යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාව

මහාචාර්ය නලින්ද සිල්වා මහතා

ලොව මැවුම්කරු කවුද?

බුද්ධ දේශනා තුළින් පෙනී යන්නේ ලෝක නිරිමාපක දෙවි නොඑසේ නම් ‘බ්‍රහ්ම’ යන මතවාදය හුදු සිතින් මවා ගත් සංකල්පයක් . (Delusion) ලෙස උන්වහන්සේ දැක ඇති බවයි. මේ බැව් දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ.


“හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු වේ “ යන අනිත්‍ය ලෝක යථාර්ථයෙන් කිසි දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, මනුෂ්‍යයකුට හෝ භෞතික කිසිවකට ගැලැවිය නොහැකිය. ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන්නේ එහි ස්වාභාවික නියම (Natural laws) අනුව මිස, දේව සැලැස්මකට අනුව නොවේ. 

බදුරජාණන් වහන්සේ පහළ වූයේ සත්‍ය ගවේෂීන්ගෙන් පිබිදුණු භාරතයකය. බුදුරදුන් බ්‍රහ්මජාල සූත්‍රයෙහිදී, එකල තිබූ විවිධාකාර ආගමික දර්ශනයන් රැසක් විග්‍රහ කරයි. බුදුරදුන් පහළ වන පුරාණ භාරතයේ තිබූ දෘෂ්ඨිවාදයන් සියල්ල මූල ගුරුකුලයන් දෙකකට බෙදිය හැකිව තිබිණි. එනම් එක් අතෙකින් ‘ඇත’ අන්තයේ විඥානවාදී (Idealist) ශාෂ්වතවාදයයි. අනෙක් අංශයෙන් “නැත” අන්තයේ භෞතිකවාදී (materialist) උච්ඡේදවාදයයි. මේ ශාස්වතවාදය මෙහිලා විස්තරාත්මකව විමසීම වැදගත්ය.

ශාශ්වතවාදය, නිත්‍ය /සුව/ආත්ම යන ත්‍රිලක්‍ෂණය මත පදනම් වුණි. “ ඉස්සර නිම්මාණවාදය “ නැතිනම් ලෝකය පූර්වයේදී දෙවියෙකු විසින් නිර්මාණය කෙරුණි. යන ‘මැවුම්වාදය’ එහි පදනම වීය. අනෙක් අතින් නිත්‍ය වූ, නැවත නැවත උපදින්නා වූ එනම් පුනරුත්පත්තිය ලබන්නා වූ, ආත්මයක පැවැත්ම මෙහිලා අවධාරණය කෙරුණි. 

මෙය හින්දු “භගවත් ගීතාව “ තුළ මනාව විවරණය වේ. මහාභාරත මහා කාව්‍යය තුළදී හස්තිනාපුරයේ දුරියෝධන ප්‍රමුඛ මහා කෞරව සේනාවට එදිරිව යුද වැදීමට සිය සේනාව විහිදුවා , පංච පාණ්ඩවයන්ගේ සේනාධිපති අර්ජුන යුද පිටියට පිවිසේ. 

හේ දකින්නේ භීෂ්ම ,ද්‍රෝණ ආදී සිය ගුරුවරුන්, ලේ ඤාතීන් විශාල පිරිසක් තමන්ට එරෙහිව යුද්ධයට පිවිස ඇති බවයි. මෙයින් කම්පාවට පත්ව යුද්ධයට යෑම ප්‍රතික්‍ෂේප කරන අර්ජුන, යුද්ධයට පොළඹවන්නේ විෂ්ණුගේ පුනරාවතාරයක් යැයි කියැවෙන, පාණ්ඩවයන්ගේ පස ගෙන සිටින කෘෂ්ණය. දෙවියන්, සියලු ශරීරයන් තුළ නොනැසිය හැකි ස්ථිර ආත්මයන් මවා ඇති හෙයින්, මිය යන්නේ හුදු ශරීර පමණක් බවත් එහෙයින් ධර්ම යුද්ධයේදී, සිය යුතුකම ඉටු කරමින් සතුරන් සමූල ඝාතනය කිරීමට නොපැකිළිය යුතු බවටත් හේ උපදෙස් දෙයි. 

ශාශ්වතවාදී වෛදික දේව දර්ශනය තුළම පුබ්බේකත හේතුවාදය නැතිනම් , පෙර කරන ලද පින්, පව්, අනුව හෝ දේව කැමැත්ත /දේව සැලැස්ම (Intelligent design ) අනුව සැකැසෙන, වෙනස් කළ නොහැකි දෛවයක් (Desting) පිළිබඳවද කියැවුණි. එහෙයින් විමුක්තිය උදෙසා, යාග කිරීම හා යෝගී ධ්‍යාන වැඩීම ආදිය තුළින් දෙවියන් හා එක්වීම සිදුකළ යුතු බැව් කියැවුණි. මෙහිලා අත්තකිලමතානුයෝගයෙන් එනම් කයට දැඩි දුක් දීමෙන් පව් දිරවා විමුක්තිය සාක්‍ෂාත් කළ හැකියි විශ්වාසයෙන්, අජවෘත, ගෝවෘත, සුනඛ වෘත (එළුවන්, ගවයන්, බල්ලන්, මෙන් ජීවත්වීම ) ආදී වැරැදි සීලව්‍රත සමාදන්වීම දැකිය හැකි වීය. 

අනෙක් අතින් ශාෂ්වතවාදයට එරෙහිව, උච්ඡේදවාදී, භෞතිකවාදී අජිතකේසකම්බල වැනි අය, කර්මය, පුනරුත්පත්තිය ප්‍රතික්‍ෂේප කරමින්, කා,බී, ගයා , වයා, නටා, මෛථූන්‍යයෙහි යෙදී පී‍්‍රතියෙන් කල් ගෙවිය යුතු යැයි කාමසුඛල්ලිකානුයෝගය වර්ණනා කළහ. ඔවුන් පැවසුවේ ලෝකය යනු මේ භෞතිකයම බවත්, ඉන් එහා කිසිත් නැති බවත්ය. 

කෙසේ වුවද අනිත්‍ය , දුක්ඛ , අනාත්ම , ත්‍රිලක්‍ෂණය මතු කරමින්, යථාර්ථවාදීව , තථාගත බුදුරජාණන් වහන්සේ සිය ආර්ය න්‍යාය පටිච්චසමුප්පාදය, නැතිනම් හේතු ඵල දහම මත පදනම්ව මේ දෘෂ්ඨි අන්තයන් දෙකම බැහැර කරයි. උන් වහන්සේ “කර්මය “ නියාම ධර්ම පහෙන් එකක් පමණක් බැව් පෙන්වා දෙමින් “දෛවය” ප්‍රතික්‍ෂ්ප කරයි. එමෙන්ම බුද්ධ දේශිත පුනර්භවය වනාහි පුනරුත්පත්තියෙන් හාත්පසින් වෙනස් වූවකි. උන් වහන්සේ මජ්ජිම නිකායේ, සාල්‍යෙයක සූත්‍රයේදී, දස අකුසල් විග්‍රහ කරමින් උච්ඡේදවාදී, භෞතිකවාදී මිථ්‍යාදෘෂ්ඨිය සිතින් වන එක් අකුසලයක් බැව් අවධාරණය කරයි. තවද බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ මේ ශාෂ්වතවාදී අත්තකිලමතානුයෝගය උච්ඡේදවාදී කාමසුඛල්ලිකානුයෝගය යනාදී අන්තවාදී ප්‍රතිපදා වලින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැදගත් කොට ඉස්මතු කරමිනි. ධම්මචක්කප්පවත්තන බුදුරදුන්ගේ මුල් සූත්‍ර දේශනාවෙන්ම මේ බැව් පෙනේ. මේ අනුව තථාගත ශ්‍රී සද්ධර්මය තුළ ඉස්සරනිම්මාණවාදය නොඑසේ නම්, දේවනිර්මාණවාදය ප්‍රතික්‍ෂේප වූ අන්දමද විමසා බැලීම වැදගත්ය. 

බුද්ධ දේශනා තුළින් පෙනී යන්නේ ලෝක නිරිමාපක දෙවි නොඑසේ නම් ‘බ්‍රහ්ම’ යන මතවාදය හුදු සිතින් මවා ගත් සංකල්පයක් . (Delusion) ලෙස උන්වහන්සේ දැක ඇති බවයි. මේ බැව් දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. බුද්ධකාලයේ බමුණන් තම සමාජ තත්වය ආරක්‍ෂා කරගැනීමට මේ මතවාද ප්‍රචලිත කළහ. 

බුද්ධ කාලීන භාරතයේ කුලභේදය සාධාරණීකරණය කෙරුණේද මේ ‘බ්‍රහ්ම’ සංකල්පය තුළිනි. ලෝකය නිර්මාණය කළ මහා බ්‍රහ්මයාගේ කටින් බ්‍රාහ්මණයන්ද, බාහුවලින් ක්‍ෂෙත්‍රීයයන්ද, කලවා වලින් වෛශ්‍යයන්ද, යටිපතුල්වලින් ක්‍ෂුද්‍රයන්ද මවා ඇති බැව් වෛදික බ්‍රාහ්මණයෝ දක්වා සිටියහ. මේ අනුව එක් එක් කුල වලට වෙන වෙනම කාර්යයන් නියම වූ අතර, පහත් කුලයේ ක්‍ෂුද්‍රයන්ට සමාජයේ ඉතාම පහත් තැනක් හිමි විය. බුදුරදුන් මේ තත්වය විවේචනය කරමින් දක්වාලූයේ බ්‍රහ්මයා බ්‍රාහ්මයණයන් තම කටින් මවා ඇත්නම්, මහා බ්‍රහ්මයාගේ කට ස්ත්‍රීන්, දරුවන් වදනා තැනට සමාන බවයි. 

මිනිසෙකුගේ උසස් පහත් බව උපතින් නොව ක්‍රියාවෙන්ම තීරණය වන බව දක්වාලූ බුදුරදුන් මහා සමාජ පෙරළියක් කරමින් කසලශෝධක පහත් කුලයේ සුනීතලා,සෝපාකලා උතුම් වූ ආර්ය ශාසනයේ පැවිදි කළහ. 
වෙනත් ආගම්වල මේ සර්ව බලධාරී දෙවි අමරණීය, සර්වව්‍යාපී, සදාකාලික වාස්තවික, යථාර්ථයක් වන අයෙකු ලෙස විග්‍රහ කෙරෙන නමුදු, බුදු දහම විග්‍රහ කරන්නේ ලොව ඇති භෞතික සියල්ල සංස්කාරයන් නොඑසේ නම් හේතූන් නිසා හටගත් සංඛත ධර්ම බවයි. එහෙයින්, “හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු වේ “ යන අනිත්‍ය ලෝක යථාර්ථයෙන් කිසි දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, මනුෂ්‍යයකුට හෝ භෞතික කිසිවකට ගැලැවිය නොහැකිය. 

ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන්නේ එහි ස්වාභාවික නියම (Natural laws) අනුව මිස, දේව සැලැස්මකට අනුව නොවේ. සරළ උදාහරණයක් ලෙස ජල චක්‍රය දැක්විය හැකිය. ජලය උෂ්ණත්වය නිසා වාෂ්ප බවට පත්ව, වළාකුළු බවට පෙරැළී කන්දක හැපී , වර්ෂාව ලෙස පතිතව , ජල උල්පත් හරහා ගංගා ආදිය ඔස්සේ මහමුහුදට ගලා යෑම සහ නැවත වාෂ්පවීමේ ස්වාභාවික ක්‍රියාවලිය දේව බලය මත, දේව කැමැත්තට අනුව ක්‍රියාත්මක වන්නක් ලෙස යමෙකු සිතතොත් එය ඔහුගේ අවිද්‍යා සහගත මෝඩ සිතිවිල්ලකි. ස්වාභාවික ක්‍රියාවලීන්හි පැවැත්ම ගැන මිස, ආරම්භය ගැන කථාකිරීම නිශ්ඵල කාරණයකි.

උදාහරණයක් ලෙස අවකාශයට ආරම්භයක් ඇතැයි යමෙකු කිවහොත්, අවකාශයේ ආරම්භයට පෙර තිබුණේ කුමක්දැයි යන ගැටළුව මතු වේ.
මෙපරිද්දෙන්ම “දෙවියන් ලෝකය මැව්වේ නම්, දෙවියන් මවාලූයේ කවුරුන්ද? ‘ යන ප්‍රශ්නය මතු වේ. එමෙන්ම දෙවියන් සිටින්නේ යැයි අප දැන ගන්නේ කෙසේද ? “ යන්නද ඉතා වැදගත් ප්‍රශ්නයකි. කාලාම සූත්‍රයේදී බුදුරදුන් වදාළ පරිද්දෙන්ම ආගමික ග්‍රන්ථවල ලියැවී තිබූ පමණින් ඒවා අන්ධ විශ්වාසයෙන් යුතුව පිළිගත යුතු නැත. 

මෙබඳු ප්‍රශ්නවලට අන්‍යාගමිකයන් පෙරළා පිළිතුරු දෙන්නේ බෞදධයන්ද තිස්තුන් කෝටියක් දෙවිවරු අදහන බව පවසමිනි. බෞද්ධයන් දෙවිවරු අදහන්නේ ශාස්තෘත්වයේ තබා නොවේ. එමෙන්ම දෙවියන් ලොව නිර්මාණය කළා යැයි සලකාද නොවේ. බුදුදහම එක දෙව්ලොවක් නොව, දිව්‍යලෝක හයක් පිළිබඳව විග්‍රහ කරයි. කුසල් වඩන, ශ්‍රද්ධා සීල (ධර්ම ඤාණය) සුති , ත්‍යාග , ප්‍රඥා , සේඛබල දියුණු කරන ඇත්තන්ට නිසැකවම දෙව්ලොව ඉපදිය හැකිය. එනමුදු සියලු දෙවිවරු, මෙන්ම බ්‍රහ්ම,මාර, ආදීන්ද අනිත්‍ය /දුක්ඛ /අනාත්ම ත්‍රිලක්‍ෂණයට යටත්ය. දිව්‍ය සැප, පින් ඇති තෙක් පමණි. 

සමහර අන්‍යාගමිකයෝ “දෙවියන් වහන්සේ යනු ස්වභාව ධර්මය “ යනුවෙන් අමුතු අර්ථ නිරූපණ දෙති. එනමුත් එබඳු කථා ඔවුන්ගේ ආගමික ග්‍රන්ථවලින් පැහැදිලි කරගත නොහැකිය. තවත් ඇතැම්හු තමන් දෙවියන් වහන්සේ අත්දකින බැව් පවසති. මෙය නම් භයානකය. එය භින්තෝන්වාදී මානසික රෝගයක් වීමට ද ඉඩ තිබේ. “නොදැක දෙවියන් විශ්වාස කරන්නාවුන් භාග්‍යවන්තයන් “ බව ඇතැම් ආගමික ග්‍රන්ථවල සඳහන් වුවද, නොදැක විශ්වාස කරන්නවුන් වනාහි මෝඩ අන්ධභක්තිකයන් පමණක් බැව් නොකියා බැරිය. රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ සිය “ධර්ම විනිශ්චය “ කෘතියේ මෙසේ දක්වාලති . 

“යම්කිසිවකු විසින් ලෝකයත් සත්ත්වයාත් මුලින් මවන ලද්දේ ය” යනු පිළිගත හැකි ද? 

“දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ. 

පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූ®හ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතුබවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍රම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

යලිත් විජේසුරේන්ද්‍ර

ශබ්ද තරංගවලින් ගල් කුට්‌ටි එසවූ තිබ්බත බෞද්ධ ළාමාවරු

සිහින් දිය චිත්ත බලයෙන් බරැති ද්‍රව්‍ය චලනය කරවිය හැකි ශාස්‌ත්‍රයක්‌ අතීතයේ දී ආසියානු රටවල භික්‍ෂුන් වහන්සේ දැන සිටියහ. පසුගිය සියවසේ මුල හරියේදී ස්‌වීඩන් ජාතික ගගන තාක්‍ෂණික ඉංජිනේරුවකු වූ හෙන්රි ජෙල්සන් (Henry Kjelson) Lost Techniques හෙවත් අතුරුදන් වූ ක්‍රමවේද යනුවෙන් පොතක්‌ ලිවීය. (මෙහිදී ඔeජයසුමැs යන වචනයේ තාක්‍ෂණය නමැති පරිවර්තනය වෙනුවට ‘ක්‍රමවේද’ යන්න යෙදුවෙමු.) ඒ පොතේ තිබ්බතීය භික්‍ෂුන් වහන්සේගේ චිත්ත බලය ගැන සඳහන් ය. හෙන්රි ජෙල්සන්ගේ මිතුරකු වූ ස්‌වීඩන් ජාතික ශාල් (Jaරක) නමැති වෛද්‍යවරයා 1937 දී එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක නිරතව සිටියේය. ඒ අතර ඔහු සමඟ හිතවත් වූ බෞද්ධ තිබ්බතීය ශිෂ්‍යයෙක්‌ මේ විශ්වවිද්‍යාලයේ විය. 1939 දී දොස්‌තර ශාල් එංගලන්තයේ ඉංග්‍රීසි විද්‍යා සංගමයේ අනුග්‍රහයෙන් ඊජිප්තුවේ අධ්‍යයන සංචාරයක නිරත වෙමින් සිටියේය. මේ අතර තිබ්බතීය මිත්‍රයා තිබ්බතය බලා ගොස්‌ තිබිණි. දිනක්‌ හදිසියේම ඊජිප්තුවේ සිටින වෛද්‍යවරයාට තිබ්බතීය මිත්‍රයාගෙන් පණිවුඩයක්‌ ලැබුණු අතර එයින් කියෑවුණේ වෛද්‍ය ශාල් වහාම තිබ්බතය බලා පැමිණ උසස්‌ ළාමාවරයකු වෙනුවෙන් සංවිධානය කෙරුණු දානමය පිංකමකට සහභාගි විය යුතු බව ය. පණිවුඩය ගෙනාවේ තිබ්බතීය මිනිසෙකි.
1930 ගණන්වල මෙකල මෙන් ගමන් පහසුව නැත. එසේම වීසා ප්‍රශ්න ද නැත. ඒ අනුව තිබ්බතීය පණිවුඩකරු සමඟ දොස්‌තර ශාල් පසුදාම ගමන ආරම්භ කළේය. නැවෙන්ද, ගොඩබිමින් ද තිබ්බත දේශ සීමාව දක්‌වා පැමිණි ඔවුහු යෑක්‌ ගවයන් විසින් අදින ලද කරත්තවල නැඟී සෑහෙන දුරක්‌ ගොස්‌ පයින් සැතපුම් ගණනක්‌ ගමන් කර ළාමාවරයා සිටින ආශ්‍රමය වෙත පැමිණියහ. මහලු ළාමා තම අතවැසියන් සමඟ කඳුකර හිම ගොඩක්‌ මැද තිබූ ආශ්‍රමයේ ජීවත් විය.
මේ සංචාරයේදී තිබ්බතයේ සෑහෙන කලක්‌ ගත කිරීමට දොස්‌තර ශාල් ට හැකි විය. මෙකල තිබ්බතයට කිසිදු බටහිර වැසියකු පැමිණියේ නැත. වැඩි දෙනා තිබ්බතයක්‌ ගැන නොදත් අතර සෙස්‌සන්ට එහි යැම සඳහා කළ යුතු දුෂ්කර ගමන හිතට ඇල්ලුවේ නැත.
දිනක්‌ තිබ්බත මිත්‍රයා දොස්‌තර ශාල් රැගෙන බෑවුම්කාර තෘණ භූමියකට ගියේය. එම බිම කඳු පර්වතවලින් වට වී තිබිණි. මෙබඳු එක්‌ කන්දක්‌ මීටර් 250 ක්‌ පමණ උස්‌ වූ අතර, එහි විශාල ගුහා විවරයක්‌ තිබිණි. ගුහා විවරය ඉදිරිපිට ළාමාවරුන් විසින් විශාල තාප්පයක්‌ ඉදි කෙරෙමින් තිබිණි. තාප්පය ඉදිකරනු පිණිස දැව ආරුක්‌කු සහ ලෑලි වලින් විශාල වේදිකාවක්‌ තනා තිබිණ. ඒ වේදිකාව මතට පැමිණිය යුත්තේ කඳු පෙළ දිගේ ගොස්‌ ගුහා විවරය පිහිටි කන්ද මුදුනට නැග, එතැන් සිට පහතට හෙළන ලද ලණුවල ආධාරයෙනි. ළාමාවරු ඉතා දක්‍ෂ ලෙස මෙම අන්තරාදායක ගමනේ නිරත වූහ.
කඳුකරය පිහිටි බෑවුම් භූමියෙහි විශාල ගල් කුට්‌ටියක්‌ තිබෙනු වෛද්‍ය ශාල් දුටුවේය. ගල මැද පාත්‍රයක ආකාරයට සකසා තිබු අතර ඉතා හොඳින් මැද තිබිණ. එම ගල් කුට්‌ටිය පිහිටියේ ගුහා විවරයට මීටර 250 ක්‌ ඈතිනි. පාත්‍රයෙහි ගැඹුර සෙන්ටි මිටර 15 කි. විශ්කම්භය මීටරයකි. සම්පූර්ණ ගල් කුට්‌ටිය මීටරයක්‌ පළල් වූ අතර මීටර් එකහමාරක්‌ දිගු විය. ගුහා විවරය ඉදිරිපිට පිහිටි දැවමය වේදිකාව මතට මේ ගල් කුට්‌ටිය ගෙන යා යුතු විය. ගල ටොන් ගණනාවක්‌ බර බැවින්ද, එය ඉහළට ගෙන යැමට නම් බෞද්ධ ළාමාවරුන් ගමන් කරන ආකාරයෙන් කඳු වැටිය මතට ගෙන ගොස්‌ එතැන් සිට ගල් ගුහා විවරය පිහිටි ගල් පර්වතය මුදුනට ගෙන ගොස්‌ දැවමය වේදිකාව මතට ලණුවලින් බෑම කළ යුතුය. එහෙත් එය කිසි ලෙසකින්වත් කිරීමට බැරිය. එහෙත් ගල් කුට්‌ටිය මේ වේදිකාව මතට ගෙන යැමේ ක්‍රමවේදයක්‌ ඇති බවත් එය සිදු කරන දිනය ළඟදීම උදාවන බවත් තිබ්බතීය මිත්‍රයා දොස්‌තර ශාල් ට කීවේය.
එය කරන දිනය උදා විය. දොස්‌තර ශාල් සහ තිබ්බතීය මිත්‍රයා දිනක්‌ උදැසනින් ම ගල් කුට්‌ටිය පිහිටි තැනට ගියේය. ඔවුන් යන විට විශාල යකඩ බෙර නලා ආදියෙන් සමන්විත වූ හත්සියයක පමණ තූර්ය වාදක කණ්‌ඩායමක්‌ ගල් කුට්‌ටිය ඉදිරිපස සිටිනු දක්‌නා ලදී. ඔවුහු ඊළඟ වැදගත් මොහොත එනතුරු සූදානමින් සිටියහ.
මේ අතර එක්‌ බෞද්ධ ළාමාවරයෙක්‌ කුඩා බෙරයක්‌ වයා සංඥාවක්‌ නිකුත් කළේය. ඒ අනුව තූර්ය වාදක කණ්‌ඩායම ඉතා සෙමින් වාදනය පටන් ගත්තේය. එය ක්‍රමයෙන් උස්‌ව නැගී අවසානයේදී කන් දෙදරවන තරම් දැරිය නොහැකි විශාල ගෝෂාවක්‌ බවට පත් විය. ඒ අතර ළාමාවරු පිරිසක්‌ පිරිත් කීමට පටන් ගත්හ. මුල් විනාඩි 4 තුළ කිsසිවක්‌ සිදු වූයේ නැත. එහෙත් පස්‌වන විනාඩියේදී ගල් කුට්‌ටිය ක්‍රමයෙන් චලනය වන්නට විය. හයවැනි විනාඩියේදී එය පොළොවෙන් අඟල් කිහිපයක්‌ ඉල්පී යළි පහත් විය. එය කිහිපවරක්‌ ම සිදු වූ අතර ඒ සෑම අවස්‌ථාවකම ගල් කුට්‌ටිය ඉහළ යන අඟල් ප්‍රමාණය වැඩි විය. අටවැනි විනාඩියේදී අහසට නැගුන ගල් කුටිටිය බෑවුමට සමාන්තරව මීටර් 500 ඉදිරියට ගමන් කර මීටර් 250 ක්‌ ඉහළට නැග ගුහා විවරය ඉදිරිපිට පිහිටි දැව වේදිකාව මතට ඉතා ක්‍රමානුකූල ලෙස පහත් වී තැන්පත් විය. මෙය දිගටම සිදුවිය. පැයකට ගල් කුට්‌ටි 5 ක්‌ හෝ 6 ක්‌ මේ ආකාරයෙන් පෙර කී වේදිකාව මත ගොඩ ගසන ලදී. විටින් විට එක ගලක්‌ පුපුරා ගියේය. එයට හේතුව විශාල ශබ්දය මගින් ඇති කරන ලද ධ්වනිය විය යුතුය. බිම වැටුණු ගල් කැබලි වහා ඉවත් කරන ලද්දේ ධාවන පථය අවහිර නොවනු පිණිසය. මේ සියල්ලම කළෝ බෞද්ධ ළාමාවරු ය. කිසිදු සාමාන්‍ය වැසියෙක්‌ එයට සහභාගි වූයේ නැත.
දොස්‌තර ශාල් පසු අවස්‌ථාවකදී මේ සිද්ධිය අලලා කෙටි වාර්තා චිත්‍රපට දෙකක්‌ තනන ලදී. එයට හේතුව ඔහු ජීවත් වූ බටහිර භෞතික විද්‍යාත්මක ලෝකය මෙබඳු කරුණු ගැන නිතරම සාක්‍ෂි ඉල්ලා සිටීමය. ආපසු ලන්ඩනයට එන දොස්‌තර ශාල් ගෙන් මේ චිත්‍රපට දෙක ලබා ගන්නා එංගලන්ත විද්‍යා සංගමය ඒවා රහස්‌ තොරතුරු ලෙස නම් කර යකඩ සේප්පුවල දමා මුද්‍රා තැබීය. එයට හේතුව මේ ක්‍රියාවලිය පිටුපස ඇති භෞතික හේතුව තේරුම් ගැනීමට එකල සිටි විද්‍යඥයන්ට නොහැකි වීමය. එහෙත් 1990 දී මේ චිත්‍රපට දෙක ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඒ වන විට මෙහි රහස භෞතික විද්‍යාත්මකව විග්‍රහ කළ හැකි විය. ඒ මෙසේය.
තූර්ය වාදනය සහ පිරිත් දේශනාව මගින් ගල් කුට්‌ටිය මතට එල්ල කරන ශබ්ද තරංගවල සංඛ්‍යාතය ගුරුත්වාකර්ෂණය ඉක්‌මවා යන්නකි. එවිට ගල් කුට්‌ටිය චලනය වෙයි. එය පොළොවෙන් ඉහළට එසවුණු විට තූර්යවාදනයේ සංඛ්‍යාත තව දුරටත් තීව්‍ර කෙරෙන අතර, එය ඉහළට තෙරැපීම ගලේ ස්‌කන්ධය විසින් පහළට කරන තෙරැපීමට වඩා වැඩි වෙයි. ගල් කුට්‌ටිය අවශ්‍ය උසට එසවුණු පසු එහි පිටුපසට ශබ්ද තරංග යොදවා ඉදිරියට තල්ලු කරනු ලැබේ. එම තල්ලුව වේගවත් වන අතර ගල් කුට්‌ටිය වහා ලී වේදිකාව බලා ගමන් කරයි. නිසි තැනදී තූර්ය වාදනවල සංඛ්‍යාතය අඩු කෙරෙන අතර, ගල් කුට්‌ටිය ක්‍රමයෙන් ලී වේදිකාව මතට පහත් වී තැන්පත් වෙයි.
Lost Techniques ග්‍රන්ථය ලියූ හෙන්රි ජෙල්සන් ගණිතමය සූත්‍ර මගින් මෙය සිදුවන ආකාරය පැහැදිලි කර තිබේ. තූර්ය වාදනය විසින් ගල් කුට්‌ටියේ සෑම වර්ග අඟලක්‌ම මත යොදන බලය එම සූත්‍ර මගින් තව දුරටත් පැහැදිලි කරයි. (The Technical reality of this article is based on Acoustic Levitation)

අනුර සොලමන්ස්‌/Divaina