යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

ශබ්ද තරංගවලින් ගල් කුට්‌ටි එසවූ තිබ්බත බෞද්ධ ළාමාවරු

සිහින් දිය චිත්ත බලයෙන් බරැති ද්‍රව්‍ය චලනය කරවිය හැකි ශාස්‌ත්‍රයක්‌ අතීතයේ දී ආසියානු රටවල භික්‍ෂුන් වහන්සේ දැන සිටියහ. පසුගිය සියවසේ මුල හරියේදී ස්‌වීඩන් ජාතික ගගන තාක්‍ෂණික ඉංජිනේරුවකු වූ හෙන්රි ජෙල්සන් (Henry Kjelson) Lost Techniques හෙවත් අතුරුදන් වූ ක්‍රමවේද යනුවෙන් පොතක්‌ ලිවීය. (මෙහිදී ඔeජයසුමැs යන වචනයේ තාක්‍ෂණය නමැති පරිවර්තනය වෙනුවට ‘ක්‍රමවේද’ යන්න යෙදුවෙමු.) ඒ පොතේ තිබ්බතීය භික්‍ෂුන් වහන්සේගේ චිත්ත බලය ගැන සඳහන් ය. හෙන්රි ජෙල්සන්ගේ මිතුරකු වූ ස්‌වීඩන් ජාතික ශාල් (Jaරක) නමැති වෛද්‍යවරයා 1937 දී එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක නිරතව සිටියේය. ඒ අතර ඔහු සමඟ හිතවත් වූ බෞද්ධ තිබ්බතීය ශිෂ්‍යයෙක්‌ මේ විශ්වවිද්‍යාලයේ විය. 1939 දී දොස්‌තර ශාල් එංගලන්තයේ ඉංග්‍රීසි විද්‍යා සංගමයේ අනුග්‍රහයෙන් ඊජිප්තුවේ අධ්‍යයන සංචාරයක නිරත වෙමින් සිටියේය. මේ අතර තිබ්බතීය මිත්‍රයා තිබ්බතය බලා ගොස්‌ තිබිණි. දිනක්‌ හදිසියේම ඊජිප්තුවේ සිටින වෛද්‍යවරයාට තිබ්බතීය මිත්‍රයාගෙන් පණිවුඩයක්‌ ලැබුණු අතර එයින් කියෑවුණේ වෛද්‍ය ශාල් වහාම තිබ්බතය බලා පැමිණ උසස්‌ ළාමාවරයකු වෙනුවෙන් සංවිධානය කෙරුණු දානමය පිංකමකට සහභාගි විය යුතු බව ය. පණිවුඩය ගෙනාවේ තිබ්බතීය මිනිසෙකි.
1930 ගණන්වල මෙකල මෙන් ගමන් පහසුව නැත. එසේම වීසා ප්‍රශ්න ද නැත. ඒ අනුව තිබ්බතීය පණිවුඩකරු සමඟ දොස්‌තර ශාල් පසුදාම ගමන ආරම්භ කළේය. නැවෙන්ද, ගොඩබිමින් ද තිබ්බත දේශ සීමාව දක්‌වා පැමිණි ඔවුහු යෑක්‌ ගවයන් විසින් අදින ලද කරත්තවල නැඟී සෑහෙන දුරක්‌ ගොස්‌ පයින් සැතපුම් ගණනක්‌ ගමන් කර ළාමාවරයා සිටින ආශ්‍රමය වෙත පැමිණියහ. මහලු ළාමා තම අතවැසියන් සමඟ කඳුකර හිම ගොඩක්‌ මැද තිබූ ආශ්‍රමයේ ජීවත් විය.
මේ සංචාරයේදී තිබ්බතයේ සෑහෙන කලක්‌ ගත කිරීමට දොස්‌තර ශාල් ට හැකි විය. මෙකල තිබ්බතයට කිසිදු බටහිර වැසියකු පැමිණියේ නැත. වැඩි දෙනා තිබ්බතයක්‌ ගැන නොදත් අතර සෙස්‌සන්ට එහි යැම සඳහා කළ යුතු දුෂ්කර ගමන හිතට ඇල්ලුවේ නැත.
දිනක්‌ තිබ්බත මිත්‍රයා දොස්‌තර ශාල් රැගෙන බෑවුම්කාර තෘණ භූමියකට ගියේය. එම බිම කඳු පර්වතවලින් වට වී තිබිණි. මෙබඳු එක්‌ කන්දක්‌ මීටර් 250 ක්‌ පමණ උස්‌ වූ අතර, එහි විශාල ගුහා විවරයක්‌ තිබිණි. ගුහා විවරය ඉදිරිපිට ළාමාවරුන් විසින් විශාල තාප්පයක්‌ ඉදි කෙරෙමින් තිබිණි. තාප්පය ඉදිකරනු පිණිස දැව ආරුක්‌කු සහ ලෑලි වලින් විශාල වේදිකාවක්‌ තනා තිබිණ. ඒ වේදිකාව මතට පැමිණිය යුත්තේ කඳු පෙළ දිගේ ගොස්‌ ගුහා විවරය පිහිටි කන්ද මුදුනට නැග, එතැන් සිට පහතට හෙළන ලද ලණුවල ආධාරයෙනි. ළාමාවරු ඉතා දක්‍ෂ ලෙස මෙම අන්තරාදායක ගමනේ නිරත වූහ.
කඳුකරය පිහිටි බෑවුම් භූමියෙහි විශාල ගල් කුට්‌ටියක්‌ තිබෙනු වෛද්‍ය ශාල් දුටුවේය. ගල මැද පාත්‍රයක ආකාරයට සකසා තිබු අතර ඉතා හොඳින් මැද තිබිණ. එම ගල් කුට්‌ටිය පිහිටියේ ගුහා විවරයට මීටර 250 ක්‌ ඈතිනි. පාත්‍රයෙහි ගැඹුර සෙන්ටි මිටර 15 කි. විශ්කම්භය මීටරයකි. සම්පූර්ණ ගල් කුට්‌ටිය මීටරයක්‌ පළල් වූ අතර මීටර් එකහමාරක්‌ දිගු විය. ගුහා විවරය ඉදිරිපිට පිහිටි දැවමය වේදිකාව මතට මේ ගල් කුට්‌ටිය ගෙන යා යුතු විය. ගල ටොන් ගණනාවක්‌ බර බැවින්ද, එය ඉහළට ගෙන යැමට නම් බෞද්ධ ළාමාවරුන් ගමන් කරන ආකාරයෙන් කඳු වැටිය මතට ගෙන ගොස්‌ එතැන් සිට ගල් ගුහා විවරය පිහිටි ගල් පර්වතය මුදුනට ගෙන ගොස්‌ දැවමය වේදිකාව මතට ලණුවලින් බෑම කළ යුතුය. එහෙත් එය කිසි ලෙසකින්වත් කිරීමට බැරිය. එහෙත් ගල් කුට්‌ටිය මේ වේදිකාව මතට ගෙන යැමේ ක්‍රමවේදයක්‌ ඇති බවත් එය සිදු කරන දිනය ළඟදීම උදාවන බවත් තිබ්බතීය මිත්‍රයා දොස්‌තර ශාල් ට කීවේය.
එය කරන දිනය උදා විය. දොස්‌තර ශාල් සහ තිබ්බතීය මිත්‍රයා දිනක්‌ උදැසනින් ම ගල් කුට්‌ටිය පිහිටි තැනට ගියේය. ඔවුන් යන විට විශාල යකඩ බෙර නලා ආදියෙන් සමන්විත වූ හත්සියයක පමණ තූර්ය වාදක කණ්‌ඩායමක්‌ ගල් කුට්‌ටිය ඉදිරිපස සිටිනු දක්‌නා ලදී. ඔවුහු ඊළඟ වැදගත් මොහොත එනතුරු සූදානමින් සිටියහ.
මේ අතර එක්‌ බෞද්ධ ළාමාවරයෙක්‌ කුඩා බෙරයක්‌ වයා සංඥාවක්‌ නිකුත් කළේය. ඒ අනුව තූර්ය වාදක කණ්‌ඩායම ඉතා සෙමින් වාදනය පටන් ගත්තේය. එය ක්‍රමයෙන් උස්‌ව නැගී අවසානයේදී කන් දෙදරවන තරම් දැරිය නොහැකි විශාල ගෝෂාවක්‌ බවට පත් විය. ඒ අතර ළාමාවරු පිරිසක්‌ පිරිත් කීමට පටන් ගත්හ. මුල් විනාඩි 4 තුළ කිsසිවක්‌ සිදු වූයේ නැත. එහෙත් පස්‌වන විනාඩියේදී ගල් කුට්‌ටිය ක්‍රමයෙන් චලනය වන්නට විය. හයවැනි විනාඩියේදී එය පොළොවෙන් අඟල් කිහිපයක්‌ ඉල්පී යළි පහත් විය. එය කිහිපවරක්‌ ම සිදු වූ අතර ඒ සෑම අවස්‌ථාවකම ගල් කුට්‌ටිය ඉහළ යන අඟල් ප්‍රමාණය වැඩි විය. අටවැනි විනාඩියේදී අහසට නැගුන ගල් කුටිටිය බෑවුමට සමාන්තරව මීටර් 500 ඉදිරියට ගමන් කර මීටර් 250 ක්‌ ඉහළට නැග ගුහා විවරය ඉදිරිපිට පිහිටි දැව වේදිකාව මතට ඉතා ක්‍රමානුකූල ලෙස පහත් වී තැන්පත් විය. මෙය දිගටම සිදුවිය. පැයකට ගල් කුට්‌ටි 5 ක්‌ හෝ 6 ක්‌ මේ ආකාරයෙන් පෙර කී වේදිකාව මත ගොඩ ගසන ලදී. විටින් විට එක ගලක්‌ පුපුරා ගියේය. එයට හේතුව විශාල ශබ්දය මගින් ඇති කරන ලද ධ්වනිය විය යුතුය. බිම වැටුණු ගල් කැබලි වහා ඉවත් කරන ලද්දේ ධාවන පථය අවහිර නොවනු පිණිසය. මේ සියල්ලම කළෝ බෞද්ධ ළාමාවරු ය. කිසිදු සාමාන්‍ය වැසියෙක්‌ එයට සහභාගි වූයේ නැත.
දොස්‌තර ශාල් පසු අවස්‌ථාවකදී මේ සිද්ධිය අලලා කෙටි වාර්තා චිත්‍රපට දෙකක්‌ තනන ලදී. එයට හේතුව ඔහු ජීවත් වූ බටහිර භෞතික විද්‍යාත්මක ලෝකය මෙබඳු කරුණු ගැන නිතරම සාක්‍ෂි ඉල්ලා සිටීමය. ආපසු ලන්ඩනයට එන දොස්‌තර ශාල් ගෙන් මේ චිත්‍රපට දෙක ලබා ගන්නා එංගලන්ත විද්‍යා සංගමය ඒවා රහස්‌ තොරතුරු ලෙස නම් කර යකඩ සේප්පුවල දමා මුද්‍රා තැබීය. එයට හේතුව මේ ක්‍රියාවලිය පිටුපස ඇති භෞතික හේතුව තේරුම් ගැනීමට එකල සිටි විද්‍යඥයන්ට නොහැකි වීමය. එහෙත් 1990 දී මේ චිත්‍රපට දෙක ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඒ වන විට මෙහි රහස භෞතික විද්‍යාත්මකව විග්‍රහ කළ හැකි විය. ඒ මෙසේය.
තූර්ය වාදනය සහ පිරිත් දේශනාව මගින් ගල් කුට්‌ටිය මතට එල්ල කරන ශබ්ද තරංගවල සංඛ්‍යාතය ගුරුත්වාකර්ෂණය ඉක්‌මවා යන්නකි. එවිට ගල් කුට්‌ටිය චලනය වෙයි. එය පොළොවෙන් ඉහළට එසවුණු විට තූර්යවාදනයේ සංඛ්‍යාත තව දුරටත් තීව්‍ර කෙරෙන අතර, එය ඉහළට තෙරැපීම ගලේ ස්‌කන්ධය විසින් පහළට කරන තෙරැපීමට වඩා වැඩි වෙයි. ගල් කුට්‌ටිය අවශ්‍ය උසට එසවුණු පසු එහි පිටුපසට ශබ්ද තරංග යොදවා ඉදිරියට තල්ලු කරනු ලැබේ. එම තල්ලුව වේගවත් වන අතර ගල් කුට්‌ටිය වහා ලී වේදිකාව බලා ගමන් කරයි. නිසි තැනදී තූර්ය වාදනවල සංඛ්‍යාතය අඩු කෙරෙන අතර, ගල් කුට්‌ටිය ක්‍රමයෙන් ලී වේදිකාව මතට පහත් වී තැන්පත් වෙයි.
Lost Techniques ග්‍රන්ථය ලියූ හෙන්රි ජෙල්සන් ගණිතමය සූත්‍ර මගින් මෙය සිදුවන ආකාරය පැහැදිලි කර තිබේ. තූර්ය වාදනය විසින් ගල් කුට්‌ටියේ සෑම වර්ග අඟලක්‌ම මත යොදන බලය එම සූත්‍ර මගින් තව දුරටත් පැහැදිලි කරයි. (The Technical reality of this article is based on Acoustic Levitation)

අනුර සොලමන්ස්‌/Divaina