යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

X රේ ඇස්‌ තිබූ අරුම පුදුම මිනිසා


එක්‌දහස්‌ නවසිය පනස්‌ අටේ ඇමරිකාවේ මෑන් හැටන් නගරයේ පළවන Daily News පත්‍රයේ කුඩා දැන්වීමක්‌ තිබිණ. ඉන්දියානු ගුප්ත විද්‍යාඥයකු වන කුඩා බක්‌ස්‌ නමැති මහතකු තම ඇස්‌ දෙක බැඳගෙන පොත් කියවන බවත් මෑන් හැටන් නගරයේ ශාලාවක ඊළඟ බදාදා දින සවස 7 ට මේ ගුප්ත හැකියාව ප්‍රදර්ශනය කරන බවත් නොමිලේ එය නැරඹීමට හැකි බවත් එම දැන්වීමෙහි සඳහන්ව තිබිණ. මෙතැන් පටන් අප ඔබට කියන්නේ එම අවස්‌ථාව නැරඹීමට ගිය වින්සන්ට්‌ ඡේ. ඩැසින්ස්‌කි නමැති පර්යේෂකයකු කියන කතාවය. පුවත්පත් දැන්වීමෙහි පළමු ආකාරයට කුඩා බක්‌ස්‌ අසමසම අධ්‍යාත්මික බලයක්‌ තිබූ කෙනෙකි. දැන් ඩැස්‌න්ස්‌කි කියන කතාව අසමු

"බදාදා සවස මම දැන්වීමෙහි සඳහන්ව තිබූ තැනට ගියෙමි. දුඹුරු ගලින් බැඳ තිබූ ගොඩනැගිල්ලක්‌ ඉදිරිපිට සුරූපී ඉන්දියානු කාන්තාවක්‌ සිටියාය. ගොඩනැගිල්ලේ පිහිටි කුඩා කාමරයකට ඇය මා ගෙන ගියාය. එහි යකඩින් තැනූ පුටු පේළිss 12 ක්‌ විය. කාමරයේ ඉදිරිපස බිත්තිය අසල කාඩ්බෝඩ් පෙට්‌ටි කිහිපයක්‌ සහති මේසයක්‌ විය. මේසය ඉදිරිපස බිම බැලුන් පිර වූ විශාල පෙට්‌ටියක්‌ විය. මේසයට වම් පසින් කලු ලෑල්ලක්‌ තිබිණ, මම ඒ අසළින් අසුන් ගත්තෙමි. සවස 7 වනවිට කාමරය නරඹන්නන් විසිපස්‌ දෙනකුගෙන් පිරී ගියේය. එහි වැඩිපුර සිටියෝ තරුණ තරුණියෝ ය.

"මට කාමරයට මගපෙන්වූ ඉන්දියානු කාන්තාව තමා කුඩා බක්‌ස්‌ගේ බිරිය බව හඳුන්වා දුන්නාය. ඊළඟට කුඩා බක්‌ස්‌ එහි පැමිණියේය. තම සැමියා කිසිදු අනුග්‍රාහකයකු නැතිව පෞද්ගලික ධනය යොදවා, මේ අවස්‌ථාව වෙනුවෙන් පුවත්පත් දැන්වීම් දැමූ බවත්, මේ ශාලාවට ගෙවූ බවත් කී ඇය තව ටික වේලාවකින් පැවැත්වෙන සංදර්ශනය සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කෙරෙන්නක්‌ බවත් කිසිවකුගෙන් ඩොලරයක්‌වත් ආධාරයක්‌ භාර නොගන්නා බවත් කීවාය. මිනිසුන් තුළ අබිරහස්‌ හැකියාවන් සැඟව ඇති අතර ඒවා ඉස්‌මතු කර දීමට ධෛර්යය දීමක්‌ වශයෙන් මෙබඳු සංදර්ශන ඉදිරියටත් පැවැත්විය යුතු බව ඇගේ මතය විය. ඊළඟට නැඟී සිටියේ කුඩා බක්‌ස්‌ ය. ඔහු කලිසම් කබාකාරයෙකි. අප හෙවත් ප්‍රේක්‍ෂකයන් සහ කුඩා බක්‌ස්‌ අතර වැඩි මනත් ඉඩපරතරයක්‌ තිබුනේ නැත. ඒ නිසා ඔහු හොරයක්‌ කළොත් ඒ බව අපට අනිවාර්යයෙන්ම පෙනී යන්නේ ය. මුලින්ම කාඩ් පැක්‌ එකක්‌ ගත් ඔහු විසින් විවිධ ඉන්ද්‍රජාල මවා පෑවේය. අනතුරුව "මෙතෙක්‌ පෙන්වූ සියල්ලම මැජික්‌" බව කියූ ඔහු එතැන් සිට පෙන්වන්නේ පරමසත්‍යයම පමණක්‌ බව කීවේය.

"මගේ උදව්වට දෙන්නෙක්‌ උවමනා යයිද" කුඩා බක්‌ස්‌ අප අමතා කීය. එවිට තරුණ ශිෂ්‍යයන් දෙදෙනෙක්‌ ඉදිරිපත් වූහ. මටද ඒ සඳහා ඉදිරිපත් වීමට සිතුණු අතර මගේ මනස ඉවෙන් මෙන් කියවූ කුඩා බක්‌ස්‌ කැමැති නම් පැමිණ සහාය වන ලෙස කීවේය. එහෙත්, එවිට සංදර්ශනය බැලීමට බැරිවන බැවින් මම එය ප්‍රතික්‍ෂේප කළෙමි.

"සංදර්ශනය පටන්ගනිමින් කුඩා බක්‌ස්‌ ටෙනිස්‌ බෝල දෙකක්‌ තරම් විශාල පිටි ගුලි දෙකක්‌ ගෙන සිය දෑස්‌ වසා ඒ මත තබා තද කළේය. එවිට විශාල සුදු පැහැති රවුම් දෙකක්‌ සහිත ඔහුගේ මුහුණ විකාරයක්‌ වැනි විය. එවිට මම ඉදිරිපෙළ තිබූ හිස්‌ ආසනයකට ගොස්‌ වඩාත් ප්‍රවේශමෙන් හා විමසුම් සහගතව කුඩා බක්‌ස්‌ දෙස බලා සිටියෙමි. ඊළඟට ළඟම ඇති පෙට්‌ටියෙන් පුලුන් කුට්‌ටි දෙකක්‌ ගෙන තම ඇස්‌ වසා ඇති පිටි ස්‌ථරදෙක මත තබන්නැයි ඔහු තමාට උදව්වට පැමිණි තරුණයන්ට කීවේය. මේ පුලුන් තට්‌ටු අඟල් 6 ක්‌ දිග අඟල් 4 ක්‌ පළල අඟලක්‌a ඝනකම් විය. පුළුන් තැබූ පසු ඒවාත් පිටි ගුලි දෙකත් හිසට තබා නැවතත් ටේප් අලවන ලෙස කු=ඩා බක්‌ස්‌ ඉල්ලා සිටියේය. ටේප්රෝලක්‌ ඉවරවෙන තුරුම වාගේ ඔහුගේ හිස වටා අලවනු ලැබීය. ඒවා ප්ලාස්‌ටර් බව මම පසුව දැන ගතිමි. මේ වනවිට රාත්‍රිය එළඹ තිබූ බැවින්, කුඩා ශාලාව තුළ ආලෝකය දුර්වලව තිබූ බැවින්ද කුඩා බක්‌ස්‌ගේ ඇස්‌ ස්‌ථිර වශයෙන් ඝනාන්ධකාරයෙහි ගිලී ගොස්‌ තිබිණි.

"ඔහු එතැනින් නැවතුණේ නැත. තවත් පෙට්‌ටියක්‌ තුළ කළු පැහැති ඝනකම් දොර ඇති බව කියූ ඔහු එය ගෙන තම හිස වටා ඔතන්නැයි ඉල්ලීමක්‌ කළේය. ඒවා අඟල් 3 ක්‌ බැගින් පමණ පළල අඩි 5 ක්‌ බැගින් දිග කලුම කලු රෙදි පටි කැබලි 5 කි. මේ සියල්ලම ඔහුගේ ඇස්‌ වසා එතූ පසු ඔහුගේ හිස අසාමාන්‍යණ ලෙස විශාල වූ බැවින් බියකරු පෙනුමක්‌ ගත්තේය. ඔහු එතැනින්ද නැවතුණේ නැත. තවත් පෙට්‌ටියක්‌ තූළ කලු පැහැති මල්ලක්‌ ඇතැයි කිවූ ඔහු එය ගෙන තම මුහුණ වැසෙන සේ දමන්නැයි කීවේය. එය දැමූ විට ඔහු හුස්‌ම ගනු ඇත්තේ කෙසේදැයි මම බිය වීමි. එහෙත් ඔහු මෙය කරන්නේ වගකීමක්‌ ඇතිව නිසා එයට විරුද්ධ වීමට මට නොහැකි විය."

"ඊළඟට ඉදිරියට එන්නේ කුඩා බක්‌ස්‌ගේ බිරිය ය. ඇය බැලුන් පෙට්‌ටියට අත දමා එක්‌ එක්‌ බැලුම පිටතට ගෙන කුඩා බක්‌ස්‌ට පෑවිට ඔහු එහි වර්ණය නොවරදවා කීවේය. ඊළඟට බැලුම් පෙට්‌ටිය ප්‍රේක්‍ෂකයන් අතට ගිය විටද කුඩා බක්‌ස්‌ ප්‍රේක්‍ෂකයන් පෙන්වන එක්‌ එක්‌ බැලුමේ වර්ණය නිවැරැදි ලෙස කීවේය.

"ඉන්පසු ඔහු අප හැම දෙනාම ඉදිරිපිටදී ඉඳිකටුවක්‌ගෙන එහි සිදුරට නූලක්‌ දැමීය. ඉන්පසු නූල ගලවා ඉඳිකටු සිදුරට දමනු සඳහා අප හැම වෙත දුන්නේය. එය දුෂ්කර වූ නිසා අපි එය අත්හැර දැමීමු. එහෙත් කුඩා බක්‌ස්‌ නූල සහ ඉඳිකටුව අපෙන් ඉල්ලාගෙන කිසිදු කරදරයක්‌ නැතිව නූල ඉඳිකටු සිදුරට ඇතුළු කළේය.

"සංදර්ශනය එතැනින් නිම වූයේ නැත. රැස්‌ව සිටි අය ඇමතූ කුඩා බක්‌ස්‌ කිසිවකු අත පොතක්‌ තිබේදැයි විමසීය. කිහිපදෙනෙක්‌ම පොත් රැගෙන ඉදිරිපත් වූ අතර ඉන් අයකු තෝරා දීම මට පැවරින. තෝරා දුන් තරුණිය වෙත කුඩා බක්‌ස්‌ පැමිණියේ අඩු ගණනේ පුටුවකවත් නොගැවී, ඉතා හොඳින් ඇස්‌ ඇරගෙන සිටින කෙනකු පරිද්දෙනි. පොත් පිටුවලින් ඕනෑම එකක්‌ තෝරා දෙන ලෙස තරුණියට දන්වන ලද අතර කුඩා බක්‌ස්‌ එම පිටුව පැහැදිලි ලෙස කියවාගෙන ගියේය.

"අවසන් අවස්‌ථාවේදී කිසිදු අයුරක වංචාවක්‌ කිරීමට බැරි තැනකට සභාව පැමිණියේය. කාමරයේ වූ කලු ලෑල්ල මත කැමැති යමක්‌ ලියන ලෙස කුඩා බක්‌ස්‌ අපට ආරාධනය කළේය. තවමත් ඔහු ගැන යම් තරමක සැකයෙන් පසු වූ මම කලු ලෑල්ල වෙත ගොස්‌ හුණු කැබැල්ලක්‌ ගෙන "ඔබට මෙය කියවිය හැකිදැයි" ලියුවෙමි. "ඔව්·" කුඩා බක්‌ස්‌ මා පුදුමයට පත් කරමින් කීවේය. ඉන්පසු මා ලියූ වගන්ති කිහිපයක්‌ද ද ඔහු කියෑවීය. ඉනුත් පසු සභාවේ සිටි අප කියන කියන දේ ඔහු කලු ලෑල්ල මත ලිවීය. ඒවා ඉතා පිළිවෙළින් නිවැරැදිව ලියන ලද වගන්තිය.

***************    ***********

"කලු පැහැති මල්ල, රෙදි පටි, ප්ලාස්‌ටර්, පුළුන්, පිටි ගුලි යනාදිය ඉවත් කිරීමෙන් පසු මම කුඩා බක්‌ස්‌ කතාවට අල්ලා ගතිමි. "මම මේ සියල්ල කරන්නේ ආධ්‍යාත්මික ඒකාග්‍රතාව මතයි" කුඩා බක්‌ස්‌ මට කීවේය. "මගේ ඇස්‌ වසන්නට පෙර තිබූ දැක්‌ම, ඇස්‌ වැසූ පසුත් ඒ විදියටම පවත්වාගෙන යන්නට මට පුළුවන්. මෙය එක්‌තරා ආකාරයක භාවනාවක්‌. සිත දියුණු කළ කෙනකුට අතීතය සහ අනාගතය දැකිය හැකි නම්, ඇස්‌ දෙක කොපමණ බැඳ තිබුණත් තමා ඉදිරිපිට ඇති වර්තමානය දකින්නට බැරිකමක්‌ නැහැ. හැමදෙයක්‌ම පටන් ගන්නේ හිත මූලික කරගෙනය. වතාවක්‌ සිදුවූ අනතුරකින් මගේ කොන්ද තුන් පලකින් කැඩුණා. දොස්‌තරවරුන් කීවේ යළි කවදාවත් මට ඇවිදින්නට බැරි බවයි. එහෙත් මම චිත්ත ශක්‌තිය ගොඩනංවාගෙන යළිත් ඇවිදින්නට පටන් ගත්තා." 

"මෙය අන්ධ පුද්ගලයන්ට සහනයක්‌ ලෙස යොදා ගත හැකි දැයි මම ඇසුවෙමි.

"ජීවිතය අතරමගදී අන්ධ වූ අයට මේ මගින් පෙනුම ලබා ගත හකි බව ඔහුගේ මතය විය. "අප භාවනා කරන්නේ ඇසට පෙනෙන දෙය සහ ඒ හරහා උපන් ආශාව තණ්‌හාව ක්‍රෝධය වැනි හැඟීම් සමනය කරගෙනයි. ඊට අමතරව ස්‌පර්ෂයෙන් දැනෙන තෘප්තියත් සමනය කර ගත යුතුයි. මේ දෙකම අත්දකින්නේ නැතිව අදෘශ්‍යමානයේදී (ඇස්‌ නොපෙනෙන විට) පෙනීම ලබාගත හැකි දැයි මට දැනුමක්‌ නැහැ. හැබැයි මේ ලෝකය තුළ කළ නොහැකි සහ සිදුවිය නොහැකි කිසිවක්‌ නැති බව අප මතක තබා ගත යුතුයි." කුඩා බක්‌ස්‌ මට කීවේය. 1935- 40 කාලය තුළදී කුඩා බක්‌ස්‌ ලොව පුරා යමින් සංදර්ශන පැවැත්විය. 1937 දී එංගලන්තයේ ලිවර්පුල් නගරයේදී ඇස්‌ බැඳගෙන අඩි 200 ක්‌ උස වහලයක වම් කොනෙහි දාරයෙහි ගමන් කිSමෙන් කුඩා බක්‌ස්‌ වාර්තාවක්‌ පිහිටුවා තිබේ. භෞතික විද්‍යාඥයන් කියන්නේ කුඩා බක්‌ස්‌ගේ මොළයේ දෘෂ්‍ය ස්‌නායුවෙන් X කිරණ හෝ ඒ හා සමාන විනිවිද පෙනෙන කිරණ වර්ගයක්‌ නිකුත් වන බවය. 

වින්සන් ඡේ. ඩැසින්ස්‌කිගේ කටඋත්තරය මෙතැනින් නිමාවට පත් වෙයි. කුඩා බක්‌ස්‌ගේ දැක්‌මට ඉවහල් වන්නේ ඔහුගේම ආධ්‍යාත්මයෙන් නිකුත් වන ආලෝකයක්‌ විය නොහැකිද? (1906 දී ඉන්දියාවේ කාශ්මීරයේදී කුඪා බක්‌ෂ් ලෙස ඉපිද ඉංගී්‍රසි කතා කරන්නන්ගේ පහසුව පතා කුඩා බක්‌ස්‌ ලෙස නම වෙනස්‌ කරගත් ඔහු 1981 පෙබරවාරි 05 වැනිදා මළේය.)

අනුර සොලමන්ස්‌
2013 අප්‍රේල් 14 ඉරිදා දිවයින

සැත්කමකින් තුන්වන ඇස පාදාගත්

ලාමාවරයකුගේ පුනර්භවය
ගුප්ත ශාස්‌ත්‍රයේ සත්‍ය අභිරහස්‌ 04


ලොබ්සැංග් රම්පා පිළිබඳ කතාව ආත්ම කිහිපයක පුරාවෘත්තයකි. එහි පළමු වන ආත්මය සියවස්‌ ගණනාවක්‌ පැරණි නමුත් අවසන් ආත්මය කෙළවර වන්නේ මෙයට වසර 32 කට පෙර, එනම් 1981 ජනවාරි 25 වැනිදා ය. ලොබ්සැංග් රම්පා යන නම එයට අදාළ පොත්පත්වල සහ වෙබ් අඩවිවල සඳහන් වන්නේ Tuesday Lobsang Rampa යනුවෙනි. හේ පළමු ආත්මයේ තිබ්බතයේ උපත ලබා මහායාන භික්‍ෂුවක ලෙස භාවනානුයෝගීව ප්‍රාතිහාර්ය පාමින් ජීවත් වෙයි. ඒ මෙයට අවුරුදු 400 කට පමණ පෙරය. ඉන්පසු අපවත් වන ඒ ලාමා තවත් තුන්වරක්‌ පමණ උපත ලබා 1910 අප්‍රේල් 10 වැනිදා බ්‍රිතාන්‍ය පවුලක පිරිමි දරුවකු ලෙස යළි උපදී. ඒ ඩෙවන් ප්‍රදේශයේ ප්ලිම්ප්ටන් පළාතේදී ය. ඔහුගේ අවසන් ආත්මයේ නම සිරිල් හෙන්රි හොස්‌කින් ය. (අවසන් ආත්මය යයි කීමෙන් ඔහු නිවන් මගට පිළිපන්නේය යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ නැත.)

ලොබ්සැංග් රම්පා ගැන ලෝක වාසීන් මුල්වරට දැන ගන්නේ 1956 දී ය. ඒ වසරේදී ඔහු විසින් ලියන ලද තුන්වන ඇස (The Third Eye) නමැති කෘතිය මුද්‍රණයෙන් නිකුත් වී ඉතාම ප්‍රසිද්ධ විය. එම පොතින් හෙළි වන්නේ පෙර ආත්මයේදී තිබ්බතගේ තාපසාරාමයක ඔහු ගත කළ ජීවිතයයි. ඔහු තාපසාරාමයට යන්නේ වයස අවුරුදු හතේදී ය. එහිදී ට්‍රිපයිනය (Trephine) නමැති සැත් පිහියකින් ඔහුගේ නලල හාරා සැත්කමක්‌ කර තුන්වැනි ඇස පාදනු ලැබේ. ට්‍රිෆයිනිං නමැති ශල්‍යකර්මය ලෝකයේ මූලාරම්භක ශල්‍යකර්මවලින් එකක්‌ බවට ඓතිහාසික සාක්‍ෂි තිබේ. ප්‍රංශයේ ඇති ක්‍රිස්‌තු පූර්ව 6500 ට අයත් හෙවත් මෙයට වසර 8500 කටත් වඩා පැරණි සුසාන භූමියක තිබී මේ සැත්කම කළ හිස්‌කබල් 40 ක්‌ හමුවිය. හිස්‌කබල තුළ හටගන්නා ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා එහි ඇති Duna Mater කොටස හෙවත් මොළයේ වැස්‌ම පාදා ගැනීම සඳහා හිස්‌කබලේ විවරයක්‌ පාදා ගැනීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය විය. විෂබීජ නිසා මොළය ආසාදනය වීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා ට්‍රිෆයින් සැත්කම අතීකයේදී අවදානම් විය. මොළයේ වැස්‌ම හෙවත් මේ පටලය තුළ විටින් විට රුධිරය එකතු වෙයි. පුරාණ වෛද්‍යවරු මේ බව අනුමාන කර ට්‍රිෆයිනයෙන් හිස්‌ කබල හාරා එම රුධිරය ඉවත් කළහ. මේ සැත්කම වැරදි සහගත ලෙස සිදු වූ විට ඒ මගින් මොළය තුළ හටගන්නා ස්‌නායු තෙරපීම් හෝ සෛල තෙරපීම් නිසා රෝගීන්ට මනෝවිකාර පෙනුන අවස්‌ථාද විය. පුරාණ ලෝකය විසින් මේ මනෝවිකාර හඳුන්වන ලද්දේ දෙවියන් පෙනීම හෝ දේවත්වයට අදාළ දර්ශන පෙනීම ලෙසය. අද මේ සැත්කම අවිද්‍යාත්මක සැත්කමක්‌ ලෙස සලකා බැහැර කරනු ලැබේ.

කෙසේ වුවද ලොබ්සැංග් රම්පාගේ පෙර භවයේදී ට්‍රිෆයිනිං සැත්කම කර ඇත්තේ හිසේ රෝගයක්‌ සුව කිරීමට නොව තුන්වැනි ඇස පාදා ගැනීම සඳහාම ය. සිදුර සාදන ලද්දේ ඔහුගේ නළල් තලය මතය. පෙර භවයේදී හත් අවුරුදු දරුවකු ලෙස තමා විඳි අත්දැකීම සිරිල් හෙන්රි හොස්‌කින් හෙවත් ලොබ්සැංග් රම්පා සිය පොතේ විස්‌තර කරන්නේ මෙසේය.

"ගින්නෙන් රත් කර ශාක සාරවල ඔබන ලද සියුම් ලී උලක්‌ මගේ නළල මත තබා තද කරන ලදී. නාසය නලලට එකතු වන තැන දැරිය නොහැකි තරම් වේදනාවක්‌ හටගත් අතර එය ක්‍ෂණයකින් පහව ගොස්‌ මීට කලින් අත් නොවිඳි සුගන්ධයන් රාශියක්‌ මා අවට ඇති බව මට දැනිණ. ඉන්පසු ඉතා තියුණු ආලෝකයක්‌ මගේ දැස්‌ නිලංකාර කරමින් දැල්වී නිවී ගියේය. ඒ සමගම දඟරාකාර වර්ණාවලියක්‌ හටගෙන නැති විය. එවිට, මිංග්යාර් ඩොන්ඩප් ලාමාවරයා මගේ කනට කොඳුරා මෙසේ කීයá ලොබ්සැංග්, මින් පසු ඔබ අපේ කෙනෙක්‌. මිනිසුන් කරන්නේ රඟපෑමක්‌ බවත් ඔවුන්ගේ සැබෑ ස්‌වරූපය වෙනස්‌ බවත් මෙතැන් පටන් ඔබට පෙනෙන්නට පටන් ගන්නවා ඇති.

තුන්වැනි ඇස කෘතිය ගලාගෙන යන අතර ලොබ්සැංග් රම්පා යෙටී නමැති හිම මිනිසුන් වර්ගය හමුවන ආකාරයත් ඔහුගේම තවත් භවයක මමිකරණය කළ සිරුර ඔහුට දැගන්නට ලැබෙන ආකාරයක්‌ සඳහන් ය.

තුන්වැනි ඇස ග්‍රන්ථයේ අත් පිටපත බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ප්‍රකාශකයන් කිහිප දෙනකු වෙත ගෙනයනු ලදුව ප්‍රතික්‍ෂේප විය. පසුව Sacker and Warburg නමැති ප්‍රකාශන සමාගම පවුම් 800 ක අත්තිකාරමක්‌ ගෙවා එය මිලට ගත්තේය. ඒ වන විට මේ ග්‍රන්ථයේ ලේඛකයාගේ නම ලෙස එහි ලේඛක සිරිල් හෙන්රි හොස්‌කින් යොදා තිබුණේ ආචාර්ය කාර්ල් තුවෝන් සුවෝ යන අන්වර්ථ නාමයයි. එහෙත් එහි ප්‍රධාන චරිතය ලොබ්සැංග් රම්පා නමින්ම ග්‍රන්ථය තුළ තිබිණි. ග්‍රන්ථයේ ලේඛකයාගේ නම විය යුත්තේ ද ලොබ්සැංග් රම්පා යන්නට බව ප්‍රකාශක Warburg විසින් සිරිල් හෙන්රි හොස්‌කින්ට යෝජනා කරන ලදී. 1956 දී මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මේ පොත ඉතා සුළු කලක්‌ තුළ ලෝකයේ විශාලතම අලෙවියක්‌ ඇති පොතක්‌ බවට පත් විය. මේ අතර පොතට විරුද්ධව ද ව්‍යාපාරයක්‌ හට ගත්තේය. ලේඛක සිරිල් හොස්‌කින්ට දාර්ශනික පසුබිමක්‌ නැති බවත් ඔහු වෘත්තීය පතල්කරුවකු බවත් රහස්‌ පරීක්‍ෂකයෙක්‌ විසින් හෙළි කරගනු ලැබීය. ලොබ්සැංග් රම්පා ඒ සියල්ල පිළිගත් අතර මේ භවයේදී තමා තුළ සිටින ආත්මයේ නියම නම ලොබ්සැංග් රම්පා බව කීවේය. ඉන්පසු ඔහු උසාවියට දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කර එම නම නීත්‍යනුකූල කර ගත්තේය.

සිරිල් හෙන්රි හොස්‌කින් යනු කිසි කලෙකත් තිබ්බතයට ගිය කෙනෙක්‌ නොවීය. එහෙත් තුන්වැනි ඇස, තිබ්බතය පිළිබඳව සියයට සියයක්‌ම නිවැරැදි තොරතුරු ඇතුළත් පොතක්‌ බව තිබ්බතය සහ මහායාන බුදුදහම විශ්වවිද්‍යාලවල විෂයක්‌ ලෙස උගන්වන Donald S Lopez (ඔහු ඇමරිකාවේ මිචිගන් සරසවියේ මහාචාර්යවරයෙකි.) කියයි. ලොබ්සැංග් රම්පා යන නම ඉවත් කර තෙවන ඇස පොත බුදුදහම හදාරන නව ශිෂ්‍ය පිරිසට දුන් විට ඔවුන් එයට වශීකෘත වූ බවත් එතැන් සිට එළැඹි සති හය තුළ ඔවුන් වෙනත් කිසිදු දේශනයකට සහභාගි නොවී එම පොත පිළිබඳ සාකච්ඡා කරමින් තිබ්බත බුදුදහම පිළිබඳව තවදුරටත් සෙවූ බවත් ඔහු කියයි.

සිරිල් හෙන්රි හොස්‌කින් යන බ්‍රිතාන්‍ය ජාතිකයා ලොබ්සැංග් රම්පා නමැති තිබ්බතියා බවට පත් වන්නේ කෙසේද? තරුණ වියේ සිටියදී බකමූණකුගේ පින්තූරයක්‌ ගැනීමට ගසකට නැගුණු විට එයින් වැටී සිහිසුන් වීමෙන් පසුය. එසේ සිහිසුන්ව සිටියදී තමා වෙත පැමිණි බෞද්ධ භික්‍ෂුවක්‌ උන්වහන්සේගේ අන්තරාභවය පදිංචි කරවීම සඳහා තම සිරුර ඉල්ලූ බවත් තමාද ජීවිතය කෙරෙහි කලකිරී සිටි නිසා සිරුර දීමට කැමැති වූ බවත් සඳහන් කරයි. එතැන් සිට තමා හොස්‌කින් නොව ලොබ්සැංග් රම්පා බවට පත් වූයේ යෑයි ඔහු කියයි. ශතවර්ෂ කිහිපයක්‌ තිස්‌සේ රම්පා භික්‌ෂුව පුනර් භවයන් කිහිපයක්‌ ලැබ හොස්‌කින්ගේ සිරුරට ඇතුළු වන්නට ඉඩ ඇති බව ගුප්ත විද්‍යාඥයෝ කල්පනා කරති. මෙය හඳුන්වන්නේ Transmigration of the Soul ලෙසය. "මෙය ආත්මවාදයකට වඩා ළංවන්නේ මනෝකාය හෙවත් මනුස්‌මෘතිය නමැති සිතුවිලි පරම්පරාවටය. කෙනකු මළ විට ඔහුගේ සිතුවිලි පරම්පරාව සුදුසු දරු කලලයකට (මාතෘ ගර්භාෂයක ඇති) අවතීර්ණ වෙයි. මේ සිතුවිලි පරම්පරාව භවයෙන් භවයට යන්නේ 'ආසාව' මත පදනම්ව ය.

හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ තුමාගේ පරම විඥානාර්ථ සර්ව ආගමික සංගමයේ මතවාදයට අනුව 'තුන්වන ඇස්‌ යන සංකල්පය ජීව විද්‍යාත්මකය. ඔවුන්ගේ අර්ථකථනයට අනුව පුරාණ කාලයේදී මිනිසුන්ගේ හිස පිටුපස ඇසක්‌ තිබිණි. ජීව විද්‍යාත්මක මෙන්ම ගුප්ත විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක්‌ද එයට තිබිණි. කාලයාගේ ඇවෑමෙන් මිනිසා පරිනාමය වන විට එම ඇස මොළය මධ්‍යයට කි¹ බැස්‌සේය. අද මේ ඇස Pineal Gland යනුවෙන් අපගේ මස්‌තිෂ්කය තුළ තිබේ. මෙය මිලිමීටර් 5 සිට 8 දක්‌වා ප්‍රමාණයෙන් යුක්‌ත ය. රතු සහ අලු පැහැයෙන් සමන්විත ය. කේතුවක හැඩය ගන්නේය. කොඳු ඇට සහිත සත්ත්වයන්ට පිහිටන මෙය ශරීරයේ ආම්ලික තත්ත්වය පාලනය කරන රසායනික ද්‍රව්‍යයක්‌ නිකුත් කරන අතර නිදාව පාලනය කරන බවද සොයාගෙන තිබේ. මිනිසකු මිය යන විටද, මරණාසන්න වන නමුත් නොමැරෙන මොහොතකදී ද පිනියල් ග්‍රන්ථිය මගින් DMT නමැති රසායනික ද්‍රව්‍යයක්‌ විශාල ලෙස නිෂ්පාදනය කර ශරීරයට මුදාහරී.

මේ ග්‍රන්ථිය නිදාව පාලනය කරන්නේ නම් එහි තේරුම එය ස්‌ථිර වශයෙන්ම ස්‌නායු පද්ධතියට බලපෑමක්‌ කරන බව ය. මෝහනය යනු අර්ධ නිදා තත්ත්වයකි. මෝහනය මගින් පෙර භවය දක්‌වා මනුෂ්‍ය සිතුවිලි රැගෙන ගිය හැකි බවට විශ්වාසයක්‌ පවතී. තුන්වැනි ඇස මගින් අතීතය දැකිය හැකිය යනුවෙන් මතයක්‌ තිබෙන අතර එතැනදී පිනියල් ග්‍රන්ථිය සහ තුන්වැනි ඇස අතර සම්බන්ධයක්‌ ගොඩනැගිය හැකිය.

ලොබ්සැංග් රම්පා මෙයට ශත වර්ෂ කිහිපයකට පෙර තිබ්බතයේ ඉපිද සිටි සමයේදී තෙවන ඇස පාදා ගැනීමෙන් පසු එවකට සිටි දලයි ලාමා තුමාගේ වාස භවනයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇත. දලයි ලාමාතුමා හමුවීමට එන පුද්ගලයන්ගේ අභ්‍යන්තර ස්‌වරූපය හඳුනාගෙන එතුමාගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීම ඔහුට භාරවී තිබූ බව කියනු ලැබේ. රම්පාගේ අවසාන පුනර්භවයට පෙර භවයේදී එවකට සිටි දලයි ලාමා (1878) හමුවීමට ද හැකි වූ බව ඔහු කියයි.

මතභේදයට තුඩු දෙන චරිතයක්‌ වන නමුදු ලොබ්සැංග් රම්පා යනු අත්හැර දැමිය හැකි චරිතයක්‌ නොවේ. ඔහුගේ පොත්වල එන බොහෝ දේ ඔහු කිසි කලෙකත් පය නොතැබූ තිබ්බතීය ඉතිහාසය සමග එකඟය. රම්පාගේ තුන් වැනි ඇස පිළිබඳ අදටත් පර්යේෂණ පැවැත්වේ. භෞතික විද්‍යාඥයන් මෙයට විඤ්ඤාණවාදී අවසානයක්‌ දීමට කැමැතිය. ගුප්ත විද්‍යාඥයන්, පුනර්භවවාදීන්, අධ්‍යාත්මිකවාදීන් මෙය දකින්නේ තාත්වික සිද්ධියක්‌ ලෙසය.

(එක්‌ස්‌රේ දැක්‌මක්‌ තිබූ ඉන්දියානුවා. 
ලබන සතියේ )

අනුර සොලමන්ස්‌
2013 අප්‍රේල් 07 ඉරිදා දිවයින

සීගිරිය පිටසක්වළ නිර්මාණයක්ද? පිටසක්වළ ජීවීන් අරලගංවිලට ආවාද?

ඓතිහාසික අම්පාර අරලගංවිල ප‍්‍රදේශයට වැටුණු උල්කාෂ්මය (Meteorite) ජීවීන් විශේෂයක් ඇති බව විදේශීය විද්‍යාඥයෝ  ප‍්‍රකාශ කර සිටියෝය. එම ජීවීන් පිටසක්වළ සිට පැමිණියා නම් එය ජීව ඉතිහාසයේ සිදු වූ ලොකුම සොයා ගැනීම බව උපතින්ම ලාංකික විද්‍යාඥයෙක් වූ චන්ද්‍ර වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබිණි. ජනමාධ්‍ය සියල්ල මේ සිදුවීම හා ප‍්‍රකාශය ජනයාගේ කුහුල වැඩෙන ආකාරටය වාර්තා කර තිබිණි.
පසුගිය දෙසැම්බරය අපූරු දෙසැම්බරයක් විය.  මහවැසි මාස පහළොවකට පසු ඇද වැටින. වැසි අධිකවම ඇද වැටුනේ කාලගුණ දත්ත වලට අනුව වැඩි වැසි නොලැබෙන කලාප වලටය. ඊළගට  මාළු  වැසි, රතු, කහ, කොළ, නිල් වැසි වාර්තා විය. ඒවා එක්සත් ජනපද නාසා ආයතනයේ ජීව රසායනික ප‍්‍රහාරයක් බවටද නිකුත් කෙරිණ. ඊළගට අහස පුරා උල්කාෂ්ම උල්කාපාත හා පියාබන පීරිසි දර්ශනය වූ බව මාධ්‍ය වාර්තා ලැබිණි. අවසානයේ අම්පාර අරලගංවිල ප‍්‍රදේශයට වැටුණු උල්කාෂ්මයක ජීවීන් ඇති බවත් උන් පිටසක්වළ ජීවීන් බවත් ප‍්‍රකාශ කෙරිණි.
මේ ක‍්‍රියාදාමයේ පැති දෙකක් ඇත.  එකක් නම් ජනමාධ්‍ය විසින් එක් සිදුවීමක් මුල්කරගෙන මතුකරන, ඇති කරන අධිකුතුහල සහිත අතිශයෝක්තියයි. මෙයින් අදාළ ප‍්‍රවෘත්තියට ජනයා වසග කර ගැනීමක් හා උමතුවේශයක් ඇතිකර ගැනීම සිදුවේ. ඊළ`ගට රටපුරා මේ සමූහ මායාව පැතිර යයි. පසුගිය කාලයේ දෙමළ මාධ්‍ය විසින් රටපුරා ව්‍යාප්ත  කරන ලද ‘ග‍්‍රීස් යකා’ ද මෙවැනි සමූහ මායාවකි. එය රටේ ජාතික ආරක්ෂක ප‍්‍රශ්ණයක් බවට පත්විය.
අභ්‍යාවකාශයෙන්  නිරන්තරයෙන් වස්තු පොළොව  මතට වැටෙන බව සත්‍යයකි. ගුවන් යානා කොටස්, විනාශ වුණු  චන්ද්‍රිකා කොටස්, විනාශ වුණු උල්කාෂ්ම කොටස්, අව පීඩනය මගින් පෘථිවියෙන් ඉහළට ගෙනයන ජලය, පස් වර්ග, පාෂාණ වර්ග, ජීව විශේෂ ආදීය කවදා  කෙදිනක හෝ නැවත පොළොවට වැටෙනා බව ද එවැනි සත්‍යයකි. ඒ අපේ පංච ඉන්ද්‍රියන්ට ගොදුරු වන ද්‍රව්‍යයන්ය. අපේ පංච ඉන්ද්‍රියන්ට ගොදුරු  නොවන ඇතැම් විට විවිධ උපකරණ මගින් දැකගත හැකි එසේත් නැතිනම් කිසිසේත් අපට නොදැනෙන  අනන්ත දෑ අභ්‍යාවකාශයෙන්  පොළොවට, පොළොවෙන් අභ්‍යාවකාශයට ගමන් කරනවා විය හැකිය.
ක්වන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවේදී විවිධ තරංග, විවිධ ක්ෂේත‍්‍ර, විවිධ විශ්වීය තත්ත්ව ගැන කතා කතා කරයි. වරක් ක්වන්ටම් චින්තකයෙකු වන කෆ්රා ප‍්‍රකාශ කළේ ශිව දෙවියන් යනු විශ්වීය තරංග වල අනවරත නර්තනයක් (Cosmic Dance) බවය. බෞද්ධ අප විශ්වාස කරන්නේ අපේ විඥානය  අපේ මොළයෙන් හෝ ද්‍රව්‍යයකින්  පැන  නැගුනක් නොව ඒවාට සම්බන්ධව පවතින, එහෙත් ස්වාධීන විශ්වීය ක‍්‍රියාදාමයක් බවය. රූපයක් නැති  විශ්වීය ක‍්‍රියාදාමයක් බවය. රූපයක් නැති විශ්වයේ පාවී යන තත්ත්වයේ දෙවියන්, භූතයන් හා ගන්ධබ්බයන් ගැන බෞද්ධ දර්ශනය විශ්වාස කරයි. එමෙන්ම අපේ ඉන්ද්‍රියන්ට හසු නොවන දේව බ‍්‍රහ්ම හා වෙනත් ලෝක ඇති බව විශ්වාස කරයි. ක්වන්ටම් යාන්ත‍්‍රණය ද ක්ෂුද්‍ර අංශු හා ගැටගැසුන පැතිර ගිය තරංගයක් (Pilot Wave) ගැනද අපේ මනසට, උපකරණ වලට හසු වන නොවන බහු ලෝක (Many Worlds) ගැනද විශ්වාසය තබයි.
අරලගංවිලට  වැටුණේ අභ්‍යාවකාශයෙන්  ආ වස්තුවක්ද නොඑසේ නම් පෘථිවියේ අවපීඩනයක් නිසා ඉහළ අහසට ඇදී ගිය පාෂාණයක්ද යන්න පැහැදිලි නැත. අපේ පරමාණුක බලශක්ති පර්යේෂණාගාරයේ කළ පරීක්ෂණ වලින් පෙනී ගියේ දිවුලපිටිය ආදී ප‍්‍රදේශවලින් ලැබී තිබූ උල්කාපාත නම් මිනිස් නිර්මාණයක් බවය. එනම් ගුවන්යානයකින් හෝ විනාශ වූ චන්ද්‍රිකාවක් මගින් විසිරී ගිය ලෝහ කැබැල්ලක් හෝ අවපීඩනය  නිසා පෘථිවියෙන්ම ගැලවී ගිය යම් ලෝහ කොටසක් බවය.
රතු හා කහ වැසි විශ්ලේෂණයෙන් පෙනී ගියේ ඒවායේ යකඩ, යකඩ මල හා තුන්තනාගම් බහුල වශයෙන් පවතින බවය. මේ නිසා අරලගංවිලට වැටුණා යැයි කියන පාෂාණය ගැන මාධ්‍ය මගින් ජනතාව උමතු කරන මායාකාරී මතවාද නොව ඇත්ත පරීක්ෂණයක් අවශ්‍යය.  එය බටහිර පර්යේෂණාගාරයක හෝ එසේ නොවන ආකාරයෙන් හෝ සමීක්ෂණය කළ යුතුය. එහි තත්‍ය ප‍්‍රතිඵල ලැබෙනතෙක් ඒ පිළිබද ප‍්‍රචාරය නොවී තිබීම වඩා වැදගත් අතර ඒවා පිළිබ`ද  දැනුම ඇත්තන් ප‍්‍රකාශ නිකුත් කිරීම අතිශයින් වැදගත්ය.
අරලගංවිල උල්කාෂ්මයේ ජීවීන් සිටියා නම් ඔවුන් මෙලොව ජීවීන්ද නැතහොත් පිටසක්වල ජීවීන්ද යන්න සොයා බැලිය යුතුය. එය අතිවිශාල වැදගත්කමකින් යුතු විද්‍යාත්මක පර්යේෂණයකි. මන්ද බටහිර පිළිගත් මතයක් වනුයේ පිටසක්වළින් ජීවීන් පැමිණ මෙලොව ජීවය බිහිවූ බවය. විශ්වයේ බිහිවීම ද කුඩා බිත්තරයක (Universal Egg) මහා පිපිරීමක් (BIG BANG) ලෙසද විස්තර කෙරේ. ලොවත් විශ්වයත් ජීවයත් සරළ දේවල් සිට සංකීරණ දේ බවට නිරන්තරයෙන් පරිනාමය වන බව බටහිර කොයි විද්‍යාවේත් පිළිගැනීමයි. මේවා ඊනියා විද්‍යාත්මක සත්‍යයට වඩා බටහිර යුදෙව්, ක‍්‍රිස්තියානි, ඉස්ලාම් ඒකදේව වාදී ආගම්වල පොදු දෙවියන් ලෝකයත් ජීවයත් මැව්වාය යන උප්පත්ති කතාවෙන් ගලා එන්නක් බව මාගේ විශ්වාසයයි. පාප්වහන්සේ විශ්වයේ මහා පිපිරුම් න්‍යාය ගෙනා ඒ හෝකින් බි‍්‍රතාන්‍ය විද්‍යාඥයාට  පදවි පිරිනැමේද ඒ නිසාය. ඒ ඔහු බයිබලය විද්‍යාත්මක කළ නිසාය.
සීගිරිය නිර්මාණය වී ඇත්තේ තාරකා ලකුණු මත බව ද අරලගංවිලා ක්ෂුද්‍ර ජීවීන් පිටසක්වළින් ආ බැව් පැවසූවත් ඔවුන් දැන් රතු වැස්ස කහ වැස්ස ආදීයෙන් හමු වූ ජීවීන්ටම සමාන බව ප‍්‍රකාශ කෙරී ඇත. එසේ නම් දැන් සොයා බැලිය යුත්තේ රතු වැස්ස කහ වැස්ස ආදීයට ක්ෂුද්‍ර ජීවීන් ආවේ මහපොළොවෙන්ද නැතිනම් අභ්‍යවකාශයෙන් ද  යන්නය.
සීගිරිය පමණක් නොව රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය ආදීයේ පිහිටීමත් පිරමීඩ වල පිහිටීමත් තාරකා රාශි වල පිහිටීමත් සමග සමගාමී බව කලින් කල ප‍්‍රකාශ වූවකි. මෙය වඩාත් ගැබුරින් සොයා බැලිය යුතු කරුණක් වන අතර මෙහි සැගවුණු අනතුරුද ඇත. එනම් බටහිර රටවල ග‍්‍රීක ශිෂ්ටාචාරයට එපිටින් සිදු වූ ඊජිප්තුවේ පිරමීඩ, ලංකාවේ මහා සෑ හා මහා වස්තු නිර්මාණ, චීන මහා ප‍්‍රාකාරය බදු දෑ ඒ රටවල දේශීය ජනයාගේ තාක්ෂණික නිර්මාණ නොව පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණ බව හුවා දැක්වීමයි.  ජීවයේ බිහිවීම ද මේ ලෝකය තුළ ස්වාභාවික සිදුවූවක් බටහිර යමක බලපෑමෙන් සිදුවූවක් බව  පෙන්වීමට පිටුපස විවිධ දේවවාදී කල්ලි සිටිති. ක්වන්ටම් යාන්ත‍්‍රණය පිළිබද විවාදය ඉදිරියට නොගියේ හා එයින් ඇතිවිය හැකිව තිබූ මානව ප‍්‍රගතිය 1960 ගණන්වල ඇණ හිටියේ ”දෙවියෝ දාදු නොකෙළති” යන යන අයින්ස්ටයින්ගේ තර්කය නිසාය. ලෝකයේ පැවැත්ම නිශ්චිත දේව සැලැස්මකට නැති බවත් එය සසම්භාවී බවත් ප‍්‍රකාශ කළ විද්‍යාඥයෝ (නීල් බෝර් , හයිසන්බර්ග්)  පසුපසට විසිවී අයින්ස්ටයින් ලොව ප‍්‍රබලතම විද්‍යාඥයා  වූයේ ඒ නිසා බවද මාගේ හැගීමයි.
කලකට පෙර නියමුවන් විරහිත යානා අත්හදා බැලීමේදී ඒවා මහජන් ඇස්වලින් වසං කිරීම සදහා එක්සත් ජනපදය පියාඹන පීරිසි ගෙන ආ අතර ඒවා ලංකාවේදී ද දුටු අය  ඕනේ තරම් සිටිති. දැන් ඩ්‍රෝනා (DRONE) තාක්ෂණය හොදින් දියුණු වී එක්සත් ජනපදයේ  සතුරන්  මරන ප‍්‍රධාන උපකරණය වී ඇති නිසා ඒ පිළිබදව දැන් ප‍්‍රවෘත්ති පළවන්නේ නැති තරමය. මේ  නිසා රුවන්වැලිසෑය, සීගිරිය වැනි මහා නිර්මාණ දේශීය විද්වතුන්ගේ නිර්මාණ නොව පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණ බව පෙන්වීමට කවුරුන් යත්න දරයි නම් අපි එය පරාජය කළ යුතු වෙමු.
කෙසේ වෙතත් පසුගිය මාස කීපයක සිදුවීම් කියාපාන්නේ අපේ ඇතැම් විද්‍යාඥයන්ගේ  මෙන්ම අපේ මාධ්‍ය  වලද මායාකාරී හැසිරීමය. පටු ජනප‍්‍රියත්වය වෙනුවෙන් කරන ප‍්‍රකාශ වලින් ජනයාගේ මනසට මෙන්ම ඇත්තටම සිදු වූ දෙයට ද සිදු කරන්නේ අසාධාරණයකි. අහසින් වැටෙනා ද්‍රව්‍ය  වලින්, වර්ණක වැසිවලින් අපේ ජනයාගේ සෞඛ්‍යට  දිවි පැවැත්මට සිදුවන තර්ජනය සෙවීම අපගේ ප‍්‍රමුඛම කාර්යය විය යුතුය. විශ්වය බිහි වූයේ කෙසේද යන්න නොවැදගත් අතර ජීවීන් පිටසක්වළින් ආවාද නැද්ද යන්න ද අවැදගත්ය. වැදගත් ඒවා ජන ජීවිතයට  බලපාන ආකාරය  පමණි.
- පාඨලී චම්පික රණවක

April 5, 2013 at 12:02 am | lanka C news


අහසේ ඇවිදින යෝගී ලාමාවරු

අදත් තිබ්බතයේ සිටිති
ගුප්ත ශාස්‌ත්‍රයේ සත්‍ය අබිරහස්‌ 03

මෙයට අවුරුදු දෙදහසකට පමණ පෙර තිබ්බතයට හරියාකාර ආගමක්‌ නොවීය. එහි සිටි ජනයා ස්‌වභාව ධර්මයට වැඳුම් පිදුම් කළහ. එනම් ඔවුහු ගස්‌ ගල්වලට වන්දනාමාන කළහ. ගසකට වඳින විට ඒ සඳහා කාරණයක්‌ අවශ්‍යය. කාරණයක්‌ නැතිව ඒ වන්දනාව කෙරේනම් එය හිස්‌ වැඩකි. මේ හිස්‌තැන පිරවීමට එන තැනැත්තා රුක්‌ දෙවියාය. රුක්‌ දෙවිවරු ආසියානු රටවල පමණක්‌ නොව ලතින් ඇමරිකාවේද සිටිති. ගසකට වඳින විට එය නිකම්ම කොටයක්‌ ලෙස නොසලකා එතැන රුක්‌ දෙවියකු සිටින ලෙස සලකා වැඳීමට මිනිස්‌සු කැමැත්තාහ.

බුදු දහම පහළ වන්නේ කිතු උපතටත් වසර හයසියයකට පමණ පෙර බව අපි දනිමු. ඉන්දියාවේ දේශ සිමා අතරින් ගමන් කර බාහිර ලෝකයට ගමන් කරන්නට පටන් ගත් මුල් කලයේදී 'ශුද්ධ බුදු දහමට' හෙවත් එතෙක්‌ පැවැති පවිත්‍ර බුදු දහමට යම් යම් දේ එකතු විය. එසේත් නැත්නම් සමහර රටවලට බුදු දහම ගමන් කරන්නේ ඉන්දියාවේ සාම්ප්‍රදායික ආගම්වලින් එකතු වුණ යම් යම් ලක්‌ෂණ සමඟය. උදාහරණයක්‌ ලෙස හින්දු යෝගියෙක්‌ බුදු දහම වැළඳ ගත් පමණින් සිය යෝග ව්‍යායාම අත්හැරියේ නැත. යෝග ව්‍යායාම ශරීරයට ඉතා හොඳය. ඒ අනුව ඔහු තවත් කෙනකුට බුදු දහම උගන්වන විට යෝග අහ්‍යාසද කියා දුන්නේය. යෝග අභ්‍යාසවල පරතෙරට ගිය අය හෙවත් කුණ්‌ඩලිනි යෝගය අවදි කර ගැනීමට දන්නා යෝගීහු තමන් තවදුරටත් දන්නා ක්‍රියායෝග, චර්යායෝග, යෝගතන්ත්‍ර, අනුතරයෝගතන්ත්‍රවැනි අංග තම ශිෂ්‍යයන්ට කියා දුන්හ. මෙකී යෝග ක්‍රියාකාරකම්වලින් ලෝකෝත්තර සුවයට වඩා ලෞකික සුවයක්‌ ළඟා කර ගත හැකි විය. එයට හේතුව ඒවා හින්දු ආගම සමග තිබූ සහ සම්බන්ධයයි. මහායාන බුදුදහම නමැති කොටස බිහිවන්නේ මෙහි අතුරු පලයක්‌ ලෙසය. හීනයාන බුදු දහමට එකම එක ගුරුවරයකු හෙවත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ පමණක්‌ සිටියද මහායාන බුදු දහමට ගුරුවරු බොහෝ සිටිති. තිබ්බත මහායානයට අනුව ඕනෑම කෙනෙකුට මරණ මංචකයේදී යහපත් සිතුවිලි උපදවනා ඒ ඔස්‌සේ භාවනා කරමින් පුනරුත්පත්තියක්‌ නොලබා නිර්වාණය සාක්‌ෂාත් කරගත හැකිය. එහෙත් හීනයාන බුදුදහමේ හැටියට නිමක්‌ මග යනු දිගු ගමනකි. ඒ සඳහා නිවන් නැති ආත්ම ගණනක්‌ පෙරුම් පිරිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්‌තර ලබා ගැනීමට කැමති පාඨකයන් The Tibetian Book of the be dead නමැති ග්‍රන්ථය ඇසුරු කළ යුතුය.

මහායාන බුදුදහම තිබ්බතයේ පහළ වන්නේ ක්‍රි.ව. හයවන, හත්වන, අටවන සියවස්‌ වලය. ජෙට්‌සුන් මිලරේපා (Jetsun Milarepa) යන ලාමාවරයා ක්‍රි.ව. 1052 - 1135 අතර කාලයේදී තිබ්බතයේ ජීවත්වූ අතර එරට පහළ වූ විශිෂ්ටතම යෝගියා ලෙස විශ්වාස කෙරේ. තිබ්බත බුදුදහමේ (මහායාන) ආචාර්යවරයකු වූ මාර්පා ලෝත්සව (1012-1097) ඔහුගේ ගුරුවරයාය.

තිබ්බත බුදු දහමේ කොටස්‌කාරයකු ලෙස අහසින් වැඩිම වාර ගණනක්‌ ගමන් කළ මහායානිකයා ලෙස හඳුන්වන්නේ පේට්‌සුන් මිලරේපාය. බටහිර තිබ්බතයේ ඉඩම් හිමි ධනවත් පවුලක සමාජිකයකු ලෙස එතුමා උපදී. ඔහුගේ ගිහි නම අන් එකකි. ඔහු සත් හැවිරිදි දරුවකුව සිටියදී රෝගී පියා මිය යයි. මරණයට පළමුව තම සහෝදර සහෝදරියන්ට දේපළ පවරන පියා මිලරේපා තරුණ වියට පත්වන තුරු එම දේපළ කළමනාකරණය කර දෙන ලෙස සොයුරු සොයුරියන්ට දන්වයි. එහෙත් පියා මියගිය පසු ඥතීහු මිලරේපාගේ පවුලට කිසිවක්‌ නොදෙති. මව, ගුප්ත විද්‍යාව හැදැරීම සඳහා මිල්රේපා ගුරුවරයකු වෙත යවයි. ගුප්ත විදාව උගන්නා මිලරේපා, සිය ඥතීන්ගේ විවාහ අවස්‌ථාවකදී බලගතු හිම කුණාටුවක්‌ මවා විවාහය පැවැත්වෙන නිවස බිමට සමතලා කර 35 දෙනකු මරණයට පත් වීමට ඉඩ සලසන බවත් ඒ සඳහා පළිගනු පිණිස එන ගැමියන්ගේ කුඹුරු ඉඩම් එබඳුම යෝධ හිම කුණාටුවකින් විනාශ කරවන බවත් ඔහු පිළිබඳ කතන්දරවල එයි.

යොවුන් වියෙන් තරුණ වියට පත්වන මිලරේපා අතීතයේදී කළ භයානක ක්‍රියා ගැන කණගාටුවෙමින් භාවනාවෙහි යෙදී දුක සහ සැප දෙකම අත්විඳීම අත්හරී. ඒ සමගම කර්මඵල ධර්මය තවදුරටත් වලංගු නොවන බවත් තමා යළි නොඉපැදීමේ මාර්ගය වෙත එළැඹි බවත් ප්‍රකාශයට පත් කරයි. මිලරේපා මෙතරම් ඉක්‌මනින් සංසාර ගමන කෙටි කර ගන්නේ කෙසේදැයි පාඨකයා ප්‍රශ්න කරනවා ඇත. එයට පිළිතුරවන්නේ අප කතා කරන මේ බුදුදහම තිබ්බත මහා යාන බුදුදහම බවය. එයට අනුව මරණ මංචකයේදී වුව නිර්වාණය පිණිස වන චින්තය ඇති කර ගැනීමට භාවනාව හුරු කළ අයට පුලුවන.

හින්දු ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථවලට අනුව (උපනිෂද් ධර්ම ග්‍රන්ථ) කර්මය මනුෂ්‍යය වර්ගයා වෙත මුදා හරිනු ලබන්නේ ඊශ්වර දෙවියන්ය. සීකයක්‌ අදහන සීක ආගමේ හැටියට මායාව නමැති බලවේගය විසින් මිනිසුන් පිට කර්මය පටවනු ලැබේ. මායාවට අවනත වන ආකාරයේ ප්‍රමාණයට අනුව කර්ම විපාකයේ ප්‍රමාණය තීන්දු වෙයි. ජෛන ආගමේ හැටියට කර්මය තීන්දුවන්නේ සිත කය වචනය සහ චිත්ත සන්තානයේ හටගන්නා විවිධ හැසිරීම් විසින් ආත්මයට ඇති කරන චලනය මතය. මෙය ඒ ඒ ආගම්වලට සාපේක්‌ෂ තත්ත්වයකි. කර්මය අවලංගුවන බවට මිලරේපා යෝගියා නගන තර්කය ඔහු අනුගමනය කරන මහායානයට සාපේක්‌ෂය.

ප්‍රංශ ජාතික දේශගවේශක කාන්තාවක වූ Alexandra Devid Neel 1924-28 කාලය තුළ තිබ්බතයේ උස්‌ කඳු අතර පිහිටි ලාමාවරුන්ගේ තාපසාරාමවලට ගොස්‌ ලැබූ අත්දැකීම් අලලා Mystic and Mystery in Tibet යනුවෙන් පොතක්‌ ලියා ඇත. ජෙට්‌සුන් මිලරේපා ශිෂ්‍යයකුව සිටි කාලයේදී මාස ගණන් ගත කරමින් ගිය ගමන් ගුප්ත ශාස්‌ත්‍රය උගත් පසු තප්පර කිහිපයකින් ගිය බවට සාක්‌ෂි තිබ්බතයේ මුඛ පරම්පරාගතව ඇති බව ඇය එම ග්‍රන්ථයේ විස්‌තර කර ඇත. යෝග ව්‍යායාම්වල එක්‌ අවස්‌ථාවකදී ඉතා වේගයෙන් ගමන් කිරීමේ තාක්‌ෂණයක්‌ ශිෂ්‍යයෝ උගනිති. මෙය එක්‌තරා යෝග ගුරුකුලයකට අයත් ශාස්‌ත්‍රයකි. තප්පරයක්‌ තුළ බඹ කිහිපයක්‌ ගමන් කළ හැකි ලාමාවරයෙක්‌ මිලරේපා යෝග ශාස්‌ත්‍රය උගත් තාපසාරාමයේ විය. එවැනි ලාමාවරයෙක්‌ Alexandra Devid Neel ටද හමු විය. "ඔහු ගමන් කළේ පොළවෙහි පාද ස්‌පර්ශ නොකරමිනි. දෙපා හුවමාරු වූයේ පොළොවෙන් ඉහළ අවකාශයේදීය "ඇය සිය පොතෙහි ලියුවාය. ඛLung - gom - pa ලෙස හැඳින්වෙන මේ ඇවිදීම එක්‌තරා ආකාරයක භවානාවකි. එය 'පවන්ධ්‍යානය' ලෙස හැඳින්වේ. මේ ක්‍රමය යොදාගෙන නොනැවතී දින කිහිපයක්‌ ගමන් කළ යෝගාවචර ලාමාවරු තිබ්බතයේදී Alexandra ට හමු විය. ජපානයේ කියෝටෝවේ හෙයි (Hiei) නමැති කඳුකරයේද මෙබඳු ක්‍රමවේදයන් යොදාගෙන ගමන් කරන මහායාන භික්‌ෂුහු සිටිති.

හිම කුණාටුවක්‌ වස්‌සවා, තිස්‌පස්‌ දෙනකු මරා කුඹුරු අක්‌කර කිහිපයක්‌ද විනාශ කිරීමෙන් පසු පැත්තකට වී කල්පනා කළ ජෙට්‌සුන් මිලරේපා තමා විසින් ගුප්ත ශාස්‌ත්‍රය යොදා ගත් ආකාරය වැරදි බව නිගමනය කළේය. නිවැරදි භාවනාව සහ යෝග ශාස්‌ත්‍රය උගෙනීම සඳහා ලොව පළමුවන මහායාන සූත්‍රය ලෙස හඳුනාගත් ප්‍රඥපාරමිතා සූත්‍රය මනා ලෙස හදාරා බෝධි සත්ත්ව තත්ත්වයට ගමන් කරන පිණිස අවශ්‍ය කරන මහායානික දැනුම සහිතව සිටි මාපා ලෝත්සව නමැති ගුරුවරයා වෙත මිලරේපා යොමු විය. ඉන්දියාවෙන් ගෙනා බෞද්ධ සූත්‍ර දේශනා තමන්ට ආවේනික යෝග ශාස්‌ත්‍රය සහ භාවනා ක්‍රම සමග ගලපමින් මහායානය පෝෂණය කිරීම ඔහුගේ කාර්යය විය. ශාස්‌ත්‍රය උගැන්වීමට පෙර, එකක්‌ සාදා නිම වන විට එය කඩා දමමින් තව එකක්‌ සැදීමේ ක්‍රමයට අනුව විශාල කුලුනු තුනක්‌ ඉදි කර තැබීමට මිලරේපාට සිදු විය. මේ කාර්යය නිමවූ පසු තට්‌ටු නවයක කුලුනක්‌ සාදන ලෙස මිලරේපාට නියෝග කෙරිණ. මිලරේපා විසින් තනි ශ්‍රමයෙන් 11 වන සියවසේදී සාදන ලද මේ විශාල ගොඩනැගිල්ල අදටත් තිබ්බතයේ තිබේ. මාපා තුමා වෙතින් මිලරේපාට ශාස්‌ත්‍රය ලැබෙන්නේ මින් පසුය. ගුරුවරයා යටතේ ශිෂ්‍යයා 12 වසරක්‌ උගත්තේය. ඉන්පසු zවජ්‍රධරZ නමැති තත්ත්වයට පත් විය. මහායාන බුදුදහමට අනුව වජ්‍රධර යනු පූර්ණ නිර්වාණයයි. එය පිළිගැනීම හෝ නොගැනීම අපේ වැඩකි.

වයස අවුරුදු 45 දී මිලරේපා ගල්ගුහාවක වාසය කිරීමට යයි. එහි කහඹිලියා කුලයේ ශාකයක පත්‍ර වියලා උතුරන වතුරට දමා පානය කිරීමෙන් පමණක්‌ උන්වහන්සේ ජීවත් වෙයි. මෙසේ දිගු කලක්‌ මේ දියරය පානය කිරීම නිසා උන්වහන්සේගේ ශරීරය කොළ පැහැ ගැන්වෙයි. කොල පැහැති සිරුරක්‌ ඇති මිලරේපාගේ සිතුවම් තිබ්බතයේ ඇත. අවුරුදු 63 දී උන්වහන්සේගේ දහවන වාර්තා වේ තිබේ.

යෝගි මිලරේපා අහසින් ගමන් කළ ස්‌වරූපයේ විශේෂත්වයක්‌ තිබේ. එතුමා අහසේ පා වුණේ නැත. ඔහු පොළොවෙන් අඩි කිහිපයක්‌ උඩින් අපට නොපෙනෙන තරම් වේගයෙන් දෙපා චලනය කරමින් ගමන් කළේය. එතුමා අදටත් තිබ්බතයේ වඩාත්ම ජනප්‍රිය යෝගියා වන්නේ ඒ නිසාය. නිතරම සතුටින් සිටි ඔහු ආගමික ගිත ගායනා කළ කෙනෙකි. මිලරේපාගේ සුවිශේෂ ආගමික ගුරුකුලයට අයත් අහසේ ඇවිදින යෝගීහු අදත් තිබ්බතයේ සිටිති.

(ලබන සතියේ - නලලේ හිලක්‌ විද තුන්වන ඇසක්‌ තැනූ ලොබ්සැං රම්පා යෝගියා)


අනුර සොලමන්ස්‌

2013 මාර්තු  31 ඉරිදා දිවයින

අහසේ පා වෙමින්ම විනාඩි 4 ක්‌

නිදාගත් අපූරු යෝගියා
ගුප්ත ශාස්‌ත්‍රයේ සත්‍ය අබිරහස්‌ 02

මනුෂ්‍යයකුට අහසේ පා විය හැකිද? අර්යහත්ඵල සමාපත්තියට සපැමිණි බෞද්ධ භික්‍ෂූන්, දෙවිවරුන් යනාදීහු අහසේ පා වෙමින් පෙළහර පෑ බව ඉතිහාසය අපට කියයි. එසේම ඇතැම් ආගම් වක්‌තෲන්ද අහසේ පා වූ බවට ලිත සාක්‍ෂි තිබේ. අහසේ පා වෙන මනුෂ්‍යයන්ගේ (සමහරවිට පිට සක්‌වල වාසීන් හෝ දෙවිවරුන්) රූප වසර විසි තිස්‌ දහස පැරැණි ගුහා චිත්‍ර ලෙස ලෝකයේ විවිධ රටවල අදටත් තිබේ. අහසේ පා වෙමින් දෙව්ලොව සිට පොළවට පැමිණි දෙවිවරුන් ලෙස අපේ ආදි මුතුන් මිත්තන් විසින් හඳුනා ගනු ලැබ සිටියෝ දෙවිවරුද?

යෝග ශාස්‌ත්‍රය ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ගුරුවරුන් සහ සෘෂිවරුන් අහසේ පා වීම ඉන්දියානු ගුප්ත ශාස්‌ත්‍රය තුළ බහුල සංසිද්ධියකි. සාමාන්‍යයෙන් යෝගිවරු සහ සෘෂිවරු මහජන ප්‍රදර්ශනය සඳහා සංදර්ශන මට්‌ටමින් අහසේ පා වන්නේ නැත. එසේ කරන්නෝ මැජික්‌ ශිල්පීහුය. උදාහරණයක්‌ වශයෙන් සුප්‍රසිද්ධ ඇමරිකානු මැජික්‌ ශිල්පියකු වන ඩේවිඩ් කොපර් ෆීල්ඩ් ප්‍රසිද්ධ සංදර්ශනවලදී අහසේ පා වෙමින් ප්‍රාතිහාර්ය දක්‌වයි. ඒ සඳහා අධ්‍යාත්මික බලයක්‌ හෝ ගුප්ත ශාස්‌ත්‍රයක්‌ ඔහු විසින් යොදා ගන්නේම නැත. එය ඉන්ද්‍රජාලයක්‌ හෙවත් ඇස්‌ බැන්දුමකි. මැජික්‌ ශිල්පියා එය කරන්නේ විවිධ භෞතික උපක්‍රම මාර්ගයෙනි. ඒ සඳහා ඔහු සිය ශරීරය පුරුදු කර ඇත.

එසේ නම් ඇස්‌බැන්දුම ක්‍රියාවලියෙන් පරිබාහිරව මනුෂ්‍යයකුට අහසේ පාවිය හැකිද? 13 වැනි සියවසේ විසූ ජෙට්‌සුන් මිලරේපා නමැති ලාමාවරයා අහසේ පාවෙමින් ප්‍රාතිහාර්ය කළ තන්ත්‍රයානික බෞද්ධ භික්‍ෂුවකි. ජපානයේ නින්ජා සටන්කරුවෝද අහසේ පාවෙමින් සටන් කිරීමේ හැකියාව ඇති අය ලෙස හඳුනාගෙන තිබේ. නම්‍යශීලී වීම සඳහා කය පුරුදු කළ පුද්ගලයකුට පොළොවෙන් ඉහළට පැන යම් ප්‍රමාණයකට පාවී ගොස්‌ බිමට පතිත වීමට ශක්‌තිය ඇත. මෙය හරියටම දුර පනින්නකුගේ ක්‍රියාකාරීත්වය හා සමානය. එහෙත් නින්ජා, සටන්කරුවන්ට අහසේ ඉහළට පැන එතැන් සිට පොළවට සමාන්තර සරළ රේඛාවක අහසේ විශාල දුරක්‌ ගමන් කළ හැකිය. මේ අතර අහසේ ගමන් කළ කතෝලික සාන්තුවරුන් 200 කට වැඩි ගණනක්‌ ගැන ආගමික පොත්වල විස්‌තර තිබේ. 1603 දී ඉතාලියේ ඇප්‍රලියා ප්‍රදේශයේ උපන්, පසු කාලයේදී කුපර්නිකෝවේ ජෝසෆ් ලෙස හඳුන්වන ලද සාන්තුවරයාද අහසේ පා වීමට හැකියාව තිබූ කෙනෙකි. අශ්ව ඉස්‌තාලයක උපන් ඔහු නූගතෙකි. එහෙත් අප්‍රමාණ ප්‍රඥවන්තයෙකි. සෑම වසරකටම හත් වතාවක්‌ දින අට බැගින් නොකා නොබී උපවාස කර විජලනය සඳහා කය පුරුදු කර ගත් හෙතෙම සතුන් සමග අදහස්‌ හුවමාරු කර ගැනීමේ හැකියාව ඉතා හොඳින් වර්ධනය කරගෙන තිබිණ. එක්‌දහස්‌ හයසිය ගණන්වල ජීවත් වූ අටවැනි උර්බාන් පාප්වහන්සේ ඉදිරිපිටදී මෙන්ම කාදිනල්වරු දෙදෙනෙක්‌ද, සාමාන්‍ය ජනයා ඉදිරිපිටද ඔහු අහසේ පාවී ඇත. ක්‍රිස්‌තු භක්‌තික සහ දේව සේවක කුපර්නිකෝවේ ජෝසෆ්තුමා මේ සියල්ල කළේ විසි අවුරුද්දක්‌ තිස්‌සේ නොකඩවා අධ්‍යාත්මික ශාස්‌ත්‍රය ප්‍රගුණ කිරීමෙන් පසුය. මේ ක්‍රමවේදය හැඳින්විය හැකි පෙරදිග නාමය වූ කලී භාවනාවය. එතුමා පොළොවෙන් ඉහළදී පෑ ප්‍රාතිහාර්ය පිළිබඳ ලිත සාක්‍ෂි ගණන සියය ඉක්‌මව වූ අතර එතුමාට පට බැඳ තිබූ නාමය වූයේ "පියාඹන ශ්‍රමණයා"ය. වරක්‌ දෙපැයක්‌ තිස්‌සේ අහසේ පා වූ එතුමා 1665 සැප්තැම්බර් 18 වැනිදා උණ රෝගයකින් මළේය. 1753 දී සාන්තුවරයකු ලෙස නම් කෙරුණ ජෝසෆ්තුමාගේ චරිතාපදානය එම වසරේදීම පළ විය. මේ අතර සාන්ත ජෝන් නමැති කතෝලික සාන්තුවරයා ද අවිලාවේ තෙරේසා නමැති සාන්තුවරිය ද අහසේ පාවීමේ හැකියාව තිබූ අය ලෙස වතිකානයේ ලේඛනවල සටහන් වී ඇත. මේ දෙදෙනා රෝමයේ සාන්ත පීතර දේවස්‌ථානයේ පියස්‌ස තෙක්‌ ඉහළ නැඟි බවට ලිත සාක්‍ෂි තිබේ. තමා කළ යහපත් ක්‍රියාවක්‌ නිසා සිත තුළ අධික උද්දාමයක්‌ හටගන්නා විට කිසිදු ආයාසයකින් තොරව තම සිරුර සැහැල්ලු වන බවත් ඉන්පසු තමා පාවීමට පටන්ගන්නා බවත් තෙරේසා සාන්තුවරිය කියා තිබේ. එංගලන්තයේ කැන්aටබරියේ ආච්බිෂොප් ලෙස කටයුතු කළ එඩ්මන්ඩ් සාන්තුවරයා 1242 දීද බෙත්ලෙහෙමේ ජීවත්වූ කන්‍යා සොයුරියක වන මේරි මාතාව 1700 දී ද දකුණු ආජන්ටිනාවේ විසූ සුවාරෙස්‌ පියතුමා 1911 දීද අහසේ පාවූ බවට සාක්‍ෂි තිබේ. මේ සියල්ල ලිත සාක්‍ෂි බව නැවත වරක්‌ මතක්‌ කර දෙමු. 1911 වනවිට ඡායාරූප කර්මාන්තය ලොවට හඳුන්වාදී තිබූ නමුත් සුවාරෙස්‌ පියතුමාග් ප්‍රාතිහාර්යය පෑ ඡායාරූපගත නොවීම විශාල අඩුවකි.

ලෝක ඉතිහාසය තුළ අධ්‍යාත්මික ශක්‌තියෙන් අහසේ පාවූ අයකුගේ පළමු ඡායාරූප සාක්‍ෂිය එන්නේ ඉන්දියාවෙනි. ඒ වූ කලී දකුණු ඉන්දියාවේ විසූ යෝගියකු වන සුබ්බයියා පුලවර් 1936 ජුනි 6 වැනිදා නරඹන්නන් 150 ක්‌ ඉදිරිපිටදී විනාඩි 4 ක කාලයක්‌ පොළවෙන් අඩි හතරක්‌ ඉහළ අහසේ පාවෙමින් නිද්‍රා සෙයියාවෙන් කළ භාවනාවය. 1936 ජුනි 6 වැනිදාට ඉතා පැහැදිලි අහසක්‌ සහ තද සූර්යාලෝකයක්‌ තිබූ දවසකි. සුබ්බයියා පුලවර් තුමා තම ප්‍රාතිහාර්යය පාන්නේ එදින මද්දහනේය. The Illastrated London News නමැති පුවත්පත මේ සිද්ධිය ගැන පින්තූර සහිත විශේෂාංගයක්‌ පළ කළේය. පී. වයි. ප්ලන්කෙට්‌ නමැති ඡායාරූප ශිල්පියා විවිධ කෝණවලින් මෙම අවස්‌ථාව ඡායාරූප ගත කළේය.

ප්‍රාතිහාර්යය සිදු වන්නේ මෙසේය. පුලවරතුමාගේ සේවකයෝ ඉතා හොඳින් ආවරණය වූ ස්‌ථානයක කූඩාරමක්‌ ඉදි කළහ. ස්‌තෝත්‍ර කීම ආරම්භ කළ පුලවර්තුමා කූඩාරම වටා ජලය වත්කරමින් එය තුළට පිවිස විනාඩි 5 ක්‌ ගත කළේය. ඉන්පසු යෝගිතුමාගේ සේවකයෝ කූඩාරම ඉවත් කළහ. එවිට දැක ගැනීමට ලැබුණේ කුමක්‌ද? පුලවර්තුමා පොළවෙන් අඩි හතරක්‌ උඩ තිරස්‌ අතට සමාධියකට සමවැදී සිටින ආකාරයය. ඔහු රෙදි වලින් ඔතන ලද යශ්ටියක්‌ දකුණු අතින් අල්ලාගෙන සිටි අතර වම් අත මත හිස තබාගෙන සිටියේය. යෝගිතුමාගේ සිරුරද, යෂ්ටිය වල දමා තිබූ ආධාරකයක්‌ ද යන්නද පරීක්‍ෂා කිරීමට ඕනෑම කෙනකුට අවසර ලැබිණ. ඊළඟට zපරීක්‍ෂකයන්Z ඉවත් කරන ලද අතර පුලවර්තුමා වටා කූඩාරම යළි ඉදිකරනු ලැබීය. මේ අතර ඡායාරූප ශිල්පී පී. වයි. ප්ලන්කෙම් කූඩාරම් රෙද්ද තුලින් හොරෙන් බැලුවේය. එවිට ඔහු දුටුවේ සැරයටිය අත්හල යෝගිතුමා ඉතා සෙමෙන් තමා සැකසී සිටි ආකාරයෙන්ම පොළවට පහත් වී නිද්‍රාවෙන් අවදි වූ බවය. එසේ පොළවට පහත් වීම සඳහා විනාඩි 5 ක්‌ ගත විය. මෙය පෘථිවියට බලපාන ගුරුත්වාකර්ෂණයේ සියලු නියමයන්ට විරුද්ධ ක්‍රියාවලියකි.

නැවතත් කූඩාරම ඉවත් කරන ලදි. යෝගි පුලවර් දිගටම සමාධියට සමවැදී සිටියේය. ඔහු හිස තබාගෙන සිටින අත දිගහරින ලෙස ඔහුගේ ආවතේවකරුවෝ රැස්‌aව සිටි අයගෙන් ඉල්ලූහ. එහෙත් එම අත මෙන්ම ඔහුගේ ඉතිරි අත ද දෙපාද දරදඬු වී තිබිණ. යෝගියාගේ අත්පාවලට වතුර වත් කළ ආවතේවකරුවෝ ඒවා පිරිමැද්දහ. යෝගි පුලවර් සමාධියෙන් අවදිව ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ එවිටය.

පෘථිවියට අඩි කිහිපයක්‌ ඉහළින් පාවීමේ හැකියාව මනුෂ්‍යයකුට ලැබෙයි නම් එහි තේරුම ඔහු තුළ ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධ හැකියාවක්‌ ගොඩනැඟෙන බව ය. මෙය බටහිර ලෝකයේ භෞතිකවාදය මගින් තේරුම් කළ හැකිද? යෝගි පුලවර් ඇතුළු ඉන්දියානු ප්‍රාතිහාර්යකරුවන් ගැන පොතක්‌ ලියූ වින්සන්ට්‌ ඡේ මැක්‌සිනිස්‌කි නමැති පර්යේෂකයා කියන පරිදි භෞතික විද්‍යාඥයන් විසින් භෞතික විද්‍යාත්මක පරිමිතියකට (අර්ථකතනයන්ට) අනුව තේරුම් කරන භෞතික විශ්වයට අමතරව අධ්‍යාත්මික විශ්වයක්‌ ද අප වටා තිබේ. එය ගුප්ත විද්‍යාත්මක විශ්වයකි. භූතාත්ම, යක්‍ෂ ප්‍රේත පිශාචාදීන්, දෙවිවරුන්, ඇසට නොපෙනෙන භෞතික නොවන බලවේගයන් පවතින්නේ මේ ගුප්ත විද්‍යාත්මක විශ්වය තුළය. භෞතික විශ්වය ඉක්‌මවා ගිය හැකි තරමට සිත දියුණු කිරීමටත් සිත එක අරමුණක පවත්වාගෙන යැමටත් ශක්‌තිය ඇති කර ගත්විට ගුප්ත විශ්වයට පිවිසීමට අපට හැකිය. මෙසේ ගුප්ත විශ්වයට පිsවිසෙන කෙනකුට කාලය සහ අවකාශය පිළිබඳ අයින්ස්‌ටයින්ගේ න්‍යායය ඉක්‌මවිය හැකිය. විශ්වයේ වැඩිම වේගයෙන් ගමන් කරන බලවේගය හෝ ද්‍රව්‍යය ආලෝකය බවත් තප්පරයට සැතපුම් එක්‌ලක්‍ෂ අසූහත්දහසක්‌ වූ එම වේගය ඉක්‌මවන බලවේගයකට (හෝ පුද්ගලයකුට) කාලය නමැති සාධකය තවදුරටත් බලපාන්නේ නැති බවත් මේ යුදෙව් ජාතික විද්‍යාඥයා සඳහන් කළේය. එහි තේරුම කාලය නවතින බවය. ආලෝක වේගය ඉක්‌මවිය හැකි භෞතික බලවේග තවමත් සොයාගෙන නැතත් මනුෂ්‍යය සිතුවිලි නමැති අධ්‍යාත්මික බලවේගයට එම වේගය ඉක්‌මවිය හැකිය. ඒ බැවින් ගුප්ත විශ්වයට පිවිසි භාවනාව වැනි ක්‍රියා හරහා අධ්‍යාත්මය ශක්‌තිමත් කරගන්නා කෙනකුට භෞතික විශ්වය ඉක්‌මවා යැමට පුළුවන. ආලෝකයේ වේගය පරදවන විට කාලය නැවතුණොත් අතීතය අනාගතය හරහා යැමට සහ ඒමට වර්තමානයේ සිටින පුද්ගලයාට පුළුවන. බුදු, පසේබුදු, මහරහත් යනාදීන් ආලෝකයේ වේගය ඉක්‌මවා සිතුවිලි මුදාහරින නිසා කාලය නවත්වා අනාගතය සහ අතීතය දැකීමට ඔවුනට පුළුවන.

යම් හෙයකින් යෝගිවරුන් සහ සෘෂිවරුන් චිත්ත ශක්‌තිය දියුණු කළ විට ඔවුනට ද තුන්කල් දැකීමේ හැකියාව ලැබෙයි.

සිත පුරුදු පුහුණු කරන යෝගියාට තමන්ට අවශ්‍ය අරමුණු කෙරෙහි සිතුවිලි ඒකාග්‍ර කර යොමු කළ හැකිය. චිත්ත බලයෙන් (අතින් නොඅල්ලා) ලෝහ කැබලි නවන යුරි හෙලර් නමැති ඊශ්‍රායල ජාතිකයෙක්‌ වෙයි. ඔහු අනුව යමින් සිත දියුණු කළ ඔහුගේ දියණියටද චිත්ත බලයෙන් හැඳි, ගෑරුප්පු වැනි ලෝහ කැබැලි නැවීමේ හැකියාව මේ වනවිට ලැබී තිබේ. එසේ නම් වඩාත් හොඳින් චිත්ත බලය දියුණු කරන කෙනකුට ගුරුත්වාකර්ෂණයට එරෙහිව කේන්ද්‍රොපසාරි බලවේගයක්‌ ඇති කළ නොහැකිද? එම ප්‍රතිවිරුද්ධ බලය තම සිරුරින් පිටතට යෑවීමට කෙනකුට හැකිනම් ඔහුට පෘථිවි තලයට ඉහළින්, ඊට සමාන්තරව ගමන් කළ හැකි බව න්‍යායයක්‌ වශයෙන් පිළිගත හැකිය.

පුබ්බයියා පුලවර් යෝගිතුමා මෙබඳු තාක්‍ෂණ එකක්‌ හෝ කිහිපයක්‌ ප්‍රගුණ කළ යෝගියෙක්‌ විය හැකිය. උන්වහන්සේගේ ක්‍රියාව අවිද්‍යාත්මක නොවේ. අවිද්‍යාව යනු හේතු ඵල අනුව පැහැදිලි ලෙස විස්‌තර කළ නොහැකි ක්‍රියාවලියයි. එහෙත් චිත්ත ශක්‌තිය යනු ඉතා පැහැදිලි දෙයකි. විද්‍යාත්මකව අර්ථකථනය කළ හැකි දෙයකි. 

(චිත්ත බලයෙන් අහසින් ගිය තවත් අය ගැන කතන්දර ලබන සතියේ කියවමු.)

අනුර සොලමන්ස්‌
2013 මාර්තු 24 ඉරිදා දිවයින