යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

මේ දැනුත් විශ්වයේ බුදුවරු වැඩසිටිනවා - ඔබ පුදුම වන ලිඛිත සාක්ෂි මෙන්න

ඔබ වඩාත්ම රුචිකත්වය දක්‌වන විෂය කුමක්‌ද? යමෙකු ඒ ප්‍රශ්නය මගෙන් ඇසුවොත් ඊට නොවැරදීම ලැබෙන පිළිතුරක්‌ ඇත. ටිබෙට්‌ බුදු දහම ලොව වඩාත්ම සිත්ගන්නා විෂය බව මම දෙවරක්‌ නොසිතාම කියමි. ටිබෙට්‌ බෞද්ධ ඉගැන්වීම් ඒ තරමට රසවත්ය. හරවත්ය. 
ටිබෙට්‌ බුදුදහම වජ්‍රයාන මහායාන හා ථේරවාද යන ගුරුකුලයන් තුනෙහිම ඉගැන්වීම්වල අපූරු සංකලනයකි. ටිබෙට්‌ බුදුදහමත් වජ්‍රයානයත් එකක්‌ නොව දෙකකි. එනමුත් ඒ දෙකෙහි සෑහෙන පරතරයක්‌ ද නැත්තේය. 
පිටසක්‌වල වැඩ වෙසෙන ජීවමාන බුදුවරුන්ට, බෝසත්වරුන්ට හා සෘද්ධිමතුන්ට හරසර දැක්‌වීම ටිබෙට්‌ බෞද්ධයන්ගේ වත් පිළිවෙත් අතර වෙසෙසින්ම කැපී පෙනෙයි. පිටසක්‌වල බුදුවරුන් ඇදහීම මහායාන සංකල්පයක්‌ බව පොදුවේ පිළිගැනුනත් පිටසක්‌වල ඇත්තන් සම`ග ගනුදෙනු කිරීම මුල් බුදුසමය දක්‌වා දිවයන මාතෘකාවකි. පිටසක්‌වල බෞද්ධයන් ගැන විස්‌තර ස්‌වල්ප ප්‍රමාණයක්‌ සූත්‍ර පිටකයේ තැනින් තැන දැකගත හැකිය. මූලික සූත්‍ර අනුව විශ්වයෙහි ඇති ජීවය සහිත ලෝක සංඛ්‍යාව ගණනින් කීමට නොහැකි තරම් විශාලය. මිනිසුන් හා සම කළ හැකි ජීවීන් වෙසෙන ලෝකයක්‌ සක්‌වලක්‌ නම් වෙයි. 
මූලික සූත්‍ර අනුව හිරු හා සඳු ආලෝකය දෙමින් වසාලන ඉඩ ප්‍රමාණය සක්‌වලක්‌ නම් වෙයි. එක්‌ සක්‌වලක මිනිස්‌ ලොවක්‌ද සදෙව් ලෝකද සතර අපායද බ්‍රහ්ම ලෝකද වෙයි. එබඳු සක්‌වල බොහෝ ගණනාවක්‌ එක්‌ව චූලනිකා ලෝක ධාතුවක්‌ සෑදෙයි. චූලනිකා ලෝකධාතු බොහෝ ගණනක්‌ එක්‌ව මඡ්මනිකා ලෝක ධාතුවක්‌ සෑදෙයි. මඡ්මනිකා ලෝකධාතු බොහෝ ගණනක්‌ එක්‌ව සහස්‌සිකා ලෝකධාතු සෑදෙයි. සහස්‌සිකා ලෝකධාතු එක්‌වීමෙන් ද්විසහස්‌සිකා ලෝකධාතු ආදී වඩා සංකීර්ණ පොකුරු ආකාර වාසභූමි තැනෙයි. බුදුන් වහන්සේගේ ආඥා ක්‍ෂේත්‍රය එබඳු සක්‌වල දසදහසකි. දසදහසක්‌ සක්‌වල ඇත්තන්ට ඇසෙන්නට බණ කීමට හැකි අභිභූ නම් සෘද්ධිමත් භික්‍ෂුවක්‌ ගැන සූත්‍ර පිටකයෙන් හෙළි වෙයි. 
වඩාත්ම වැදගත් කරුණ වන්නේ අප මහා බෝසතාණන් වහන්සේ බුදුවීමට ආත්මභාවයන් ගණනාවකට පෙර පවා පිටසක්‌වල ජීවය ගැන දැන සිටීමයි. බෝසත්හු බුදුබව ලබන අවසන් ආත්මභාවයට බොහෝ ඈත කාලයක විජය නම්වූ සක්‌විති රජෙකුව වැඩ විසූහ. විජය සක්‌විති රජු බුද්ධත්වය කෙරෙහිම සිත මෙහෙයවමින් එතැනට පත්වනු පිණිස පාරමී දම් පිරූහ. දිනක්‌ විජය සක්‌විති රජුට මෙවැනි අදහසක්‌ පහල විය. අනන්ත අවකාශය තුළ සදිසාවටම ලෝකධාතූන්ගේ කෙළවරක්‌ නැත. කොයි දිසාවට ගණන් කළත් මනුෂ්‍ය ලෝක සංඛ්‍යාව අප්‍රමාණය. ඒ මනුෂ්‍ය ලෝක සමහරක බුදුවරු වැඩ වෙසෙති. ඒ බුදුවරුන්වහන්සේලා ගණනින් අපමණය. 
අනන්ත සක්‌වල වැඩ වෙසෙන ගණන් කළ නොහැකි තරම්වූ බුද්ධක්‍ෂේත්‍රයන්හි වෙසෙන සියලු බුදුවරුන් වහන්සේලා වෙනුවෙන් මනෝමය වූ දානයක්‌ දීමට විජය සක්‌විති රජු තීරණය කළේය. හේ මනෝමය මන්දිරයක්‌ මවා ඒ තුළ දැසි දස්‌සන්ද පූජා භාණ්‌ඩ ආදිය නොයෙකුත් රසමුසු කෑම බීමද මනසින් නිර්මාණය කළේය. ඉන්පසු විජය සක්‌විති රජතෙම අනන්ත සක්‌වල බුදුවරුන්ට සිතෙන්ම දනට ආරාධනා කළේය. අනන්ත සක්‌වල වැඩ වෙසෙන බුදුවරුන් දාන ශාලාවට පිරිස්‌ සමග වඩින ආකාරයත් දානය පිළිගන්නා ආකාරයත් අනුමෝදනා බණ දෙසන ආකාරයත් හේ සිතින්ම නිර්මාණය කළේය. බුදුවරු දානමානාදියෙන් පසුව වෙනත් බුදුවරුන්වහන්සේලාගෙන් ප්‍රශ්න විචාරමින් ව්‍යක්‌ත ලෙස ඊට පිළිතුරු දුන්හ. 
මේ අපූරු චින්තාමය පුණ්‍යකර්මයෙන් පසු විජය සක්‌විති රජු අපාය වියළවීය. හේ මනෝමය දාන පුණ්‍ය කර්මයේ බල මහිමයෙන් එතැන් සිට නිවන් දක්‌නා ජාති දක්‌වා සතර අපායෙහි නූපන්නේය. බුද්ධවන්දනාව ඒතරමට මහත්ඵලය. මහානිසංසදායකය. 
ඒ අපූරු විස්‌තරය සඳහන් වනුයේ අපදාන පාළියෙහි බුදධාපදාන වර්ගයට අයත් ගෞතම බුදධාපදානයෙහිය. පිටසක්‌වල බුද්ධ ක්‍ෂේත්‍රයන්ගේ පැවැත්ම මුල් බුදුසමය තුළ පිළිගැනෙන බව ඔප්පු කිරීමට තවත හෝඩුවාවන් කිහිපයක්‌ම සූත්‍ර පිටකයෙන් උපුටා පෙන්විය හැකිය. 
පිටක්‌වල බෞද්ධයන් ගැන වඩා විස්‌තරාත්මක කරුණු මහායාන සූත්‍රයන්හිද වජ්‍රයාන තන්ත්‍රයන්හිද දැකගත හැකිය. නාගර්ජුන විසින් මුල්වරට ඉදිරිපත් කළ සද්ධර්ම පුණ්‌ඩරීක සූත්‍රයෙහි මහාමතී නම්වූ බෝසත්වරයෙකු ගැන විස්‌තර දක්‌වා ඇත. අමිතාභය බුදුන් වහන්සේ ගැන මුල්ම විස්‌තර හමුවන්නේද එතුලිනි. ඉපැරණි ටිබෙට්‌ බෞද්ධ පොත්පත්වල බෝසත්වරුන් හා බුදුවරුන් ගණනාවක්‌ ගැන දීර්ඝ විස්‌තර ඉදිරිපත් කර ඇත. 
දිව පටලවන නමක්‌ ඇති අක්‍ෂෝභ්‍ය නමැත්තා ටිබෙට්‌ බුදු දහමෙහි සුවිශේෂී චරිතයකි. කෙසේ නමුත් අෙෂ්‍යාභ්‍ය බෝසතුන් ගැන පැරණිම විස්‌තර හමුවනුයේ ක්‍රිස්‌තු වර්ෂ දෙවැනි සියවසට අයත චීන බෞද්ධ ලේඛනයක්‌ තුලිනි. අෙෂ්‍යාභ්‍යගේ කථා ප්‍රවෘත්තිය පිටසක්‌වල බෝසත්වරුන්ගේ ජීවිත කථා අතර වඩාත්ම සිත්ගන්නාසුථ එකයි. 
අපගේ සූර්යග්‍රහ මණ්‌ඩලයට බොහෝ ඈතින් දුර්වල ආලෝකයක්‌ සහිතව පෘථිවියට දිස්‌වන එක්‌තරා ද්විත්ව තාරකාවක්‌ වෙයි. එය ද්විත්ව තාරකාවක්‌ යයි කියනුයේ තාරකා දෙකක්‌ එකක්‌ අනෙක යන අපූරු ගමනක්‌ එහි ඇති බැවිනි. ද්විත්ව තාරකා යුගලයෙන් කුඩා එක විශාල එකෙන් දහසයෙන් පංගුවක්‌ පමණ වෙයි. කුඩා තාරකාව විශාල තාරකාව වටා යන්නේ හරියටම බුධ ග්‍රහයා හිරු වටා ළගින් ගමන් කරන්නාක්‌ මෙනි. ඒ ද්විත්ව තාරකාව වටා පරිභ්‍රමණය වන එක්‌ ග්‍රහලොවක ද්‍රව තත්ත්වයේ ඇති ජලය පවතියි. ද්‍රව ජලය ඇත්තේ යම් තැනකද එතැන ජීවයට සුදුසු තැනක්‌ බවට පත්වෙයි. 
මේ කියන අපූරු ලෝකය ටිබෙට්‌ පතපොතෙහි හැඳින්වෙනුයේ අභිරති යනුවෙනි. පෙළක්‌ තැනක පෙරදිග ශුද්ධ භූමිය යන නමද ඊට යොදා ඇති අයුරු දක්‌නට හැකිය. අභිරති ලෝක ධාතුව මෑතකදී මවිසින් ලියන ලද පොත පතෙහි සාග ලෝකය යන නමින් හඳුන්වා දී ඇත. ඉරවල් දෙකක්‌ පායන සාග ලෝකයෙහි ඇත්තේ පෘථිවියට වඩා සෞම්‍ය කාලගුණයකි. ඊට හේතුව ඒ ඉරවල් දෙකේ රශ්මිය සාග ලොව මත කරන බලපෑම තරමක්‌ අඩු බැවිනි. තඹ ලෝහය බහුල සාග ලෝකයෙහි ගස්‌වැල් පවා තඹ පැහැතිය. එහි වෙසෙන සත්වයන්ගේ ලේ ධාතුව අපගේ මෙන් නොව හකරැල්ලන්ගේ ලේ මෙන් නිල් පැහැතිය. මුළු සාග ලෝකයටම ඇත්තේ එකම එක සුවිසල් විලකි. එහි සමුද්‍රයක්‌ නොපිහිටියේය. සම්පා නම්වූ ඒ විල සාග ලෝකයට කඩා වැදුණු උල්කාපාතයක්‌ නිසා සෑදුනු එකකි. මනරම් කඳු වළල්ලකින් වටවූ සම්පා විල සාග ලෝක වැසියන්ගේ උතුම් සම්පතයි. ඒ විලේ ජලයෙන් සාග ලෝකයට අවශ්‍ය වර්ෂාව ඉපිදවීය. එනමුත් ඒ විල කිසි දිනෙක නෞකාවක නැගී තරණය කළ නොහැක්‌කකි. එහි ගැඹුර නිසාම නෞකාවෝ ගිලී පතුලටම යති. සාග ලෝකය දැනට බොහෝ කලෙකට පෙර සිටම අළු පැහැති පිටසක්‌වල ජීවීන් විශේෂයකගේ වාසභූමියක්‌ව තිබුණි. දුෂ්ඨ අළු පැහැති ජීවීහු අද කාලයේ වෙසෙන සිංහලයන් මෙන්ම එකිනෙකාට දෝෂාරෝපණය කරමින් පිල්වලට බෙදී කා කොටා ගැනීමට පුරුදුව සිටියහ. මේ අතර එක්‌තරා තීරණාත්මක දිනක වඩා බලසම්පන්න පිටසක්‌වල ජීවී පිරිසක්‌ වාසයට සුදුසු අලුත් ලෝකධාතු සොයමින් දියුණු යානයක නැගී සක්‌වල තරණයෙහි යෙදෙමින් උන්හ. 
''අර බලනු ඈත පේන මනරම් ලෝකය දෙස. එය අපටම සුදුසු අනාගත නවාතැනක්‌ වනු ඇත.'' සාග ලෝකය මුලින්ම නෙත ගැටුණු බලසම්පන්න පිටසක්‌වල ජීවීහු ප්‍රීතියෙන් පිනාගොස්‌ ඒ දෙසට සිය යානාව මෙහෙය වූහ. එක්‌ භෞතික සම්පතකට දෙපිරිසක්‌ ඇලුම් කරන කල්හි ගැටුමකට මුල පිරෙයි. එය මු`ළු විශ්වයටම පොදු රීතියකි. බලසම්පන්න පිටසක්‌වල ජීවීහූ කෙටි කලෙකින්ම සාග ලෝකය නතු කර ගැනීමට යුද්ධයක්‌ ආරම්භ කළහ. මුලදී පිරිවර බලයෙන් වැඩි සාග ලෝකවාසීහු ජයග්‍රහණයට ළංවූහ. බුද්ධි මහිමයෙන්ද රූප සොභාවෙන්ද විද්‍යාත්මක දැනුමෙන්ද එකමුතු කමෙන්ද ඉදිරියෙන් සිටි බලසම්පන්න ජීවීහූ නොබෝ කලෙකින්ම සාග ලෝ වැස්‌සන් පරදවා එලොව ඔවුන්ගේ තනි පාලනයට නතු කර ගත්හ. දුෂ්ඨ අලු පැහැ ජීවීන් නිල් පැහැ සිරුරු ඇති බලසම්පන්න ජීවීන්ගේ මෙහෙකරුවන් හා වහලුන් බවට පත්වූහ. 
අභිරති ලෝකයෙහි වෙසෙන ප්‍රභල ජීවීන්ගේ සිතුවම් තිබ්බතීය විහාර චිත්‍ර අතර බහුලව දක්‌නට ඇත. අක්‍ෂොභ්‍ය ඒ ජීවීන් අතර වඩාත්ම ප්‍රසිද්ධ තැනැත්තා වෙයි. අභිරති ලෝකයේ අගරජු කත්‍රික නම් වෙයි. ඔහු එසේ මෙසේ පාලකයෙකු නොව සක්‌විති රජෙකි. කත්‍රික රජුගේ වැඩි විස්‌තර සොයා ගැනීමට නැත. එනමුත් කත්‍රියන්ගේ සුරූපී අග බිසව වන වජ්‍ර යෝගිනිය අක්‍ෂෝභ්‍ය තරම්ම ප්‍රසිද්ධ තැනැත්තියකි. 
නිලන්ත හෙට්‌ටිගේ - දිවයින ඇසුරිණි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤