යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

දෙවියන් වැන්දට දෙවියන් ගැන ඔබ නොදන්නා මේ වටිනා දේවල් ගැනත් ඔබ දැනුවත් වෙන්න.

ඇත්තෙන්ම මේ දෙවියන් යනු කව්ද? දෙව්ලොව කෙබඳුද? සමහරු දෙවියන් ලොව සිටිතැයි විශ්වාශ නොකරති. තවත් සමහරු ලෝකය මැවූ එකම දෙවියෙක් ගැන පමණක් විශ්වාශ කරති. සමහරු දෙවියන් දැක ඇතැයි කියති. තවත් සමහරු තමන්ගේ සිරුරට දෙවියන් ඇතුළු වී ඇතැයි පවසති.

බෞද්ධාගම, හින්දු ආගම, කතෝලික, ඉස්ලාම් යන ලොව ප්රධාන ආගම් දේව සංකල්පය තදින් විශ්වාශ කරති. බුදුරජාණන් වහන්සේ ආටානාටිය මහාසමය යන සූත්රවලින් සමහර දෙවි දේවතාවුන් ඔවුන්ගේ නම් ගම්වලින් පවා අමතා තිබෙනවා. එලෙසම දෙවියන්ට පින්පෙත් දීමද අනුමත කර තිබෙනවා. නමුත් බුදු දහම කතෝලික සහ ඉස්ලාම් දහම මෙන් ලොව මැවූ එක් මහා දෙවියෙක් ගැන පිළිගන්නේ නැහැ. අනෙක ඒ ආගම් අනුව ඇත්තේ ස්වර්ගය නම් එකම දෙව්ලොවක් පමණි.

දෙවිවරු යනු සූක්ෂම ශරීරවලින් යුතු රුවින් අගතැන්පත්, සිතූ පැතූ සම්පත් ලබා ගතහැකි ඉතා බලවත් ශක්තින් ඇති කොටසකි. ඔවුන් ලොව නොයෙක් තලවල පිහිටා ඇති සදෙවි දිව්ය ලෝකයන්වල වෙසෙති. දෙවියන් මිත්යා දෘෂ්ටික සහ සම්යයක් දෘෂ්ඨික වශයෙන් ප්රධාන කොටස් දෙකකි සම්යයක් දෘෂ්ඨික දෙවිවරු බෞද්ධාගම විශ්වාශ කරති. මිත්යා දෘෂ්ඨික දෙවිවරු අන් ආගම් විශ්වාශ කරති. එලෙසම දෙවියන් පෘථග්ජන කොටසකි. සෑම ආගමකට අනුව දිව්යමය භාවය ලබා ගත හැක්කේ බොහෝ පින් දහම් කොට පුණ්ය ශක්තිය වැඩි දියුණු කරගත් අයට පමණකි.

බෞද්ධ සංකල්පයට අනුව දිව්ය ලෝකයන් සයකි. එනම් චතුර්මහාරාජික, තව්තිසා, යමයා, නිම්මානරති, පරනිමිත්ත, වසවත්ති යනුවෙනි. මේ එක් එක් දිව්ය ලෝකයන්

එනම් තව්තිසා දෙව්ලොව - ශක්ර දේවෙන්ද්රයන්, යමයා දෙව්ලොව- සුයාමා දෙවියන්, සන්තුසිත දෙව්ලොව- සන්තුසිතා නම් දෙවියන් ද, නිම්මාන රති දෙවිලොව- සුසින්මිත සහ වසවත් දෙව්ලොව - වසවත්ති දෙවියන් ද අධිපතිත්වය දරති. මේ දෙව්ලොවවල ආයු කාලය ද අපට වඩා බෙහෙවින් වැඩිය. චතුර්මහාරාජික දිව්ය ලෝකයේ ආයු කාලය අපේ වර්ෂ මිලියන 9 ක් වන අතර පරනිමිත වසවත්ති දෙව්ලොව ආයු කාලය වර්ෂ මිලියන 9216 කි. මෙයට අමතරව මීට වඩා ආයු කාලයන් සහිත බ්රහ්ම ලෝක 20 ක් තිබේ මේවායේ ද දෙවිවරුන් වෙසෙති. මේ අනුව අනාදිමත් කාලයක සිට තවමත් සමහර දෙවිවරු චුත නොවී මෙම දිව්ය බ්රහ්ම ලෝකවල ජීවත්වෙති. බ්රහ්ම ලෝකවල සිටින බොහෝ දෙවිවරු බුදුවරුන් ඇසුරු කළ දෙවිවරුන් බැවින් විශේෂයෙන්ම බෞද්ධයන්ට තම බණ භාවනා ආදියේදී සහාය දක්වති. නමුත් අද අපේ රටේ ජනතාව වැඩි වශයෙන් අදහන්නේ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, පත්තිනි සූනියම්, කාලි මෑණියන් යන දෙවි දේවතාවුන්ය. ඔවුන් වෙනුවෙන් විශේෂ වු දේවාලයන් ද තනා ඇත.

දිගු කලක් දෙවියන් කෙරෙහි අචල විශ්වාශයෙන් භක්තියෙන් පුද පූජා දෙමින් සලකන අයට දෙවියන් ගෙන් විශේෂ ආශිර්වාද හිමිවේ. ඒ මගින් නොයෙක් ශක්තීන් ද ලබා ගත හැක. නමුත් බොහෝ දෙවියන් ශක්තීන් ලබා දෙන්නේ යහපතක් කිරීමට පමණි. එක් කාලයකට දේවත්වය ද අනෙක් වේලාවට යක්ෂ වේෂයන් ද ගන්නා දෙවිවරු භයානක ක්රියාවලට ද දායකත්වය දක්වති. නමුත් කිසි විටෙක දෙවියන් මනුෂ්ය ශරීර තුළට ඇතුල් නොවේ. එබැවින් දේවාරූඩයෙන් ශාත්ර කියන්නන් ලෙස දැන්වීම පළකරන්නේ ප්රේත භූත වැනි අනෙකුත් අමනුෂ්ය බලවේගවල ආධාරයෙන් කටයුතු කරන අයයි. බොහෝ විට දෙවියන් පණිවිඩ ලබාදෙන්නේ කෙනෙකුගේ මනසටයි. සමහර විට ස්වප්න මගින් ද ඒවා ලබාදෙති. ප්රධාන දේවාලවල පුද පූජා සිදුකිරීමේදී ද දෙවියන්ට ආර් ජුව පණිවිඩ දීමේ හැකියාව තිබේ. නියම ලෙස අංජනම් බැලීමේදී ද අංජනම් දේවිය වැනි දෙවියන් සමඟ කතා කිරීමට අවස්ථාව තිබේ.

දෙවියන් සුගන්ධය ආඝ්රාහණය කරන බැවින් දේවපුජා පැවැත්වීමේ දී සුගන්ධයට මුල් තැනක් දිය යුතුය. පළතුරුවල සුවඳ විහිදෙන ලෙස කපා පුජාවට තැබිය යුතුය. වර්ණවත් දෙවියන් ප්රිය කරන වර්ණවත් මල් වර්ග, තෙල් වර්ග, පත්රවර්ග, ආහාර වර්ග, හඳුන්කුරු, සුවඳ දුම්, දේව පුජාවල බෙහෙවින් යොදා ගත යුතුය. එලෙසම පිරිසිදුකම ඔවුන් ගේ ආකර්ශනය ලබාගැනීමේදී අත්යාවශ්ය කරුණක් වෙයි. දේව පූජා තැබීමේදී ඔබ මස් මාංශවලින් තොරවීමද ඉතා වැදගත්. ඔබේ නිවස, වත්ත සුවඳ මලින් ගහණ නම් නිතර සුවඳ දුම් අල්ලා පිරිසිදුව තිබේ නම් දේව ආකර්ශනය ලබා ගැනීමට පහසුය. දෙවියන් පින් ලබා ගැනීමට ඉතා ප්රිය ය. එමෙන්ම කරණීය මෙත්ත සූත්රය මහා මංගලසූත්රය සඡ්ජායනාව දෙවියන් ඉතා ප්රිය කරන බව සැලවේ. මනස දියුණු කළ එනම් අධිමානසික තත්වයක් ඇති සහ දියාන වඩන ලද පුද්ගලයන්ට දෙවියන් දැකීමට මෙන්ම ඔවුන් සමග සංවාද පැවැත්වීමට ද හැකියාව තිබේ. දෙවියන් ද මේ පුද්ගලයන් මගින් ලොවට නොයෙකුත් පණිවිඩ දෙති. ඉන්දියාවේ හිමාලය අසල පිහිටි රිෂිකේෂ් නම් ප්රදේශයේ මෙවැනි සමත්කම් ඇති යෝගීන් බහුල බව පැවසේ. බොහෝ දෙනෙක් මෙම ඉසිවරයන් හමුවී තම පුනරුත්පත්තිය අනාගතය පිළිබඳ උපදෙස් ලබා ගනිති.

අද අප අතර සතරවරම් දෙවිවරු කව්රුන් ද යන්න පිළිබඳව ප්රශ්ණයක් පැන නැගී තිබේ. බොහෝ දෙනෙක් සතරවරම් දෙවිවරු ලෙස සලකන්නෙ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ යන දෙවිවරුන් ය. නමුත් නියම සතරවරම් දෙවිවරු ලෙස සැලකෙන්නේ සතර දිශාවන්ට අධිපතිකම දරන චතුර්මහාරාජික දෙව්ලොව වැඩ වසන දෙවිවරුන්ය. එනම්, නැගෙනහිර මෙන්ම ගාන්ධර්වයන්ට අධිපති ද්රත්රාෂ්ට, දකුණු දිශාවට මෙන්ම භූතයන්ට අධිපති විරූඩ, බටහිර දිශාවට සහ නාගයන්ට අධිපති විරූපාක්ෂ, සහ උතුරු දිශාවට සහ යක්ෂයන්ට අධිපති වෛශ්රවණ නොහොත් කුවේර යන මේ දෙවිවරුන්ය. මේ දෙවිවරුන් පිළිබඳව ආටානාටිය සූත්රය සහ මහාසමය සූත්රයේ අප මහා බුදුරජාණන් වහන්සේ නම් වශයෙන්ම සඳහන් කර ඇත.

දෙවිවරු යහපත් මිනිසුන් දෙස අනුකම්පාවෙන් බලති. පිහිට වෙති. මිනිසුන් දෙන පින් අනුමෝදන් වෙති. නමුත් දෙවියන්ට ග්රහ අපල දෝෂ අමනුෂ්ය දෝෂ වැනි දෝෂවලින් වන පීඩා දුරු කිරීමට හැකියාවක් ඇතත් ඔවුන්ට කෙනෙකුගේ කර්මශක්තිය වෙනස් කිරීමේ බලයක් නැත. එලෙසම කිසිම විටෙක දෙවියන් මිනිස් සිරුරුවලට ඇතුල් නොවෙති. අසුරයන් ද දෙවියන් හා සමාන බලයක් ඇති ශක්ති කොට්ඨාශයකි. ඔවුන් මිත්යා දෘෂ්ටික වන අතර නිතරම දෙවියන්ට විරුද්ධය. එමෙන්ම කෙනකුගේ යහපත නොසලකන කොටසකි. දේව කථාවල සුර අසුර යුද්ධයන් ගැන නොයෙකුත් කථා පුවත් සඳහන් වේ. මොවුන් සාමාන්යයෙන් මුහුදු වෙරළ ආසන්න විමානවල ස්ථානගත වී ඇතැයි පවසති. තවද බුම්මාටු දෙවියන් ලෙස හැඳින්වෙන ගස් ගල් පර්වතවල සිටින දෙවි දේවතාවුන් ද ඇත. මොවුන් එතරම් බලවත් අය නොවේ.

දෙවියන් යනු අපේ රටට පමණක් සීමා වු කොටසක් නොවේ. මුළු ලෝකයේම රට රටවල දෙවිවරුන් වැඩ සිටිති. කකෝලික ආගම අදහන රටවල එම ආගමික දෙවිවරු සිටිති. යේසුස් වහන්සේ දිව්ය පුත්රයෙක් ලෙස සැලකේ. එලෙසම එතුමාගේ මව්තුමිය මරියතුමිය, පියා ජුසේ මුනිඳුන් ද දේවත්වයෙන් සැලකේ. තවද කතෝලික ආගමේ සඳහන් වන ශාන්තුවරයන්, මෑත අතීතයේ මනුලොව සිට යහපත් ජීවිත ගත කර ශාන්තුවරයට පත්වු අය වෙති.

ඔවුන් බොහෝ ප්රාතිහාර්යන් ද දක්වා ඇත. ශාන්ත අන්තෝනි මුනිඳුන් වැනි ශාන්තුවරයන් ජාති ආගම් භේදයකින් තොරව සෑම ජන කොටසකටම පිහිට වෙන බවට ප්රබල විශ්වාසයක් තිබේ.

එසේම අනිකුත් සියලුම ආගම්වලට අදාළ ඒ ඒ දෙවිවරුන් සිටිති. අද අපේ රටේ ජනතාව අදහන බොහෝ දෙවිවරුන් ඉන්දීය සම්භවයකින් යුක්ත වූවන් වෙති. ඉන්දියාවේ හින්දු බ්රහ්ම විෂ්ණු ශිව යන ත්රිමුර්තිය මුලිකව අදහති. බ්රහ්මයන් ලොව මැවු බවද විෂ්ණු දෙවියන් ලොව වර්ධනය කරන බව ද, ශිව දෙවියන් අධර්මය විනාශ කොට ධර්මය ස්ථාපිත කරන බව ද කියවේ. හින්දු ජනතාව මේ ප්රධාන දෙවිවරුන්ට අමතරව ලක්ෂ්මි, ගණ දෙවිඳුන්, සරස්වතී දුර්ගා, ගංගා මාතාක, භද්රකාලී, සුබ්රමනියම්, නාග දෙවිඳුන් යනාදි වශයෙන් නොයෙක් දෙවි දේවතාවුන් අදහති. මුළු ලෝකයෙන්ම දෙවියන් උදෙසා වැඩියෙන්ම පූජා පවත්වන වෘත සමාදන් වන රට ඉන්දියාව යයි කිවහොත් එය අසත්ය නොවේ.

මනුලොව ක්රියාකාරකම් අධීක්ෂණය සඳහා දේවමණ්ඩලයක් තිබෙන බව සැලවේ. මෙම දේවමණ්ඩලය සෑම දිනකම රාත්රී 10 සිට පාන්දර 4 තෙක් රැස්වෙන බව කියවේ. මේ පිළිබඳව අධි මානසික බලයක් ඇති විදේශික කාන්තාවක් වන මේරි ටී බ්රවුන් මහත්මිය විසින් රචිත (කසෙ ඊ කරන ඓ ඊ ර අපනයන කෘෂිකර්ම ෙදපාර්තෙම්න්තුෙව් එය) යන ග්රන්ථයේ ද සඳහන් වේ. ඇය පවසන පරිදි, ඇය සතු බලවත් අධිමානසිකත්වය නිසා ඇයට මෙම ලෝකයන් පියවි ඇසින් දැක ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඇය විස්තර කරන පරිදි දෙව්ලොව මනරම් තුරුලතා වර්ණවත් පුෂ්පයන්ගෙන් පිරි, පළිගු වැනි ඉතා පිරිසිදු ජලධාරාවන් ගලායන, ඇල දොල ද සහිත අලංකෘත නිම්නයකි. එමෙන්ම එය ඉතා දීප්තිමත් මෙන්ම වර්ණවත් ලොවකි. ඇය පවස්නේ දෙවිලොව යනු නොනැසෙන ලොවක් බවයි. මෙහි කිසිවක් ක්ෂය වීමක් සිදු නොවේ. දෙවි දේවතාවුන් සියල්ලන්ම පසුවන්නේ තරුණ වයසෙහිය. මෙහි දිව්ය සත්වයන් ද සිටිති. ඒ බව අපට තහවුරු වන්නේ බොහෝ දෙවිඳුන් තම වාහන ලෙස භාවිතා කරන්නේ ද සත්වයන් වන බැවිනි.

නිදසුන් වශයෙන් විෂ්ණු දෙවියන්ගේ වාහනය ගුරුලෙකි. කතරගම දෙවියන්ගේ වාහනය මයුරෙකි. තවද ඇය පවසන පරිදි මෙලොව ඇති සෑම ග්රන්ථයකම මෙන්ම කලා කෘතියක මුල් පිටපත එහි තිබේ. අනෙක ඉතිහාසයේ සිදුවූ සෑම සිදුවිමක්ම ඒ ආකාරයෙන්ම එහි සටහන් වි තිබේ. ආකාශ වාර්තා නමින් හැඳින්වෙන මෙලොව වෙසෙන සෑම කෙනෙක්ගේම පෙර ෙආත්ම පවා සඳහන් පොතක් දෙව් ලොව තිබේ. දියාන ලාභීන්ට සහ අධිමානසිකත්වයෙන් හෙබි පුද්ගලයන්ට මේවා කියවීමේ හැකියාවක් තිබේ.

දෙවියන්ට පින් දීමේදි නිතරම ඔවුන් ගේ දිව්ය සම්පත් වැඩි දියුණුවීම සහ පතන්නා වූ සම්බෝධියකට පැමිණවීම මුලික විය යුතුය. බලගතු දෙවිවරුන්ට අපගේ පින් අවශ්ය නැත. දේව පූජා පැවැත්වීමේදි පෙර සෘෂිවරුන් විසින් සකසන ලද දේව ස්ත්රෝත්ර නියම ලෙස උච්චාරණය කර ශබ්ද නගා කීම ඉතා වැදගත්වේ. එමෙන්ම දෙවිවරුන් තම භක්තිවන්තයන් වර්ධනය වන තරමට ඉතා කැමතිය. එලෙසම ඔවුන් ගැන වර්ණනා කිරීම ස්තුති පූජා පැවැත්වීම ඔවුන් ඉතා ප්රිය කරති.එලෙස ඔවුන් වෙනුවෙන් පුද පූජා තබන්නන්ට ඔවුන්ගේ විශේෂ ආශිර්වාදය හිමිවනු ඇත. තවද අප දෙවිවරුන්ට වන භාර හාර නිසි ලෙස ඔප්පු කිරීමට ද වග බලා ගත යුතුය. සමහරු අමතකවීමකින් හෝ නොසැලකිලිමත් කමින් ඒවා සිදු නොකළ විට දෙවියන්ගේ උදහසට ලක්වීමට ඉඩ ඇත.

දෙවියන් සහ ජෞතිෂය අනාදිමත්කාලයක සිට සම්බන්ධව පවතී. නවග්රහයන්ට අධිපති දෙවිඳුන් හට ග්රහ අපලයන්ට පුද පූජා පැවැත්වීම සෙත් කව් ආදී කටයුතු සිදුකිරීම ආදී කටයුතු එයට හේතුවයි. අප සැමගේ ලග්නය සහ නැකත අනුව අපට හිමි යම් දෙවි දේවතාවුන් ඇත. අප ඔවුන්ට පුද පූජා පැවැත්වීමෙන් වැඩි සහනයක් ලබා ගත හැකි බව පැවසේ. අප සැමටම එක ඉෂ්ට දේවතාවෙක් හො දේවතාවියක් ඇත. ඇය / ඔහු බොහෝ විට අපගේ මියගිය ඥාතියෙක්, මිතුරෙක් හෝ ඉහත ආත්මයක හෝ යම් ලෙසකින් අපට සම්බන්ධ කෙනෙකි. අපේ ඉෂ්ට දේවතාවා හරහා අපට අනිකුත් දෙවිවරුන් සම්බන්ධ කර ගත හැක.

සෑම දෙයකටම මූලික වන්නේ විශ්වාශයයි. මෙය ශ්රද්ධාව භක්තිය යන ඕනෑම අර්ථකථනයකින් හැඳින්විය හැක. මෙම අචල විශ්වාශය, භක්තිය, දේව ආකර්ශනය ලබා ගැනීමේදී අත්යවශ්ය සාධකයකි. ඒ නිසාමය සමහරු තම ශරීරයේ කටු ගසා ගනිමින් ඒවායින් එල්ලෙමින්, ගිනි පාගමින් ආදි නොයෙකුත් වෘතවලින් දෙවියන් කෙරෙහි භක්තිය විදහා පාමින් කටයුතු කරන්නේ. ඔබට දෙවියන්ට පවසන්න යමක් ඇත්නම් දේවලායකට ගොස් බුදුන් පුදා ඒ පින් අනුමෝදන් කර තමන්ම තම කන්නලව්ව කරන්න. අචල විශ්වාශයකින් භක්තියකින් නියම ලෙස පුද පූජාකරන්නන්ට දේව ආශිර්වාදය අනිවාර්යෙන්ම හිමිවේ.

ශ්රියානි ද සේරම්
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මරණාසන්න වූවන්ගේ අත්දැකීම්


පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි
(මරණාසන්න වූ කීප දෙනකුගේ අත්දැකීම් විස්තර කැරෙන මේ ලිපියෙන් ඇලීමෙන්, බැඳීමෙන් තොර වීමෙන් ලැබෙන සතුට ගැන ද කියැවේ.)

.
මේ කියන මහාචාර්ය ‘පින් වැන් ලෝමල්’ හට මරණාසන්න වූවන් පත් වන සිද්ධිවලට සම්බන්ධ කතන්දර, හුදු කතාන්දරවලට සීමා නොකොට මේවා ඇත්තද කියා විද්‍යාත්මකව සොයා බලන්න ඕනෑ වුණා. ඔහු මේ පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධව සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යා සඟරාවක් වූ ‘ද ලන්සෙට්’ සඟරාවේ 2008 කලාපයේ පළ වී තිබෙනවා.

ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්‍රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි.

ඒ වගේම සැත්කම් කාමරයේදී සිදු වූ දේවල් ද ඔහු වාර්තා කර තැබුවා. මේ මගින් ඔවුන්ගේ මතකයන්ගේ නිරවද්‍යතාව පිරික්සා බලන්නට හැකි වුණා. ඔහුගේ පර්යේෂණයට භාවිත වූ නියැදියෙන්, හෘදයාබාධයට ලක් වී තාවකාලික මරණයට පත් වූවන්ගෙන් සියයට 10කට මරණාසන්න අත්දැකීම් තිබුණා. තමන් තාවකාලික මරණයට පත් වූ පසු සිදු වූ සිද්ධි පිළිබඳ අත්දැකීම් ඔවුන් විස්තර කළා.

තමන්ගේ ශරීරයෙන් වෙන් වී ඉවතට පා වී ගිය අයුරුත්, ඉන් පසු ඇසීමට නැත් නම් දැකීමට හැකි වූ අයුරුත් ඔවුන් විස්තර කළා. මේ මතකයන් සිතේ මවාගත් මතකයන්ද නැත් නම් ඇත්තටම ඇත්ත මතකයන්දැයි මහාචාර්යවරයා විමසා බැලුවා. ඔවුන් විස්තර කළ දේවල්, සිදු වූයේයැයි කියූ දේවල් පරීක්‍ෂා කිරීමේදී ඇත්තටම සිදු වී ඇති බව මහාචාර්යතුමාට සනාථ වුණා.

මහාචාර්යවරයාගේ මෙම පර්යේෂණයේ සිත ඉතාම කුල්මත් කරන කොටස නම් මරණයට පත් වී, පසුව සිහිය ඇවිත් සිය මරණාසන්න අත්දැකීම් ප්‍රකාශ කළ මේ සියයට දහයේම මොළය මැරී තිබීමයි. මරණාසන්න වූවන්ගේ අත්දැකීම් පිළිබඳ මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ සුවිශේෂම කාරණය මේක තමයි. මොළයේ ක්‍රියාකාරීත්වය එහෙම පිටින්ම අක්‍රියව තිබියදී, සිහිය තමන් කරන කියන දේවල් ගැන දැන සිටීමයි, සක්‍රීයව තිබීමයි. මහාචාර්යවරයාගේ පර්යේෂණයේ මුල කොටසින් අනාවරණය වන වැදගත් නිගමනය මේකයි.

ගැඹුරු භාවනාවේදීත් සිදු වන්නේ මෙයම තමයි. මම මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ විශිෂ්ට කතාව මගේ පොතකද පළ කළා.

ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන් වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත් වන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා චාල්ස් ගාර්ඩිනර් රෝහලට ඔහු රැගෙන ගියා. රෝහලේදී ඊසීජී හා ඊඊජී පර්යේෂණවලින් ඔහුගේ හෘදය වස්තුවත්, මොළයත් සක්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මණ්‍ය වී තිබුණා. පරීක්ෂණයේදී හෘදයවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, ඊඊජී පරීක්ෂණයේදී මොළය අක්‍රියව ඇති බවත් අනාවරණය වුණා.

ඉන් පසු විදුලි සැර වැද්දීම්, පපුව තෙරපීම් වැනි නොයෙකුත් හදිසි ප්‍රතිකාර කළත් ඔහු ජීවත් වන ලකුණක් දැකගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිම කොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිම කළ සැණින් ඊසීජී යන්ත්‍රයත්, ඊඊජී යන්ත්‍රයත් ක්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලන විට තමා රෝහලක සිටින්නේ මක් නිසාදයැයි විස්මයට පත් වුණා. වෛද්‍යවරුන් බොහෝම කඩිනම් පරීක්ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළි වුණා. ඉන් පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් යා හැකි තරමට ඔහු නීරෝගීව සිටියා.

විස්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥානයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු නිසාත්, ගැඹුරු භාවනාව තුළින් සිදු වන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක්‍රියාකාරීත්වය නතර වූ විට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත් වීමක් සිදු වන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන අවස්ථාව ලෙස හඳුන්වනවා.

දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත් වීම අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වුණාම සිදු වන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මගින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වීමෙන් සිදු වන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි; ප්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.

එය එසේ වන්නේ ඇයි? මේ වේදනාකාරි ශරීරයෙන් නිදහස ලැබීමට හැකි වීමයි. ගැඹුරු භාවනාවෙන් සිදු වන්නේ මෙයම තමයි. ඔබට මෙය මා මෙය කී සැරයක් කීවාදැයි මා දන්නේ නැහැ. එහෙත් මා මේ ගැන ඉතා අවංක විය යුතුයි. සමහර විට මෙය මා නොකිය යුතුයැයි ඔබ සිතන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් කිසිවක් සඟවන්නට අවශ්‍ය නැති නිසා මම මෙය කියනවා.

ගැඹුරු භාවනාවෙන් ලබන ප්‍රමෝදය, කාමාස්වාදයෙන් ලබන ප්‍රමෝදයට වඩා ඉහළයි. මම භික්ෂුවක් වීමට පෙර කාමාස්වාදය විඳ තිබෙනවා. නමුත් පසුගිය හතළිස් වසර තුළ මම කාමාස්වාදයෙන් තොරව බඹසර රැක්කා. එය එසේ වුවත් මට හොඳ මතකයක් තිබෙනවා. දැන් මම ගැඹුරු භාවනාවෙන් සතුටක් ලබනවා.

මක් නිසාද කිව්වොත්: භාවනාවට සමවැදුණාම ශරීරය අතුරුදන් වෙනවා. නැති වී යනවා. ඔබ මරණයට පත් වුණාමත් සිදු වන්නේ මෙන්න මේකම තමයි. මේ නිසා ශරීරයෙන් නිදහස් වීම අතිශයින්ම ආනන්දජනකයි; ප්‍රමෝදජනකයි.

මා මේ ඔබට දැන් කියන්නට යන්නේ හාස්‍යජනක කතාවක්. මා මේ කතාවට කැමතියි. එක්තරා කාන්තාවකට සැත්කමක් කරමින් සිටින අතරවාරයේ තාවකාලික මරණයට පත් වුණා. ඇය ශරීරයෙන් වෙන් වී ගොස් ඉහළ සිට පහළ සිදු වන දේවල් දිහා බලා සිටියා. ඇය කියන විදිහට මෙසේ සිටියදී මොකක්දෝ භූත බලවේගයක් ඇයට මෙහෙම කිව්වාලු:

“මේක නොවෙයි ඔයාගේ වෙලාව. ඔයා ආපහු යන්න ඕන.”

“මට බැහැ!” ඇය කිව්වා. “මම ආපසු යන්නෙ ඇයි? මම හරි සතුටෙන් ඉන්නෙ. මට ආපසු යන්න බැහැ” ඇය උත්තර දුන්නා.

“ඔයා ආපසු යන්නම ඕන!” භූත බලවේගය බල කර කියා සිටියා.

“මට ඕවයින් වැඩක් නැහැ. මම ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.

මේ කාලයේ ජනයා නිදහසේ වැඩ කරන්න කැමැතියි. ඔබ ඔබේ දෙමාපියන්, ඔබේ ආණ්ඩුව හෝ ඒත් නැත් නම් දෙවියන් හරි වෙන කවුරු හරි කියන විදිහට ඔබ වැඩ කරන්න කැමැති නැහැ. ඇයත් නිදහසේ වැඩ කළ කෙනෙක්. ඒ නිසා ඇයට කවුරුවත් කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන වුණේ නැහැ.

මම බොහෝම සතුටෙන් ඉන්නවා. මම නම් ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.

ඒක තමයි නිදහස. අපට ආයෙත් කොහොමටවත් ආපසු යන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ විදිහට භූත බලවේගයත්, මේ කාන්තාවත් තර්ක විතර්ක කරමින් සිටි අතරවාරේ අර භූත බලවේගය ඇය අල්වා ආපහු ඇගේ ශරීරය ඇතුළට විසි කළා. ඉන් පසු පෙර තිබුණු රුදාවල්, වේදනාවල්, පීඩාවන් ආපහු ඇයට දැනෙන්නට පටන් ගත්තා.

ඇය ඇත්තටම අර භූත බලවේගය ගැන කෝපයෙන් පසු වෙනවා. මේ සිදුවීම පිළිබඳ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙන්න මෙහෙම කව්වා:

“මම ඊළඟ සැරේ මැරුණාම, අර හාදයා කොහොම හරි සොයාගත්තොත්, මම එයාට හොඳ පාඩමක් උගන්වනවා! ඒ හාදයා මට කරපු වින්නැහිය බලන්නකො...”

මේ කතාව හාස්‍යජනක වුවත් එයින් ලබාගත හැකි පාඩම වැදගත්. කථාවෙන් කියවෙන දෙයත් බොහෝ අයට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මරණය කොයි තරම් ප්‍රසන්න අත්දැකීමක්ද කියන පාඩමයි.

මරණාසන්න අත්දැකීම් විඳ ආපසු ශරීරයට ආ සෑම දෙනෙක්ම පවසන එක දෙයක් තිබෙනවා:

“මම දැන් මැරෙන්න බය නැහැ!” ඔවුන් සෑමදෙනාම කියනවා. “ශරීරය අත්හැර යෑම හරිම ආස්වාදජනකයි; ඒ වගේම හරිම ප්‍රමෝදජනකයි. අප්‍රමාණ නිදහසක්, සමාජයක් භුක්ති විඳින්න ලැබෙනවා. ඒ කාලය හරිම ප්‍රසන්න කාලයක්” ඔවුන් කියනවා.

මෙය කවුරු වුණත් දැනගත්තාම ලොකු ප්‍රයෝජනයක් තිබෙනවා. මේ බව දැනගත්තාම ඔබේ මරණය ගැන ඔබ තුළ ඇති බිය නැති වෙනවා. ඔබ ආදරය කරන කෙනකු මරණයට පත් වුණාම හඬාවැලපී ශෝක වීමද ඔබෙන් ඉවත් වෙනවා.

කෙනෙක් මරණයට පත් වූ පසු ‘ඔහු දැන් යහතින් ඉන්නවා’ යැයි කියා ඔබට සතුටු වෙන්න පුළුවන්. මරණයට පත් වූවන්ගේ අත්දැකීම් අනුව ඔබට මේ පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඔවුන් මරණයෙන් පසු සතුටින් සිටින බව ඔබ දන්නවා. මේ බව දැනගැනීමෙන් පුද්ගලයන් පිළිබඳ විශාල වෙනස්කම් ඇති වෙනවා.

නමුත් සියලු දෙනා මරණයෙන් පසු සතුටින් සිටින්නේ නැහැ. ඒ ඇයි? කියා ඔබ දන්නවා. සතුටු වෙන්න බොහෝ කාරණා තිබුණත් ‘මම මේ සතුට ලබාගන්න සුදුසු නැතැයි’ සමහරු සිතනවා. මෙය ඔවුන්ගේ මරණයෙන් පසු ජීවිතයට බලපානවා.

ජීවත් වීමේදී දක්වන ප්‍රතික්‍රියාවන් මරණයෙන් පසු ජීවිතයට බලපානවා. මේ මොහොත ඔබ සතුටට පත් වී සිටින මොහොතක්, සතුටෙන් සිටින කාලයක්, සතුටෙන් සිටින සති අන්තයක් කියා සතුටු වෙන්න පුළුවන් වුණත්, ‘මම ඒ වගේ සතුටක් ලබන්න සුදුසු නැතැයි’ කොයිතරම් දෙනෙක් සිතනවාද? ඔබ ඔබේ සතුට විනාශ කරගන්නවා. එය එසේ වෙන්න බැහැ. මම මගේ සතුට විඳිනවා. තමන් වරදක් කර ඇතැයි සිතීම, අසුභවාදී වීම නැත් නම් නිෂේධාත්මක වීම, නිතරම වැරදි සෙවීම, මනුෂ්‍යයන්ගේ දුර්වල ගුණාංගයක්. මේ ජීවිතයේදී එම ගුණාංග වැඩිදියුණු කරගත්තාම ඒවා ඒ විදියට මරණයෙන් පසු ජීවිතයටත් ගමන් කරනවා. මේ ජීවිතයේදී හොඳින් කල්ගත කරන්න ලස්සන අවස්ථා තිබුණත් සමහරු ඒ අවස්ථාව මගහරිනවා; තල්ලු කරදමනවා. “එහෙම වෙන්නේ කොහොමද? මම සතුටින් ඉන්න සුදුසු නැහැ. මම නරක මිනිහෙක්. මම නරක වැඩ කර තිබෙනවා” කියා සිතීම, වැරදි අඩුපාඩු සෙවීම, නිෂේධාත්මක වීම නතර කරන්න. එවිට ඔබ නිදහස්. සිකුරාදා පවත්වන දේශනාවලදී වැරදි කර ඇතැයි යන හැඟීම ඉක්මවා සුබදායක ලෙස සිතීම ගැන අප බොහෝ දේවල් කියා තිබෙනවා.

ජීවිතය ගැන සුභවාදී වෙන්න. ඔබේ අතීතය පිළිබඳ වේදනාවන් අත්හැරදමන්න. අතීත ස්මරණවල රැඳී, අතීතයේ සිරකරුවකු නොවන්න. බිත්තියක් බැන්ද පසු එහි ගඩොළු නවසිය අනූඅටක් නිවැරැදිව තැබූ ඔබ වැරදියට තැබූ ගඩොළු දෙක ගැන සිතමින් ළතවන්න එපා. ඇත්තටම මෙලෙස කටයුතු කිරීමෙන් ඔබ සුබවාදී ආකල්පවලින් නොව අසුබවාදි ආකල්පවලින් යුක්ත වෙනවා. මම ජීවිතය පිළිබඳ සුභවාදි ආකල්ප කියන යෙදුමට කැමැති නැහැ. එය තරමක් පට්ට ගැසූ සංකල්පයක්. ඒ වෙනුවට හැම වේලාවෙම සාධාරණ වෙන්න; යුක්ති සහගත වෙන්න; හේතු සහගත වෙන්න. ඔබ ගැන සිතුවොත් ඔබ නරක පුද්ගලයෙක් නොවෙයි. මගේ මුළු ජීවිත කාලය තුරාවටම මට නරක පුද්ගලයෙක් හමු වෙලා නැහැ. මට මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, හිරකරුවන් හමු වී තිබෙනවා. ඒ කවුරු වුණත් ඔවුනුත් මිනිස්සු. නමුත් ඒ සෑම කෙනකුගේම යහපත් පැත්තක්, සුන්දරත්වයක් මා දැක තිබෙනවා. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට වෛර කිරීමට, ඔවුන් විනාශ කිරීමට නුසුදුසුයි. කිසිම මිනිසකු විනාශ නොකළ යුතුයි. සෑම මිනිසකුගේම හොඳ පැත්තක්, සුන්දරත්වයක් තිබෙනවා. මෙය තේරුම් ගැනීමට වටිනා සුන්දර දෙයක්. ඔබ ගැනත් එසේ සිතන්න. ඔබ සතුටක් ලැබීමට සුදුස්සෙක්.

ජීවිතයේ අර්ථය කුමක්ද කියා ඇසුවොත් ඒ ප්‍රශ්නයට දිය හැකි උත්තරය නම් ඔබ සතුටු වීමට සුදුසුයි යන්නයි. එය තමයි ඔබේ ජීවිතයේ අර්ථය. එහි විශාල අර්ථයක් තිබෙනවා. ඔබට ඔබේ වේදනාවන් අත්හැරදමන්න පුළුවන්. ඒ වගේම සාමය සතුට පී‍්‍රතිය ළඟා කරගන්න පුළුවන්. ඔබ මරණයට පත් වීමෙන් පසු ඒ කරුණාවන්තකම ඔබත් දක්වන්න. භය බොහෝ දෙනකුගේ ජීවිතය වෙළාගෙන සිටිනවා. මා මේ දේශනය පවත්වන්නේ ඔබ වෙළා සිටින භය ඔබෙන් ඉවත් කරන්නයි.

බොහෝ පුද්ගලයන්ට මේ ලෝකය සමඟ තද බැඳීම් තිබෙනවා. තමන්ට අතහැරදමා යන්නට සිදු වන තැනැත්තන්, අත්හැරදමා යන්නට සිදු වන දේපළ හා වස්තු සම්භාරයට බැඳී සිටිනවා. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න සිදු වනවායැයි බුද්ධාගම කියන්නේ මේ නිසයි. ඔබට මේවාත් උසුලාගෙන යන්න බැහැ. එය ඉතා පැහැදිලි කාරණයක්. ඔබ දන්නවා අත්හැර යෑමට ඔබ උගත යුතුයි; පුරුදු විය යුතුයි.

ඔබ ඔබේ ඇලීම් බැඳීම් අත්හැරයෑම නිසා ජීවිතයේ සතුට විඳින්න ලැබෙන්නෙ නැතැයි සිතන්න එපා. ඔබ, ඔබ සමඟ සිටින පුද්ගලයන් ගැන සතුටු වෙනවා. දවස නිම වූ පසු “අද කොයි තරම් විශිෂ්ට දවසක්ද?” කියා ගත වූ දවස ගැන සිතමින් ඔබට නිදාගන්න ඇඳට ගොඩ වෙන්න පුළුවන් වෙනවා. අත්හැරදමන්න. හෙට තවත් දවසක් උදා වෙනවා. මා මේ සඳහා භාවිතා කරන්නේ විශිෂ්ට සංගීත ප්‍රසංගයක් පිළිබඳ උපමාවයි. මේ ලස්සන උපමාව මට ලැබුණේ මගේ පියාගේ මරණයෙනුයි. මගේ පියා මා සමඟ අවුරුදු දාසයක් ජීවත් වූ බව මම දන්නවා. ඒත් ඔහුගේ මරණය නිසා මම ශෝකයට පත් වුණේ නැහැ. මම කිසිම පසුතැවිල්ලකට පත් වුණේ නැහැ. මා අවුරුදු දාසයක් පමණ ඔහු සමඟ සිටියා. චමත්කාරජනක අවුරුදු දාසයක මා මගේ පියා සමඟ ගත කළා. ඔහු සමඟ ජීවත් වීමට ලැබීම කොයිතරම් වාසනාවක්ද? මෙය අතිවිශිෂ්ට ප්‍රසංගයක්. සෑම ප්‍රසංගයකම අවසානයක් තිබෙනවා. ප්‍රසංග බලන්න ගිය ඇත්තන්ගෙන් කීදෙනෙක් ප්‍රසංගය නිම වුණාම ශෝකයෙන් හඬා වැලපෙනවාද? “අනේ! ප්‍රසංගය ඉවරයි. තවත් ඉතින් ඒ ප්‍රසංගය බටහිර ඕස්ට්‍රේලියාවට එන්නෙ නැනැ” කියා කී දෙනෙක් වැලපෙනවාද?

එක ප්‍රසංගයක් ගියත්, තව ප්‍රසංගයක් එනවා; ඊළඟ සතියේ එන්න ඉඩ තිබෙනවා. මේ විදිහට පුද්ගලයන්ද එනවා - යනවා. ජීවිතය පිළිබඳ යහපත්ම දෙය මේක තමයි. ජීවිතය කියන්නේ ප්‍රසංග මාලාවක්. සතුටින් සිටින මොහොතවල් තිබෙනවා. අප පී‍්‍රතියෙන් ඔදවැඩී සිටින මොහොතවල් තිබෙනවා. නමුත් මේවා අවසාන වෙන බවත් අප දන්නවා. ප්‍රසංගය අවසාන වුණා වගේ අපි සතුටින් සිටින මොහොතවල් අවසාන වුණාට අඬා වැලපෙන්නේ කුමකටද? එක ප්‍රසංගයක් ඉවර වුණාම ‘ඒක හරි විශිෂ්ටයි’ කියා සිතමින් අපි ඊළඟ ප්‍රසංගයට මාරු වෙනවා. එක දවසක් නිම වී අපි තවත් දවසකට මාරු වෙනවා. ඒ වගේම එක් ජීවිතයක් නිම වී අපි තවත් ජීවිතයකට මාරු වෙනවා. ඔබට ඔබේ ජීවිතය ගැනද මේ විදිහට සිතන්න හුරුපුරුදු වෙන්න පුළුවන්. භාවනාවේදී සිදුවන්නේ මේකයි. අපි අතීතය අත්හැරදමනවා; අතීතයෙන් නිදහස් වෙනවා; උදා වූ මොහොත ආස්වාදය කරනවා. සතුටින් පිරුණු, සාමයෙන් පිරුණු භාවනාවෙන්ද සිදු වන්නේ මේකයි. ඔබ මරණයට පත් වුණාම සිදු වන්නේ මෙන්න මේක තමයි.

අතීතය අත්හරින්න. අනාගතය ගැන බිය නොවන්න. මේ මොහොත කරුණාභරිතව, අනුකම්පාවෙන්, සිතේ සාමදානයෙන් ගත කරන්න.

මේ ගැන මා නිතර භාවිත කරන උපමා කතාවක් තිබෙනවා. ඒක තමයි ඔලොගු දෙකේ කතාව. ඔබේ අත් දෙකේ බර ඔලොගු දෙකක් ඇතැයි සිතන්න. වම් අතේ ඇත්තේ අතීතය පිළිබඳ බර පුරවාගත් ඔලොගුවයි. දකුණු අතේ ඇත්තේ අනාගතය පිළිබඳ බර පුරවාපු ඔලොගුවයි. මේවා උසුලාගෙන යන්න බැරි තරම් බරයි. ඔබ අතීතය පිළිබඳ ඔලොගුවත්, අනාගතය පිළිබඳ ඔලොගුවත් බිම තැබුවොත් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබ දැන් බිම තැබූ ඔලොගු දෙක අතර, ඔබේ අතීතය හා අනාගතය අතර මොහොතේ පසු වෙනවා.

ඔබ මරණයට පත් වීමේදී කළ යුත්තේ මේකයි. අත්හැරදමන්න ඔබේ අතීතය. ඔබේ පසුකාලීන ජීවිතය පිළිබඳ මුළු අතීතයම අත්හැරදමන්න. ඔබේ ජීවිතයේ බොහෝම ලස්සන, සතුටුදායක අත්දැකීම් ඇතුවා වගේම අප්‍රසන්න අත්දැකීම්ද තිබෙන්න ඇති. ප්‍රසන්න අත්දැකීම් හරියට නිවාඩු කාලය වගෙයි. ඔබේ දුෂ්කර අවස්ථා ඔබේ වැඩ රාජකාරි වගෙයි. ඔබ වැඩ කරන විට ඉන් ඉගෙනගන්නවා; ඉගෙනගනිමින් ඉදිරියට කරනවා. ප්‍රසන්න අත්දැකීම්වලින් ඉගෙනගන්න. අප්‍රසන්න අත්දැකීම් හරියට ඔබේ වැටුප් පත වගේ. ඔබට දැන් හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. එය ජීවිතේම කොටසක්. ඔබ මැරුණාම මේ සියල්ල අවසන් වෙනවා. ඔබට කිසිවක් ගෙන යා නොහැකියි. ඔබට කිසිවක් ගෙන යා නොහැකි බව කවුරුත් කියනවා. ඒත් ඔබ ඒවාත් රැගෙන යන්න හදනවා. මේක ගැටලුවක්. ඔබ අතීතය අත්හැරදමන්නට පුහුණු වුණාම ඔබට උදා වූ මේ මොහොත රස විඳින්න පුළුවන්.

බොහෝ දෙනෙක් ජීවිතය රසවිඳීම නවතා තිබීම හරි පුදුමාකාර දෙයක්. අතීතය ගැන සිතා වර්තමාන සතුටත් නැති කරගන්නවා. අතීතයේ ඔබ කළායැයි සිතන අතීතයේ ඔබ කළා කියන දේවල් ගැන සිතන්න එපා. ඒවා අතීතයයි. ඒ වගේ අතීත ස්මරණයන් ගැන සිතසිතා මේ මොහොතේ සතුට පාලන කරගන්නට හදන්නෙ ඇයි? බුදුදහමේ ඉතාම බලසම්පන්න ඉගැන්වීමක් නම් ඔබ ඔබේ අතීතය ඔසවාගෙන වර්තමානයට නොයා යුතුයි යන්නයි. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න පුළුවන්. එසේ කිරීමට බාධාවක් නැහැ. එය කළ යුතුයි. එමගින් ලොකු සහනයක් ලබාගන්න පුළුවන් වෙනවා. ඔබට ලොකු නිදහසක් ලබාගන්න පුළුවන්. කිසිම වරදක් කර නැති, සහමුලින්ම පරිශුද්ධ කෙනෙක් නැහැ. ඔබ කළ වරද තවත් කෙනෙකු කර තිබෙන්න පුළුවන්. ඒ නිසා වරදක් කළාය කියන හැඟීම, අතීත ස්මරණ අත්හැරදමන්න. ද
.
පරිවර්තනය - නීතිඥ සමරසිංහ ගුණසේකර
Budu Maga

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පෙර ආත්මේ කරපු පව් මේ ආත්මේ පල දෙන හැටි එඩ්ගා කේසි විස්තර කරයි


එඩ්ගා කේසි පෙරදිග වැසියන් අතර වැඩිපුර කතා බහට ලක්වූයේ ඔහු පූර්ව ජන්මය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බැවිනි. අපරදිග වැසියන් පූර්ව ජන්මය පිළිබඳ මතය බැහැර කළත් අපරදිග වැසියකු වූ එඩ්ගා කේසි සිය මෝහන නිද් රාවේදී තමා මෙයට වසර 12,500 කට පෙර ආධ් යාත්මික නායකයකු වශයෙන්ද, තවත් ජන්මයකදී ආර්ථික වශයෙන් දිළිඳු පුද්ගලයකු වශයෙන්ද ඉපිද සිටි අයුරු විස්තර තිබේ කර. ආර්ථික දුෂ්කරතාව ඔහුගේ වැඩි ආත්ම ගණනාවකදීම පසුපස විස්තර ආ බව කර ඇත. කේසි කුඩා අවධියේදී ජලයට මහත් සේ බියක් දක්වා තිබේ.
.
එඩ්ගා කේසි පෙරදිග වැසියන් අතර වැඩිපුර කතා බහට ලක්වූයේ ඔහු පූර්ව ජන්මය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බැවිනි. අපරදිග වැසියන් පූර්ව ජන්මය පිළිබඳ මතය බැහැර කළත් අපරදිග වැසියකු වූ එඩ්ගා කේසි සිය මෝහන නිද් රාවේදී තමා මෙයට වසර 12,500 කට පෙර ආධ් යාත්මික නායකයකු වශයෙන්ද, තවත් ජන්මයකදී ආර්ථික වශයෙන් දිළිඳු පුද්ගලයකු වශයෙන්ද ඉපිද සිටි අයුරු විස්තර තිබේ කර. ආර්ථික දුෂ්කරතාව ඔහුගේ වැඩි ආත්ම ගණනාවකදීම පසුපස විස්තර ආ බව කර ඇත. කේසි කුඩා අවධියේදී ජලයට මහත් සේ බියක් දක්වා තිබේ.
.
පසු කාලෙක ඔහු මේ තම පිළිබඳව කියැවීම්වලදී විස්තර කර ඇත.
.
"මයි ලයිෆ් අෑස් අ සියර්" නම් කෘතියේ සඳහන් ඇති අන්දමට බොහෝ කර දරුවන් ජලයේ බැස ක් රීඩා කිරීමට මහත් ආසාවක් දැක්වුවද කේසි ඊට තදින්ම අකැමැති විය. විශේෂයෙන්ම සීතල ජලයට ඔහු කොහෙත්ම කැමැත්තක් දක්වා නැත. උදේ ආහාරය ගැනීමේදී හෝ සීතල වතුරෙන් මුහුණ සේදීමට හෝ හෙතෙම මැළිවී තිබේ.
.
පසු කලෙක මේ පිළිබඳව විමසීමේදී කේසිගේ ජන්මයකදී පෙර ඒ ගැන සිදුවීම් කිහිපයක් හෙළි තිබේ කර.
.
මා කුඩා කාලයේදී මගේ කුඩා සහෝදරයාත් මාත් කැටුව මගෙ පියා ජලාශයක බෝට්ටු පැදීමට ගියේය. ඒ මගේ අවස්ථාවට පියාගේ මිතුරකු වූ "රික්" නමැති තැනැත්තාද එක්වී සිටියේය. විල මැදදී අනපේක් ෂිත ලෙස අපට මහා කුණාටුවකට මුහුණ දෙන්නට සිදුවිය. තදින් සුළඟද හැමුවේය. බෝට්ටුව පැද්දෙන්නට විය. බෝට්ටුව වතුරෙන් පිරෙන්ට පටන් ගත්තේය. විදුලි කෙටීමත්, අකුණු පිපිරීමත් නොකඩවා සිදුවිය. මා මියයනු ඇතැයි සිතුණි මට. නොමැරී මැරී බේරුණු ඒ මගේ සිද්ධිය ජීවිතයට ඉතා තදින් කාවැදී තිබිණි. පසුව මගේ පියාත් ඔහුගේ යාළු රික් මහතාත් මට ඒ කීවේ ඔවුන් අවස්ථාවේදී බියපත්ව සිටියේ බෝට්ටුව පෙරළෙනවාට වඩා බෝට්ටුවට අකුණක් ගහනු ඇතැයි යන කරුණ නිසා බවය.
.
කේසි කිසියම් ජන්මයකදී "බේ් රන් බි් රජ්" නම් තැනැත්තකු වශයෙන් ජීවත්ව ඇති බව ඔහුගේ කියැවීම්වල සඳහන්ව ඇත. ජෝන් බේ් රන් බි් රජ් ඒ ජීවිතයේදී මියගොස් ඇත්තේ ගඟක පහුරක් උඩදීය. (පහුරක් යනු ලී කොටන් කීපයක් එකට ගැටගසා ජලය මත පාවීමට සකස් කරගත් යාත් රාවකි).
.
කේසි, ජෝන් බේ් රන් බි් රජ් වශයෙන් ඉපිද සිටි සමයේදීද ඔහුට අධි මානසික ශක්තිය හිමිවී තිබේ. ඩබ්ලිව්. එච්. චර්ච් නමැති පර්යේෂකයා ලියූ "මෙනි හැපි රිටර්න්ස්" නම් කෘතියේ එඩ්ගා කේසිගේ පුත් රයා වූ හෆ්ලීන් විස්තර කළ ඒ කතාවක් සම්බන්ධව දක්වා තිබේ.
.
" මගේ පියාට නිතරම ආර්ථික දුෂ්කරතා තිබුණා. සල්ලි ළඟ රැඳුනෙම නැහැ. තාත්තා ඒකට හේතුව හැටියට කීවේ ඔහු බේ් රන් බි් රජ් වශයෙන් ඉපදිලා හිටපු කාලෙ කරපු අකුසල කර්මයක් පලදීල කියලයි. තාත්තා ඒ කාලයේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළාලු. ඒ අවස්ථාවලදී තමාට සහජයෙන් ලැබී තිබුණ මානසික ශක්තියෙන් ඔහු සමඟ ක් රීඩා කළ අනිත් තැනැත්තන් සතු කාඩ් මොනවාද කියල දැනගෙන වංචනිකව සෙල්ලම් කර ඔවුන්ගේ සේසතම සූරාගත්ත විපාකෙ නිසාලු වෙලා මේ ආත්මෙ දුප්පත් සල්ලි හිඳිල යන්නෙ කියල කීවා.
.
ඒ විතරක් නෙවෙයි. මම ඒ කතාව පිළිගන්න අදිමදි කළාම මාත් එක්ක කාඩ් සෙල්ලම් කරලා එයා දිනල පෙන්නුවා. ඊට පස්සේ කාඩ් කුට්ටම මේසේ උඩට අතෑරලා ඔන්න ඕකයි මම කවදාවත් කාඩ් සෙල්ලම් කරන්නෙ නැත්තේ කියලා මූණේ කිසිම හිනාවක් නැතුව මා දිහා බලාගෙන කියල නැඟිටල යන්න ගියා."
.
කේසිගේ කියැවීම්වල කිසියම් කෙනකුගේ ක් රියාවකට පෙර ජන්මයකදී කළ දෙයක් බලපාන බව පැහැදිලිව සඳහන් කළේය. මේ කර්ම විපාකය පලදුන් දරුවකු ඔහු සුවපත් කළේය. එක්තරා යුවළකට ලැබුණු දරුවා පුතෙක් විය. ඔහු ඉතා ශාන්තදාන්ත දරුවෙක් විය. ඔහුට අවුරුදු දෙක සම්පූර්ණ වූ විට ඒ දෙපළට දුවකු ලැබිණි. එසේ දෙවැනි දරුවා ලැබීමෙන් පසුව පළමු දරුවා රාත් රියේ නිදාගත් කල නින්දෙන් ඇඳන් තෙමීමට පටන් ගත්තේය. එය ඉන් පසු සෑම රාත් රියකදී කෙරෙන සාමාන් ය බවට පත්විය සිද්ධියක්. තමාට තිබූ ආදරය තම නැඟණියට හිමිවීම නිසා තමා අනාරක් ෂිත තත්ත්වයට පත්වූවේය මානසික බලපෑම යන මේ ඇඳන් තෙමීමට හේතුව වන්නට ඇතැයි සිතූ දරුවාගේ මවුපියෝ ඔහුට වෙනදාටත් වඩා ආදරය පෙන්වමින් ඔහුගේ ඕනෑ එපාකම් ඉටු කළහ. මවුපියන්ගේ ආදරය කිසිම වෙනසක් නැති බව ඔහුට ඇඟවීමට ඔවුන් සෑම දෙදෙනා සෑම උත්සාහයක්ම දැරුවද දරුවා නම් පුරුද්ද අත්හැරියේ නැත. මේ නිසා දරුවාගේ මවුපියෝ ඔහුට අවුරුදු පහේදී මානසික වෛද් යවරුන්ගේ උපදෙස් පැතූහ. එහෙත් ප් රතිඵල සාර්ථක නොවිණි. දරුවාට අවුරුදු එකොළහක් වනතුරුත් පුරුද්ද නැවැතුණේ නැත. ඒ කාලයේදී ඔවුන්ට එඩ්ගා කේසි ගැන අසන්නට ලැබී දරුවාද කැටුව ගොස් කියැවීමක් ලබා ගත්තේය. දරුවා ඊට පෙර ජීවිතයකදී දේව ගැතිවරයෙකි. දරුවාට ශාන්ත ගති ස්වභාවය ලැබී තිබුණේ ඔහු දේවගැතිවරයකුව සිටි බැවිනි. එහෙත් යන්ත් ර ර මන්ත් ගුරුකම් කරමින් මහජනයා රැවටූ යක් දෙවියන්ට ඔහුගෙන් සමාවක් නොලැබිණි. ඔහු ඔවුන්ට තදබල දඬුවම් දුන්නේය. ඒ අන්න කර්මයේ විපාක වශයෙන් දරුවා මේ මේ බව ජීවිතයේ ඇඳන් තෙමන කේසි කීය. මේ පුරුද්ද නැති කිරීමටද උපදෙස් දුන්නේය.
.
මේ දරුවා නිදාගන්න ගොස් නින්ද යාගෙන එන විට ඔහු ළඟින් සිට ඔහුගේ කනට ළංවී මෙසේ කියන්න. " ඔබ ඉතා කරුණාවත්ත කෙනෙක්. ඔබ ඉපදී සිටින්නේ රෝගීන් සුවපත් කරන්න. ඔබට ඔබ සෑම හමුවන කෙනකුටම උපකාර කරන්නකු වෙනවා. ඔබ හොඳයි කරුණාවන්තයි." දරුවා නින්දට වැටෙන තුරුම නොකඩවා ඔය ටික කනට ළංවී කියන්න යන්න කේසිගේ උපදෙස් විය. දරුවාගේ මව ඒ උපදේශය පිළිපැද්දාය.
.
එකොළාස් හැවිරිදි දරුවා එදින ඇඳ තෙමුවේ නැත. කනට මිමිනූ යෝජනාව ඒ කාලය තුළදී දරුවා ඇඳ තෙමුවේ නැත. මව ටික දිනකට පසුව යෝජනාව ඒ සතියකට වරක් කළාය. පසු කලෙක දී එය අත්හැර දැමුවාය. එහෙත් දරුවාගේ පුරුද්ද කිසිම දිනෙක යළි මතුවී ආවේ නැත.
.
පුනර් ජන්මය හෙවත් නැවැත ඉපදීම මේ කරුණු අනුව ප් රත් යක් ෂ වූ විට කේසි ඒ ගැන වැඩිපුර සොයා බලන්නට පටන් ගත්තේය.
.
කාම මිථ් යාචාරය මානව සංහතියේ පැවැත්මේ සිටම අත්වැල්බැඳුණු ක් රියාවකි. ලෝකයේ ප් රධාන පෙළේ ආගම්වලින් පිළිකෙව් කෙරෙන කාම මිථ් යාචාරයේ කර්මපලද තිබිය යුතුය යන ආකල්පයෙන් පැවැත්වුණු පරීක් ෂණවල තොරතුරුද කේසිගේ කියැවීම් මඟින් හෙළි වී තිබේ.
.
විවාහ දිවිය ගැන කලකිරුණ කාන්තාවක් කේසි ආවාය කරා. ඇයට ජීවිතය තිත්ත වී තිබිණි.
.
" මට මෙච්චර කරදර ඇයි?" ඇය ප් රශ්න කළාය.
.
" ඔබේ සැමියා තදින්ම මත්පැනට ඇබ්බැහි වූ අයෙක්."
.
ඇය කේසි කලකිරීමට හේතු සාධක ඉදිරිපත් කරන්නට වූවේය.
.
" ඔබ සමඟ විවාහ වීමෙන් පසු පළමු අවුරුද්දේම බිමට වැටුණා. ඒ සමඟම ඔහු සල්ලාල ජීවිතයකටද වැටුණා. එකක් අවසන් කර ඊට පසු තවත් එකක් වශයෙන් ඔහු අනියම් ප් රේම සම්බන්ධතාද පැවැත්වූවා. ඔවුන් අඹුවන් ලෙසද තබා ගත්තා. ඔබ නිවසේ බිරිය වශයෙන් සිටියදීම ඔහු වරක් එක් කාන්තාවක් ඔබේ නිවෙසටම කැ ¼ දවාගෙන ආවා නේද?"
.
කේසි ප් රශ්න කළේය.
.
ඇය හිස වහා එය අනුමත කළාය.
.
" ඒත් ඔබ ඔහුට ගෞරවයෙන් ආදරය කළා. ඔහු මෙතෙක් කාන්තාවන්ගෙන් අෑත්වී සිටින අවස්ථාවලදී ඔබ සැමියා සමඟ ඉතා කැමැත්තෙන් අඹු සැමියන් ලෙස හැසිරුණා."
.
" ඔව්."
.
ඇය තොල් මතුලාය.
.
කේසි මොහොතක් නිහඬව සිටියේය. දැන් ඔබ මා ඔබ සොයා ආවේ තවත් කරදරයකට පත්වීමෙන් පසුවය. ඔබේ සැමියාට වෙනත් කාන්තාවකගෙන් වැලඳුණු සමාජ රෝග දැන් ඔබටත් බෝවෙලා තියෙනවා."
.
කාන්තාව කඳුළු සලමින් මුනිවත රැක්කාය.
.
" ඔබ එසේ වීමට හේතුව මීට පෙර ජීවිතයක ගෙවූ අසම්මත ජීවන රටාව. ඔබ ඒ ජන්මයේදී පෙරී නම් කොමදෝරුවරයකු යටතේ සේවය කළ නැවියකුගේ දියණියක්. ඔබේ පියා වූ ඒ අතර නාවිකයාත් ඔබේ මවත් තිබුණේ අසම්මත සම්බන්ධතාවක්. ඒ ජන්මයේ ඔබේ මව ජපන් තරුණියක්. ඒ ඒ නැවියාගේත් ජපන් තරුණියගේත් අසම්මත සම්බන්ධතාවේ ප් රතිඵලය ඔබ. සමාජයෙන් ඔබ අවජාතක බවට පත්වුණා. මේ ඔබ නිසා වැඩිවියට පත්වූ පසුව සල්ලාල ජීවිතයකට පෙලැඹුණා. පරදාර සේවනයේ යෙදුණා. ඔබ මේ බොහෝ නිසා දෙනකුට අන්දමේ වසංගත බෝවෙලා තියෙනවා. ඒ පරදාර සේවනයේ කර්ම පල ජීවිතයේදීත් ඔබට මේ අත්විඳින්නට සිදුවෙලා තියෙනවා."
චන්ද්‍රසේන මාරසිංහ
.Budu Maga
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අපේ සිරුරෙන් රැස්‌ විහිදෙන හැටි (Aura)

මොකක්‌ද මේ ඕරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාදරෑ ඕරා කියා හඳුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුළක්‌ වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වළල්ලක්‌ මෙය ශක්‌ති ජනකයක්‌ (Energy Field) වශයෙනුත් හඳුන්වනවා.

සෑම ප්‍රාණියකු මෙන්ම වස්‌තුවක්‌ වටාද මෙම රශ්මි වළල්ල පිහිටා තිබෙනවා සාමාන්‍යයෙන් කෙනකුගේ ශරීරයේ සෙ. මී 30-40 ක ප්‍රමාණයක්‌ වටා මෙම රශ්මි වළල්ල විහිදී පවතිනවා. අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වන්නට පුළුවන්. 
.
බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්‌තුස්‌ වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තූර වලද හිස හෝ සිරුර වටා රශ්මි වළල්ලත් පිහිටා තිබෙනු ඔබ දැක ඇති. එලෙස දක්‌වා තිබෙන්නේ මෙම ඕරා නොහොත් රශ්මි වළල්ලයි ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්‍රතිනිරූපනයක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්. අප තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති රෝගාබාධ අනුව අපගේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා. විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහළ තලවල සිටින අයගේ ඕරාවලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවක්‌. මෙම රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි. නමුත් අධි මානසික ශක්‌තියකින් හෙබි හෝ ධ්‍යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිබෙනවා. අද ඇමරිකාවේ සිටින එවන් අධි මානසිකත්වයක්‌ සහිත මේරි ට්‌ බ්‍රවුන් මහත්මිය මේ පිළිබද ඇගේ මරණින් පසු ජීවිතය (Life after death) නමැති ග්‍රන්ථ යෙහි මනා ලෙස විස්‌තර කර තිබෙනවා. 
.
ඒ ඒ සිතුවිලි ධාරා සහ හැඟීම් අනුව ඔබේ සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස්‌ වන හැටි මෙසේයි. ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැඟීම් ඉතා පියකරු රෝස පැහැයක්‌ පෙන්වනවා. නිර්භීත බව තැඹිලි පැහැයෙන් පෙන්නුම් කරන අතර රෝගී බව දුඹුqරු පැහැයෙන් ද සුවපත් බව කොළ පැහැයෙන් ද පෙන්නුම් කරනවා. රතු පැහැයෙන් දන්වන්නේ ඔබ දැඩි කනස්‌සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔබේ සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දම් පැහැයෙන් පෙන්නුම් කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අඳුරු කලු පැහැයකින් ද පෙන්නුම් කරනවා. කෙනකුගේ ඕරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිපවතාවක්‌ම වෙනස්‌වන්නට පුළුවන්.
.
අධි මානසික තත්වයක්‌ ඇති කෙනකුට මෙම රශ්මි ධාරාවන් නිරීක්‌ෂණය කිරීමෙන් කෙනෙකුගේ මානසික තත්වය සහ රෝගී තත්වයන් හඳුනාගත හැකිවෙනවා. කෙනකු මරණාසන්නවන විට ඔහුගේ රශ්මි වළල්ල ඉතා අඳුරු පැහැයක්‌ ගන්නවා එඩ්ගා කේසි යනු ලොව සුප්‍රසිද්ධ අධි මානසික තත්වයකින් හෙබි පුද්ගලයෙක්‌. ඔහු දිනක්‌ සෝපානයකට ගොඩවීමට යද්දී එහි ගමන් කරන්නන්ගේ රශ්මි වළල්ලෙහි අඳුරු පැහැයක්‌ දැක තිබෙනවා. ඒ නිසා ඔහු එම සෝපානයට ගොඩ නොවැදී වෙනත් සෝපානයකට ගොඩවැදී තිබෙනවා. ටික වේලාවකින් අර ඉහත කී සෝපානය කඩා වැටී එහි ගමන් කළ සියලු දෙනාම මරණයට පත්වී තිබෙනවා. 
.
මියගිය පසු තණ්‌හාව ආශාව සහ බැඳීම් නිසා සමහර පුද්ගලයන්ගේ ආත්මයන් මේ ලොවෙන් චුත නොවී මෙහිම ඇලී ගැලී ජීවත්වෙනවා. මොවුන් ප්‍රේතයන්, භුතයන්, මළ යක්‌ෂයන් ලෙසත් නැත්නම් නිරිසතුන් ලෙසත් හඳුන්වනවා. මොවුන්ට ඇත්තේ සුක්‌ෂම සිරුරුයි එබැවින් ඔවුන් තම ශක්‌තිය ලබාගන්නේ මිනිසුන්ගේ සෘණාත්මක සිතුවිලිවලින් ජනිත කරන සෘණ ශක්‌තියෙන්. 
.
ඔබ පුවත්පත්වල පලවන පියවි ඇසින් ඔබ්බට මළවුන්ගේ හෝරාව වැනි ලිපි කියවා ඇත්නම් මෙම ආත්මයන් ගේ හැසිරීම ගැන දන්නවා ඇති. මොවුන් අපගේ සිරුරුවලට ඇතුළු වී හෝ අපගේ නිවෙස්‌ වල අරක්‌ ගෙන අප තුළ කෝපය වෛරය ඇබ්බැහිවීම ආදී සිතුවිලි ජනිත කර ඒ මගින් ඇති වන සෘණාත්මක ශක්‌තිය උරාගෙන ජීවත්වෙන්නට මාන බලනවා. මීට අමතරව මේ සමහර නිරිසතුන් මිනිසුන්ගේ ලේ සෙම් සොටු අසූචි වැනි අපද්‍රව්‍ය ද ආහාර වශයෙන් ගන්නවා. බොහෝ විට මිනිසුන් ඇබ්බැහි වීම්වලට යොමු කරන්නේ මෙවැනි බලවේගයි තදින් මත්පැනට මත්ද්‍රව්‍යවලට ආශාවෙන් මියගිය ආත්මයන් මත් පැන් මත්ද්‍රව්‍යවලට ඉතා ගිජුකමක්‌ දක්‌වනවා ඒ සඳහා ඔවුන් මිනිසුන්ගේ සිරුරු තුළට ඇතුල් වී ඔවුන් මත්පැන් මත්ද්‍රව්‍යවලට යොමුකර ඒ ආශාවන් සංසිඳවා ගන්නවා. ඒ වගේම දැඩි ලිංගික ඇසුර ප්‍රිය කළ මියගිය ආත්මයන් ද තම කාමාශාව සංසිඳවා ගැනීමට ද මිනිසුන්ගේ සිරුරට ඇතුළු වෙනවා. 
.
අපගේ ඕරාවේ නැත්නම් රශ්මි වළල්ලේ සමහර අවස්‌ථාවල කුඩා සිදුරු (portals) හටගන්නවා මෙය සිදුවන්නේ අපගේ මානසික සහ ශාරීරික ශක්‌තිය ද පිරිහුනු අවස්‌ථාවලයි. අප දැඩි කනස්‌සල්ලට හෝ ශෝකයට පත්වූ අවස්‌ථාවල සහ දැඩි ලෙස රෝගාතුර වූ අවස්‌ථාවල හෝ දරුණු අපයෝජනයන්ට ලක්‌ වූ අවස්‌ථාවල අපගේ සිරුරේ ශක්‌තිය රශ්මි වළල්ලේ සිදුරු වලින් කාන්දු වීමට පටන් ගන්නවා. එවිට ඉහත කී කුඩා සිදුරු ඇතිවනවා. එවිට මේ නිරි සතුන් ට අපේ සිරුරුවලට ඇතුල් වීමට අවකාශ ලැබෙනවා. මෙය අප සමාජයේ විවිධ තත්වයන් ලෙස හඳුන්වනවා සමහරු මේ තත්වය මානසික රෝගයක්‌ කියලත් තවත් අය මතුරල දිපු දෙයක්‌ කැවිල කියලත්, තවත් සමහරු ප්‍රේත ජීවියෙක්‌ සිරුරට ඇතුල් වෙලා ඇති කියලත් හඳුන්වනවා.
.
මානසික සහ ශාරීරික වශයෙන් දුර්වල වූ මිනිසුන්ගේ රශ්මි වළල්ලේ සිදුරු රැසක්‌ තිබෙන්න පුළුවන්. එවිට එක ආත්මයක්‌ පමණක්‌ නොව ආත්ම කීපයක්‌ සිරුරට ඇතුල් වන්න පුළුවන්. මෙවන් අවස්‌ථාවන් "Dual Persanality” “multiply personalities" යනුවෙන් හඳුන්වනවා. එවිට කෙනෙක්‌ තුළ චරිත දෙකක්‌ හෝ කීපයක්‌ තිබෙන කෙනෙක්‌ වන්නට පුළුවන්. මෙවැනි අවස්‌ථාවලදී මෙම සිදුරු වැසීම අත්‍යවශ්‍ය වනවා. බොහෝවිට ශාන්ති කර්ම මගින් කරන්නේ එයයි. 
.
මේ ආත්ම බොහොමයක්‌ ඉතා ආත්මාර්ථකාමී පහත් ආත්මයන්. මොවුන් ඔබේ සිරුරේ පාලනයට ඇතුළුවීම ඉතා භයානක තත්වයක්‌. මොවුන් ඔබ බියපත් කිරීමෙන් ඔබව ඔවුන්ගේ පාලනයට නතු කරගන්නවා. අපේ සිරුරට ඇලී අපේ ශක්‌තිය උරාගන ජීවත් වෙන්නට පටන් ගන්නවා. එවිට ඔබ රෝගී වන්න පුළුවන් අයහපත් දේ කිරීමට ඔවුන් ඔබව පොළොඔවන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්‌ථාවල මොවුන් තමන්ගේම ඥාතීන්ගෙන් පළිගැනීමට ඔවුන්ගේ සිරුරුවලට ඇතුල් වෙනවා මෙයත් ඉතා භයානක තත්වයක්‌ ඔවුන්ට හැකියාව තිබෙනවා ඔබේ ජීවිත පවා අනතුරට ලක්‌ කිරීමට විශේෂයෙන්ම හදිසි අනතුරුවලට ලක්‌කිරීමට කට්‌ටඩියන් කපුවන් වැනි අය මන්ත්‍ර බලයෙන් මෙම ආත්ම බැඳගෙන ඔවුන්ගෙන් නොයෙක්‌ අහිතකර දේවල් කරගන්නවා. ඒ මගින් සමහර අවස්‌ථාවල ජීවිත විනාශයන් පවා සිදුකරවනවා.
.
මෙවැනි ආත්මයන් සමහර අයට ආවේස වෙලා දෙවිවරුන්ගේ නම් විකුණමින් ශාස්‌තර කියන්න පටන් ගන්නවා .මෙහිදී මොවුන්ට ස්‌ථාන ගේ දොර ඉඩකඩම් ගැන හුඟක්‌ දුරට හරියට කියන්න පුළුවන් මොකද මොවුන්ට සෑම තැනම සැරිසැරීමේ හැකියාව ඇති නිසා ඒ වගේම බොරු කියල මුලා කරන්නත් පුළුවන්. එවිට අප සමහර විට ශාස්‌තර කියන අයට දොස්‌ කිව්වත් ඔවුන් කියන්නේ මොවුන් කියන එකයි. සමහර විට ස්‌වාමීන් වහන්සේලාට පූජකවරුන් වැනි අධ්‍යාත්මික කටයුතුවල යෙදෙන්නන් පවා නොමඟ හැරීමට මෙම ආත්මයන්ට හැකිවනවා. කලාතුරකින් සුභවාදී ආත්මයන් ද තිබෙනවා. ඔවුන් තමන්ගේ ඥාතීන් ආරක්‌ෂා කරනවා. ඒ වගේම තරමක්‌ දුරට සත්‍ය දේ ප්‍රකාශ කළ හැකි වනවා.
.
ඔබ දැක ඇති සමහර අවස්‌ථාවල පුද්ගලයන් සිතා ගන්න බැරි විදිහට හැසිරෙනවා. නැත්නම් කිසිවකු විසින් මෙහෙයවන ආකාරයක්‌ ඔහුගේ හැසිරීම් රටාවේ දක්‌නට ලැබෙනවා. තමන් කිසිදා නොකරපු දේවල් කරනවා එපමණක්‌ නොවේ. ඔබට දැඩි තෙහෙට්‌ටුවක්‌ වෙහෙසක්‌ බියක්‌ කම්මැලිකමක්‌ දැනෙනවා නම් ඔබට කිසිදා නොවුණ ලෙස පාලනය කළ නොහැකි කෝපයක්‌ හටගන්නවා නම්, මුළු දවසම නිදාගන්නවා නම්, හදිසියේම ඔබ කෑමට ඉතා ගිජුකමක්‌ දක්‌වනවා නම්, තවත් විටක ඔබ නිදා සිටින විටකදී කෙනෙක්‌ ඔබව තල්ලු කරගෙන සිටින බවක්‌ දැනෙනවා නම් ඔබට කෑ ගැසීමට අවශ්‍යය වුණත් වචන පිටනොවනෙ බවක්‌ හැඟෙනවා නම් හෝ තමන් තුළම කෙනෙක්‌ තමන් අමතනවා වැනි ශබ්ද ඇසෙනවා නම් සතුන්ට දැඩි ලෙස හිංසා පීඩා කරන්නට සිතේ නම් ඉතා පිරිසිදුව සිටි කෙනෙක්‌ අපිරිසිදුව සිටින්නට පටන් ගන්නවා නම් මේ ලක්‌ෂණ ඔබගේ ඕරාවට ආත්මයක්‌ නැතහොත් නිරි සතෙක්‌ ඇතුළු වී ඇති බවට සඥාවක්‌ වන්නට පුළුවන්.
.
මේ පිළිබදව මනෝ වෛදවරුන් විවිධ අදහස්‌ පවසනවා. බොහෝ විට මේවා මානසික රෝග ලෙස සලකා ප්‍රතිකාර කරනවා. මෙයින් සිදුවන්නේ පය බරවයට පිටිකර බේත් බැඳීම වැනි ක්‍රියාවක්‌. ඒ කෙසේ වුවත් මෙවැනි අවස්‌ථා අද සමාජයේ බොහෝ දුරට දක්‌නට ලැබෙනවා. බුදු දහම අනුව පමණක්‌ නොව කිතු දහම හින්දු දහම සහ මුස්‌ලිම් දහම අනුව වුවත් එවැනි දේ සිදුවන බව පිළිගන්නවා. බෞද්ධ අප බෝධි පූජා යන්ත්‍ර මන්ත්‍ර තොවිල් පවිල් ශාන්තිකර්ම කරනවා මෙන්ම ඔවුන් ද මෙවැනි දේ සඳහා ඒ ඒ ආගම්වලට අනුව ඒ ඒ පුද්ගලයන්ට සුදුසු ලෙස ශාන්තිකර්ම කරනවා.
.
බටහිර රටවල මෙවැනි දේ හඳුන්වන්නේ (Auric Cleaning) නැත්නම් රශ්මි වළල්ල ශෝදනය කිරීමක්‌ වශයෙන්. මේ සඳහා ඔවුන් අධි මානසික ශක්‌තින්වලින් හෙබි පුද්ගලයන්ගේ සේවය ලබාගන්නවා. එයට අමතරව භාවනාව, යාඥාවන්, මෝහනය ආදී නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා. තවද ලුණු වතුරෙන් නෑම විශේෂයෙන්ම මුහුදේ නෑම නිවෙස්‌වලට ලුනු ඉසීම සේ- නම් කොළ වර්ගයෙන් දුම් ඇල්ලීම පෙන්ඩුලම් වැනි මෙවලම් භාවිතා කිරීම වැනි දෑ කරනවා. ඒවා අප විසින් නිවසේ සුවද දුම් ඇල්ලීම කහ දියර ඉසීම වැනි දේට සම කළ හැකිය.
.
හිරු එළිය මේ ආත්මයන්ට අවහිර කරනවා එබැවින් අපේ නිවෙස්‌වල ජනෙල් දොරවල් හොඳින් විවෘත කර හිරු එළිය වැටීමට සැලැස්‌වීම ඉතා වැදගත් වෙනවා අපිරිසිදුකම මේ ආත්මයන් ආකර්ශනය කරනවා. විශේෂයෙන්ම ආහාර පාන පිළුණු වන තුරු නිවෙස්‌ තුළ තිබීම මළගිය අයගේ පින්තුර බොනික්‌කන් වැනි දෑ මේ ආත්මයන් ආකරෂණය කරනවා 
.
අපේ ඕරාව නැත්නම් රශ්මි වලල්ල පිරිසිදුව මෙන්ම ශක්‌තිමත්ව තබාගැනීමට අප උනන්දු විය යුතු වනවා. එය අපට කළ හැක්‌කේ කණස්‌සල්ල ඉරිසියාව, බය, වෛරය වැනි සෘනාත්මක සිතුවිලවලින් තොරව ආදරය සෙනෙහස කරුණාව මෛත්‍රිය වැනි ධනාත්මක සුභවාදී සිතුවලි අප සිත් තුළ ජනිත කිරීමයි අනෙක අප හොඳින් විඳ දරා ගැනීමේ ශක්‌තිය ප්‍රගුණ කළ යුතු වෙනවා. නිදසුනක්‌ වශයෙන් තමන් හුඟක්‌ ආදරය කළ කෙනකුගේ වෙන්වීම සිතට දැඩි ශෝකයක්‌ වේදනාවක්‌ ඇති කරනවා. මෙවැනි අවස්‌ථාවල අප ජීවිතය පිළිබද කලකිරෙනවා. දිවි නසා ගන්න පවා සිතෙනවා එවිට අපේ ඕරා රැස්‌ වළල්ලේ තාවකාලික සිදුරු වෙනුවට ස්‌Aථිර සිදුරු හටගන්නවා . එවිට ඇතුළු වන පහත් ආත්මයන් පලවා හැරීම තරමක්‌ අසිරු වෙනවා. 
.
අධ්‍යාත්මික ගුණවගාවෙන් පිරුණු ආතතියෙන් තොර ශක්‌තිමත් මානසික තත්වයෙන් යුතු දිවියක්‌ ගත කිරීමෙන් අපගේ ඕරා ශක්‌තිය වර්ධනය වෙනවා. එවිට මෙම ආත්මයන්ට අපගේ සිරුරට ඇතුල් වීමේ හැකියාව නැතිවනවා එවිට අපට නිරෝගිමත් මෙන්ම සැනසිලිදායක ජීවිතයක්‌ ගත කිරීමට පුළුවන් වෙනවා.
.
(අන්තර්ජාලය සහ “The five rules of though´” by Mary T Brown ඇසුරිනි)
ශ්‍රියානි ද සේරම්
.Budu Maga
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සත්තසුරියුග්ගමන සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි,” භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
මහණෙනි, මේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.
දුර්භික්ෂ සමයක්
මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්ෂාව නොවසියි. මහණෙනි, වර්ෂාව නොවස්නා කල්හි යමි ඇට වර්ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.

දෙවන හිරැ පහල වෙයි
මහණෙනි, කවර කලෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍යයයෙකුගේ පහළ විම සිදුවෙයි. දෙවෙනි සුය්ර්‍යයා පහළ වීමෙන් කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සි‍ඳෙත්. වියලී යත්. නොවෙත්.

තෙවන හිරැ පහල වෙයි
කවර කාලයෙක හෝ දීඝෟ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍යයෙකු පහළ වෙයි, තුන්වෙනි සුර්‍යයා පහළ වීමෙන් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගා වෙද්ද, මේ ගංගාවෝ වියලී යත්. සි‍ඳෙත්. නොවෙත්.

සිවිවන හිරැ පහල වෙයි
මහණෙනි, කවර කාලයෙක හෝ දිර්ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍යයා පහළ වෙද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍යයාගේ පහළ වීමෙන් යමි තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නමි, ඊට හේතු වන මහා විල් වෙද්ද, එනමි, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡුද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සි‍ඳෙත්. නොවෙත්.
පස්වන හිරැ පහල වෙයි
මහණෙනි, කවර කාලයෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍යයා පහළ වෙද, එබදු කාලයක් ද වෙමය. පස්වෙනි සුර්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. සත්තලක් (තල් ගස් සතක උසට) හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයේහි සප්ත පුරුෂ ප්‍රමාණ (පුරැෂයන් සතකගේ උසට) ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යමි සේ ලොකු වැහි බින්දු ඇති වර්ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොන් කුරයන්හි පමණ ජලය සිටියේ වුවද, මහනෙනි, පස්වෙනි සූර්‍යාගේ පහළවීමෙන් ඇගිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයේහි ජලය නොවෙයි.
සවන හිරැ පහල වෙයි
ඒ දීර්ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබදු කාලයක් වෙමය. මහණෙනි, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථුවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්. මනාකොට දුමි නගත්. මහණෙනි, යමි සේ කුඹල්කරුවාගේ වලං ඇසුරූ පෝරණුව මැටි ආලේප කළ පසුව පළමු පළමුව දිමි දමාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්..

සත්වැනි හිරැ පහල වෙයි
මහණෙනි, කිසියමි දීර්ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබඳු දීර්ඝ කාලයක් වෙමය. සත්වෙනි සූර්‍යයා පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මෙ මහා පෘථුවියේද, මෙරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මෙරු පර්වතයේද, මෙ මහා පෘථුවියේද, දවනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කදින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුඵ බිදි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුඵ බිඳි විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුඵ බිඳි විනාශ වෙත්. දවනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙරු පර්වතයෙහිද, මෙ මහා පෘථිවියෙහිද අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දවනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අඵ නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දවනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙ මහා පෘථිවියේද, මෙරු පර්වතයේද, අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, මෙසේම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මෙ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. මහණෙනි, මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද, ගින්නෙන් ඩැහැ ගන්නේයයි, විනාශ වන්නේයයි දැක්කවුන් හැර (සංස්කාරයාන් මනා කොට දැක්කවුන්| ආර්‍යයන් හැර) කවරෙක් සිතාද, කවරෙක් අදහාද.
මහණෙනි, පෙර වනාහි කාමයන්හි දුරු කළ ආශා ඇති තීර්ථක නායකවූ සුනෙත්‍ර නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර නම් ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘවරයා බඹලොව ගමන පිණිස සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. මහණෙනි, බඹලොව ගමන පිණිස ධර්මය දේශනා කරන්නාවූ සුනෙත්‍ර ශාස්තෘවරයාගේ සියඵ ශාසනය ඔවුහු සර්වප්‍රකාරයෙන් දත්තෝ. කායයාගේ බිදීමෙන් මරණින් මතු සුගතිය නමිවු බඹලොව උපන්හ.
යමි කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් ශාසනය නොදත්තෝද, ඔවුහු කායයාගේ බිඳිමෙන් මරණින් මතු ඇතැමි කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් නිර්මාණරතී දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් තුසිත දෙවියන් සමග උපන්හ. ඇතැමිහු යාම දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් තවිතිසා දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන් සමග උපන්හ. ඇතැමිහු ක්‍ෂත්‍රිය මහාසාර කුලයන් හා එක්ව උපන්හ. තවත් අයෙක් බ්‍රාහ්මණ මහාසාර කුලයන් හා එක්ව උපන්හ. ඇතැමි කෙනෙක් ගෘහපති මහාසාර කුලයන් හා එක්ව උපන්හ.
මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘවරයාට මෙ අදහස විය. ශ්‍රාවකයන් හා පරලොව සම සම ගතීහු වන්නාහුද, මෙය වනාහි නුසුදුසුය. මම මත්තෙහි මෛත්‍රීය වඩන්නේ නමි ඉතා යෙහෙක කියායි. මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මෙ ලෝකයට නැවත නොආයේය.
මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, සතිස් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.
නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනනසුඵ ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූරවූ, විරවූ, අන්‍ය සේනා පරදවන මනා අග පසග ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවරකොට ඇති මෙ පෘථිවිය, දඩුවමින් තොරව, ආයුධ ආදියෙන් කරණ යුදවලින් තොරව, ධර්මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනෙත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්කවූවත්, චිරස්ථායිවුවත්, නොමිදුනේ විය. ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව වැළැපීම, දුඛ, දොමනස්ස, උපායාස සිත් තැවුල් දුක්වලින් නොමිදුනේය, දුකින් යුක්තවූයේයයි කියමි.
මහණෙනි, එයට හේතු කවරේද? සතර ධර්මයන්ගේ අවබෝධ නොකිරීමෙනි, ප්‍රතිවෙධ නොකිරීමෙනි. කවර සතර ධර්මයන්ගේද යත්? ආර්‍ය ශීලය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය සමාධිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය විමුක්තිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්ද යනුයි.
"මහණෙනි, යුෂ්මතුන් විසින් ආර්ය ශීලය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී ...ආර්ය සමාධිය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී.ආර්ය ප්‍රඥාව අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී...ආර්ය වූ විමුක්තිය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී...භව තෘෂ්ණාව උපුටා දමන ලදී ...භවයෙන් භවයට ගෙන යන තෘෂ්ණාව ක්‍ෂය විය ...දැන් නැවත ඉපදීමක් නැත ..." භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක...දේශනාකොට සුගත වූ ශාස්තෲන් වහන්සේ ඉන්පසු මෙය දේශනා කළ සේක...
"ශීලයද,සමාධියද ,ප්‍රඥාවද ,ලෝකෝත්තර මිදීමයයි කියන ලද අරහත් ඵලයද යන ධර්මයෝ යශස් ඇත්තාවූ ගෞතමයන් විසින් අවබෝධ කරණ ලද්දාහුය ...
"මෙසේ බුද්ධ තෙම විශ්ෂ්ඨ ඥානයෙන් මනාකොට දන භික්ෂූන්ට ධර්මය දේශනා කළ සේක.සසර දුක් කෙළවර කළාවූ ,පසැස් ඇත්තා වූ ශාස්තෲ තෙම ක්ලේශ පරිනිර්වාණයෙන් නිවුන සේක .... "
(අඞගුත්තර නිකාය, සත්තක නිපාතය, දෙවැනි පණ්ණාසකය, මහා වග්ගය, සත්තසුරියුග්ගමන සූත්‍රය)

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤