යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

මාතලේදී පොලාව පැලී ගස් ගිලා බහී

පෙර බුදුන් දවස දෙව්දත් තෙරැන් පො‍ළොව පලාගෙන අපාගතවූ පුවත යම් අයෙක් විශ්වාස නොකරයි නම් ඒ සඳහා කදිම නිදසුනකි මේ දැක්වෙන්නේ....

මාතලේ දුන්කලවත්ත දොරකුඹුර ප‍්‍රදේශයෙන් පොලොව පළා ගෙන දැවැන්ත ගස් දෙකක් ගිලා බැසීමේ සිද්ධියක් වාර්තාවේ. විශ්කම්භය අඩි 20-30 ක් පමණැති ආවාට දෙකක් මතුවී දැවැන්ත ගස් දෙකක් මෙසේ ගිලා බැස තිබේ. 19 දින හිටිහැටියේ මෙම ආවාට මතුවී කොස් ගසක් සහ කිතුල් ගසක් ගිලා බැස ඇත. දොරකුඹුර සීලවතී කුමාරිහාමි මහත්මියගේ වත්තක මෙම ආවාට මතුවී ඇති අතර අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ අඩි 60 ක් පමණ උසැති කිතුල් ගසක් මෙම ආවාට දෙකෙහි ගිලා බැස නොපෙනී ගොස් තිබේ. ඉකුත් සුනාමි පැවැති කාලයේදී මෙම ප‍්‍රදේශයේ නිවාස 400 ක පමණ බිත්ති ඉරිතලා හානි සිදුවූ අතර මීට පෙරද මෙම ස්ථානයට ආසන්න තැනක යකඩ ඉන්නක දිගේලිකර සිටි ගවයෙකු යකඩ ඉන්නද සමග පොලොව යටට ගිලා බැස ඇති බව ඉතිහාසයේ සදහන් වුවද එහි සත්‍ය අසත්‍යතාව තහවුරුව නැත. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ප‍්‍රදේශවාසීන් භීතියට පත්ව සිටිති.
December 20, 2012 at 8:34 am | Lanka C News. 

පෙර බුදුන් දවස උකුස්සකු විසින් පටාචාරාවන්ගේ දරැවකු රැගෙන යෑම සිහිගන්වන දර්ශනය.....

තන්තිරිමලේ බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා


Thursday, November 22, 2012



පොළොන්නරුව තිවංක පිළිමගෙයි සිතුවම් අතර පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙනා බව මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන අවා.

බොහෝ රට වල ගල්ගුහා වල තිබෙනා ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වල එවැනි ආකාරයේ රූප තිබෙනා බව වාර්තා වුනත් ලංකාවේ එවැන්නක් පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් නැත.

නමුත් තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් කිසිවිටෙකත් පිටසක්‌වල යානා බව හෙළිරදව් කර නැති නමුත් පෘථිවිවාසීන්ගේ කිසිම උපකරණයකට සමාන නැති "හඳුනා නොගත් සංකේත" බව කියවේ.

මේ ඒ පිළිබඳව පලවූ ලිපියකි.

ක්‍රි .පූ. 3500 තරම් ඈත කාලයේ වනගත දඩයක්‌කරුවන් ලෙස දිවිගෙවූ පෘථිවිවාසීන් එකවරම ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාර ගොඩනැඟුනේ කෙසේද? මහා ශිෂ්ඨාචාරවලින් ගුවන්යානා සහ අද්භූත ජීවීන් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබේ. 

මැටි පුවරු ලේඛන අනුව ඒ අද්භූත ජීවීන් පෘථිවිවාසීන් මෙහෙයවා උක්‌ත මහා ශිෂ්ඨාචාර ගොඩනගා ඇත්තේය. එකී ශිෂ්ඨාචාරවාසීන් දෙවිවරු ලෙස වන්දනා කළ අද්භූත ජීවීන්ගේ නික්‌ම යාමත් සමඟම ක්‍රි.පූ. 1400 තරම් ඈත කාලයේදී ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ශිෂ්ඨාචාර එකවරම අභාවයට ගිය බවටද මතයක්‌ ඇත. 

ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාරවල අවසාන භාගයට සමකාලීනව ලංකාව පුරා පැතිරී පැවැති ශිෂ්ඨාචාරයක තොරතුරු රංචමඩම, හල්දුම්මුල්ල වැනි ස්‌ථානවලින් මතුවෙමින් පවතී. 

මහා ශිෂ්ඨාචාරවල ඒ නොවිසිඳුණු ඉතිහාසයේ අප්‍රකට පැතිකඩක්‌ දැකිය හැකි පිටසක්‌වල ජීවීන්ගේ රූප සටහන් කීපයක්‌ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තන්තිරිමලයට දකුණින් පිහිටි බිල්ලෑව නමැති ප්‍රදේශයේ ලෙනකින් හමු විය. මේ නිසා වෙනත් ශිෂ්ඨාචාරවලට මෙන්ම මෙරට අභාවිත ශිෂ්ඨාචාරයකට ද ගුවන් යානා වලින් පැමිණි අද්භූත ජීවීන් මඟපෙන්වා ඇති දැයි මේ සොයාබැලීමට මේ සටහන ලියමි.

විජයාවතරණය වසර 400 පෙර එනම් ක්‍රි.පූ. 900 වන විට ලංකාවට ආර්යයන් පැමිණ ඇති බව අනුරාධපුර ඇතුල් නුවර කැණීම්වලින් තහවුරු වී ඇති සත්‍යයකි. මේ ආර්ය ජනාවාස වලට වඩා බොහෝ ඉපැරණි ක්‍රි.පූ. 1300 ආසන්න කාලයකට අයත් ග්‍රාමීය ජනාවාස පද්ධතියක්‌ රට පුරා ස්‌ථාන ගණනාවකින්ම හමු වී ඇත. 

ඉබ්බන්කටුව, රංචමඩම, හල්දුම්මුල්ල, කන්නරෝඩෙයි ආදී රට පුරා ස්‌ථාන ගණනාවකින් තහවුරු වූ උක්‌ත ග්‍රාමීය ජනාවාස වල අයිතිකරුවන් පාලි වංශ කතාවල "යක්‍ෂ" හෝ "වැදි" ලෙසත් ක්‍රි.පූ. යුගවල බ්‍රාහ්මී ශිලා ලේඛනවල "මිලක" ලෙසත්, අටුවා ග්‍රන්ථවල "ම්ලේඡ" ලෙසත් හඳුන්වා ඇති බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන්ගේ දියුණු පරපුරක්‌ විය හැකිය. ඉබ්බන්කටුව ආදී එම ස්‌ථානවලින් ලැබුණ වළං කටුවල ඇති කුරුටු අක්‍ෂර සංකේත සමකාලීන ඉන්දුනිම්න ශිෂ්ඨාචාරයේ රූපාක්‍ෂරවලට ඉඳුරා සමාන නිසා එකී ප්‍රාග් ජනාවාස ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ ජනාවාසවීමේ සම්භාවිතාව ඉහළ මට්‌ටමක ඇත.

මේ අප දන්නා ආදිවාසී ජනාවාසවලට වෙනස්‌ සංස්‌කෘතියකට අයත් කුරුටු සිතුවම් විශේෂයක්‌ ද ලංකාවේ වියළි කලාපයේ ස්‌ථාන කීපයකින් හමු වී ඇත. ආර්යයන්ගේ සහ ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ සංක්‍රමණ දෙකකට පෙර යුගයේ ලංකාවේ තනි අයිතිකරුවන් වූයේ බලංගොඩ මානවයාගෙන් පැවත ආ අපේම ඈත නෑයෝය. හද්දා පිටිසර බින්තැන්නේ හුදකලා දිවි ගෙවන වැදි ජනයා ඒ අතීත හුදකලා ලක්‌දිව උරුමකරුවන්ගේ නූතන පරපුරයි. පිටස්‌තර ලෝකය සමඟ අතේ දුරින් සබඳතා පවත්වා ඇති බලංගොඩ මානවයාගේ පරපුර පිටසක්‌වල ජීවීන් සමඟ සබඳතා පවත්වා ඇති බව ඔබට පිළිගත හැකිද? 


මේ පිළිබඳ ප්‍රබලම සාධකයක්‌ සහිත 01 රූපයේ දැක්‌වෙන ගුහා සිතුවම හමුවූයේ ආචාර්ය නන්දේව විඡේසේකර මහතාගේ "වැද්දන්ගේ විකාශන ක්‍රමය" නම් කෘතියෙනි. 

රූපය දෙස විමසිලිමත්ව බැලූ විට එකිනෙකට වෙනස්‌ ජීවීන් වර්ග දෙකක්‌ හඳුනාගත හැකිය. එක්‌ වර්ගයක්‌ හිස වටා රශ්මිමාලා සහිත අද්භූත ජීවීන් වර්ගයකි. අනෙක්‌ වර්ගය රශ්මිමාලා නොමැති සාමාන්‍ය මානව සිරුරය. හිසට බද්ද නොවූ හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ පිහිටි රශ්මිමාලාධාරී අද්භූත ජීවීන්ට වඩා මානවයන්ගේ සිරුරු ප්‍රමාණයෙන් කුඩාය. 

හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ සිතුවම් කර ඇත්aතේ ආලෝක කිරණ විය යුතුය. 01 - රූපයේ හිස වටා විහිඳුවන විශාල රශ්මිමාලා සහිත මානවරූපී අද්භූත ජීවීන් දහදෙනකුගේ සහ මානවයන් හය දෙනකුගේ රූප සටහන් දැකිය හැකිය. මේ රශ්මිමාලා සහිත ජීවීන්ගේ සිතුවම් ලෝකය පුරා හමු වූ පිටසක්‌වල ජීවීන්ගේ චිත්‍රයට නඟා ඇති සිතුවම් සමඟ බෙහෙවින්ම සමානය. 

මේ නිසා ඡේතවනාරාමයේ දෙවිවරුන්ට තම විමාන යානා ගොඩබැස්‌සවීමට පිටසක්‌වල ජීවීන් යාන නවතන "පිටසක්‌වල යානා තොටුපළක්‌" තිබෙන්නට ඇති බව සිතිය හැකිය. මේ පිළිබඳව සුවිශේෂී ගවේෂණයකට විද්වතුන් යොමු වේවා. 

අප දැන් යොමු වන්නේ තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති සිතුවම් පිළිබඳ හෙළිදරව් කිරීමටයි. නන්දදේව විඡේසේකර මහතා සම්පාදිත Per Historic Age නම් කෘතියේ මේ සිතුවම් පිළිබඳ අගනා විස්‌තරයක්‌ ඇත. ශිරාණි දැරැණියගල, අනුරාධ සෙනෙවිරත්න වැනි විද්වතුන්ගේ පර්යේෂණවලට පවා ලක්‌ වූ මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් කිසිවිටෙකත් පිටසක්‌වල යානා බව හෙළිරදව් කර නැත. නමුත් පෘථිවිවාසීන්ගේ කිසිම උපකරණයකට සමාන නැති "හඳුනා නොගත් සංකේත" ලෙස සාමාන්‍ය පෙළ චිත්‍ර මාලාවට පවා ඇතුළත් මේ චිත්‍ර නැවත කියවිය යුතුය. 


2 වැනි රූපයේ දැක්‌වෙන සංකේතය බොහෝ පොත් පත්වල සූර්යයා ලෙස හඳුන්වා ඇත. නමුත් බිල්ලෑව ලේනේම සූර්යයා දැක්‌වෙන වෙනත් චිත්‍රයක වෘත්තයකින් නික්‌මෙන රශ්මිමාලාව මිස රශ්මිමාලාව වටා බාහිර රේඛාවක්‌ නැත. 

මැද පිහිටි වෘත්තාකාර කොටසකින් නික්‌මෙන ආලෝක ධාරාව කරත්ත රෝදයක ගරාදි මෙන් චිත්‍රයට නඟා ඇති බව සිතිය හැකිය. 

හඳුනාගත් පියාසර වස්‌තූන් පිළිබඳ පොත්පත් බොහොමයක මේ හැඩයේ පියාඹන පීරිසියක රූපයක්‌ දැකිය හැකිය. මේවා අතරින් එබඳු හඳුනා නොගත් පියාසර වස්‌තුවක සුප්‍රකට ඡායාරූපයක්‌ 2003 වසරේ මැයි 17 දින නෙදර්ලන්ත වැසියෙකු ගෙන ඇත. මෙහි ඡායාරූපයක්‌ සහිත විස්‌තරයක්‌ පිටසක්‌වල ජීවීන් නමැති ග්‍රන්ථයේ ඇත. (පිටසක්‌වල ජීවීන්. සජීව බණ්‌ඩාර, ප්‍රකාශය ගුණසේන, 173 පිටුව) 

බිල්ලෑව ලෙන සහ පිටසක්‌වල ජීවීන් අතර සම්බන්ධතාව හෙළිදරව් වන සුවිශේෂිම රූපය වන්නේ 3 රූපයේ දක්‌වා ඇති සිතුවමයි. මේ සිතුවම මානව රූපී නොවන සත්ව රූපීද නොවන අප දන්නා වෙනත් උපකරණයක ද සමාන කමක්‌ නොමැති සංකේතයක්‌ වැනිය.


වෘත්තාකාර කවපෙත්තක්‌ වැනි කොටස ආධාරකය මත තැබූ විට එහි දාරය සහිත පැත්තෙන් මේසයක්‌ මත තැබූ පිඟානක්‌ මෙන් පෙනිය යුතුය. 

නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර ශිල්පියෙකු නූතන චිත්‍ර කලා මූලධර්ම වලට පටහැනිව ආධාරකය මත හිසට ඉහළින් ඇති වෘත්තාකාර වස්‌තුවක්‌ පෙනෙන ආකාරයට කවපෙවත්තක්‌ වැනි කොටස සිතුවම් කර ඇත.

මෙය සැලකිල්ලට ගෙන වෘත්තාකාර කොටසේ දාරය සහිත මූණත ඉදිරියට පෙනෙන ලෙස තැබූ විට පෙනිය හැකි ආකාරය 4 - රූපයේ කල්පිතව දක්‌වා සකස්‌ කර ඇත. එසේම 4 - රූපය ඇසුරින් යානාව ගොඩබැස්‌සූවිට පෙනුන ආකාරය 05 - රූපයේ මා විසින් අඳින ලද චිත්‍රයෙන් දැක්‌වෙයි. 

"යානය" වේගයෙන් පැමිණියා. නෙෆ්ලිම්වරු (දේව දරුවන් ලෙස එනමින් හඳුන්වා ඇත්තේ ද අනුනාකිවරුය) විසින් ගින්නෙන් මිනිසුන්ගෙන් ගැහැනුන් වෙන්කළා. ඔවුන් තෝරාගත් ගැහැනුන් බිරියන් ලෙස රැගෙන ඒ බලවතුන් (අනුනාකිවරු) ටික දිනකට ඉවත්ව ගියා. ඉන්පසුව අනුනාකිවරු සහ ගැහැනුන් (පැහැරගත්) ආපසු පැමිණියා. ගැහැනුන්ට දරු උපතක්‌ සිදුවිය. ඔවුන් (දරුවන්) බෝ වන්නට වූ අතර, ඔවුන් බලවත් විය. මිනිසුන්ගේ ගෞරවයට ලක්‌වුණා. මිනිසුන් වහලුන් බවට පත්වුණා." 
(පරණ තෙස්‌තමේන්තුව (උපත්ති කතා, 6.1 - 4) 


උක්‌ත බයිබල් කතාව අනුව නෙෆ්ලිම්වරු හෙවත් අනුනාකිවරු නමැති අද්භූත ජීවීන් විසින් කාන්තාවන් පැහැර ගැනීමක්‌ පුරාතන බයිබලයට පාදක වූ සුළු ආසියාවේ ද රටක සිදුවී ඇත. මේ බයිබල් විස්‌තරයට සමාන සිදුවීමක්‌ 1 - රූපසටහනේ දක්‌වා ඇතැයි සිතිය හැකිය. 

මේ මානව රූපී රශ්මිමාලාධාරීන් පෘථිවිවාසීන් නොවන බව හඳුනාගැනීමට කදිම ප්‍රවේශයක්‌ බෞද්ධ සාහිත්‍යයේ ඇත. මංගල සූත්‍ර දේශනාවේ නිදාන කතාවේ මධ්‍යම රාත්‍රියේ ඡේතවනාරාමය ආලෝකවත් කරමින් පැමිණි දෙවිවරු පිළිබඳව සඳහන්ය. ඡේතවනාරාමයට එම ජීවීන් (දෙවිවරු) පැමිණ ඇත්තේ රාත්‍රියේදී ආලෝකධාරා විහිදුවාගෙන ඡේතවනාරාමය ආලෝකවත් කර ගෙනය. 

මඡ්ජිමනිකායට්‌ඨ කතාවේද ශක්‍රදෙවියා දුන් "විමාන" යානාවල නැගී බුදුන්වහන්සේ අපරාන්තයට වැඩම කළ බවත් සඳහන්ය. වෛමාන ශාස්‌ත්‍ර නමැති ග්‍රන්ථයේ විමාන නමැති ගුවන් යානා ගැන දීර්ඝ විස්‌තරයක්‌ ඇත. 

මේ නිසා "විමාන"නමැති යාත්‍රා පුරාණ ඉන්දියානුවන් දැනසිටි අහස්‌ යාත්‍රා විය යුතුය. මෙකී විමානවලින් පැමිණි අය "දෙවිවරු" ලෙස හඳුන්වා ඇත්තේ ඔවුන් පෘථිවිවාසීන්ගෙන් වෙන් කර දැක්‌වීමට විය යුතුය. ඒවා අද UFOLOGY නම් හඳුනානොගත් පියාසර වස්‌තූන් ගවේෂණය කරන විද්‍යාවෙන් අනාවරණය කරගත නොහැකිව සිටින යානා විය යුතුය. මෙය සත්‍ය නම් අතීත ඉන්දියාවේ බුදුන්වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමයට විමාන නමැති යානා වලින් පැමිණ දෙවිවරු ලෙස හැඳින් වූ ජීවීන් අද වචනයෙන් කිවහොත් පිටසක්‌වල ජීවීන් විය හැකිය. බුදුන්වහන්සේ තම දෛනික කාල සටහනේ රාත්‍රී යාමය වෙන් කර තැබුවේ දෙවිවරු සහ බ්‍රහ්මයන් ලෙස හැඳින් වූ පෘථිවිවාසීන් වෙනුවෙන්ය. 

3 - රූපයේ හැඩයට ඉතාම සමාන පිටසක්‌වල යානාවක්‌ 1976 මාර්තු 08 දින ස්‌විසර්ලන්ත වැසියෙකු ඡායාරූපගත කර ඇත. 3 - රූපයේ සංකේත ලෝකය පුරා පිටසක්‌වල යානා පිළිබඳ වාර්තා ඇසුරෙන් "බ්‍රිතාන්‍ය හඳුනානොගත් පියාසර වස්‌තුන් පිළිබඳ පර්යේෂණ සංගමය" විසින් කල්පිතව සකස්‌ කරන ලද පිටසක්‌වල යානාවට ද ඉඳුරා සමානය. මේ නිසා 3 රූපය ආදිවාසීන් දර්ශනය වූ පිටසක්‌වල යානාවක්‌ ලෙස සැලකිය හැකිය. 

මේ නිසා 3 රූපයේ දැක්‌වෙන්නේ ආධාරකයක්‌ මත ගොඩබස්‌වා ඇති පිටසක්‌වල යානාවක්‌ විය යුතුය. ආධාරකය හකුලුවා ගුවන්ගත වූ විට 6 - රූපයේ ආකාරයට පෙනෙන්නට ඇත. මෙවැනි කවපෙත්තක හැඩයට ආකාශයේ ගමන් කරන යාත්‍රාවල රූප සහිත කුඤ්ඤ අක්‍ෂර ලේඛන පුවරු ගණනාවක්‌ම සුමේරියානු ශිෂ්ඨාචාරයෙන් හමු වී ඇත. 

ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පෙරදිග සංස්‌කෘතික අධ්‍යයන අංශයට බෙනෝ ලෑන්ඩ්බර්ග් (Benno Landsberger) සහ ඡේ. වී. කිනියර් විල්සන් (J.K. Kinnier Wilson) යන දෙදෙනා විසින් "එනමු - ඉල්ෂ් පුවරු පහ (The Fifh Tablet of Enumu - Elish) හිසින් විශිෂ්ඨ නිබන්ධනයක්‌ ඉදිරිපත් කළේය. 

මේ නිබන්ධනයේ ඇත්තේ නිබිරු නමැති යානාවලින් පෘථිවියට පැමිණෙන අද්භූත ජීවීන් වර්ගයක්‌ තම යානා පෘථිවියට පහත් කිරීම ඇසින් දුටු සාක්‍ෂියක ලිත සටහනකි. 

7 - රූපයේ දැක්‌වෙන්නේ කවපෙත්තක හැඩැති යානාවකින් ගමන් කරන එම අද්භූත ජීවීන්ගේ කැටයමකි. එබැවින් 3 - රූපයේ දැක්‌වෙන්නේ සමකාලීන සුමේරියානුවන් පවා කැටයමට නඟා ඇති පිටසක්‌වල යානාවලට සමාන පිටසක්‌වල යානාවකි. 

මේ නිසා සුමේරියානු ශිෂ්ඨාචාරයට සමාන්තරව පැවති අභාවයට ගිය දැනට අප නොදන්නා ශිෂ්ඨාචාරයක්‌ ලංකාවේ ද තිබුණු බව මේ විශිෂ්ඨ රූප සටහන ඉඟි කරයි. එබැවින් රංචාමඩම, හල්දුම්මුල්ල යන ස්‌ථානවලින් මෑතකදී පාදාගත්තේ බිල්ලෑව චිත්‍රශිල්පීන්ගේ පරපුර පිටසක්‌වල නෑයන්ගෙන් පැවත එන පරපුරක්‌ද? 

බිල්ලෑව ලෙනේ ඇති අනෙක්‌ සුවිශේෂී සිතුවම 8 රූපයේ දක්‌වා ඇති මානව රූපී අද්භූත ජීවීන් දෙදෙනාය. මෙම රූප දෙක කොටුකර ඇත. මොවුන්ගේ කායික අංක ලක්‍ෂණ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස්‌ය. අතේ ඇඟිලි තුනකි.

එසේම අසාමාන්‍ය ලෙස දිගැටි විශාල හිස්‌ කබලේ ඉහළ අඟක්‌ වැනි කොටසක්‌ ද ඇත. මේ රූපය දෙස බැලූ විට කිසියම් මනුෂ්‍ය රූපී අද්භූත ජීවින් දෙදෙනෙකු බව අනුමාන කළ හැකිය. ඉපැරණි සුමේරියානු ශිෂ්ඨාචාරය හා සම්බන්ධ පිටසක්‌වල ජීවීන්ගේ කැටයම් කර ඇති රූපවල ද සත්ව හිස්‌ සහිත මානව රූපී ජීවීන් දැකිය හැකිය. බයිබලයේ පැරණිතෙස්‌මේන්තුවටත් වඩා ඉපැරණි කොප්ටික්‌ නමැති භාෂාවකින් ලියූ ලේඛන විශේෂයක්‌ ඊශ්‍රායලයේ මළමුහුද අසලින් හමු විය. එම ලේඛනවල අනුනාකිවරුන්ගේ දේහ ලක්‍ෂණ විස්‌තර කර ඇත්තේ මෙසේය. 

"අනුනාකිවරු විටෙක මත්ස්‍ය රූපී මානවකයන් (Fish human)) සිංහ රූපී මානවයන් ((Lion human) පක්‍ෂිරූපී මානවකයන් (Bird human)) ලෙසත් වෙනත් සතුන් ලෙසත් මිනිසුන් ඉදිරියට පැමිණියහ. මේ නිසා අනුනාකිවරු දෙවියන් ලෙස හඳුන්වා මිනිසුන් වන්දනා කළා. මෝසස්‌ එයට දරුණු ලෙස විරෝධය පෑවා. පසුකලෙක ප්ලීඩියස්‌වරු (Pleidians) නමැති (අනුනාකිවරුන් වැනිම මිසරයේ සිටි අද්භූත ජීවීන් කොටසකි) ඊජිප්තුවේ පාරාවෝ තුන්වන ස්‌වර්ණමය යුගයේදී මෝසස්‌ විසින් දේව වන්දනා කළ සුමේරියන්වරුන්ව විනාශ කිරීමට මිසරවරු මෙහෙයවීය. මිසර - සුමේරියා වැසියන්ගේ බිහිසුණු යුද්ධයෙන් සුමේරියන්වරු ජයගත්තේය." 

බිල්ලෑව ගුහාවෙන් පියාඹන පීරිසි ලෙස සැළකිය හැකි යානා දෙකක රූපසටහන් ද හමුවීම නිසා මේ අද්භූත ජීවීන් එම යානාවලින් පැමිණි පිටසක්‌වල ජීවීන් විය නොහැකිද? පිටසක්‌වල යානා ලෙස සැලකිය හැකි යානා හා අද්භූත ජීවීන් අතර රූපික සම්බන්ධයක්‌ ද පෙන්විය හැකිය. 

1) 7 රූපය අහසෙ ඈත පාවෙන පිටසක්‌වල යානාවකි. 
2) 3 රූපය ආධාරකය මත නවතා ඇති පිටසක්‌වල යානාවකි. 
3) 8 රූපයෙන් දක්‌වා ඇත්තේ පිටසක්‌වල යානාවකින් එළියට පැමිණි පිටසක්‌වල ජීවීන් දෙදෙනකි. 


මෙම රූප සටහන් නිහඬව පවසන සත්‍ය වන්නේ බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන් වූ අපේ ඈත නෑයන් සහ පිටසක්‌වල ජීවීන් අතර සබඳතාවක්‌ ඉතිහාසයේ ඈත යුගයකදී තිබුණු බව පමණි. එසේම ඉබ්බන්කටුව ආදී බොහෝ ප්‍රාග් ජනාවාසවල මෙගලිතික්‌ සොහොන් සමාන වන්නේ අසල්වාසී දකුණු ඉන්දියාවට නොව ඈත ඉන්දුනිම්නයේ හරප්පා නගරයේ සොහොන් කොත්වලට වීම පුදුම සහගතය. මේ සමානකම වෙළෙ¹ම හරහා රටවල් දෙකක්‌ අතර ඇතිවූ සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ බව ඉන්දුනිම්නයෙන් හමු වූ ලංකාවේ මැණික්‌ සහ ඉබ්බන්කටුව ආදී මෙගලතික්‌ සොහොන්වල ඇති ඉන්දුනිම්න රූපාක්‍ෂර සාක්‍ෂි දරයි. 

මේ නිසා ඉන්දු නිම්න වෙළෙඳුන් පිටසක්‌වල ජීවීන්ගේ සහාය ඇතිව ලංකාවේ මැණික්‌ ආදී සම්පත් ගෙන ගිය බව සිතිය හැකිය. නමුත් ඉන්දුනිම්න මහා ශිෂ්ඨාචාරය ආර්යයන් විසින් විනාශ කිරීම නිසා ලංකාවේ තිබූ ඉන්දුනිම්න ජනාවාස හුදෙකලා වන්නට ඇත. මේවා සංවර්ධනය වෙමින් ක්‍රි.පූ. 900 දී ආර්ය සංක්‍රමණය වනතුරු ස්‌වාධීනව පවතින්නට ඇත. රංචමඩම, හල්දුම්මුල්ල සහ ඉබ්බන්කටුව ඇති ඉන්දුනිම්න ජනාවාස පැහැදිලිවම ආර්ය ජනයාගෙන් වෙනස්‌ සහ ඊට පූර්වගාමී එකකි. 

ඉහත නිගමනය නිසා අපේ ඉතිහාසයේ අඳුරු යුගයක්‌ ආලෝකමත් වෙයි. අප දැනට දන්නා ඉතිහාසයෙන් බැහැරව අපේ යටගියාව සෙවිය යුතු බවට මේ සිතුවම් අපව දිරිමත් කරයි. 

-ලලීන්ද්‍ර සන්නස්‌ගම මහතා විසින් විසින් 2011 ඔක්තෝබර් 26 වනදා දිවයින පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරෙනි-

තිවංක පිළිමගෙයි ඇඳ ඇති පිටසක්වල ජීවියෙකුගේ බවට සැක කරන බිතු සිතුවම හා ඒ පිළිබඳ පෙර ලිපිය පහතින්.

ලෝක විනාශය බුදු ඇසින්

රාජකීය පණ්ඩිත මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමියෝ විස්තර කරති.


සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට, මෙලොවට පැයූ පූර්ණ චන්ද්‍රායමාණ ව උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ දත් සියලු ධර්මයන් අතුරෙන් උතුම් නිර්වාණයට හේතු වන්නා වූ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මෙලොව සත්වයා හට දේශනා කොට වදාළහ. ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි.
මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය. උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්ම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි.
නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි. මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලොක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද දක්නට ලැබේ. ලෝක විනාශය දෙසැම්බර මාසයේ සිදුවෙතියි බොහෝ දෙනා කියති. දුක්වෙති. ආරක්ෂක පියවර ගිනිති. මෙය අස්ථාන බියකි. 
මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවට තථාගතයන් වහන්සේ විසින් දේශිත සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරින් කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි.
සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන මෙම සූත්‍ර ධර්මය තුළින් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ කරුණු සඳහන් කරයි. ලෝක විනාශයට බලපාන හේතූන් කිහිපයකි. එනම් ජලයථ ගින්න හා සුළඟය. මෙම සූත්‍ර දේශනාවේ ගින්නෙන් සිදුවන ලෝක විනාශය පිළිබඳ බාහිර පරිසරයෙන් උපමා උපමේයන් මනාව යොදා ගනිමින් පැහැදිළි කර තිබේ. 
නමුත් අප වටහා ගත යුතු විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ නිසින් ලෝකය විනාශ වන අයුරු දක්වාලමින් මේ සූත්‍රය ඇසුරෙන් ශ්‍රාවකයන්ට වෙසෙසාම අවබෝධ කරලීමට උත්සාර කර ඇත්තේ සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍යතාව, අස්ථිර බව හා අශාස්ව ස්වභාභාවය පිළිබඳවයි. මෙම සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවකය. එහිදී භික්ෂු සංඝයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය. දිගු කල් නොපවත්නා බැවින් අස්ථිරය, අශාස්වතය. එබැවින් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කළකිරීමට, නො ඇලීමට හා ඉන් මිදීමට සුදුසුය.
මහාමේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ හාර දහසකි. පළලින්ද එසේමය. මහ සයුරෙන් ඉහළටද, පහළටද යොදුන් හාර දහස බැගින් ය. යම් කලෙක වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක් වර්ෂාව නොමැතිව මහා නියඟයක් ඇති වන්නේය. එවිට බොහෝ ගස් වැල් ආදීහු, ඖෂධ ගස් වැල් ආදීය, තෘණ වර්ග, වනස්පතී නම් වූ විශාල වෘක්ෂයෝ ද සම්පූර්ණයෙන් වියැළී විනාශ වන්නේය. මෙසේ බොහෝ කාලයක් ගත වීමෙන් දැඩි නියඟය පවතින කල්හී දෙවැන හිරු උදා වන්නේය. එසේ තවත් බොහෝ කාළයක් ගත වූ කල්හී කුඩා නදී, ඇළ දොළ ආදිය වියැළී, මහත්සේ වැයැළී නැවත හට නොගන්නා තත්ත්වයට පත් වේ. මේ අයුරින් තවත් බොහෝ කාලයක් ගත වූ විට තුන්වැනි සූර්යයාද පහළ වේ. එබඳු වූ තත්ත්වයක් තුළ ගංගා, යමුනා, අචිරවතී, සාරභූ, මහී යන මහා ගංගාවෝද සම්පුර්ණ වශයෙන්ම නැවත හට නොගන්නා ලෙසටම වියැළී යන්නේය. තවත් වර්ෂ ගණනාවක් ඉක්ම ගිය කළ හතර වන සූරියාද උදා වේ. ඉහතින් සඳහන් කරන ලද මහා ගංගාවන් හටගන්නේ අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිණි මහා විල් වලිනි. මෙසේ හතරවන හිරුගේ බලපෑමෙන් එම මහා විල් ද නැවත හට නොගන්නා ලෙසට වියැළී විනාශ වේ.
එසේ සිදු වී තවත් බොහෝ කාළයක් ගත වූ විට පස් වැනි වූ සුර්යයාද පහළ වේ. එකළ මහ සයුරේ ජලය යොදුන් සිය ගණනක්, දෙසිය ගණනක් ආදී වශයෙන් පියවරෙන් පියවර යොදුන් හත්සියය දක්වා අඩුවේ. පසුව මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ජලය ඉතිරිව එයද ක්‍රමයෙන් එක් පුරුෂයකුගේ උස ප්‍රමාණයට අඩුවේ. එම ජලයද පුරුෂයෙකුගේ උස ප්‍රමාණයට ද, දණහිස ප්‍රමාණයට ද, පිට පතුලේ ප්‍රමාණයට ද අඩුවේ. මෙහිදී උදාහරණයක් දක්වා තිබේ. එනම් සරත් සෘතුවෙහි මහා  වැසි වසින කළ ගොනුන්ගේ පියවර තැබූ තැනෙක මහ පොළොවෙහි සටහන් වූ ගොන් කුරක ප්‍රමාණයට බිම ජලය ඉතිරි වේ. ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. මහ සයුරේ ජලය ද අවසන ඉතිරි වන්නේ එබඳු ප්‍රමාණයකි. ඒ ඇඟිලි පුරුකක් තෙමෙන්නටවත් ප්‍රමාණවත් නොවන බව දක්වයි. මෙසේ තවත් බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසුව හය වැනි සූර්යයාද උදා වේ. එකල්හි මහ පොළොව, මහාමේරු පර්වතරාජයා දුම් දමන්නට පටන් ගනී. ක්‍රමයෙන් අධික ලෙස දුම් දමයි. එයද බුදුරදුන් උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ කුඹල් කරුගේ පෝරණුවෙහි දුම් දමන්නේ යම් සේද ඒ ආකාරයට බවය.
එසේ මහා පොළවද මහාමේරුවද දුම් දමමින් තවත් බොහෝ කාළයක් පවත්නා කල්හි හත්වන සූර්යයාගේ උදා වීම සිදු වේ. එවිට පෙර සිට දුම් දමමින් තිබූ මහ පොළොව හා මහමේරු පර්වතය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගිනියි. දිලිසෙමින් අධිකව දැවෙමින් එකම ගිනි ජාලාවක් බවට පත් වේ. මේ මහා ගිනි ජාලාව නිවීමට මහ සයුරේවත් ජලය නොමැත. මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරයි. (සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.) මෙසේ මේ මහා විශ්වය එකම ගිනි ජාලායක් බවට පත් වූ විට මහා මේරු පර්වතයෙන් යොදුන් සිය ගණන්, දෙසිය ගණන්, පන්සිය ගණන් වශයෙන් විශාල වූ ගල් කුට්ටි පිපිරී විසි වීමට පටන් ගනියි. නමුත් මෙම ගිනි ජාලාවේ අළු හෝ දැලි ඉතිරි නොවන බවද දක්වයි. ගිතෙල් පහනේ අළු හෝ දැලි ඉතිරි නොවන්නා සේය.
ක්‍රමයෙන් බොහෝ කල් ඇවෑමෙන් හත්වැනි හිරු දක්වා හිරු උදාවීමෙන් සිදු වන මේ මහා විනාශයන් පිළිබඳ යමක් අවබෝධ කැර ගැනීමට, පිළි ගැනීමට, තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ සෝවාන් මඟ ඵලවත් ලාභී පුද්ගලයාටම පමණක් බව දේශනා කර තිබේ. මෙම දේශනාවේ තවත් කරුණු රාශියක් සඳහන් වේ. එනම් පෙර කළෙක සිටි සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිය ගණනක් වූ තම ශ්‍රාවකයන්ට බඹලොව ඉපදීමට හේතු වන අයුරින් ධර්ම දේශනා කරයි. එම ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය ධර්මය පිළිපැද බඹලොව උපදී. යම් පමණකට තේරුම් ගෙන පිළි පැදි අය සදිව්‍ය ලෝක වලද, මිනිස් ලොව බ්‍රාහ්මන, ක්ෂත්‍රීය ආදී මහාසාල කුලවල ද උපදී.
ඉන් පසු සුනෙත්ත නම් එම ශාස්තෘට මෙබඳු වූ අදහසක් පහළ විය. මම ද පරලොවදී මාගේ ශ්‍රාවකයන් ඉපැදුණු බඹ ලොවෙහි ඉපදුණහොත් පසමාන බවට පත් වන බැවින් මා ඉන් ඉහළ තත්ත්වයකට පත් වෙමියි සිතා හත් වසරක් සිත පුරුදු කොට එම අනුහසින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනේය. ලෝකය විනාශවන සෑම කළකම මොහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිම වාසය කළේය. මනුෂ්‍ය ලෝකයට නොපැමිණි යේය. මොහු නම් මහා බ්‍රහ්මයාය. අනෙක් සියලු බ්‍රහ්මයන් මැඩ බවත්වමින් තමාම ප්‍රධානියා ලෙස ජීවත් වියත නැවත ලෝකය සකස්වන කල්හි දෙව් ලොවට පැමිණ 36 වරක් ශක්‍ර පදවියද මිනිස් ලොව සිය ගණනක් සක්විති රාජ්‍යත්වය ද දරමින් සිව් මහා සයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවි තලයම ධාර්මිකව, දඩුවමින් තොරව පාලනය කළේය. මොහුට සත් රුවන, සතුරන් මැඩලන පුත්‍රයෝද පහළ වූහ. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ මෙම සුනෙත්ත ශාස්තෘවරයා දීර්ඝායු ලැබුවත් ඔහු විසින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දෝම්නස් ආදී වූ ගින්නෙන් නොමිදුනු බවයි. ඒ කවර හේතුවකින් ද යත් මොහු විසින් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකළ හෙයිනි.

භාග්‍යවතුන් වහන්සේ වනාහී මෙම උතුම් ධර්මයන් මනාව අවබෝධ කොට, භව තෘෂ්ණාව දුරු කරන ලද බැවින් නැවත උපතක් නැත්තේය. ඒකාන්තයෙන් පිරිනිවි සේක්මය.

මෙහි එක් එක් කරුණක් පාසාම පියවරෙන් පියවර සංස්කාරක ධර්මයන්ගේ ඇති අනිත්‍ය, අස්ථිර, අශාස්වත බව සඳහන් කර තිබේ.

මෙහිදී අප වඩාත් විශේෂයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් පවතී. එනම් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ දැක්වෙන මෙම සූත්‍ර දේශනාව තුළින් එක් එක් සූර්යයාගේ පහළ වීම සිදු වූ කාලවලදී සිදුවන සිදුවීම් ද, අවසන මහා පොළොව හා මහාමේරුව ගිනි ගෙන දැවී විනාශ වන ආකාරයද ඉතා පැහැදිලිව දැක්වේ. මායාවරුන්ගේ දිනදර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දා ලියා ඇත්තේ 13.0.0.0.0 වශයෙනි. එහි තේරුම එම කැලැන්ඩරය එදිනෙන් අවසන් බව බවයි. බොහෝ දෙනා ඒ අනුව කියනුයේ ඉන් පසු ලෝකයක් නැති බවයි. මහා සයුරේ ජලය ගොන් කුරක පමණ, ඇඟිලි පුරුකක් තෙමෙන්නට පමණ නොවන මට්ටමකට අඩු වන කාලයක් නම් අද හෙටම මීළඟ සතියේ ඇති වේද? බොහෝ වර්ෂ දස දහස් ගණනක් ඇවෑමෙන් පියවරෙන් පියවර සිදු වන මේ දෙය තව දින කිහිපයකින් සතියකින් සිදු වේ යැයි පැවසීම නම් මහා මිත්‍යාවක්මය. එම මිථ්‍යාවක් පිළිගන්නා උදවිය තථාගත ශ්‍රී සද්ධර්මය පිළිපදින්නෝ, විශ්වාස කරන්නෝ නම් නොවන්නේය. අනිසි බිය, මිථ්‍යා මත හැරදා අද අදම ආගමානුකූලව සුචරිතකාමී ජීවිත ගත කිරීමට පුරුදු වීම වටී. බාහිර ලෝකය කෙසේ වුවද බොහෝ අය තම තමන්ගේ ලෝකය නම් විනාශ කරගෙන හමාරය. කය, වචනය, හිත නොහික්මුණු අසංවර, දුසිල්වත් බොහෝ දෙනා විවිධ දූෂිත ක්‍රියා කරමින් ආගමට දහමට ගරහාමින් කටයුතු කරති. මෙලොව මෙන්ම පරලෝවද පිරිහුණු එබඳු අය ඒකාන්ත වශයෙන්ම අපාගාමී වෙති.
ආගම දහමට අනුකූලව කය වචනය, හිත සංවරව, හික්මුණු, සිල්වත් ජීවිත ගත කිරීමට පුරුදු වන්න. අනිසි බිය දුරලන්න. මිත්‍යා සංකල්පය නොව සම්මා සංකල්පයට නැඹුරු වන්න. ඔබට යහපත් වූ ජීවිතයෙන් ඒකාන්ත වශයෙන් සැප ඵල විපාක උදා වන්නේය.
(මන්දාරම්නුවර විමලවශ හිමියෝ ඉඹුල්ගොඩ අමුණුගොඩ ශ්‍රී අමර විහාරය හා අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාමය යන උභය විහාරයාධිපති පදවිය ද පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවේණේ ආචාර්ය පදවිය ද හොබවති. )
2012 දෙසැම්බර් මස 13 15:32:14 | තරිඳු ජයවර්ධන


මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමි





මහ සයුරෙන් මතුවන අද්භූත නාගරාජයා

මීට වසර කෝටි ගණනකට පෙරාතුව මේ මහා පෘථිවි තලයේ ජීවත්වූ අරුම පුදුම ශරීර වලින් සමන්විත වූ සත්ව කොට්ඨාස පිළිබඳව පසුගිය කල්හි ලොව තැනින් තැන කරන ලද පුරා විද්‍යාත්මක කැණීම් වලදී හෙළිකර ගැනීමට හැකි විය. ඒ ඩයිනසෝර් යුගයේ විසූ අපූරු සත්වයින් සහ උරගයින් මෙන්ම විවිධ හැඩතල වලින් යුතු ජීවිතවල පාෂාණභූත ඇටසැකිළි සොයාගෙන ඒ පිළිබඳව සියුම් පර්යේෂණ කරද්දී වත්මන් ලොව එවන් ජීවමාන සත්වයකු ඉන්නට ඇතැයි කීම මොන තරම් විශ්මයට හේතුවක් දැයි සිතෙනු ඇත. මීට වසර හයකෝටි තුන් ලක්ෂයකට පෙර මේ මිහිකත නිජබිම කරගෙන සිය අණසක පතුරවමින් සිටි ‘ඩයිනසෝර්’ යුගයෙන් පසු එළැඹි ක්ෂීරපායි යුගයෙන් ශේෂ වූ අති දැවැන්ත උරගයකු තව දුරටත් මහ පොළවට උරුමකම් කියමින් නිමක් නැති මහා සාගර පත්ලේ ජීවත් වෙතැයි කීවොත් එය ඔබ අප ඉමහත් සේ පුදුමයට පත්කරනු නොඅනුමානය. එහෙත් පුදුම විය යුතු නැත. එය සම්පූර්ණ සත්‍යයක් බවට ඔප්පු වී හමාරය. දේහ විලාශයෙන් මහා ප‍්‍රාකාරයකට සමාන ශබ්දයට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි ක්ෂණයකින් මහා සාගරය දෙබෑකොට මතු වී ඇසිපිය හෙළීමකටත් පෙර අතුරුදන් වීමේ දස්කමක් ඇති මෙම විශ්මිත උරග විශේෂය පිළිබඳව ව්‍යාජත්වයෙන් තොර ඓතිහාසික සාක්ෂි සහ තොරතුරු පවා තිබීමෙන් පෙනී යන්නේ මේ අත්භූත සංසිද්ධියට අනාදිමත් අතීතයක ශ්‍රී විභූතියක් ඇති බවයි.
මනඃකල්පිත හැම කතාන්තරයකම සත්‍ය පැත්තකුත් තිබේ. ඒ සත්‍ය පැත්ත ද මහ සයුරම හෙළිකරයි. ඊට හේතුව අපි හැම දෙන සහ ගොඩබිම සත්ව ලෝකයේම නිජබිම ද එක් කලෙක මහ සයුර වීමයි. එබැවින් කලක් තිස්සේ කල්පිත වූ සිතුවිල්ලක් සේ මේ උරගයා පිළිබඳව වගතුග ද මහ සයුර විසින්ම ලොවට පෙන්වා දෙනු ලැබුවේ 16 වැනි සිය වසෙහි ස්වීඩනයේ ජීවත් වූ ‘‘ ඕලොප් මැග්නස්ට්’’ (Orlop Megnest) නම් අග‍්‍ර රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ රචිත ග‍්‍රන්ථයක් මගිනි. ඈත දියඹේ මසුන් මරණ ධීවරයන්ගෙන් හා විවිධ නාවික සංචාරකයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව සකස් කරන ලද එම ග‍්‍රන්ථයේ විස්තර වන්නේ අති විශ්මිතවූ ‘‘අත්භූත නාග රාජයෙක්’’ පිළිබඳවය. මහ සයුර දෙබෑ කරමින් උඩට මතු වී සැණෙන් අතුරුදන් වන මෙම උරගයා පිළිබඳව එම වාර්තාවේ මෙසේ සඳහන්ය. ‘‘මේ අරුම පුදුම උරගයා මහා පවුරක් සේ අඩි 180-200 පමණ දිගය. සිරසින් පළල් වූ මහා පෙන ගොබය අඩි 20-22 පමණ පළලින් යුතුය. අති දැවැන්ත පෙන ගොබයෙන් විවර වූ මුඛයෙන් වැඩුන මීගවයින් දෙතුන් දෙනකුට එකවර ගමන් කළ හැකි තරම්ය. දෙනෙත් මහා ගිණි පුළිඟු දෙකක් මෙන් රෞද්‍රය. පිට පෙදෙස කාල වර්ණයෙන් යුතුවන අතර උදර පෙදෙස සුදු පැහැ ගනී. චීන ජනතාව විශ්වාස කරන ‘‘මකරා’’ (Dragon) මෙන් දේහ විලාශ ඇති මෙම අත්භූත උරගයාට මහ සයුර දෙබෑකර මතුවී අතුරුදහන් වීමට ගතවන කාලය තත්පරයකටත් අඩු විය හැකිය.
සාගර රළපතර මතින් අඩි 30-40ක් අහසට එසවී රුදුරු දෑස් විවර කර තියුණු උල් දත් ඇති මුඛයෙන් දිව එළියට දමා බිහිසුණු විලාශයක් මවාගන උගේ ක්ෂණික අතුරුදහන් වීම වෙනුවෙන් ගිලෙන විට සාගරයෙන් මහා හඬක් පිටවෙයි. දෙබෑවූ ජලකඳ සැණෙන් පෑහී යයි. ඇස් අදහාගත නොහෙන විශ්මිත වූ මේ පුරාවෘතය ප‍්‍රචලිත වීමත් සමඟම එවන් තවත් අපූරු අත්දැකීමක් ලද ප‍්‍රංශ ජාතික ගවේශකයන් දෙපළක් ඡුායාරූපයක් සහිතවම තවත් වාර්තාවක් ලොවට හෙළිකරන්නට සමත් වූහ. පැසිපික් සාගරය හරහා නාවික ගවේශණයක යෙදුණු මොවුන්ට  ඕස්ටේ‍්‍රලියාවට ආසන්න සාගර ගල්වැටියකට බරදී සිටි මේ අති දැවැන්තයා දැකීම මවිතයට හේතුවක් විය. බිය සහ ත‍්‍රාසය ද ඇති කළේය. සිරුරේ සුවිශාල කැපුම් තුවාල සහිතව ඉමහත් වේදනාවකින් සිටි අතර එය මහ සයුර හරහා ගමන්ගත් විශාල නැවක දැති රෝදයකින් සිදුවූවක් විය හැකි බවට ඔවුන් අනුමාන කරන ලදී.
දුරදක්නය නිවැරදිව සකසා බැලූ කළ ඔවුන්ට දැක ගත හැකිවූයේ මේ උරගයා ද ගොඩබිම වෙසෙන නාගයකුගේ (Cobra) ස්වභාවය ගන්නා බවයි. පළල් වූ පෙණ ගොබය, ගිණි පුළිඟු නෙත් දෙක, ලා රතුවන් මුඛය සහ තියුණු උල් සහිත දත්, කලූ සුදුවන් සිරුර ඔවුන්ට පැහැදිවම සනාථ කරගත හැකි විය. එහෙත් සිරුරෙහි අඩක් පමණ ජලයට ගිලී රළ පහරත් සමඟ ඉහළ පහළ යමින් තිබිණ. සාමාන්‍යයෙන් අඩි 80-100ත් අතර දිග ප‍්‍රමාණයකින් යුතු යයි ඔවුන් අනුමාන කළහ. මේ සුවිශාල දැවැන්තයාගේ ඡායාරූපයක් ගත හැකි වුවද එක් සැණෙකින්ම රළ පහරෙහි කිමිදී අතුරුදන් විය. ප‍්‍රංශ ජාතික ගවේශකයින්ගේ වාර්තා සහ ඡුායාරූපත් සමගම ලොව පුරා විදුදරුවන්ගේ පර්යේෂණ ඇසට බඳුන් වූ මේ අත්භූත උරගයා පිළිබඳව සොයන්නට උත්සුක වූ බවක් පෙණින. විශේෂයෙන්ම ප‍්‍රංශ ජාතිකයින්ගේ ගවේශණ වාර්තාවන්ට අනුව පැසිපික් සාගරය ආශි‍්‍රතවම සියුම් පරීක්ෂණ සහ ‘විදු ඇස’ යොමු කරන ලද අතර බොහෝ කාරණා කාරණා ඔවුන්ට ලඟා කර ගත හැකි විය. ගැඹුරු සාගර පත්ලට යාහැකි විශේෂිත ‘සබ්මැරීන’ උපයෝගී කරගෙන පැසිපික් සාගරයේ ‘මරියානා’ ආගාධයට සමීප කිලෝමීටර් 3ක් පමණ ගැඹුරැුති සාගර පත්ලෙහි දිගින් අඩි 200-250ක් පමණ වූ නිශ්චල උරගයකු සිටින බව දැකගත හැකි වූ අතර ඝණ අන්ධකාරය තුළින් උගේ සිරුර පුරා ආලෝක ධාරාවක් විහිදෙමින් තිබිණ. නවතා ඇති රාත‍්‍රී දුම්රියක මැදිරිවලින් නිකුත් වන ආලෝකයට සමාන වූ ආලෝකයක් එයින් නිරූපණය විය. කිසිදු කලබල ගතියක් නොපෑව ද කිසියම් අනතුරක සේයාවක් හෝ නැති නම් තමා පිළිබඳව කවුරුන් හෝ අවධානයකින් සිටින බවක් ඉවෙන් මෙන් දැනගත් නිසාදෝ ක්ෂණයකින්ම එම ආලෝකය නිවී ගිය අතර සාගර පත්ල ඉමහත් සේ කැළඹිල්ලකට ලක්විය.
මේ අතර සෝවියට් නාවික හමුදාවේ සෙබළ පිරිසක් ‘‘ඇන්ටාටික්’’ සාගරයට ඉහළින් හෙළිකොප්ටරයකින් ගමන් කරද්දී ද මේ අරුම පුදුම උරගයා දැකගෙන තිබේ. ගමන් ගත් යානය අඩි 100ක් ම පහත් කර එය නිරීක්ෂණය කරද්දී ඔවුන්ට අනුමාන කරන්නට ලැබුණේ මේ සත්වයා අඩි 50ක් පමණ දිගැති බවයි. තවත් වැඩිදුර නිරීක්ෂණය කරන්නට ඉඩ නොතබාම ඌ ජලධාරා අතර ගිලී නොපෙනී ගියේය. ලොව වටා අපුරු පුවත් මවමින් ජනතාව මවිතයට පත්කරමින් ‘‘මුහුදු නාගයා’’ ලෙස නම් ලැබූ මේ උරගයා එක්වර විශාල පිරිසකට දැකගත හැකි වූයේ වර්ෂ 1947 දී පමණය. සංචාරකයෝ පිරිසක් පිරිවරා ‘‘ශාන්ත ක්ලේරා’’ (Sent Clayra) නෞකාව පැසිපික් සයුර හරහා ගමන් කරද්දී මේ අරුම පුදුම උරගයා ඔවුන්ට දැකගත හැකිවී තිබේ. අහම්බෙන් මෙන් එම නෞකාවේ හැපී තුවාල ලද ඌ සැනෙකින්ම මතුවී ගිලී ගියේය.
වර්ෂ 1948 දී  ඕස්ටේ‍්‍රලියාව අසළින් ගමන්ගත් නෞකාවක මගීන්ටද අසිරිමත් මුහුදු නාගයාගේ රුදුරු බව දැකගත හැකිවිය. අඩි 80ක් පමණ දිගින් යුතු යැයි විශ්වාස කළ හැකි බවට ඔවුන්ගේ නාවික වාර්තාවලින් හෙළිවෙයි. දැවැන්ත නාගයකුගේ රුවින් යුතු රුදුරු විලාශයක් ගන්නා වූ මේ උභය ජීවියාගේ ක්ෂණික අතුරුදන්වීමේ වේගය තත්පරයකටත් අඩු කාලයක් බව ඔවුන්ට පසක් කර ඇත. සයුරෙන් මතු පිටට අඩි 20-30ක් උඩට ආ මුහුදු නාගයා නැවත සයුර දෙබෑකර අන්තර්ධාන විය. වර්ෂ 1956 දී නෝර්වේජියානු ජාතික ජීව විද්‍යාඥයින් වූ ‘‘ආචාර්ය මීඞ් වෝල්ටර්’’ සහ ‘‘නිකල්ස් ජේ. මයිකල්’’ යන දෙදෙනාට බ‍්‍රසීල මුහුදේදී මෙවන් අරුම පුදුම නාගයකු දක්නට හැකි වූ බව වාර්තා කර තිබේ. මෙයට පෙර ගවේශකයන් හා විද්‍යාඥයන් දුටු අත්භූත මුහුදු නාගයා මෙන් මෙම නාගයාද සැණෙන් අතුරුදන්වීමට අති දක්ෂයෙකි. මිනිසුන් බිය වද්දමින් හෝ මිනිසුන්ට දර්ශනය වෙමින් මහ සයුර දෙබෑකොට මතුවී රුදුරු බවින් මුව විලිස්සා අතුරුදන් වන්නේ කුමක් නිසාදැයි මේ විද්‍යාඥයෝ සැක පහළ කරති. ආචාර්ය ‘මීඞ් වෝල්ටර්’ සහ ‘නිකල්ස් ජේ. මයිකල්’ යන විද්වතුන්ගේ මතය ගරු කළ නෝර්වේ රජය මේ වෙනුවෙන් සියුම් පර්යේෂණ කළයුතු බවට යෝජනා කළේය. ඊට තවත් ආසන්නතම හේතුව වූයේ නෝර්වේජියානු දේශ ගවේශකයකු වූ ‘ටෝහියර්’ නම් පුද්ගලයා නෝර්වේ අසළ මහ සයුරේදී දුටු අත්භූත ‘මුහුදු නාගයා’ පදනම් කරගෙනය. එහෙත් අහඹු සිදුවීමක් සේ දැක ගැනීමට හැකි වුවද පර්යේෂණයක් කරමින් මේ සත්වයා දැක ගැනීමට නොහැකිවීම අභාග්‍යයක්ම විය.
ලොව විවිධ රටවලින් විවිධ ගණයේ ‘මුහුදු නාගයා’ පිළිබඳ වාර්තා ආවත් ඒ කිසිවක් නිත්‍ය හා සුබවාදී පර්යේෂණයකින් සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත නොහැකි විය. ‘‘අවසන් වශයෙන් ජගත් විදු දරුවන් පොදු වාර්තාවක් සකසමින් මේ සත්වයා කිසිම විටෙක මිනිස් ග‍්‍රහණයට හසුනොවන දර්ශනයට ලක් වුවද සැනෙකින්ම අතුරුදන්වන, අත්භූත ජීවියෙකු යයිද, මහසයුරෙහි ‘හරස් සහ තිරස්’ අතටත් මොහොතකින් කිමිදීමට සමත්කම් දක්වන ඌට ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි බවද වාර්තා කළේය. කාලාන්තරයක් තිස්සේ පර්යේෂණවලට පාදකවූ ඩයිනසෝර යුගයේ විසූ උභය ජීවියකු වියහැකි වුවද මනඃකල්පිත චරිතයකට හිමිකම් කී ඌ සත්‍ය පුරාවෘතයක් බවත් හෙළිකළේය. එපමණක් නොව මේ කල්පිත බව තව තවත් තිව‍්‍ර කරන්නටම මේ සත්වයාට වෙඩිතබා වුව ඝාතනය කළ නොහැක්කේ උගේ ක්ෂණික අතුරුදන් වීමේ අසීමිත ශක්තිය නිසා බවත් ජලයේ ඝණත්වයට වඩා උගේ බර ප‍්‍රමාණය අධික නිසා මරා දැමුවද ඒ මළ සිරුර මුහුදු පතුලටම කිඳා බසින බවද වාර්තා කළේය’’. වත්මන් විදුතතු අනුව ඌ ‘මුහුදු නාගයා’ වුවද කුමන සත්ව කොට්ඨාසයකට අයත් දැයි තවම නිශ්චිත කර නැත්තේය. එහෙත්, ප‍්‍රංශ ජාතික ජීව විද්‍යාඥ ”ගියාර්ඞ්” පවසන්නේ දැනට ලැබී ඇති සත්‍ය ගවේශන තොරතුරු සහ සාක්‍ෂි මත වරින් වර මහ සයුර දෙබෑකරගෙන මතු වී අදෘෂ්‍යමාන වන මෙම සත්ව කොට්ඨාස ආදී කල්පිත යුගයට අයත් ‘‘ඉතියෝර්’’ හෝ ‘‘මිතියෝර්’’ යන උරඟ ගණයට අයත් වඳවීගෙන යන සත්ව පරපුරක් බවයි.
නාලගමුවේ උබේසේකර කුමාරසිංහ
2012 දෙසැම්බර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය



සිංහලෙන් "ආයුබෝවන්" කියමින් සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගිය වොයේජර් යානය

Tuesday, October 9, 2012

රන් ආලේපිත තැටියක පෘතුවියෙන් පණිවිඩයක් රැගත් වොයෙජර් 1 යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට යෑමට ආසන්නයේ මේ වනවිට පවතින බව බව නාසා ආයතන විශ්වාස කරනවා.


සිංහලෙන් "ආයුබෝවන්" යන හඬ එම රන් ආලේපිත තැටියේ අඩංගු අතර එම යානය මේ වනවිට පවතින්නේ කිලෝමීටර් බිලියන 18.3ක දුරිනි.

නාසා ආයතනය විසින් ග‍්‍රහලෝක ගවේෂණය සඳහා වොයෙජර් 1 හා වොයෙජර් 2 නම් ස්වයංක‍්‍රීය අභ්‍යවකාශ යානා දෙක එකිනෙකට විරුද්ධ දිශා දෙකකට අභ්‍යාවකාශ ගතකරණු ලැබුවේ මීට වසර 35කට පෙර 1977දීය.

බ‍්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග‍්‍රහලෝක හතරට සමීප වෙමින් 1979-89 කාලය තුළ මේ යානා දෙක අති විශාල තොරතුරු හා ඡයාරූප සමුදායක් රේඩියෝ සංඥා මගින් පෘථිවියට සම්පේ‍්‍රෂණය කළා.

කිසිදු ග‍්‍රහලෝකයකට ගොඩ නොබැස සමීපවීම් හරහා පමණක් මේ ගවේෂණයන් කළ වොයෙජර් යානා දෙක අනතුරුව අපේ ග‍්‍රහමණ්ඩලයෙන් පිටත ඈත අභ්‍යවකාශයට ගමන් කිරීමට සළස්වා තිබෙන අතර ඒවා අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට ගිය බව දැනගැනීමට ඇත්තේ සාධක තුනකි.

සූර්යයාගෙන් ලැබෙන අංශු ප්‍රමාණය එවිට අඩු වියයුතු අතර තාරුකාවලින් ලැබෙනා කොස්මික් කිරණ වැඩි විය යුතුය.

අනෙක් සාධකය වන්නේ චුම්බක ක්ෂේත්‍රයයි. සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය බුබුලක ආකාරයෙන් සෞරහග්‍රහමණ්ඩලය වටා පවතින අතර එයින් එපිටට යන්නේ නම් වොයේජර් 1 වටා ඇති චිම්බක ක්ෂේත්‍රයයේ දිශාව වෙනස් විය යුතිය

මේ වනවිට මුල් සාධක දෙක සපුරා ඇතත් තුන්වන සාධකය තවමත් සපුරා නැහැ.



මේ වන විට මිනිස් සංහතිය උඩුගුවන් ගත කළ යානාවලින් පෘථිවියෙන් වැඩි ම දුරකට ගොස් ඇත්තේ මේ යානා දෙකයි. අභ්‍යවකාශයේ වේගය බාල වීමක් නැති නිසා මේ යානා දෙක දිගින් දිගට ම සියවස් ගණනක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කරනු ඇත.

එහි අඩංගු බැටරි වල ආයු කාලය 2020 දක්වා පවතින නිසා එතෙක් පෘතුවියට පණිවිඩ එවීම සිදුකළ හැකි අතර යානා දෙක කිසිදු නිශ්චිත ඉලක්කයක් කරා ගමන් නොකළත් වෙනත් තරුවකට ළගා වන්නට තව වසර 40,000ක් වත් ගත වේ.

මිනිස් සංහතියේ යාන්ත‍්‍රික නියෝජිතයා ලෙස විශ්වයට යන මේ දුතයන් දෙදෙනා තුළ විශ්ව පණිවුඩයක් තැන්පත් කර තිබෙන රත්රන් ආලේපිත තඹ තැටියක් ඇති අතර එහි සිංහල බසින් "ආයුබෝවන්" යන හඬ අඩංගුය.

පෘථිවි ග‍්‍රහලෝකය හා මානව වර්ගයා නියෝජනය කැරෙන විවිධ ශබ්ද හා රූප රැසක් එහි තැටිගත කොට තිබෙන අතර යම් දිනෙක බුද්ධිමත් ජීවීන්ට මේ යානා මුණ ගැසුණොත් ඔවුන්ට වොයෙජර් යානා නිපද වූ හා අභ්‍යවකාශයට යැවූ මානව වර්ගයා පිළිබඳ ඉගියක් ලබා දීම එහි අරමුණයි.

මෙය සම කළ හැකි වන්නේ මුහුදේ පාළු දුපතක අතරමං වූවකු බෝතලයක් තුළ පණිවුඩයක් ලියා සාගර රැලි අතර එය පාකොට යැවීමටයි.


වොයෙජර් යානාවල තැන්පත් කළ ශබ්ද හා රූප තැටිල අපෙන් විශ්ව සාගරයට යැවෙන බෝතල් පණිවුඩයකට සමාන බව එම අදහසේ මූලිකයා වූ අමෙරිකානු තාරකා විද්‍යාඥ හා කෝනෙල් සරසවියෙ ආචාර්ය කාල් සේගාන් පවසා තිබුණා.

මිනිස් හඩට අමතරව අකුණු, ගිගිරුම, මුහුදේ රළ බිඳෙන සැටි, සැඩ සුළග ආදී සොබා දහමේ ශබ්ද, කුරුළු නාද, තල්මසුන්ගේ සංගීතමය හඩ ආදී විවිධ සතුන්ගේ ශබ්ද එම තැටියට ඇතුළත් වී තිබෙනවා.

එමෙන්ම විවිධ සංස්කෘතීන් නියෝජනය කැරෙන පරිදි සංගීත ඛණ්ඩයන් ගණනාවක් ද එහි අඩංගු අතර පෘථිවියේ ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වය ඡයාරූප ගොන්නකුත් එහි අඩංගුය.

මේ තැටියේ අන්තර්ගතය තීරණය කිරීමේ භාරදුර වගකීම නාසා ආයතනය කෝනෙල් සරසවියෙ විද්‍යාඥ පිරිසකට පැවරූ අතර කෝනෙල් සරසවිය යනු විද්‍යා – කලා ක්‍ෂෙත‍්‍ර දෙකෙහි ම පෙරමුණ ගත් අමෙරිකානු සරසවියක් නිසා මෙබදු ඓතිහාසික තේරීම් ක‍්‍රියාවලියකදී තිබිය යුතු බහුවිධ ක්‍ෂෙත‍්‍ර නියෝජනය හරිහැටි සිදු වුණා.

එසේ නොවන්නට එය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ සංකීර්ණ ක‍්‍රියාවලියක් වන්නට ඉඩ තිබුණි.

ලෝකයේ කථා කැරෙන භාෂා 55කින් යුත් ඉතා කෙටි සුභාශිංසන පණිවුඩ මේ තැටියේ ශබ්ද අතර තිබෙනවා. කවදත් තම ජාතිකත්වයට වඩා දුර දැක්මකින් ක‍්‍රියා කළ කාල් සේගාන්ට ඕනෑ වුණේ හැකි තාක් මානව සංහතිය නියෝජනය කරන ආකාරයේ රූප-ශබ්ද එකතුවක් හදන්නටයි.

එහෙත් ඒ සඳහා ඔහු ඇතුළු කෝනෙල් සරසවියේ පිරිසට තිබුණේ මාස කිහිපයක කාලයක් හා සීමිත මුදල් ප‍්‍රතිපාදනයක් පමණයි.

ඔවුන්ට උදක් ම ඕනෑ වුණේ ලෝකයේ වැඩිපුර ජන සංඛ්‍යාවක් කථා කරන භාෂා 25කින් මේ තැටියට සුභාශිංසන ලබා ගන්නටයි. ඒ ඉලක්කය ළගා වූ පසු තවත් භාෂා 30කට එය පුළුල් කරනු ලැබුවා. සිංහල භාෂාව එයට එක් වූයේ එලෙසයි.

එහෙත් භාෂා 55ක සම්මාදම කෙටි කලක් තුළ ලබා ගැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වු අතර කෝනෙල් සරසවියේ එවකට සිටි ශිෂ්‍යයන්, ඇදුරන් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන් අතරින් ලෝකයේ භාෂා රැසක් කථා කරන පුද්ගලයන් සොයා ගන්නට හැකි වුණා.

"පිටසක්වලට ඔබේ භාෂාවෙන් ඉතා කෙටි පණිවුඩයක් දෙන්න" යන පොදු ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස නොයෙක් දෙනා විවිධාකාරයේ අදහස් ගැබ් වූ කෙටි වාක්‍ය තැටිගත කළ අතර කිසිදු රජයක හෝ තානාපති කාර්යාලයක හෝ නිල ආයතනයක මැදිහත්වීමක් මේ සඳහා තිබුණේ නැහැ.


සිංහලෙන් මේ සුභාශිංසනය විශ්වයට යැවීමේ දුර්ලභ අවස්ථාව ලැබුණේ ආචාර්ය කමල් ඩි ආබෲ (Dr Kamal De Abrew) නම් ලාංකිකයාටයි. මෙය සිදු වී ඇත්තේ අහම්බෙනි.

කල ඔහු සිය ආචාර්ය උපාධියට කෝනෙල් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙකි. සේගාන්ගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටියා සිංහලෙන් පණිවුඩයක් දෙන ලෙස. ඒ අනුව ඉතා කෙටි එහෙත් අපේ සංස්කෘතිය හරවත් ලෙස නියෝජනය කැරෙන "ආයුබෝවන්" යන වචනය ඔහුගේ හඩින් මේ තැටියට ලබා දුන්නා. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු හැටියට විවිධ සරසවිවල සේවය කර ඇති ආචාර්ය ඩි ආබෲ තවමත් සක‍්‍රීය සරසවි ඇදුරෙකි.

කමල් ඩි ආබෲ එසේ 1977 වසරේ දිනෙක කෝනෙල් සරසවියේදී පැවසූ "ආයුබෝවන්" වචනය හිස් අභ්‍යවකාශය හරහා අපෙන් ඔබ්බට ඇදී යන අතර එකිනෙකට වෙනස් දිශාවලට යොමු වී ඇති වොයෙජර් 1 හා 2 යානාවල ඇති විශ්වයට යැවෙන පණිවුඩයල අපේ වර්ගයාට වැඩි කාලයක් පවතිනු ඇත.

ලෝක නායකයන් අතරින් මේ තැටියේ ලිඛිත පණිවුඩ යවා ඇත්තේ එවකට සිටි අමෙරිකානු ජනාධිපති ජිමී කාටර් සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කුර්ට් වෝල්ඩයිම් පමණයි. මෙය දේශපාලකයන් දුරස්ත කළ විද්වතුන්, කලාකරුවන් හා සාමාන්‍ය මිනිසුන්ගේ සාමුහික ප‍්‍රයත්නයක් කළ කාල් සේගාන්ට අප ස්තූතිවන්ත විය යුතුය.


"අපට ලෙහෙසියෙන් සිතා ගත නොහැකි තරම් ඉදිරි අනාගතයේ දී, එනම් අදින් වසර මිලියන් ගණනක් ගෙවී ගිය පසු අපේ පෘථිවියේ මහාද්වීප වෙනස් වී ජීවීන් මුළුමනින් පරිනාමය වී හෝ වඳ වී හෝ තිබිය හැකියි. අපේ විවිධ ශිෂ්ඨාචාරයන් ඉදි කළ සියල්ල කාලයාගේ ඇවෑමෙන් දුවිලි බවට පත්වනු ඇති.

එහෙත් මේ සියල්ලෙන් දුරස්තව විශ්වයේ යම් තැනෙක 1977දී අප උඩුගුවන් ගත කොට යැවූ වොයෙජර් යානා දෙක අපේ රූප හා හඩ පමණක් නොවෙයි, අපේ සිහින හා පැතුම් ද රැගෙන ගමනේ යෙදෙනු ඇති. යම් දිනෙක මුළු මිහිතලය වෙනුවෙන් විශ්වයේ ඉතිරි වන්නේ එය පමණක් ද විය හැකියි." යනුවෙන් ආචාර්ය කාල් සේගාන් පවසනවා.


ඇත්තට ම මෙබදු තැටියක් වාදනය කොට අපේ රූප හා ශබ්ද ග‍්‍රහණය කිරීමෙන් අපේ ලෝකය හා එහි විවිධ සභ්‍යත්වයන් ගැන දළ හැගීමක් හෝ ලබන්නට පිටසක්වල ජීවීන්ට හැකි වේද? මෙයට හරි පිළිතුරක් දීමට අපහසු නමුත් විශ්වයේ අප වැනි හෝ අපටත් වඩා දියුණු ජීවීන් වාසය කරන බව අද බහුතරයක් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

වොයේජර් තුල අඩංගු විවිධ ශබ්ද ඇසීමට හා ජායාරූප නැරඹීමට මෙතනින්..

ආයුබෝවන් ලෙස සිංහල හඬ සහිත ඛන්ඩය ඇසීමට මෙතනින්.

මේ පිළිබඳව සම්පූර්ණ විස්තර සහිත වීඩියෝවක් පහතින්.

දුර බැහැර සිට අනුන්ගේ සිත කියවයි


ධම්මපදයේ චිත්ත වග්ගයේ 153 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.
අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්භිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං

ධම්මපදයේ චිත්ත වග්ගයේ 154 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.
ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාරගතං චිත්තං - තණ්හානං ඛය මජඣගා

වඩුව මම ඔබ දිටිමි. හොඳින් හඳුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ල නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි. යනුවෙන් දැක්වෙන්නේ මිනිසා ඇතුළු සත්ත්වයා මැරි මැරී ඉපිද ඉපිදී සසර සැරි සරන බව බුදු දහමේ විස්තර කැර ඇති ස්ථානයකි.
බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත.
එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි.
එඞ්ගාර් කේසි පවසන්නේ තමන්ට ස්වයං නිද්‍රාවකට පත්වීමෙන් අන් අයගේ රෝගාබාධයන්ට ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතින බවයි. මෙහි දී ඔහු රෝගයට වස්තු බීජ සොයා යන්නේ යම් පුද්ගලයකුගේ පෙර භවයන්ට එබිකම් කිරීමෙනි. මේ ක‍්‍රමයට විවිධ වූ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී ඔහු තැබූ සටහන් රාශියක් තවමත් ඉතිරිව තිබේ. මේවායින් බොහොමයක් මහත් ආන්දෝලනාත්මකය.
එඞ්ගාර් කේසිගේ ජීවිතයේ අවසාන කාලයේ දී ඔහු ගැන සඳහන් කරනු ලැබුවේ වර්ජිනියා වෙරළේ ප‍්‍රාතිහාර්යකාරයා යනුවෙනි. ඔහු අන් අයගේ අතීත ආත්ම ගැන කියන ලද කරුණු හේතුවෙන්ම ඔහුට මෙවැනි අන්වර්ථ නාමයක් ලැබුණ ද සැබැවින්ම ඔහු ප‍්‍රාතිහාර්යකරුවෙක් නොවේ. රෝගීන් මත අත තබා ආශිර්වාද කිරීමෙන් හෝ මන්තර ගුරුකම් ශක්තියකින් හෝ එඞ්ගාර් කේසි රෝගීන් සුවපත් කළේ නැත. ඔහු ඇතැම් විට තමන් සිටින ස්ථානයට සැතපුම් දහස් ගණනක් ඈත සිට දිවැසින් කියනු ලබන විශ්මයජනක තොරතුරු අනුව රෝගීන්ට සුවය ලැබිණි.
ඔහු මෙය කරන ලද්දේ සම්මෝහ නිද්‍රාවක් හෙවත් තමන් විසින්ම හෝ වෙනත් අයකු විසින් යෝජනා කරන ලදුව කෘත‍්‍රිම නින්දකට සමවැදීමෙනි. එඞ්ගාර් කේසි මෙලොව එළිය දුටුවේ 1877 දී කෙන්ටකිහි හොප්කින්ස්විල් නම් ගම්මානයේය. දුප්පත් ගොවි පවුලක උපන් ඔහුට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නට හැකියාවක් ලැබුණේ නැත. යන්තම් නම වැනි ශ්‍රේණිය දක්වා උගත් එඞ්ගාර් කේසි ගොවිතැනට හුරු කරන්නට ඔහුගේ මාපියන් කොතෙක් උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වූයේ කේසි නගරයට යාමෙනි. අනතුරුව පොත් සාප්පුවක ලියන්නකු ලෙස සේවය කළ කේසි රක්ෂණ සමාගමක වෙළෙඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නට වූවේය.
තරුණ වියේදීම කේසි බලාපොරොත්තු නොවූ අකරතැබ්බකට මුහුණ දුන්නේ හඩ පිට නොවීමේ රෝගයකින් පෙළීමෙනි. විටෙක ගොරෝසු හඩක් පිටකරන කේසිට තවත් විටෙක කිසිදු හඩක් පිටකිරීමට නොහැකි වෙයි. මේ රෝගයට කොතෙක් ප‍්‍රතිකාර ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. රෝගයට ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් වෛද්‍යවරු ගණනාවක් සොයා ගිය ද අවසානයේ සිදුවූයේ බලාපොරොත්තු කඩවීම පමණි. මේ නිසාම ඔහුට තම කාර්යයන් කරගෙන යාම පවා අපහසු විය. ඒ නිසාම තම සේවයෙන් සමුගත් කේසි අවසානයේ ඡායාරූප ශිල්පියකුගේ සහායකයකු ලෙස එක්වූයේ ඒ සඳහා කට හඩ අවශ්‍ය නොවන බැවිනි.
මේ අලූත් වෘත්තිය කරගෙන යන අතරතුර දී ඔහු සිටි නගරයට අමුත්තකු පැමිණියේය. ඒ විනෝද කී‍්‍රඩකයකු මෙන්ම මෝහන නිද්‍රාව ප‍්‍රගුණ කළ හාට් නම් පුද්ගලයෙකි. මේ අමුත්තා නගරයේ දී කේසි හමුවූ අවස්ථාවක දී මෝහන නිද්‍රාව උපයෝගී කරගනිමින් ඔහුගේ රෝගය සුව කළ හැකිදැයි උත්සාහ කිරීමට තමන් කැමති බව කීවේය.
තමන්ට කරන්නට කිසිදු දෙයක් නොවුනෙන් තම රෝගය සුවකැර ගැනීම සඳහා ගත හැකි අවසන් තුරුම්පුව වූ මේ අවස්ථාවට මුහුණ දීමට කේසි ඉටාගත්තේය. අවසානයේ කේසි නිද්‍රාවට භාජන කැරිණි. කේසි නිද්‍රාවට යොමු කරන අවස්ථාවේ ලේන් නම් පුද්ගලයෙක් ද බලා සිටියේය. ඔහු ද ඒ වනවිටත් මෝහ නිද්‍රාව ප‍්‍රගුණ කරමින් සිටි තැනැත්තෙකි. හාට් මෝහ නිද්‍රාව උපයෝගී කරගනිමින් එඞ්ගාර් කේසිගේ රෝගයේ අක්මුල් සොයා යාමට උත්සාහ ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. නමුත් ලේන් කේසිගෙන් ඉල්ලා සිටියේ තමන් සමග එක්ව නිද්‍රාවට පත්ව මේ සඳහා තවත් උත්සාහයක් යොදන ලෙසයි.
ලේන්ගේ සිතේ වෙනත් අදහසක් තිබෙන්නට ඇත. ලේන්ගේ පෙරැත්තය නිසාම කේසි මේ දෙවැනි උත්සාහය සඳහා ද එකග වූවේය.
ලෙන් ක‍්‍රමයෙන් කේසි මෝහ නිද්‍රාවට පත් කළේය. අනතුරුව ඔහු කළේ නිද්‍රාවේ සිටි කේසිට ඔහුගේ රෝග ස්වභාවය විස්තර කරන්නට යැයි යෝජනා කිරීමයි. මෙතෙක් කතා කිරීමට නොහැකිව සිටි කේසි කතා කරන්නට වූවේය. ටිකෙන් ටික තම හ`ඩ අවදි කළ කේසි තමන්ගේ රෝග ස්වභාවය විස්තර කරන්නට වූයේ එතැන සිටි ඔහුගේ හිතවතුන් පවා මවිත කරමිනි. සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව සිටි කේසි කියා සිටියේ පුදුම කථාවකි.
‘‘සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව ඇත්තේ ස්නායු දුර්වලතාවක් හේතුවෙන් ස්වර රජ්ජුන්ගේ පිටුපස ඇති පේශි අඩක් අකි‍්‍රයවීම හේතුවෙනි. මේ නිසා කායිකව රෝගී තත්වයක් ඇතිවී තිබේ. නිද්‍රාවේ පසුවෙද්දී රෝගය වැළැඳී ඇති ස්ථානයන්ට ලේ ගමන් කරනු ඇතැයි යෝජනා කිරීමෙන් මේ රෝග තත්ත්වය ඉවත් කළ හැකිවනු ඇත.’’ මේ කථාව කීවේ කේසි විසිනි. එයට වහාම කි‍්‍රයාත්මක වූ ලේන්, කේසිගේ ස්වර රජ්ජුවලට ලේ ගමන් කිරීමේ දුර්වලතාව මග හැරී යනු ඇතැයි ද, එයින් මේ අපහසුතාව ඉවත්වනු ඇතැයි ද කේසිට යෝජනා කළේය.
විනාඩි කිහිපයක් ගතවිය. නිද්‍රාවේ පසුවූ මිනිසා යළි මෙසේ කීවේය. ‘‘දැන් සියල්ල හරි. රුධිර ගමනය නිසි පරිදි සිදුවනවා. ලේ ගමන ප‍්‍රකෘති තත්ත්වයට පත්වන්නටත් ඉන්පසු නැගිටින්නටත් යෝජනා කරන්න.’’ කේසිගේ මේ විධානය අනුව ද ලේන් කි‍්‍රයාත්මක වූවේය. නින්දෙන් පිබිදුණු කේසි සාමාන්‍ය තත්ත්වයෙන් කතා කරන්නට වූවේය. නමුත් වරින් වර ඔහුට මේ රෝගය යළි යළිත් වැළඳුනේය. ඒ සෑම අවස්ථාවකදීම ලේන් ලේ ගමනාගමනය නිසි පරිදි සිදුවන්නට යැයි කියා උපදෙස් දෙයි. එවිට කේසි යළි සාමාන්‍ය පරිදි කථා කරන්නට පටන් ගනී.
ලේන් සිටියේ ද කලක පටන් පවතින උදර රෝගයකින් පීඩා විඳිමිනි. මේ රෝගයට පිළියම් සෙවීම සඳහා ලේන් කේසිගේ සහය පැතුවේය. නමුත් මෙහිදී ලේන් කළේ සාමාන්‍යයෙන් කරන දෙයක් නොවේ. රෝගය ඇති තමන් වෙනුවෙන් කේසි නිද්‍රාවට භාජනය කිරීමයි. ඒ අනුව නිද්‍රාවේදී කේසි ලේන්ගේ ශරීර තත්ත්වය විස්තර කරමින් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ද යෝජනා කළේය. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ලේන් අත්හදා බැලූවේ කිසිදු පැකිලීමකින් තොරවය. අවසානයේ දී කේසි ජයගෙන තිබිණි. ප‍්‍රතිකාර ආරම්භ කොට සති කිහිපයකින් ලේන්ගේ උදරාබාධය සුව අතට හැරුණි.
කේසි මේ වනවිට කි‍්‍රස්තුස් වහන්සේගේ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහුගේ අපේක්ෂාව වූයේ ආගමික දේශකයකු වීමයි. එහෙත් ඔහුට අන්‍යයන් සුවපත් කිරීමේ හැකියාව ලැබී ඇතැයි ලේන් පෙන්වා දෙන්නට වූවේය. ලේන්ගේ පෙරැත්තය ප‍්‍රබල වෙමින් තිබිණි. අවසානයේ මේ ගැන සොයා බලන්නට ඔහු නොයෙක් ග‍්‍රන්ථ කියවුව ද අගක් මුලක් සොයාගත නොහැකි විය. අවසානයේ කේසි ලේන්ගේ ඉල්ලීමට එකගවූයේ මෙය පරීක්ෂණයක් වශයෙන් පමණක් සිදුකිරීමට කැමති බවත් කිසිසේත්ම තම සේවය වෙනුවෙන් මුදලක් නොගන්නා බවත් පවසමිනි.
මෙය පර්යේෂණයක් වූ බැවින් නිද්‍රාවේදී කේසි කියන දේ සටහන් කරගන්නට විය. ඔවුන් මෙලෙස සටහන් තබා ඇති පිටපත්වලට  කේසිගේ පුනරුත්පත්ති සටහනින් නම තබා තිබේ. කේසිගේ මේ කියැවීම් දිනෙන් දින ජනපි‍්‍රය වන්නට විය. මේ අතර ඔහු විස්මිත ඇදහිය නොහැකි කියවීම් පිළිබඳ සටහන් තබා තිබේ. දිනක් කේසිට ලැබුණු පණිවිඩයකින් කියවුණේ දැරියක පිළිබඳ තොරතුරකි. පස් හැවිරිදි වියේ පසුවන මෙම දැරිය වසර තුනක කාලයක සිට මොළයේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන බවත් එම කාලයේ සිට මනස නිසි පරිදි නොවැඩෙන බවත් මෙය ආරම්භ වූයේ සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසුව බවත් කේසිට ලැබුණු තොරතුරු විය.
මේ දැරිය පිළිබඳ සොයා බැලීමට කේසි තීරණය කළේය. ඒ අනුව ඔහු එහි ගියේ ලේන් සහ සිය යතුරු ලියන්නා ද සමගිනි. වසර තුනකට පෙර සෑදුණු සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසු දැරිය මේ තත්ත්වයට පත්ව තිබේ. මාපියන් පවසන්නේ මේ දැරිය රැගෙන හැකිතාක් විශේෂඥ වෛද්‍යවරුන් හමුවට ගිය බවත් ඒ කිසිදු වෛද්‍යවරයකු මේ රෝගය නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වූ බවත් කේසි දැන ගත්තේය.
දුප්පත් ගොවියකුගේ පුතකු වන කේසි වෛද්‍යවරුන්ට පවා සුව කළ නොහැකි යැයි කියා තිබූ මේ දැරිය සුවපත් කරන්නේ කෙසේදැයි කාගේත් අවධානයට ලක්ව තිබිණි. වෛද්‍යවරු කියා සිටියේ මේ රෝගය මාරාන්තික බවයි. නිතර නිතර වෙව්ලීමෙන් පීඩා විඳි දැරිය මරණාසන්නව සිටින බව පැවසූ වෛද්‍ය විශේෂඥයන් කියා සිටියේ දැරිය නිවසට ගෙනගොස් කැමැත්තක් කරගන්නා ලෙසයි.
දැරිය නිවසට රැගෙන ගිය පසු එඞ්ගාර් කේසිගේ හැකියාව පිළිබඳ දැනගත් මාපියෝ ඔහුට ආරාධනා කළහ. දැරියගේ නිවසටම කේසි ගියේය. ඒ ලේන් ද සමගිනි. ලේන් යෝජනාව කළේය. අනතුරුව කේසි කියන දේ වචනයෙන් වචනය සටහන් කළේය. කේසි කියා සිටියේ සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳීමට ටික දිනකට පෙර දැරිය වාහනයකින් වැටී ඇති බවයි. මේ වැටීමෙන් තැලූණු ස්ථානයේ සෙම්ප‍්‍රතිශ්‍යාවට හේතු වන විෂබීජයක් තැන්පත්ව ඇති බැවින් වෙව්ලීම සිදුවන බවත් කේසි කියා සිටියේය. මේ සඳහා සුදුසු ප‍්‍රතිකාර ද කේසි පැවසීය.
දැරිය වාහනයකින් වැටුණු බව ඇගේ මව කීවාය. බාහිරින් කිසිදු තුවාලයක් පෙනෙන්නට නොමැති බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොවූ බව ද මේ රෝගයත් වැටීමත් අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි කිසිවකුත් විශ්වාස නොකළේය. රෝගයත් එයට ප‍්‍රතිකාරත් විස්තර කිරීමෙන් පසු කේසි නිද්‍රාවෙන් අවදි වූවේය. ලේන් උපදෙස් දුන් ආකාරයට දැරියගේ මාපියෝ අදාළ ප‍්‍රතිකාර ආරම්භ කළහ. සති කිහිපයක් ඇතුළත දැරියගේ වෙව්ලීම නැතිවී ගියේය. ටික කලකින් දැරියට පැරණි දේ පිළිබඳ මතකය යළි ලැබෙන බව පෙනෙන්නට තිබිණි. ඉන්පසු ඇය තම මාපියන්ට කලකට පසු කථා කළාය. අවසානයේ දී ප‍්‍රධාන පෙලේ විශේෂඥ වෛද්‍යවරුන්ට පවා නොහැකි වූ දේ ගොවියකුගේ පුතකු වූ එඞ්ගාර් කේසි සිදුකිරීම පුදුම සහගත දෙයක් වී තිබිණි.
සටහන - සජීව විජේවීර
2012 සැප්තැම්බර් මස 23 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි තිබෙනා පිටසක්වල ජීවියෙකුගේ සිතුවම

අතීතයේ බොහෝ විශ්වකර්ම නිර්මාණ සඳහා පිටසක්වල ජීවීන් මෙහි පැමිණ උදව් කල බව ප්‍රසිද්ද මතයකි. 
වසර 14,000කට පමණ පෙර ඩයමන්ඩ් වීල් යොදාගන කපා ඇති බොලිවියාවේ පූමා පුන්කු ප්‍රදේශයේ ඇති ගල් කැටයම් හා පිරමීඩ නිර්මාණය ඒ සඳහා ප්‍රසිද්ධ උදාහරණයන්ය. 

පිරමීඩ තුළ ඇති කැටයම් වලත් වසර දහස් ගනනකට පෙර ගල්ගුහා වල ඇඳ ඇති චිත්‍ර වල ගගනගාමී ඇඳුම් සහිත මිනිසුන් සිටීමත් නිසා අතීතයේ පිටසක්වල ජීවීන් මෙහි පැමිණි බවට සාක්ෂි දරයි.

මේ පිළිබඳව The History රූපවාහිනී නාලිකාව විසින් විකාශය කළ "Ancient Aliens" වැඩසටහන් මාලාව මඟින් ලොව පුරා වූ එවැනි සිද්ධීන් අති විශාල ප්‍රමාණයක් හෙළිදරව් කර තිබෙන නමුත් ලංකාවේ අතීතය වසර දහස් ගනනක් එහාට ගියද රාවණා ඉතිහාසය හැර වෙනත් කිසිම දේකට පිටසක්වල සම්බන්ධයක් තිබූ බව සඳහන් වෙන්නේ නැහැ.

නමුත් හෙට මව්බිම පුවත්පතේ ලිපියකින් හෙළිකර සිටින්නේ පොළොන්නරුවේ තිවංක පිළිමගේ ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇඳ සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන බවයි. 

මේ අතර රාත්‍රී කාලයේ තිවංක පිළිමෙගෙයට ඉහලින් අහසේ අමුතු වස්තුවක් පැමිනෙන බවත් එහි ආලෝකය තිවංක පිළිමගෙයට වැටෙන බවත් සඳහන්ය. 
මහනුවර යුගයට අයත් දෙගල්දොරුවේ ඇති "මාර පරාජය" බිතුසිතුවමේ බුදුන් වහන්සේගේ මාර පරාජය චිත්‍රයේ මාරයන් සිටින්නේ තුවක්කු අතැතිවය. ඒ සඳහා චිත්‍ර ශිල්පියාට ආභාෂය ලැබී ඇත්තේ ලන්දේසීන් විසින් භාවිතා කළ තුවක්කු නිසාය. මේ ආකාරයටම අතීතයේ පිටසක්වල ජීවීන් අහසින් පැමිණි බැවින් අහසින් පැමිනෙන දෙවියන් හා සමානකර තිවංක පිළිමගේ චිත්‍රශිල්පියා විසින් තමා දුටු දෙය චිත්‍රයට නැඟුවා වන්නට පුළුවන.

පහත තිබෙන්නේ හෙට මව්බිම පුවත්පතේ පලවන ලිපියෙන් උපුටාගත් කොටසකි.

"පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැඟිල්ල පොළොන්නරුවේ තිවංක පිළිමගේය. ධර්මරත්න යනු මීට පෙර එහි සිටි මුරකරුවෙකි. ඔහුගේ සීයා හා පියාද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. 1968 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුන ඔහු එම පරම්පරාවේ තුන් වන පුරුකය. අදටත් ඔහු පරණවිතාන මහතා කළ සංරක්ෂණ ගැන කතාකරනේ මහා ගෞරවයකිනි. 

මුල් අවදියේ දී ඉතාමත් තාත්වික ලෙස අලංකාරව තිබූ සිතුවම් ක්‍රමයෙන් විනාශ වන්නට පටන් ගෙන ඇත. සිතුවම් වලින් සිහින් දුමක් වැනි යමක් පළමුව දෘශ්‍යමාන වීම නිසා මේ බව වඩාත් ලංව නිරීක්ෂණය කළ හැකි වී ඇත්තේ ඉන් ඉතා කුඩා කෘමී වර්ගයක් පිට වන බවයි. ඒ පිළිබඳව අදාල නිළධාරීන්ට දැන්වුව ද ඔවුන් පවසා ඇත්තේ එවැනි කිසිවක් නොමැති බවයි. නමුත් මේ පිළිබඳව පුද්ගලිකව පරීක්ෂණ පැවැත්වූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු මෙය සත්‍ය බව තවුරු කරගෙන ඇත.

ලංකාවේ පවතින විශේෂිතම වූ පිළිම වන්සේලා අතරින් එකක් වන අඩි 23 ක් උස වූ තිවංක ප්‍රතිමාව තැන්පත් කර ඇති තිවංක පිළිමගෙය අඩි 160 ක් දිගකින් හා අඩි 63 ක පළලින් යුතුය. එසේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළ ඇඳුම් ඇඳි එකම මුරකරු සඟවා ගත්තේ ද මෙහි ය. 

වරෙක පොලොන්නරුවේ මැදිරිගිරියෙන් අතුරුදන් වූ පුරාවස්තු ප්‍රමාණයක් රේගුවෙන් ගත්තේ ය. එහි තිබූ බඩු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හරි හැටි හඳුනා ගන්නට නොහැකි විය. එහෙත් එහිදී ධර්මරත්න පවසා ඇත්තේ එම පුරා වස්තු ආකෘති පමණක් බවත් ඒවා කඩා බලන්නේ නම් තමන් එහි වගකීම ගන්නා බවත් ය. මේ වන විට ඒවා ජර්මනියේ තබා ඇති අතර කඩා බැලීමෙන් තහවුරු වූයේ මැටි වලින් සාදාතිබූ අනුරූ බවත් ය.


1961 වසරේ දී තම පියා එහි සේවය කරන සමයෙහි දී ධර්මරත්න 

සෝමාවතියේ තිබූ පුරා වස්තු දැක ගත් අතර පසු කලෙක දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සෝමාවතියේ තිබූ පුරා වස්තු ගැන දැනගන්නට අවැසි වූ විට දී තමන් දුටු දෙය ධර්මරත්න පවසා ඇත. පසු කළක දී ඒ පිළිබඳව ලිපියක් හමු වූ අතර ධර්මරත්න කී කරුණු ඉන් සනාථ වී ඇත.

වෘත්තියෙන් මුරකරුවකු වුවද දැනුමෙන් සහ අත්දැකීම් වලින් මහාචාර්යවරයකු වැනි ධර්මරත්න පවසන්නේ තිවංක පිළිම ගෙයෙහි විවිධ හාස්කම් ඇති බවයි. එලෙස ඔහු තමන් අත්විදි හාස්කම් පිළිබඳව හෙලි කළේය. 

තිවංක පිළිමයට ඉදිරියෙන් වූ වම් පස බිත්තියෙහි අඳින ලද දේව රූප ගණනාවකි. එහි සතරවරම් දෙවි වරුන්ට අමතරව තවත් අඳුනා ගත නොහැකි වෙනස් වර්ගයේ රුවක් ද වේ. එම සිතුවමේ මුහුණ ආවරණයක් ඇඳ ඇති අතර එය වර්තමානයේ ගගණගාමීන් භාවිතා කරන හිස් වැසුමකට සමාන වේ. 

ධර්මරත්න මහතා පවසන්නේ ඇතැම් දිනෙක තිවංක පිළිම ගෙයට ඉහලින් අහසේ දිලිසෙන අමුතු වස්තු පැමිණෙන බවත් ඒවායින් නිකුත් කරන ආලෝකය පිළිම ගෙය තුලට වැටෙන බවත් ය. මෙය නිස්කලංක රාත්‍රීන් වල දී වගේම සමහර දවල් කාලයන් හිදී ද දක්නට ලැබෙන අතර මෙම සිතුවම් සේම එම වස්තූන් යම් කිසි අදෘශ්‍යමාන යමක් හෝ වෙනත් ග්‍රහලෝක වල ක්‍රියාකාරිත්වයන් සමඟ බැඳීමක් ඇති බව ඔහු විශ්වාස කරයි.


















තිවංක පිළිමගෙය එදා මෙන්ම අද ද අධ්‍යාත්මික මනස දියුණු කරවන ස්ථානයක් බවත් අළුයම 5 ට පමණ ඔහු පිළිමගෙය පිරිසිදු කර පැයක් හමාරක් බුදුන් වැඳීමට හුරු වී සිටී. එවිට මිටි පුද්ගලයෙක් ඔහු අසලින් හිටගන්නා අතර බුදුන් වැඳ දෙවියන්ට පින් දී අවසන් වන විට ඔහු ද අතුරුදන් වන බව පවසයි. 

එසේම මස්, මාළු කා මත්පැන් පානය කර පැමිණෙන එකදු මුරකරුවකුට හෝ මෙහි සිටින්නට ඉඩ නොදෙන අතර ඔවුන්ව රෑට පා පහර වදින බවත් ඇද එළියට දමන බවත් ධර්මරත්න මහතා පවසයි.
මෙහි අද වනවිටත් නාගයන් දෙදෙනෙකු සිටින බව පවසන ධර්මරත්න මහතා තවත් එක් අපූරු සිදුවීමක් විස්තර කළේය.

දිනක් බුදුන් වඳින විට පැමිණෙන්නා වැනි වූ මිටි පුද්ගලයන් පිරිසක් ධර්මරත්න මහතා වටේ දුවන්නට පටන්ගෙන ඇත. ඔවුන් කළු පැහැති වන අතර හිසකෙස් රැළි වූ ස්වභාවයක් යුක්තය. පාදජාලා සේම වළලු ද පැලඳ සිටි ඇති අතර ටික වෙලාවක් එසේ ඇවිදමින් සිට නොතේරෙන භාශාවකින් යමක් පවසා ඇත. 

ඊට පැයකට දෙකකට පසු පණිවිඩ කරුවෙක් පැමිණ ධර්මරත්න මහතා හට පවසා ඇත්තේ තිවංකය ආසන්නයේ කොල්ලකරුවන් පිරිසක් නිධන් හෑරීමට සූදානම් වන බවත් එවන්නට කෙනෙක් නැති බැවින් හැකිනම් ගොස් බලන ලෙසත් ය. 

ධර්මරත්න එහි යන්නට පිටත් වූ විට පෙර කී ඔහු වටකොටගත් පිරිස ද ධර්මරත්නට ඉස්සර වී ගමන් කර ඇත. එසේ ගිය ඔවුන් නිධන් ගැනීමට සැරසී උන් ස්ථානයේ එක් තැනකදී ඔවුන් නතර වී ඇත. හොඳින් බැලූ විට ආරක්ෂක නූල් කිහිපයක් දුටු ධර්මරත්න ඒවා කඩා ඉවත් කර ඇත. එවිටම පිරිස ඉදිරියට යාමට පටන් ගෙන ඇති අතර තුවක්කු පවා රැගෙන හිටි කොල්ලකරුවන් ද පැන දුවන්නට පටන්ගෙන ඇත. අඩි දහසයක් හාරා තිබූ ඒ ස්ථානය එලෙස රැක ගැනීමට හැකි වූ බවට ඔහු මහත් සතුටු වේ."

මෙම සම්පූර්ණ ලිපිය මෙතනින්.

Ancient Aliens වැඩසටහන් මාලාවේ පලමු කොටසේ-පලමු වීඩියෝව පහතින්


Ancient Aliens කතා මාලාවේ 1,2,3 කොටස් ටෝරන්ට් මඟින් ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්. (කාලය පැය 30යි, වීඩියෝ ගනන 30යි, ප්‍රමාණය 11.85 GB)

මෙම ආකාරයට ලොව පුරා වෙනත් රටවලින් වාර්තා වන වසර දහස් ගනනක් පැරණි ගගනගාමී ඇඳුම් සහිත චිත්‍ර හා කැටයම් කිහිපයක් මෙතනින්.