යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

දෙවියන් වැන්දට දෙවියන් ගැන ඔබ නොදන්නා මේ වටිනා දේවල් ගැනත් ඔබ දැනුවත් වෙන්න.

ඇත්තෙන්ම මේ දෙවියන් යනු කව්ද? දෙව්ලොව කෙබඳුද? සමහරු දෙවියන් ලොව සිටිතැයි විශ්වාශ නොකරති. තවත් සමහරු ලෝකය මැවූ එකම දෙවියෙක් ගැන පමණක් විශ්වාශ කරති. සමහරු දෙවියන් දැක ඇතැයි කියති. තවත් සමහරු තමන්ගේ සිරුරට දෙවියන් ඇතුළු වී ඇතැයි පවසති.

බෞද්ධාගම, හින්දු ආගම, කතෝලික, ඉස්ලාම් යන ලොව ප්රධාන ආගම් දේව සංකල්පය තදින් විශ්වාශ කරති. බුදුරජාණන් වහන්සේ ආටානාටිය මහාසමය යන සූත්රවලින් සමහර දෙවි දේවතාවුන් ඔවුන්ගේ නම් ගම්වලින් පවා අමතා තිබෙනවා. එලෙසම දෙවියන්ට පින්පෙත් දීමද අනුමත කර තිබෙනවා. නමුත් බුදු දහම කතෝලික සහ ඉස්ලාම් දහම මෙන් ලොව මැවූ එක් මහා දෙවියෙක් ගැන පිළිගන්නේ නැහැ. අනෙක ඒ ආගම් අනුව ඇත්තේ ස්වර්ගය නම් එකම දෙව්ලොවක් පමණි.

දෙවිවරු යනු සූක්ෂම ශරීරවලින් යුතු රුවින් අගතැන්පත්, සිතූ පැතූ සම්පත් ලබා ගතහැකි ඉතා බලවත් ශක්තින් ඇති කොටසකි. ඔවුන් ලොව නොයෙක් තලවල පිහිටා ඇති සදෙවි දිව්ය ලෝකයන්වල වෙසෙති. දෙවියන් මිත්යා දෘෂ්ටික සහ සම්යයක් දෘෂ්ඨික වශයෙන් ප්රධාන කොටස් දෙකකි සම්යයක් දෘෂ්ඨික දෙවිවරු බෞද්ධාගම විශ්වාශ කරති. මිත්යා දෘෂ්ඨික දෙවිවරු අන් ආගම් විශ්වාශ කරති. එලෙසම දෙවියන් පෘථග්ජන කොටසකි. සෑම ආගමකට අනුව දිව්යමය භාවය ලබා ගත හැක්කේ බොහෝ පින් දහම් කොට පුණ්ය ශක්තිය වැඩි දියුණු කරගත් අයට පමණකි.

බෞද්ධ සංකල්පයට අනුව දිව්ය ලෝකයන් සයකි. එනම් චතුර්මහාරාජික, තව්තිසා, යමයා, නිම්මානරති, පරනිමිත්ත, වසවත්ති යනුවෙනි. මේ එක් එක් දිව්ය ලෝකයන්

එනම් තව්තිසා දෙව්ලොව - ශක්ර දේවෙන්ද්රයන්, යමයා දෙව්ලොව- සුයාමා දෙවියන්, සන්තුසිත දෙව්ලොව- සන්තුසිතා නම් දෙවියන් ද, නිම්මාන රති දෙවිලොව- සුසින්මිත සහ වසවත් දෙව්ලොව - වසවත්ති දෙවියන් ද අධිපතිත්වය දරති. මේ දෙව්ලොවවල ආයු කාලය ද අපට වඩා බෙහෙවින් වැඩිය. චතුර්මහාරාජික දිව්ය ලෝකයේ ආයු කාලය අපේ වර්ෂ මිලියන 9 ක් වන අතර පරනිමිත වසවත්ති දෙව්ලොව ආයු කාලය වර්ෂ මිලියන 9216 කි. මෙයට අමතරව මීට වඩා ආයු කාලයන් සහිත බ්රහ්ම ලෝක 20 ක් තිබේ මේවායේ ද දෙවිවරුන් වෙසෙති. මේ අනුව අනාදිමත් කාලයක සිට තවමත් සමහර දෙවිවරු චුත නොවී මෙම දිව්ය බ්රහ්ම ලෝකවල ජීවත්වෙති. බ්රහ්ම ලෝකවල සිටින බොහෝ දෙවිවරු බුදුවරුන් ඇසුරු කළ දෙවිවරුන් බැවින් විශේෂයෙන්ම බෞද්ධයන්ට තම බණ භාවනා ආදියේදී සහාය දක්වති. නමුත් අද අපේ රටේ ජනතාව වැඩි වශයෙන් අදහන්නේ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, පත්තිනි සූනියම්, කාලි මෑණියන් යන දෙවි දේවතාවුන්ය. ඔවුන් වෙනුවෙන් විශේෂ වු දේවාලයන් ද තනා ඇත.

දිගු කලක් දෙවියන් කෙරෙහි අචල විශ්වාශයෙන් භක්තියෙන් පුද පූජා දෙමින් සලකන අයට දෙවියන් ගෙන් විශේෂ ආශිර්වාද හිමිවේ. ඒ මගින් නොයෙක් ශක්තීන් ද ලබා ගත හැක. නමුත් බොහෝ දෙවියන් ශක්තීන් ලබා දෙන්නේ යහපතක් කිරීමට පමණි. එක් කාලයකට දේවත්වය ද අනෙක් වේලාවට යක්ෂ වේෂයන් ද ගන්නා දෙවිවරු භයානක ක්රියාවලට ද දායකත්වය දක්වති. නමුත් කිසි විටෙක දෙවියන් මනුෂ්ය ශරීර තුළට ඇතුල් නොවේ. එබැවින් දේවාරූඩයෙන් ශාත්ර කියන්නන් ලෙස දැන්වීම පළකරන්නේ ප්රේත භූත වැනි අනෙකුත් අමනුෂ්ය බලවේගවල ආධාරයෙන් කටයුතු කරන අයයි. බොහෝ විට දෙවියන් පණිවිඩ ලබාදෙන්නේ කෙනෙකුගේ මනසටයි. සමහර විට ස්වප්න මගින් ද ඒවා ලබාදෙති. ප්රධාන දේවාලවල පුද පූජා සිදුකිරීමේදී ද දෙවියන්ට ආර් ජුව පණිවිඩ දීමේ හැකියාව තිබේ. නියම ලෙස අංජනම් බැලීමේදී ද අංජනම් දේවිය වැනි දෙවියන් සමඟ කතා කිරීමට අවස්ථාව තිබේ.

දෙවියන් සුගන්ධය ආඝ්රාහණය කරන බැවින් දේවපුජා පැවැත්වීමේ දී සුගන්ධයට මුල් තැනක් දිය යුතුය. පළතුරුවල සුවඳ විහිදෙන ලෙස කපා පුජාවට තැබිය යුතුය. වර්ණවත් දෙවියන් ප්රිය කරන වර්ණවත් මල් වර්ග, තෙල් වර්ග, පත්රවර්ග, ආහාර වර්ග, හඳුන්කුරු, සුවඳ දුම්, දේව පුජාවල බෙහෙවින් යොදා ගත යුතුය. එලෙසම පිරිසිදුකම ඔවුන් ගේ ආකර්ශනය ලබාගැනීමේදී අත්යාවශ්ය කරුණක් වෙයි. දේව පූජා තැබීමේදී ඔබ මස් මාංශවලින් තොරවීමද ඉතා වැදගත්. ඔබේ නිවස, වත්ත සුවඳ මලින් ගහණ නම් නිතර සුවඳ දුම් අල්ලා පිරිසිදුව තිබේ නම් දේව ආකර්ශනය ලබා ගැනීමට පහසුය. දෙවියන් පින් ලබා ගැනීමට ඉතා ප්රිය ය. එමෙන්ම කරණීය මෙත්ත සූත්රය මහා මංගලසූත්රය සඡ්ජායනාව දෙවියන් ඉතා ප්රිය කරන බව සැලවේ. මනස දියුණු කළ එනම් අධිමානසික තත්වයක් ඇති සහ දියාන වඩන ලද පුද්ගලයන්ට දෙවියන් දැකීමට මෙන්ම ඔවුන් සමග සංවාද පැවැත්වීමට ද හැකියාව තිබේ. දෙවියන් ද මේ පුද්ගලයන් මගින් ලොවට නොයෙකුත් පණිවිඩ දෙති. ඉන්දියාවේ හිමාලය අසල පිහිටි රිෂිකේෂ් නම් ප්රදේශයේ මෙවැනි සමත්කම් ඇති යෝගීන් බහුල බව පැවසේ. බොහෝ දෙනෙක් මෙම ඉසිවරයන් හමුවී තම පුනරුත්පත්තිය අනාගතය පිළිබඳ උපදෙස් ලබා ගනිති.

අද අප අතර සතරවරම් දෙවිවරු කව්රුන් ද යන්න පිළිබඳව ප්රශ්ණයක් පැන නැගී තිබේ. බොහෝ දෙනෙක් සතරවරම් දෙවිවරු ලෙස සලකන්නෙ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ යන දෙවිවරුන් ය. නමුත් නියම සතරවරම් දෙවිවරු ලෙස සැලකෙන්නේ සතර දිශාවන්ට අධිපතිකම දරන චතුර්මහාරාජික දෙව්ලොව වැඩ වසන දෙවිවරුන්ය. එනම්, නැගෙනහිර මෙන්ම ගාන්ධර්වයන්ට අධිපති ද්රත්රාෂ්ට, දකුණු දිශාවට මෙන්ම භූතයන්ට අධිපති විරූඩ, බටහිර දිශාවට සහ නාගයන්ට අධිපති විරූපාක්ෂ, සහ උතුරු දිශාවට සහ යක්ෂයන්ට අධිපති වෛශ්රවණ නොහොත් කුවේර යන මේ දෙවිවරුන්ය. මේ දෙවිවරුන් පිළිබඳව ආටානාටිය සූත්රය සහ මහාසමය සූත්රයේ අප මහා බුදුරජාණන් වහන්සේ නම් වශයෙන්ම සඳහන් කර ඇත.

දෙවිවරු යහපත් මිනිසුන් දෙස අනුකම්පාවෙන් බලති. පිහිට වෙති. මිනිසුන් දෙන පින් අනුමෝදන් වෙති. නමුත් දෙවියන්ට ග්රහ අපල දෝෂ අමනුෂ්ය දෝෂ වැනි දෝෂවලින් වන පීඩා දුරු කිරීමට හැකියාවක් ඇතත් ඔවුන්ට කෙනෙකුගේ කර්මශක්තිය වෙනස් කිරීමේ බලයක් නැත. එලෙසම කිසිම විටෙක දෙවියන් මිනිස් සිරුරුවලට ඇතුල් නොවෙති. අසුරයන් ද දෙවියන් හා සමාන බලයක් ඇති ශක්ති කොට්ඨාශයකි. ඔවුන් මිත්යා දෘෂ්ටික වන අතර නිතරම දෙවියන්ට විරුද්ධය. එමෙන්ම කෙනකුගේ යහපත නොසලකන කොටසකි. දේව කථාවල සුර අසුර යුද්ධයන් ගැන නොයෙකුත් කථා පුවත් සඳහන් වේ. මොවුන් සාමාන්යයෙන් මුහුදු වෙරළ ආසන්න විමානවල ස්ථානගත වී ඇතැයි පවසති. තවද බුම්මාටු දෙවියන් ලෙස හැඳින්වෙන ගස් ගල් පර්වතවල සිටින දෙවි දේවතාවුන් ද ඇත. මොවුන් එතරම් බලවත් අය නොවේ.

දෙවියන් යනු අපේ රටට පමණක් සීමා වු කොටසක් නොවේ. මුළු ලෝකයේම රට රටවල දෙවිවරුන් වැඩ සිටිති. කකෝලික ආගම අදහන රටවල එම ආගමික දෙවිවරු සිටිති. යේසුස් වහන්සේ දිව්ය පුත්රයෙක් ලෙස සැලකේ. එලෙසම එතුමාගේ මව්තුමිය මරියතුමිය, පියා ජුසේ මුනිඳුන් ද දේවත්වයෙන් සැලකේ. තවද කතෝලික ආගමේ සඳහන් වන ශාන්තුවරයන්, මෑත අතීතයේ මනුලොව සිට යහපත් ජීවිත ගත කර ශාන්තුවරයට පත්වු අය වෙති.

ඔවුන් බොහෝ ප්රාතිහාර්යන් ද දක්වා ඇත. ශාන්ත අන්තෝනි මුනිඳුන් වැනි ශාන්තුවරයන් ජාති ආගම් භේදයකින් තොරව සෑම ජන කොටසකටම පිහිට වෙන බවට ප්රබල විශ්වාසයක් තිබේ.

එසේම අනිකුත් සියලුම ආගම්වලට අදාළ ඒ ඒ දෙවිවරුන් සිටිති. අද අපේ රටේ ජනතාව අදහන බොහෝ දෙවිවරුන් ඉන්දීය සම්භවයකින් යුක්ත වූවන් වෙති. ඉන්දියාවේ හින්දු බ්රහ්ම විෂ්ණු ශිව යන ත්රිමුර්තිය මුලිකව අදහති. බ්රහ්මයන් ලොව මැවු බවද විෂ්ණු දෙවියන් ලොව වර්ධනය කරන බව ද, ශිව දෙවියන් අධර්මය විනාශ කොට ධර්මය ස්ථාපිත කරන බව ද කියවේ. හින්දු ජනතාව මේ ප්රධාන දෙවිවරුන්ට අමතරව ලක්ෂ්මි, ගණ දෙවිඳුන්, සරස්වතී දුර්ගා, ගංගා මාතාක, භද්රකාලී, සුබ්රමනියම්, නාග දෙවිඳුන් යනාදි වශයෙන් නොයෙක් දෙවි දේවතාවුන් අදහති. මුළු ලෝකයෙන්ම දෙවියන් උදෙසා වැඩියෙන්ම පූජා පවත්වන වෘත සමාදන් වන රට ඉන්දියාව යයි කිවහොත් එය අසත්ය නොවේ.

මනුලොව ක්රියාකාරකම් අධීක්ෂණය සඳහා දේවමණ්ඩලයක් තිබෙන බව සැලවේ. මෙම දේවමණ්ඩලය සෑම දිනකම රාත්රී 10 සිට පාන්දර 4 තෙක් රැස්වෙන බව කියවේ. මේ පිළිබඳව අධි මානසික බලයක් ඇති විදේශික කාන්තාවක් වන මේරි ටී බ්රවුන් මහත්මිය විසින් රචිත (කසෙ ඊ කරන ඓ ඊ ර අපනයන කෘෂිකර්ම ෙදපාර්තෙම්න්තුෙව් එය) යන ග්රන්ථයේ ද සඳහන් වේ. ඇය පවසන පරිදි, ඇය සතු බලවත් අධිමානසිකත්වය නිසා ඇයට මෙම ලෝකයන් පියවි ඇසින් දැක ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඇය විස්තර කරන පරිදි දෙව්ලොව මනරම් තුරුලතා වර්ණවත් පුෂ්පයන්ගෙන් පිරි, පළිගු වැනි ඉතා පිරිසිදු ජලධාරාවන් ගලායන, ඇල දොල ද සහිත අලංකෘත නිම්නයකි. එමෙන්ම එය ඉතා දීප්තිමත් මෙන්ම වර්ණවත් ලොවකි. ඇය පවස්නේ දෙවිලොව යනු නොනැසෙන ලොවක් බවයි. මෙහි කිසිවක් ක්ෂය වීමක් සිදු නොවේ. දෙවි දේවතාවුන් සියල්ලන්ම පසුවන්නේ තරුණ වයසෙහිය. මෙහි දිව්ය සත්වයන් ද සිටිති. ඒ බව අපට තහවුරු වන්නේ බොහෝ දෙවිඳුන් තම වාහන ලෙස භාවිතා කරන්නේ ද සත්වයන් වන බැවිනි.

නිදසුන් වශයෙන් විෂ්ණු දෙවියන්ගේ වාහනය ගුරුලෙකි. කතරගම දෙවියන්ගේ වාහනය මයුරෙකි. තවද ඇය පවසන පරිදි මෙලොව ඇති සෑම ග්රන්ථයකම මෙන්ම කලා කෘතියක මුල් පිටපත එහි තිබේ. අනෙක ඉතිහාසයේ සිදුවූ සෑම සිදුවිමක්ම ඒ ආකාරයෙන්ම එහි සටහන් වි තිබේ. ආකාශ වාර්තා නමින් හැඳින්වෙන මෙලොව වෙසෙන සෑම කෙනෙක්ගේම පෙර ෙආත්ම පවා සඳහන් පොතක් දෙව් ලොව තිබේ. දියාන ලාභීන්ට සහ අධිමානසිකත්වයෙන් හෙබි පුද්ගලයන්ට මේවා කියවීමේ හැකියාවක් තිබේ.

දෙවියන්ට පින් දීමේදි නිතරම ඔවුන් ගේ දිව්ය සම්පත් වැඩි දියුණුවීම සහ පතන්නා වූ සම්බෝධියකට පැමිණවීම මුලික විය යුතුය. බලගතු දෙවිවරුන්ට අපගේ පින් අවශ්ය නැත. දේව පූජා පැවැත්වීමේදි පෙර සෘෂිවරුන් විසින් සකසන ලද දේව ස්ත්රෝත්ර නියම ලෙස උච්චාරණය කර ශබ්ද නගා කීම ඉතා වැදගත්වේ. එමෙන්ම දෙවිවරුන් තම භක්තිවන්තයන් වර්ධනය වන තරමට ඉතා කැමතිය. එලෙසම ඔවුන් ගැන වර්ණනා කිරීම ස්තුති පූජා පැවැත්වීම ඔවුන් ඉතා ප්රිය කරති.එලෙස ඔවුන් වෙනුවෙන් පුද පූජා තබන්නන්ට ඔවුන්ගේ විශේෂ ආශිර්වාදය හිමිවනු ඇත. තවද අප දෙවිවරුන්ට වන භාර හාර නිසි ලෙස ඔප්පු කිරීමට ද වග බලා ගත යුතුය. සමහරු අමතකවීමකින් හෝ නොසැලකිලිමත් කමින් ඒවා සිදු නොකළ විට දෙවියන්ගේ උදහසට ලක්වීමට ඉඩ ඇත.

දෙවියන් සහ ජෞතිෂය අනාදිමත්කාලයක සිට සම්බන්ධව පවතී. නවග්රහයන්ට අධිපති දෙවිඳුන් හට ග්රහ අපලයන්ට පුද පූජා පැවැත්වීම සෙත් කව් ආදී කටයුතු සිදුකිරීම ආදී කටයුතු එයට හේතුවයි. අප සැමගේ ලග්නය සහ නැකත අනුව අපට හිමි යම් දෙවි දේවතාවුන් ඇත. අප ඔවුන්ට පුද පූජා පැවැත්වීමෙන් වැඩි සහනයක් ලබා ගත හැකි බව පැවසේ. අප සැමටම එක ඉෂ්ට දේවතාවෙක් හො දේවතාවියක් ඇත. ඇය / ඔහු බොහෝ විට අපගේ මියගිය ඥාතියෙක්, මිතුරෙක් හෝ ඉහත ආත්මයක හෝ යම් ලෙසකින් අපට සම්බන්ධ කෙනෙකි. අපේ ඉෂ්ට දේවතාවා හරහා අපට අනිකුත් දෙවිවරුන් සම්බන්ධ කර ගත හැක.

සෑම දෙයකටම මූලික වන්නේ විශ්වාශයයි. මෙය ශ්රද්ධාව භක්තිය යන ඕනෑම අර්ථකථනයකින් හැඳින්විය හැක. මෙම අචල විශ්වාශය, භක්තිය, දේව ආකර්ශනය ලබා ගැනීමේදී අත්යවශ්ය සාධකයකි. ඒ නිසාමය සමහරු තම ශරීරයේ කටු ගසා ගනිමින් ඒවායින් එල්ලෙමින්, ගිනි පාගමින් ආදි නොයෙකුත් වෘතවලින් දෙවියන් කෙරෙහි භක්තිය විදහා පාමින් කටයුතු කරන්නේ. ඔබට දෙවියන්ට පවසන්න යමක් ඇත්නම් දේවලායකට ගොස් බුදුන් පුදා ඒ පින් අනුමෝදන් කර තමන්ම තම කන්නලව්ව කරන්න. අචල විශ්වාශයකින් භක්තියකින් නියම ලෙස පුද පූජාකරන්නන්ට දේව ආශිර්වාදය අනිවාර්යෙන්ම හිමිවේ.

ශ්රියානි ද සේරම්
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤