොල්ගස්ඕවිට.


බුදු දහම අනුව ලෝක විනාශය වන්නේ දේව ශාපයක් නිසා නොවේ.ඉබෙමත් නොවේ.පුදුම සහගත වූ හේතු පල දහමට අනුව යමිනි.අ හේතුපල සම්බන්දය නම ලෝකවාසී සත්වයන් කෙරෙහි කෙලෙස් උත්සන්න වීමයි. දෙව්ෂය මුල්කරගෙන අකුසල් කිරීම නිසා එම කල්පය ගින්නෙන් විනාශ වෙයි.ලෝබය මුල්කරගෙන අකුසල් කිරීම නිසා අ අය සිටින කල්පය වතුරෙන් විනාශ වේ.මෝහය මුල්කරගෙන අකුසල කිරීමෙන් එම කල්පය සුළගින් විනාශ වේ. මේ ආකාරයට ලෝක විනාශය සිදුවී යලි ලෝකයේ ජීවය ආරම්බවන් ආකාරයද බුදුන්වහන්සේ දේශනා කොට තිබේ.

ලෝකය ජීවය පවතින කාලයේ පින් කර ලෝක විනාශයෙන් ඉතිරි වූ බ්‍රහ්ම ලෝකවලට පැමිණි අය ලෝක වින්ශය ගැන සිහිපත් කරති.ඒ අබස්සර වැනි බ්‍රහ්ම ලෝක වල අය ධ්‍යාන වලට සම වැදී ලෝකයේ යලි සොබා සවුන්දර්ය ක ඇති වේ නම යෙහෙකි කල්පනා කරති.මේ අයගේ චිත්ත බලපෑම් නිසාද තවත් අවුරුදු කොටි ප්‍රකෝටි ගණනාවකට පසු ලෝකයේ සෘතු පහල වෙයි.අ සෘතු වලට අනුව වර්ෂාව හට ගනී.මේ වර්ෂාව "සම්පත්තිකර මහා මේඝය"නම වෙයි.අ ධාරානිපාත වර්ෂාවෙන් ලොව සියලු සක්වල වතුරෙන් පිරී යි..
මේ දිය බිදුවක් ගානෙම පටව්,ආපෝ,තේජෝ,වායෝ,,වර්ණ,රස,ගන්ධ.ඕජා,ශුද්ධ,අෂ ්ටක, මේ සියල්ල, අකතු වී. රූප ධාතුව හා සතර මහා බුතයෝ නිර්මාණය වෙති. එමගින් මනුෂ්‍ය,දිව්‍ය,බ්‍රහ්ම, ලෝක යලි ක්‍රමයෙන් අරඹ වේ..සෑහෙන කාලයකින් යලිත් මේ මිහිතලය මත ගංගා,පර්වත,මුහුදු හට ගන්නට පටන් ගනී,මෙය දකින බ්‍රහ්මයන්,"අප සිතු නිසා ලොව ජීවයක් ඇති වුවා"යි සිතති.තමන් ලෝකය මැවී යි කියති...
බුදුන්වහන්සේ එය වැරදි හැගීමක් හැටියට දේශනා කරති.

පින්වත් මහණෙනි...
මේ තරම් විශාල වස්තු පරමාණුවක් තරම් වත ඉතිරි නොවී විනාශයට පත්ව වෙයි.එසේ නම පින්වත් මහණෙනි,මේ ආත්ම භාවය ගැන මොහොතක් සිතා බලන්න.මේ ශරීරය කියන්නේ කුඩා මැස්සෙකුට,කුබියෙකුට, විනශ කල හැකි දෙයක්,අ තරම් දුර්වල පංචස්කන්දයක් තමි අපි මේ දරා සිටින්නේ..මම,මගේ කියාගෙන අල්ලාගෙන සිටින්නේ..මේ කල්ප වින්ශය කාලය තුල මෙබදු ශරීර බොහෝ ලබාගෙන තිබෙනවා.ඉපදුන වාර ගණන්ද,මැරුණු වාර ගණන්ද මෙපනකයි කිව නොහැකියි.
බුදුන්වහන්සේ,භික්ෂුන්වහ්න්සේලට එසේ දේශනා කොය වදාරමින්, එසේම පින්වත් මහණෙනි,බුදුන්වහන්සේ මේ සිදුවීම දේශනා කර වදාරන්නේ අතීත,වර්තමාන,අනාගත යන තුන කල් බලයි. මා විසින් පෙර විසූ කද පිළිවෙල දකන වූ ඝනයට. අතීත බව සංස්කාරය මෙතෙකි කියා කිව නොහැකියි.කල්ප කොටි ගණනක ඈත අතීතටයද බැලිය හැකියි.ඇසෙම අනාගතයද එසේමයි.කල්ප වින්ශයද එසේම දැකිය හැකියි. පින්වත් මහණෙනි.මෙය අවිශ්වාස නොකළ යුත්තේ වෙයි...මෙය කවරක් විසින් සිදුකරන්නක්ද නොවෙයි..මේ කල්ප වින්ශය කරන්නේ සොබා දහම විසින්මයි.මිනිස් සිතේ හටගන්නා රාග,ද්වේශ,මෝහයෝද ඊට බලපාන්නේ වෙයි."
බුදුරදුන් නිරවුල් ව මනාකොට ලෝකවිනාශය ගැන දේශන කොට තිබේ,ඇහෙම බලද්දී බුදුදහමට අනුව නම,කියන තරම් ලෝක විනාශය කිට්ටු නැත,එය ක්‍රමවත්ව සිදුවන්නක් බැවින් තවත් බොහෝ කාලයක් ඊට ගතවේ.නමුත් ලෝක විනාශයක් ලග නැති සිතමින් පුළුවන් තරම් පව් කරමින් ජීවත් වීම නුවණැති කම නොවේ..
පව් කරනවිට,අධර්මිෂට වන විට ලේ ධාතුව අපිරිසිදු වෙයි..මේ නිසා ආයුෂ අඩුවේ...දැන් පරමායුෂ 75-80 පමණ වෙයි.මිනිසුන්ගේ ධාර්මික,අධාර්මික භාවය මත ඉදිරි කාලයේදී හෝ ආයුෂ අඩු වැඩි වීමට පුළුවනි.2012 ලෝක විනාශය කියා සිතන මිනිස්සුත් තව අවුරුද්දක් පමණක් කාලය තබාගෙන ඉඩමට,කනබොන දේට පෙරේතකම් කරති.,තනතුරු,නිලතල ,ලාබයට,බලයට, ලොබ බදිති.ඊර්ෂියාවෙන්,වය්රයෙන් වෙලී ගෙන ජීවිතය ගෙවති...පොල ගෙඩියට,කොස ගෙඩියට ගහ,මර ගනිති.
එසේ බලද්දී වැදගත් වන්නේ ලෝක විනාශය කවදද කියා හිත හිතා සිටීම නොවේ......
එය අද උනත්,හෙට උනත්.තව අදුරුද්දකින් උනත්,තව අවුරුදු දහස් ගානකින් උනත් එය පැත්තකින් තබා ආගම,දහමට අනුව.අද දවස ධාර්මිකව,පාරමී පුරා බුදුදහමේ දැක්වෙන ස්ථිර වූ සුවය සොයා යෑමයි......එය "නිවන" නම වෙයි.....
නිවන් දකින්නට අප්‍රමාදී වන්නෝ බිහිසුණු ලෝක විනාශය අත් නොවිදින්නෝ වෙත්............


බුදු දහමේ දැක්වෙන පරිදි ලෝකය විනාශ වීමේ දී සූර්යන් එකකට වඩා වැඩි ගණනක් පායා ඒ නිසා ඇතිවන අධික තාපයත් එහි ප්‍රතිඵලයක් ලෙස බුදු දහමේ දැක්වෙන ලෝක ගණනාවක් විනාශ වීම විද්‍යාත්මක බව තහවුරැ කරන පුවතකි පහළ ඇත්තේ.

විද්‍යාවට අනුව ලෝක විනාශය සිදු වන ආකාරය

ක්‍ෂීරපථය ඇන්ඩ්‍රොමීඩාවේ ගැටෙනවාමයි – නාසා

සූර්යග‍්‍රහ මණ්ඩලය ඇතුළු තාරකා මණ්ඩල රැසකින් සමන්විත ක්ෂීරපථය විශ්වයේ ආසන්නතම චක‍්‍රාවාටය වන ඇන්ඩ්‍රෝමීඩා සමග මුහුණට මුහුණලා ගැටෙන බව තහවුරු වී තිබේ. මෙම ඝට්ටනයේ ප‍්‍රතිඵල කිසිවෙකුටත් සිතාගත නොහැකි තරම් වනු ඇති බව ඇමරිකානු නාසා ආයතනය ප‍්‍රකාශ කරයි. හබ්ල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ඇන්ඩ්‍රෝමීඩා චක‍්‍රාවාටයේ චලනයන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය ක්ෂීරපථය හා ගැටෙන බව සනාථ වී ඇත. ගැටුම අවසානයේ සූර්යග‍්‍රහ මණ්ඩලය සහිත ක්ෂීරපථය ඇන්ඩ්‍රෝමීඩා චක‍්‍රාවාටය සමග එක්වනු ඇති නමුත් මෙම ඝට්ටනයේදී චක‍්‍රාවාටා දෙකේ පවතින තාරකා අතර ගැටුමක් අපේක්ෂා කළ නොහැකි බව නාසා ආයතනය විශ්වාසය පල කරයි.
ගැටුමෙන් පසු තාරකා (සූර්යයන්) නව ග‍්‍රහ පද්ධතීන් බිහිකරමින් විසිරිය හැකි බවත් පවසන නාසා විද්‍යාඥයන් එම්-31 ලෙස හඳුන්වන ඇන්ඩ්‍රෝමීඩා චක‍්‍රාවාටය ක්ෂීරපථය ගමන් ගන්නේ පැයට සැතපුම් දෙලක්ෂ 50,000 ක වේගයෙන් පවද කියා සිටී. එය මහපොලොව සහ හඳ අතර දුර පැයකින් අවසන් කිරීමට සමත් වේගයකි. එහෙත් මෙම චක‍්‍රාවාට ඝට්ටනය අපේක්ෂා කළ හැක්කේ තවත් වසර බිලියන 04 ක් එනම් වසර කෝටි 400 කින් බවද නාසා විද්‍යාඥයන් පෙන්වා දෙයි.
මූලාශ‍්‍ර – 01