යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

පෙර ආත්මේ කරපු පව් මේ ආත්මේ පල දෙන හැටි එඩ්ගා කේසි විස්තර කරයි


එඩ්ගා කේසි පෙරදිග වැසියන් අතර වැඩිපුර කතා බහට ලක්වූයේ ඔහු පූර්ව ජන්මය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බැවිනි. අපරදිග වැසියන් පූර්ව ජන්මය පිළිබඳ මතය බැහැර කළත් අපරදිග වැසියකු වූ එඩ්ගා කේසි සිය මෝහන නිද් රාවේදී තමා මෙයට වසර 12,500 කට පෙර ආධ් යාත්මික නායකයකු වශයෙන්ද, තවත් ජන්මයකදී ආර්ථික වශයෙන් දිළිඳු පුද්ගලයකු වශයෙන්ද ඉපිද සිටි අයුරු විස්තර තිබේ කර. ආර්ථික දුෂ්කරතාව ඔහුගේ වැඩි ආත්ම ගණනාවකදීම පසුපස විස්තර ආ බව කර ඇත. කේසි කුඩා අවධියේදී ජලයට මහත් සේ බියක් දක්වා තිබේ.
.
එඩ්ගා කේසි පෙරදිග වැසියන් අතර වැඩිපුර කතා බහට ලක්වූයේ ඔහු පූර්ව ජන්මය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බැවිනි. අපරදිග වැසියන් පූර්ව ජන්මය පිළිබඳ මතය බැහැර කළත් අපරදිග වැසියකු වූ එඩ්ගා කේසි සිය මෝහන නිද් රාවේදී තමා මෙයට වසර 12,500 කට පෙර ආධ් යාත්මික නායකයකු වශයෙන්ද, තවත් ජන්මයකදී ආර්ථික වශයෙන් දිළිඳු පුද්ගලයකු වශයෙන්ද ඉපිද සිටි අයුරු විස්තර තිබේ කර. ආර්ථික දුෂ්කරතාව ඔහුගේ වැඩි ආත්ම ගණනාවකදීම පසුපස විස්තර ආ බව කර ඇත. කේසි කුඩා අවධියේදී ජලයට මහත් සේ බියක් දක්වා තිබේ.
.
පසු කාලෙක ඔහු මේ තම පිළිබඳව කියැවීම්වලදී විස්තර කර ඇත.
.
"මයි ලයිෆ් අෑස් අ සියර්" නම් කෘතියේ සඳහන් ඇති අන්දමට බොහෝ කර දරුවන් ජලයේ බැස ක් රීඩා කිරීමට මහත් ආසාවක් දැක්වුවද කේසි ඊට තදින්ම අකැමැති විය. විශේෂයෙන්ම සීතල ජලයට ඔහු කොහෙත්ම කැමැත්තක් දක්වා නැත. උදේ ආහාරය ගැනීමේදී හෝ සීතල වතුරෙන් මුහුණ සේදීමට හෝ හෙතෙම මැළිවී තිබේ.
.
පසු කලෙක මේ පිළිබඳව විමසීමේදී කේසිගේ ජන්මයකදී පෙර ඒ ගැන සිදුවීම් කිහිපයක් හෙළි තිබේ කර.
.
මා කුඩා කාලයේදී මගේ කුඩා සහෝදරයාත් මාත් කැටුව මගෙ පියා ජලාශයක බෝට්ටු පැදීමට ගියේය. ඒ මගේ අවස්ථාවට පියාගේ මිතුරකු වූ "රික්" නමැති තැනැත්තාද එක්වී සිටියේය. විල මැදදී අනපේක් ෂිත ලෙස අපට මහා කුණාටුවකට මුහුණ දෙන්නට සිදුවිය. තදින් සුළඟද හැමුවේය. බෝට්ටුව පැද්දෙන්නට විය. බෝට්ටුව වතුරෙන් පිරෙන්ට පටන් ගත්තේය. විදුලි කෙටීමත්, අකුණු පිපිරීමත් නොකඩවා සිදුවිය. මා මියයනු ඇතැයි සිතුණි මට. නොමැරී මැරී බේරුණු ඒ මගේ සිද්ධිය ජීවිතයට ඉතා තදින් කාවැදී තිබිණි. පසුව මගේ පියාත් ඔහුගේ යාළු රික් මහතාත් මට ඒ කීවේ ඔවුන් අවස්ථාවේදී බියපත්ව සිටියේ බෝට්ටුව පෙරළෙනවාට වඩා බෝට්ටුවට අකුණක් ගහනු ඇතැයි යන කරුණ නිසා බවය.
.
කේසි කිසියම් ජන්මයකදී "බේ් රන් බි් රජ්" නම් තැනැත්තකු වශයෙන් ජීවත්ව ඇති බව ඔහුගේ කියැවීම්වල සඳහන්ව ඇත. ජෝන් බේ් රන් බි් රජ් ඒ ජීවිතයේදී මියගොස් ඇත්තේ ගඟක පහුරක් උඩදීය. (පහුරක් යනු ලී කොටන් කීපයක් එකට ගැටගසා ජලය මත පාවීමට සකස් කරගත් යාත් රාවකි).
.
කේසි, ජෝන් බේ් රන් බි් රජ් වශයෙන් ඉපිද සිටි සමයේදීද ඔහුට අධි මානසික ශක්තිය හිමිවී තිබේ. ඩබ්ලිව්. එච්. චර්ච් නමැති පර්යේෂකයා ලියූ "මෙනි හැපි රිටර්න්ස්" නම් කෘතියේ එඩ්ගා කේසිගේ පුත් රයා වූ හෆ්ලීන් විස්තර කළ ඒ කතාවක් සම්බන්ධව දක්වා තිබේ.
.
" මගේ පියාට නිතරම ආර්ථික දුෂ්කරතා තිබුණා. සල්ලි ළඟ රැඳුනෙම නැහැ. තාත්තා ඒකට හේතුව හැටියට කීවේ ඔහු බේ් රන් බි් රජ් වශයෙන් ඉපදිලා හිටපු කාලෙ කරපු අකුසල කර්මයක් පලදීල කියලයි. තාත්තා ඒ කාලයේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළාලු. ඒ අවස්ථාවලදී තමාට සහජයෙන් ලැබී තිබුණ මානසික ශක්තියෙන් ඔහු සමඟ ක් රීඩා කළ අනිත් තැනැත්තන් සතු කාඩ් මොනවාද කියල දැනගෙන වංචනිකව සෙල්ලම් කර ඔවුන්ගේ සේසතම සූරාගත්ත විපාකෙ නිසාලු වෙලා මේ ආත්මෙ දුප්පත් සල්ලි හිඳිල යන්නෙ කියල කීවා.
.
ඒ විතරක් නෙවෙයි. මම ඒ කතාව පිළිගන්න අදිමදි කළාම මාත් එක්ක කාඩ් සෙල්ලම් කරලා එයා දිනල පෙන්නුවා. ඊට පස්සේ කාඩ් කුට්ටම මේසේ උඩට අතෑරලා ඔන්න ඕකයි මම කවදාවත් කාඩ් සෙල්ලම් කරන්නෙ නැත්තේ කියලා මූණේ කිසිම හිනාවක් නැතුව මා දිහා බලාගෙන කියල නැඟිටල යන්න ගියා."
.
කේසිගේ කියැවීම්වල කිසියම් කෙනකුගේ ක් රියාවකට පෙර ජන්මයකදී කළ දෙයක් බලපාන බව පැහැදිලිව සඳහන් කළේය. මේ කර්ම විපාකය පලදුන් දරුවකු ඔහු සුවපත් කළේය. එක්තරා යුවළකට ලැබුණු දරුවා පුතෙක් විය. ඔහු ඉතා ශාන්තදාන්ත දරුවෙක් විය. ඔහුට අවුරුදු දෙක සම්පූර්ණ වූ විට ඒ දෙපළට දුවකු ලැබිණි. එසේ දෙවැනි දරුවා ලැබීමෙන් පසුව පළමු දරුවා රාත් රියේ නිදාගත් කල නින්දෙන් ඇඳන් තෙමීමට පටන් ගත්තේය. එය ඉන් පසු සෑම රාත් රියකදී කෙරෙන සාමාන් ය බවට පත්විය සිද්ධියක්. තමාට තිබූ ආදරය තම නැඟණියට හිමිවීම නිසා තමා අනාරක් ෂිත තත්ත්වයට පත්වූවේය මානසික බලපෑම යන මේ ඇඳන් තෙමීමට හේතුව වන්නට ඇතැයි සිතූ දරුවාගේ මවුපියෝ ඔහුට වෙනදාටත් වඩා ආදරය පෙන්වමින් ඔහුගේ ඕනෑ එපාකම් ඉටු කළහ. මවුපියන්ගේ ආදරය කිසිම වෙනසක් නැති බව ඔහුට ඇඟවීමට ඔවුන් සෑම දෙදෙනා සෑම උත්සාහයක්ම දැරුවද දරුවා නම් පුරුද්ද අත්හැරියේ නැත. මේ නිසා දරුවාගේ මවුපියෝ ඔහුට අවුරුදු පහේදී මානසික වෛද් යවරුන්ගේ උපදෙස් පැතූහ. එහෙත් ප් රතිඵල සාර්ථක නොවිණි. දරුවාට අවුරුදු එකොළහක් වනතුරුත් පුරුද්ද නැවැතුණේ නැත. ඒ කාලයේදී ඔවුන්ට එඩ්ගා කේසි ගැන අසන්නට ලැබී දරුවාද කැටුව ගොස් කියැවීමක් ලබා ගත්තේය. දරුවා ඊට පෙර ජීවිතයකදී දේව ගැතිවරයෙකි. දරුවාට ශාන්ත ගති ස්වභාවය ලැබී තිබුණේ ඔහු දේවගැතිවරයකුව සිටි බැවිනි. එහෙත් යන්ත් ර ර මන්ත් ගුරුකම් කරමින් මහජනයා රැවටූ යක් දෙවියන්ට ඔහුගෙන් සමාවක් නොලැබිණි. ඔහු ඔවුන්ට තදබල දඬුවම් දුන්නේය. ඒ අන්න කර්මයේ විපාක වශයෙන් දරුවා මේ මේ බව ජීවිතයේ ඇඳන් තෙමන කේසි කීය. මේ පුරුද්ද නැති කිරීමටද උපදෙස් දුන්නේය.
.
මේ දරුවා නිදාගන්න ගොස් නින්ද යාගෙන එන විට ඔහු ළඟින් සිට ඔහුගේ කනට ළංවී මෙසේ කියන්න. " ඔබ ඉතා කරුණාවත්ත කෙනෙක්. ඔබ ඉපදී සිටින්නේ රෝගීන් සුවපත් කරන්න. ඔබට ඔබ සෑම හමුවන කෙනකුටම උපකාර කරන්නකු වෙනවා. ඔබ හොඳයි කරුණාවන්තයි." දරුවා නින්දට වැටෙන තුරුම නොකඩවා ඔය ටික කනට ළංවී කියන්න යන්න කේසිගේ උපදෙස් විය. දරුවාගේ මව ඒ උපදේශය පිළිපැද්දාය.
.
එකොළාස් හැවිරිදි දරුවා එදින ඇඳ තෙමුවේ නැත. කනට මිමිනූ යෝජනාව ඒ කාලය තුළදී දරුවා ඇඳ තෙමුවේ නැත. මව ටික දිනකට පසුව යෝජනාව ඒ සතියකට වරක් කළාය. පසු කලෙක දී එය අත්හැර දැමුවාය. එහෙත් දරුවාගේ පුරුද්ද කිසිම දිනෙක යළි මතුවී ආවේ නැත.
.
පුනර් ජන්මය හෙවත් නැවැත ඉපදීම මේ කරුණු අනුව ප් රත් යක් ෂ වූ විට කේසි ඒ ගැන වැඩිපුර සොයා බලන්නට පටන් ගත්තේය.
.
කාම මිථ් යාචාරය මානව සංහතියේ පැවැත්මේ සිටම අත්වැල්බැඳුණු ක් රියාවකි. ලෝකයේ ප් රධාන පෙළේ ආගම්වලින් පිළිකෙව් කෙරෙන කාම මිථ් යාචාරයේ කර්මපලද තිබිය යුතුය යන ආකල්පයෙන් පැවැත්වුණු පරීක් ෂණවල තොරතුරුද කේසිගේ කියැවීම් මඟින් හෙළි වී තිබේ.
.
විවාහ දිවිය ගැන කලකිරුණ කාන්තාවක් කේසි ආවාය කරා. ඇයට ජීවිතය තිත්ත වී තිබිණි.
.
" මට මෙච්චර කරදර ඇයි?" ඇය ප් රශ්න කළාය.
.
" ඔබේ සැමියා තදින්ම මත්පැනට ඇබ්බැහි වූ අයෙක්."
.
ඇය කේසි කලකිරීමට හේතු සාධක ඉදිරිපත් කරන්නට වූවේය.
.
" ඔබ සමඟ විවාහ වීමෙන් පසු පළමු අවුරුද්දේම බිමට වැටුණා. ඒ සමඟම ඔහු සල්ලාල ජීවිතයකටද වැටුණා. එකක් අවසන් කර ඊට පසු තවත් එකක් වශයෙන් ඔහු අනියම් ප් රේම සම්බන්ධතාද පැවැත්වූවා. ඔවුන් අඹුවන් ලෙසද තබා ගත්තා. ඔබ නිවසේ බිරිය වශයෙන් සිටියදීම ඔහු වරක් එක් කාන්තාවක් ඔබේ නිවෙසටම කැ ¼ දවාගෙන ආවා නේද?"
.
කේසි ප් රශ්න කළේය.
.
ඇය හිස වහා එය අනුමත කළාය.
.
" ඒත් ඔබ ඔහුට ගෞරවයෙන් ආදරය කළා. ඔහු මෙතෙක් කාන්තාවන්ගෙන් අෑත්වී සිටින අවස්ථාවලදී ඔබ සැමියා සමඟ ඉතා කැමැත්තෙන් අඹු සැමියන් ලෙස හැසිරුණා."
.
" ඔව්."
.
ඇය තොල් මතුලාය.
.
කේසි මොහොතක් නිහඬව සිටියේය. දැන් ඔබ මා ඔබ සොයා ආවේ තවත් කරදරයකට පත්වීමෙන් පසුවය. ඔබේ සැමියාට වෙනත් කාන්තාවකගෙන් වැලඳුණු සමාජ රෝග දැන් ඔබටත් බෝවෙලා තියෙනවා."
.
කාන්තාව කඳුළු සලමින් මුනිවත රැක්කාය.
.
" ඔබ එසේ වීමට හේතුව මීට පෙර ජීවිතයක ගෙවූ අසම්මත ජීවන රටාව. ඔබ ඒ ජන්මයේදී පෙරී නම් කොමදෝරුවරයකු යටතේ සේවය කළ නැවියකුගේ දියණියක්. ඔබේ පියා වූ ඒ අතර නාවිකයාත් ඔබේ මවත් තිබුණේ අසම්මත සම්බන්ධතාවක්. ඒ ජන්මයේ ඔබේ මව ජපන් තරුණියක්. ඒ ඒ නැවියාගේත් ජපන් තරුණියගේත් අසම්මත සම්බන්ධතාවේ ප් රතිඵලය ඔබ. සමාජයෙන් ඔබ අවජාතක බවට පත්වුණා. මේ ඔබ නිසා වැඩිවියට පත්වූ පසුව සල්ලාල ජීවිතයකට පෙලැඹුණා. පරදාර සේවනයේ යෙදුණා. ඔබ මේ බොහෝ නිසා දෙනකුට අන්දමේ වසංගත බෝවෙලා තියෙනවා. ඒ පරදාර සේවනයේ කර්ම පල ජීවිතයේදීත් ඔබට මේ අත්විඳින්නට සිදුවෙලා තියෙනවා."
චන්ද්‍රසේන මාරසිංහ
.Budu Maga
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අපේ සිරුරෙන් රැස්‌ විහිදෙන හැටි (Aura)

මොකක්‌ද මේ ඕරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාදරෑ ඕරා කියා හඳුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුළක්‌ වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වළල්ලක්‌ මෙය ශක්‌ති ජනකයක්‌ (Energy Field) වශයෙනුත් හඳුන්වනවා.

සෑම ප්‍රාණියකු මෙන්ම වස්‌තුවක්‌ වටාද මෙම රශ්මි වළල්ල පිහිටා තිබෙනවා සාමාන්‍යයෙන් කෙනකුගේ ශරීරයේ සෙ. මී 30-40 ක ප්‍රමාණයක්‌ වටා මෙම රශ්මි වළල්ල විහිදී පවතිනවා. අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වන්නට පුළුවන්. 
.
බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්‌තුස්‌ වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තූර වලද හිස හෝ සිරුර වටා රශ්මි වළල්ලත් පිහිටා තිබෙනු ඔබ දැක ඇති. එලෙස දක්‌වා තිබෙන්නේ මෙම ඕරා නොහොත් රශ්මි වළල්ලයි ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්‍රතිනිරූපනයක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්. අප තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති රෝගාබාධ අනුව අපගේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා. විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහළ තලවල සිටින අයගේ ඕරාවලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවක්‌. මෙම රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි. නමුත් අධි මානසික ශක්‌තියකින් හෙබි හෝ ධ්‍යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිබෙනවා. අද ඇමරිකාවේ සිටින එවන් අධි මානසිකත්වයක්‌ සහිත මේරි ට්‌ බ්‍රවුන් මහත්මිය මේ පිළිබද ඇගේ මරණින් පසු ජීවිතය (Life after death) නමැති ග්‍රන්ථ යෙහි මනා ලෙස විස්‌තර කර තිබෙනවා. 
.
ඒ ඒ සිතුවිලි ධාරා සහ හැඟීම් අනුව ඔබේ සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස්‌ වන හැටි මෙසේයි. ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැඟීම් ඉතා පියකරු රෝස පැහැයක්‌ පෙන්වනවා. නිර්භීත බව තැඹිලි පැහැයෙන් පෙන්නුම් කරන අතර රෝගී බව දුඹුqරු පැහැයෙන් ද සුවපත් බව කොළ පැහැයෙන් ද පෙන්නුම් කරනවා. රතු පැහැයෙන් දන්වන්නේ ඔබ දැඩි කනස්‌සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔබේ සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දම් පැහැයෙන් පෙන්නුම් කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අඳුරු කලු පැහැයකින් ද පෙන්නුම් කරනවා. කෙනකුගේ ඕරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිපවතාවක්‌ම වෙනස්‌වන්නට පුළුවන්.
.
අධි මානසික තත්වයක්‌ ඇති කෙනකුට මෙම රශ්මි ධාරාවන් නිරීක්‌ෂණය කිරීමෙන් කෙනෙකුගේ මානසික තත්වය සහ රෝගී තත්වයන් හඳුනාගත හැකිවෙනවා. කෙනකු මරණාසන්නවන විට ඔහුගේ රශ්මි වළල්ල ඉතා අඳුරු පැහැයක්‌ ගන්නවා එඩ්ගා කේසි යනු ලොව සුප්‍රසිද්ධ අධි මානසික තත්වයකින් හෙබි පුද්ගලයෙක්‌. ඔහු දිනක්‌ සෝපානයකට ගොඩවීමට යද්දී එහි ගමන් කරන්නන්ගේ රශ්මි වළල්ලෙහි අඳුරු පැහැයක්‌ දැක තිබෙනවා. ඒ නිසා ඔහු එම සෝපානයට ගොඩ නොවැදී වෙනත් සෝපානයකට ගොඩවැදී තිබෙනවා. ටික වේලාවකින් අර ඉහත කී සෝපානය කඩා වැටී එහි ගමන් කළ සියලු දෙනාම මරණයට පත්වී තිබෙනවා. 
.
මියගිය පසු තණ්‌හාව ආශාව සහ බැඳීම් නිසා සමහර පුද්ගලයන්ගේ ආත්මයන් මේ ලොවෙන් චුත නොවී මෙහිම ඇලී ගැලී ජීවත්වෙනවා. මොවුන් ප්‍රේතයන්, භුතයන්, මළ යක්‌ෂයන් ලෙසත් නැත්නම් නිරිසතුන් ලෙසත් හඳුන්වනවා. මොවුන්ට ඇත්තේ සුක්‌ෂම සිරුරුයි එබැවින් ඔවුන් තම ශක්‌තිය ලබාගන්නේ මිනිසුන්ගේ සෘණාත්මක සිතුවිලිවලින් ජනිත කරන සෘණ ශක්‌තියෙන්. 
.
ඔබ පුවත්පත්වල පලවන පියවි ඇසින් ඔබ්බට මළවුන්ගේ හෝරාව වැනි ලිපි කියවා ඇත්නම් මෙම ආත්මයන් ගේ හැසිරීම ගැන දන්නවා ඇති. මොවුන් අපගේ සිරුරුවලට ඇතුළු වී හෝ අපගේ නිවෙස්‌ වල අරක්‌ ගෙන අප තුළ කෝපය වෛරය ඇබ්බැහිවීම ආදී සිතුවිලි ජනිත කර ඒ මගින් ඇති වන සෘණාත්මක ශක්‌තිය උරාගෙන ජීවත්වෙන්නට මාන බලනවා. මීට අමතරව මේ සමහර නිරිසතුන් මිනිසුන්ගේ ලේ සෙම් සොටු අසූචි වැනි අපද්‍රව්‍ය ද ආහාර වශයෙන් ගන්නවා. බොහෝ විට මිනිසුන් ඇබ්බැහි වීම්වලට යොමු කරන්නේ මෙවැනි බලවේගයි තදින් මත්පැනට මත්ද්‍රව්‍යවලට ආශාවෙන් මියගිය ආත්මයන් මත් පැන් මත්ද්‍රව්‍යවලට ඉතා ගිජුකමක්‌ දක්‌වනවා ඒ සඳහා ඔවුන් මිනිසුන්ගේ සිරුරු තුළට ඇතුල් වී ඔවුන් මත්පැන් මත්ද්‍රව්‍යවලට යොමුකර ඒ ආශාවන් සංසිඳවා ගන්නවා. ඒ වගේම දැඩි ලිංගික ඇසුර ප්‍රිය කළ මියගිය ආත්මයන් ද තම කාමාශාව සංසිඳවා ගැනීමට ද මිනිසුන්ගේ සිරුරට ඇතුළු වෙනවා. 
.
අපගේ ඕරාවේ නැත්නම් රශ්මි වළල්ලේ සමහර අවස්‌ථාවල කුඩා සිදුරු (portals) හටගන්නවා මෙය සිදුවන්නේ අපගේ මානසික සහ ශාරීරික ශක්‌තිය ද පිරිහුනු අවස්‌ථාවලයි. අප දැඩි කනස්‌සල්ලට හෝ ශෝකයට පත්වූ අවස්‌ථාවල සහ දැඩි ලෙස රෝගාතුර වූ අවස්‌ථාවල හෝ දරුණු අපයෝජනයන්ට ලක්‌ වූ අවස්‌ථාවල අපගේ සිරුරේ ශක්‌තිය රශ්මි වළල්ලේ සිදුරු වලින් කාන්දු වීමට පටන් ගන්නවා. එවිට ඉහත කී කුඩා සිදුරු ඇතිවනවා. එවිට මේ නිරි සතුන් ට අපේ සිරුරුවලට ඇතුල් වීමට අවකාශ ලැබෙනවා. මෙය අප සමාජයේ විවිධ තත්වයන් ලෙස හඳුන්වනවා සමහරු මේ තත්වය මානසික රෝගයක්‌ කියලත් තවත් අය මතුරල දිපු දෙයක්‌ කැවිල කියලත්, තවත් සමහරු ප්‍රේත ජීවියෙක්‌ සිරුරට ඇතුල් වෙලා ඇති කියලත් හඳුන්වනවා.
.
මානසික සහ ශාරීරික වශයෙන් දුර්වල වූ මිනිසුන්ගේ රශ්මි වළල්ලේ සිදුරු රැසක්‌ තිබෙන්න පුළුවන්. එවිට එක ආත්මයක්‌ පමණක්‌ නොව ආත්ම කීපයක්‌ සිරුරට ඇතුල් වන්න පුළුවන්. මෙවන් අවස්‌ථාවන් "Dual Persanality” “multiply personalities" යනුවෙන් හඳුන්වනවා. එවිට කෙනෙක්‌ තුළ චරිත දෙකක්‌ හෝ කීපයක්‌ තිබෙන කෙනෙක්‌ වන්නට පුළුවන්. මෙවැනි අවස්‌ථාවලදී මෙම සිදුරු වැසීම අත්‍යවශ්‍ය වනවා. බොහෝවිට ශාන්ති කර්ම මගින් කරන්නේ එයයි. 
.
මේ ආත්ම බොහොමයක්‌ ඉතා ආත්මාර්ථකාමී පහත් ආත්මයන්. මොවුන් ඔබේ සිරුරේ පාලනයට ඇතුළුවීම ඉතා භයානක තත්වයක්‌. මොවුන් ඔබ බියපත් කිරීමෙන් ඔබව ඔවුන්ගේ පාලනයට නතු කරගන්නවා. අපේ සිරුරට ඇලී අපේ ශක්‌තිය උරාගන ජීවත් වෙන්නට පටන් ගන්නවා. එවිට ඔබ රෝගී වන්න පුළුවන් අයහපත් දේ කිරීමට ඔවුන් ඔබව පොළොඔවන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්‌ථාවල මොවුන් තමන්ගේම ඥාතීන්ගෙන් පළිගැනීමට ඔවුන්ගේ සිරුරුවලට ඇතුල් වෙනවා මෙයත් ඉතා භයානක තත්වයක්‌ ඔවුන්ට හැකියාව තිබෙනවා ඔබේ ජීවිත පවා අනතුරට ලක්‌ කිරීමට විශේෂයෙන්ම හදිසි අනතුරුවලට ලක්‌කිරීමට කට්‌ටඩියන් කපුවන් වැනි අය මන්ත්‍ර බලයෙන් මෙම ආත්ම බැඳගෙන ඔවුන්ගෙන් නොයෙක්‌ අහිතකර දේවල් කරගන්නවා. ඒ මගින් සමහර අවස්‌ථාවල ජීවිත විනාශයන් පවා සිදුකරවනවා.
.
මෙවැනි ආත්මයන් සමහර අයට ආවේස වෙලා දෙවිවරුන්ගේ නම් විකුණමින් ශාස්‌තර කියන්න පටන් ගන්නවා .මෙහිදී මොවුන්ට ස්‌ථාන ගේ දොර ඉඩකඩම් ගැන හුඟක්‌ දුරට හරියට කියන්න පුළුවන් මොකද මොවුන්ට සෑම තැනම සැරිසැරීමේ හැකියාව ඇති නිසා ඒ වගේම බොරු කියල මුලා කරන්නත් පුළුවන්. එවිට අප සමහර විට ශාස්‌තර කියන අයට දොස්‌ කිව්වත් ඔවුන් කියන්නේ මොවුන් කියන එකයි. සමහර විට ස්‌වාමීන් වහන්සේලාට පූජකවරුන් වැනි අධ්‍යාත්මික කටයුතුවල යෙදෙන්නන් පවා නොමඟ හැරීමට මෙම ආත්මයන්ට හැකිවනවා. කලාතුරකින් සුභවාදී ආත්මයන් ද තිබෙනවා. ඔවුන් තමන්ගේ ඥාතීන් ආරක්‌ෂා කරනවා. ඒ වගේම තරමක්‌ දුරට සත්‍ය දේ ප්‍රකාශ කළ හැකි වනවා.
.
ඔබ දැක ඇති සමහර අවස්‌ථාවල පුද්ගලයන් සිතා ගන්න බැරි විදිහට හැසිරෙනවා. නැත්නම් කිසිවකු විසින් මෙහෙයවන ආකාරයක්‌ ඔහුගේ හැසිරීම් රටාවේ දක්‌නට ලැබෙනවා. තමන් කිසිදා නොකරපු දේවල් කරනවා එපමණක්‌ නොවේ. ඔබට දැඩි තෙහෙට්‌ටුවක්‌ වෙහෙසක්‌ බියක්‌ කම්මැලිකමක්‌ දැනෙනවා නම් ඔබට කිසිදා නොවුණ ලෙස පාලනය කළ නොහැකි කෝපයක්‌ හටගන්නවා නම්, මුළු දවසම නිදාගන්නවා නම්, හදිසියේම ඔබ කෑමට ඉතා ගිජුකමක්‌ දක්‌වනවා නම්, තවත් විටක ඔබ නිදා සිටින විටකදී කෙනෙක්‌ ඔබව තල්ලු කරගෙන සිටින බවක්‌ දැනෙනවා නම් ඔබට කෑ ගැසීමට අවශ්‍යය වුණත් වචන පිටනොවනෙ බවක්‌ හැඟෙනවා නම් හෝ තමන් තුළම කෙනෙක්‌ තමන් අමතනවා වැනි ශබ්ද ඇසෙනවා නම් සතුන්ට දැඩි ලෙස හිංසා පීඩා කරන්නට සිතේ නම් ඉතා පිරිසිදුව සිටි කෙනෙක්‌ අපිරිසිදුව සිටින්නට පටන් ගන්නවා නම් මේ ලක්‌ෂණ ඔබගේ ඕරාවට ආත්මයක්‌ නැතහොත් නිරි සතෙක්‌ ඇතුළු වී ඇති බවට සඥාවක්‌ වන්නට පුළුවන්.
.
මේ පිළිබදව මනෝ වෛදවරුන් විවිධ අදහස්‌ පවසනවා. බොහෝ විට මේවා මානසික රෝග ලෙස සලකා ප්‍රතිකාර කරනවා. මෙයින් සිදුවන්නේ පය බරවයට පිටිකර බේත් බැඳීම වැනි ක්‍රියාවක්‌. ඒ කෙසේ වුවත් මෙවැනි අවස්‌ථා අද සමාජයේ බොහෝ දුරට දක්‌නට ලැබෙනවා. බුදු දහම අනුව පමණක්‌ නොව කිතු දහම හින්දු දහම සහ මුස්‌ලිම් දහම අනුව වුවත් එවැනි දේ සිදුවන බව පිළිගන්නවා. බෞද්ධ අප බෝධි පූජා යන්ත්‍ර මන්ත්‍ර තොවිල් පවිල් ශාන්තිකර්ම කරනවා මෙන්ම ඔවුන් ද මෙවැනි දේ සඳහා ඒ ඒ ආගම්වලට අනුව ඒ ඒ පුද්ගලයන්ට සුදුසු ලෙස ශාන්තිකර්ම කරනවා.
.
බටහිර රටවල මෙවැනි දේ හඳුන්වන්නේ (Auric Cleaning) නැත්නම් රශ්මි වළල්ල ශෝදනය කිරීමක්‌ වශයෙන්. මේ සඳහා ඔවුන් අධි මානසික ශක්‌තින්වලින් හෙබි පුද්ගලයන්ගේ සේවය ලබාගන්නවා. එයට අමතරව භාවනාව, යාඥාවන්, මෝහනය ආදී නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා. තවද ලුණු වතුරෙන් නෑම විශේෂයෙන්ම මුහුදේ නෑම නිවෙස්‌වලට ලුනු ඉසීම සේ- නම් කොළ වර්ගයෙන් දුම් ඇල්ලීම පෙන්ඩුලම් වැනි මෙවලම් භාවිතා කිරීම වැනි දෑ කරනවා. ඒවා අප විසින් නිවසේ සුවද දුම් ඇල්ලීම කහ දියර ඉසීම වැනි දේට සම කළ හැකිය.
.
හිරු එළිය මේ ආත්මයන්ට අවහිර කරනවා එබැවින් අපේ නිවෙස්‌වල ජනෙල් දොරවල් හොඳින් විවෘත කර හිරු එළිය වැටීමට සැලැස්‌වීම ඉතා වැදගත් වෙනවා අපිරිසිදුකම මේ ආත්මයන් ආකර්ශනය කරනවා. විශේෂයෙන්ම ආහාර පාන පිළුණු වන තුරු නිවෙස්‌ තුළ තිබීම මළගිය අයගේ පින්තුර බොනික්‌කන් වැනි දෑ මේ ආත්මයන් ආකරෂණය කරනවා 
.
අපේ ඕරාව නැත්නම් රශ්මි වලල්ල පිරිසිදුව මෙන්ම ශක්‌තිමත්ව තබාගැනීමට අප උනන්දු විය යුතු වනවා. එය අපට කළ හැක්‌කේ කණස්‌සල්ල ඉරිසියාව, බය, වෛරය වැනි සෘනාත්මක සිතුවිලවලින් තොරව ආදරය සෙනෙහස කරුණාව මෛත්‍රිය වැනි ධනාත්මක සුභවාදී සිතුවලි අප සිත් තුළ ජනිත කිරීමයි අනෙක අප හොඳින් විඳ දරා ගැනීමේ ශක්‌තිය ප්‍රගුණ කළ යුතු වෙනවා. නිදසුනක්‌ වශයෙන් තමන් හුඟක්‌ ආදරය කළ කෙනකුගේ වෙන්වීම සිතට දැඩි ශෝකයක්‌ වේදනාවක්‌ ඇති කරනවා. මෙවැනි අවස්‌ථාවල අප ජීවිතය පිළිබද කලකිරෙනවා. දිවි නසා ගන්න පවා සිතෙනවා එවිට අපේ ඕරා රැස්‌ වළල්ලේ තාවකාලික සිදුරු වෙනුවට ස්‌Aථිර සිදුරු හටගන්නවා . එවිට ඇතුළු වන පහත් ආත්මයන් පලවා හැරීම තරමක්‌ අසිරු වෙනවා. 
.
අධ්‍යාත්මික ගුණවගාවෙන් පිරුණු ආතතියෙන් තොර ශක්‌තිමත් මානසික තත්වයෙන් යුතු දිවියක්‌ ගත කිරීමෙන් අපගේ ඕරා ශක්‌තිය වර්ධනය වෙනවා. එවිට මෙම ආත්මයන්ට අපගේ සිරුරට ඇතුල් වීමේ හැකියාව නැතිවනවා එවිට අපට නිරෝගිමත් මෙන්ම සැනසිලිදායක ජීවිතයක්‌ ගත කිරීමට පුළුවන් වෙනවා.
.
(අන්තර්ජාලය සහ “The five rules of though´” by Mary T Brown ඇසුරිනි)
ශ්‍රියානි ද සේරම්
.Budu Maga
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සත්තසුරියුග්ගමන සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි,” භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
මහණෙනි, මේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.
දුර්භික්ෂ සමයක්
මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්ෂාව නොවසියි. මහණෙනි, වර්ෂාව නොවස්නා කල්හි යමි ඇට වර්ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.

දෙවන හිරැ පහල වෙයි
මහණෙනි, කවර කලෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍යයයෙකුගේ පහළ විම සිදුවෙයි. දෙවෙනි සුය්ර්‍යයා පහළ වීමෙන් කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සි‍ඳෙත්. වියලී යත්. නොවෙත්.

තෙවන හිරැ පහල වෙයි
කවර කාලයෙක හෝ දීඝෟ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍යයෙකු පහළ වෙයි, තුන්වෙනි සුර්‍යයා පහළ වීමෙන් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගා වෙද්ද, මේ ගංගාවෝ වියලී යත්. සි‍ඳෙත්. නොවෙත්.

සිවිවන හිරැ පහල වෙයි
මහණෙනි, කවර කාලයෙක හෝ දිර්ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍යයා පහළ වෙද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍යයාගේ පහළ වීමෙන් යමි තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නමි, ඊට හේතු වන මහා විල් වෙද්ද, එනමි, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡුද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සි‍ඳෙත්. නොවෙත්.
පස්වන හිරැ පහල වෙයි
මහණෙනි, කවර කාලයෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍යයා පහළ වෙද, එබදු කාලයක් ද වෙමය. පස්වෙනි සුර්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. සත්තලක් (තල් ගස් සතක උසට) හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයේහි සප්ත පුරුෂ ප්‍රමාණ (පුරැෂයන් සතකගේ උසට) ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යමි සේ ලොකු වැහි බින්දු ඇති වර්ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොන් කුරයන්හි පමණ ජලය සිටියේ වුවද, මහනෙනි, පස්වෙනි සූර්‍යාගේ පහළවීමෙන් ඇගිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයේහි ජලය නොවෙයි.
සවන හිරැ පහල වෙයි
ඒ දීර්ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබදු කාලයක් වෙමය. මහණෙනි, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථුවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්. මනාකොට දුමි නගත්. මහණෙනි, යමි සේ කුඹල්කරුවාගේ වලං ඇසුරූ පෝරණුව මැටි ආලේප කළ පසුව පළමු පළමුව දිමි දමාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්..

සත්වැනි හිරැ පහල වෙයි
මහණෙනි, කිසියමි දීර්ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබඳු දීර්ඝ කාලයක් වෙමය. සත්වෙනි සූර්‍යයා පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මෙ මහා පෘථුවියේද, මෙරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මෙරු පර්වතයේද, මෙ මහා පෘථුවියේද, දවනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කදින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුඵ බිදි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුඵ බිඳි විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුඵ බිඳි විනාශ වෙත්. දවනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙරු පර්වතයෙහිද, මෙ මහා පෘථිවියෙහිද අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දවනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අඵ නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දවනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙ මහා පෘථිවියේද, මෙරු පර්වතයේද, අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, මෙසේම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මෙ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. මහණෙනි, මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද, ගින්නෙන් ඩැහැ ගන්නේයයි, විනාශ වන්නේයයි දැක්කවුන් හැර (සංස්කාරයාන් මනා කොට දැක්කවුන්| ආර්‍යයන් හැර) කවරෙක් සිතාද, කවරෙක් අදහාද.
මහණෙනි, පෙර වනාහි කාමයන්හි දුරු කළ ආශා ඇති තීර්ථක නායකවූ සුනෙත්‍ර නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර නම් ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘවරයා බඹලොව ගමන පිණිස සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. මහණෙනි, බඹලොව ගමන පිණිස ධර්මය දේශනා කරන්නාවූ සුනෙත්‍ර ශාස්තෘවරයාගේ සියඵ ශාසනය ඔවුහු සර්වප්‍රකාරයෙන් දත්තෝ. කායයාගේ බිදීමෙන් මරණින් මතු සුගතිය නමිවු බඹලොව උපන්හ.
යමි කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් ශාසනය නොදත්තෝද, ඔවුහු කායයාගේ බිඳිමෙන් මරණින් මතු ඇතැමි කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් නිර්මාණරතී දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් තුසිත දෙවියන් සමග උපන්හ. ඇතැමිහු යාම දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් තවිතිසා දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන් සමග උපන්හ. ඇතැමිහු ක්‍ෂත්‍රිය මහාසාර කුලයන් හා එක්ව උපන්හ. තවත් අයෙක් බ්‍රාහ්මණ මහාසාර කුලයන් හා එක්ව උපන්හ. ඇතැමි කෙනෙක් ගෘහපති මහාසාර කුලයන් හා එක්ව උපන්හ.
මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘවරයාට මෙ අදහස විය. ශ්‍රාවකයන් හා පරලොව සම සම ගතීහු වන්නාහුද, මෙය වනාහි නුසුදුසුය. මම මත්තෙහි මෛත්‍රීය වඩන්නේ නමි ඉතා යෙහෙක කියායි. මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මෙ ලෝකයට නැවත නොආයේය.
මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, සතිස් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.
නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනනසුඵ ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූරවූ, විරවූ, අන්‍ය සේනා පරදවන මනා අග පසග ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවරකොට ඇති මෙ පෘථිවිය, දඩුවමින් තොරව, ආයුධ ආදියෙන් කරණ යුදවලින් තොරව, ධර්මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනෙත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්කවූවත්, චිරස්ථායිවුවත්, නොමිදුනේ විය. ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව වැළැපීම, දුඛ, දොමනස්ස, උපායාස සිත් තැවුල් දුක්වලින් නොමිදුනේය, දුකින් යුක්තවූයේයයි කියමි.
මහණෙනි, එයට හේතු කවරේද? සතර ධර්මයන්ගේ අවබෝධ නොකිරීමෙනි, ප්‍රතිවෙධ නොකිරීමෙනි. කවර සතර ධර්මයන්ගේද යත්? ආර්‍ය ශීලය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය සමාධිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය විමුක්තිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්ද යනුයි.
"මහණෙනි, යුෂ්මතුන් විසින් ආර්ය ශීලය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී ...ආර්ය සමාධිය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී.ආර්ය ප්‍රඥාව අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී...ආර්ය වූ විමුක්තිය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී...භව තෘෂ්ණාව උපුටා දමන ලදී ...භවයෙන් භවයට ගෙන යන තෘෂ්ණාව ක්‍ෂය විය ...දැන් නැවත ඉපදීමක් නැත ..." භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක...දේශනාකොට සුගත වූ ශාස්තෲන් වහන්සේ ඉන්පසු මෙය දේශනා කළ සේක...
"ශීලයද,සමාධියද ,ප්‍රඥාවද ,ලෝකෝත්තර මිදීමයයි කියන ලද අරහත් ඵලයද යන ධර්මයෝ යශස් ඇත්තාවූ ගෞතමයන් විසින් අවබෝධ කරණ ලද්දාහුය ...
"මෙසේ බුද්ධ තෙම විශ්ෂ්ඨ ඥානයෙන් මනාකොට දන භික්ෂූන්ට ධර්මය දේශනා කළ සේක.සසර දුක් කෙළවර කළාවූ ,පසැස් ඇත්තා වූ ශාස්තෲ තෙම ක්ලේශ පරිනිර්වාණයෙන් නිවුන සේක .... "
(අඞගුත්තර නිකාය, සත්තක නිපාතය, දෙවැනි පණ්ණාසකය, මහා වග්ගය, සත්තසුරියුග්ගමන සූත්‍රය)

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගෝවේ ඇති දේහය රාහුල හිමිගේමයි

සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුදපත් වතාවේ
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි මෙතෙක්‌ පහළ වූ අති විශිෂ්ට ගනයේ පඬිරුවනක්‌ යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. උන්වහන්සේ ත්‍රිපිටකයෙහි කෙල පැමිණි බැවින් "ත්‍රිපිටක වාගීශ්වර" යෑයිද සියලුම කලාවන්හි අගතැන්පත් වූ නිසා සකල කලා සව_ඥ යෑයිද භාෂා සයක්‌ මැනවින් දත් බැවින් "ෂඩ් භාෂා පරමේෂ්වර" යන ගෞරව නාමවලින් පිදුම් ලද්දෝ වූහ.
රාහුල හිමි කුඩා කල හදා වඩා ගනු ලැබුවේ සයවන පරාක්‍රමබාහු රජ විසිනි. පැවිදි වූ පසු රහල් හිමියෝ රජුගේ රාජාභිෂේකයෙන් 15 වන වසරේ පරෙවි සංදේශය ද, 34 වන වසරේ කාව්‍යශේඛරය ද, 35 වන වසරේ සැලළිහිණිය ද, 45 වන වසරේ පඤ්චිකා ප්‍රදීපය ද, රජුගේ අභාවයෙන් පසු බුද්ධිපසාදිනිය ද රචනා කරන ලදී. පඤ්චිකා ප්‍රදීපය, පාලි ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථයක්‌ වන අතර එයින් රාහුල හිමිගේ මහත් වූ පරිණත සහ උදාර වූ බුද්ධිය පිළිබිඹු කරයි. එහි සඳහන් පෘථුල සාහිත්‍යය, සංස්‌කෘත සහ පාලි උපුටන සමුදාය සත්‍ය වශයෙන්ම විශ්මයජනකය. එහි අන්තර්ගතව ඇති අසූ දෙනකුට අධික දාර්ශනිකයන්ගේ උපුටා ගැනීම් සම්ප්‍රදායෙන්ම උසස්‌තම විශිෂ්ට කෘතීන් කොපමණ රාශියක්‌ ඔහු විසින් හදාරා ඇත්දැයි සනාථ වෙයි. 
රාහුල මාහිමි "වෙද හාමුදුරුවෝ" යනුවෙන්ද හඳුන්වා තිබිණ, පුරාවෘතයකට අනුව මාහිමි සතුව විවිධ රෝගාබාධ සඳහා වූ බලගතු තෙල් වර්ග තිබිණ. උන්වහන්සේගේ ඖෂධ පිළිබඳ ඥනය විශ්මයජනකය. සංස්‌කෘත භාෂාව පිළිබඳව තිබූ හසල දැනුම හේතුවෙන් භාරතීය වෛදික වෛද්‍ය ග්‍රන්ථ රාශියක්‌ කියවා ලබාගත් ඥනය මෙරට අත්දැකීම් සමග මුසුවීමෙන් උන්වහන්සේ මෙරට පහළ වූ උසස්‌ම පන්තියේ වෛද්‍යවරයකු වූවාට නිසැකය. රහල් හිමි යම් යම් වතාවත් කරන ලද බවත්, ඉන්පසු විශ්මයජනක ලෙස රෝගීන් සුවපත්ව ඇවිද ගිය බවත් පවතින විශ්වාසයයි. එසේම උන්වන්සේ අපවත් වන්නට මොහොතකට පෙර "සිදු අලු රසය" නම් ශක්‌ති සම්පන්න ඖෂධයක්‌ පානය කළ බවද, ඒ හේතුවෙන්ම මෘත දේහය නරක්‌ නොවී දින දශ ලක්‍ෂයක්‌ තබා ගැන්මට හැකි විය යන්නද විශ්වාස කරනු ලැබේ. 



ක්‍රි. ව. 1505 දී පෘතුගීසිහු ලංකාවට පැමිණි අතර, අනතුරු වර්ෂයන් සිංහල සාහිත්‍යයට පමණක්‌ නොව බුදු දහමට ද අතිශයින් අඳුරු කාල පරිච්ඡේදයක්‌ විය. රටේ දේශපාලන තත්ත්වය අස්‌ථාවර වූ අතර, රජවරු තම තමන්ගේ බලය ලබාගැනීම සඳහා පෘතුගීසීන්ගේ උදව් පැතූහ. පෘතුගීසීන් අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් අතර ධර්මපාල කුමරු කතෝලික ආගම වැළඳගත් දොන් ජුවන් ධර්මපාල නමින් කෝට්‌ටේ රජ විය. පෘතුගීසීන් විසින් තම පාලන කාලය තුළ ඉතා දුෂ්ට ලෙස බෞද්ධයෝ කතෝලික ආගමට හරවන ලදහ. රජතුමා අකාර්යක්‍ෂම සහ ජාතිය කෙරෙහි කිසිදු ඇල්මක්‌ නොමැති වූ හෙයින් පෘතුගීසිහු සියලුම පන්සල් විනාශ කර කොල්ලකා, දහම්, සාහිත්‍ය වියරණ පොත පත ගිනිබත් කළහ. රහල්හිමිගේ ප්‍රතිභාව ගැන සලකා බලන කල්හි උන්වහන්සේ, දැනට ප්‍රකටව ඇති ග්‍රන්ථ 5 ට අමතරව, දර්ශනය, ව්‍යාකරණ, සිංහල සාහිත්‍ය යනාදිය සම්බන්ධයෙන් තවත් බොහෝ ග්‍රන්ථ රැසක්‌ අනිවාර්යයෙන් ලියා ඇති බව නිසැක නමුත් ඒ සියල්ල ද දුෂ්ට පෘතුගීසීන් අතින් විනාශයට පත් වන්නට ඇති බැව් හැඟෙන විට ඇති වන්නේ මහත් සංවේගයකි. 
එසේ නම් මෙසේ ලක්‌දිව ඉතා ප්‍රකට, ජනප්‍රිය පඬිවරයෙකුගේ දේහය, අපවත්වූ පසු ඉන්දියාවේ ගෝවේ නගරයට ගෙන ගියේ කෙසේද? එසේ ගෙන යාම සඳහා උන්වහන්සේ අපවත්වී වදාළේ කොහිද? දේහය පෘතුගීසීන් විසින් රැගෙන යනකල් සිංහලයෝ අත්වැල් බැඳගෙන උන්නාද? රජකෙනකුගේ සෙනෙහසින් හැදුනු වැඩුනු රජුගේ රැකවරණය ලැබූ පඬිරුවනකට මෙවන් අභාග්‍ය සම්පන්න ඉරණමක්‌ අත්විය හැකිද? එසේම මෙවන් මහා අපරාධයක්‌ කිරීමට, එනම් ශ්‍රී රහල් දේහය ගෝවේ නගරයට වැඩි කලබලයක්‌ නොමැතිව ගෙන යාමට, සුදුසු දේශපාලන වාතාවරණයක්‌ රටතුල තිබුණේද? මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම දේහය පිළිබඳ නියම තතු දැනගැන්මට ඉහවල්වන බැවින් අප මඳක්‌ ඒ පිළිබඳව ප්‍රථමයෙන් සොයා බලමු.

රාහුල හිමි අවසාන කාලයේ සිටියේ කොහිද?

සැළලිහිණි සංදේශයේ රාහුල හිමි විභීෂණ දෙවියන්ට කන්නලව්වක්‌ කරයි. එනම් සයවන පරාක්‍රමබාහු රජුගේ දියණිය වූ උලකුඩය කුමාරියට (එනම් ලෝකනාථ කුමාරිට) පුතෙක්‌ ලබාදෙන ලෙසයි. මෙම පුත් කුමරුවා එනම් ජයබාහු කුමරු රජුගේ අභාවයෙන් රජ වූවාට පසු සපුමල් කුමරු ඔහු මරා සයවන බුවනෙකබාහු නමින් රජවිය. සපුමල් කුමරු තුන්වරක්‌ම ජයබාහු ඝාතනය කිරීමට තැත්කළ අතර රාහුල හිමි ඒ ඝාතන කුමන්ත්‍රන තුනම වැළැක්‌වූ නමුත් සිව්වන වර උන්වහන්සේට ජයබාහු බේරා ගැනීමට නොහැකිවිය.
තමා හදාවඩා ගත් සයවන පරාක්‍රමබාහුගේ මුණුපුරාවූ ජයබාහුගේ ඝාතනයෙන් පසු මහත්සේ කලකිරීමට සහ ශෝකයට පත් රාහුල හිමි හුදකලා ජීවිතයක්‌ ගත කරනු වස්‌ විජයබා පිරිවෙන හැරදමා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටියට නුදුරු "අම්බත" නම් ගුහාවක තම අවසාන කාලය ගෙවූ බව වාර්තා වේ. එසේ හුදකලාව සිටීමට තීරණය කළේ සයවන බුවනෙක බාහුගෙන් උන්වහන්සේට ජීවිත තර්ජන තිබූ නිසාද විය හැක. කෙසේ නමුත් රාහුල හිමි අපවත්වීමට පෙර අම්බතහි විසූ ගල්ගුහාවෙහි එතුමාගේ දේහය තබා තිබූ ගල් ඇඳ රඳවා තිබූ ගල් කණු අද පවා දක්‌නට තිබේ.
රාහුල හිමි අවසාන කාලයේ හුදකලාව සිටි බවට සහ කිසිම රාජ්‍ය උත්සවයකට සහභාගි නොවූ බවට තවත් වැදගත් සාධකයක්‌ බුරුමයේ සේගු නගරයේ ඇති කල්‍යාණ ශිලා ලිපි සාක්‍ෂි දරයි. සයවන බුවනෙකබාහු සමයේ (සපුමල්කුමරු) බුරුමයේ ධම්මෙච්තිය රජ විසින් මොග්ගල්ලාන නම් භික්‍ෂුව ඇතුළු භික්‍ෂූන් 22 නමක්‌ ලංකාවට වැඩම වූ බවද ඔවුන් කැලණියේ කල්‍යාණි සීමාවේදී උපසම්පදාව ලබා නැවත බුරුමයට ගිය බවත් එහි සඳහන්වේ. ඒ සඳහා ලංකාවේදී සහභාගීවූ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා 4 නමකගේ, එනම් වීදාගම තෙරණුවෝ, ධම්මකිත්ති තෙරණුවෝ, වනරතන තෙරණුවෝ සහ සිහල රාජ මහාතෙරණුවෝ නම් සඳහන් වන අතර එකල විසූ සුප්‍රසිද්ධ තෙරනමක්‌වූ ශ්‍රී රාහුලගේ නම් සඳහන් නොවේ. නමුත් සයවන පරාක්‍රමබාහු කල පැවැත්වූ වැදගත් ආගමික උත්සවයන්හි ප්‍රධාන තැනක්‌ ඉසිළුවේ රාහුල හිමිවන අතර පෙර කී කළ්‍යාණි ශිලා ලිපියේම එය සඳහන් වෙයි. බුවනෙකබා රජ දවස රාජකීය අනුග්‍රහයක්‌ ලත් උත්සවයකට රාහුල හිමි සහභාගී නොවීමෙන් පෙනෙනුයේ පරාක්‍රම රජුගේ මුණුපුරු ජයබාහුට කරන ලද අසාධාරණය නිසාම ඔවුන් අතර දැඩි විරසක බවක්‌ තිබූ බවය. තවද රහල් හිමි සාමාන්‍ය ජනතාව ඇස නොගැටෙන හුදකලා ස්‌ථානයක ජීවත්වූ බවටද එය හොඳ සාක්‍ෂියකි.
එසේම පරම්පරා ගණනක්‌ තිස්‌සේ මුවින් මුව ගලා ආ ජනකවි 2 කින්ද රාහුල හිමි හුදකලාව ජීවත්වූ බවක්‌ උන්වහන්සේගේ දේහය පෘතුගීසීන් විසින් ගෝවේ නුවරට ගෙනගිය බවත් තවදුරටත් සනාථ වේ.

සොඳුරු රාහුල අපත්වී සක දහස සිව් සක තෙලෙස්‌ වේ

ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු සපුමල් රෝස වේ

සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය ගල්ලෙන දිසා වේ

ඇදුරුගේ දෙන ලෙනින් ගත් දින දනෝ යුද කළෙ ඒ නිසා වේ

ආදරණීය රහල් හිමි අපවත් වූයේ ශක වර්ෂ 1413, එනම් ක්‍රි.ව.1413Ý78-1491 දීය. සවැනි බුවනෙකබාහු තෙරිඳුට සතුරුකම් කළනිසා හිමි ගල්ලෙනට වැඩියහ. උන්වහන්සේගේ දේහය ගල්ලෙනින් පිටතට ගත් දින ජනතාව එයට විරුද්ධව යුද්ධ කළෝය.

සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුද පත් වතාවේ

ඉඳුරු ගල්ලෙනෙහි යක්‌ සෙන් ඇසුරු කර සිටියෙහි මනාවේ

මිතුරු ජපකළ දහසකට කල් පවතිනා තුරු කරපු ජීවේ

මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ "ගෝවේ"

සෙන්පති සේවියර් සිංහලයාට සතුරුව යුද වැද සිටියහ. රහල් හිමිගේ දේහය මන්ත්‍ර ජපකොට යක්‍ෂයන් විසින් ආරක්‍ෂා කරමින් සිටියහ. දහසක්‌ කල් තබා ගැනීමට ජීවම් කර තිබූ රහල් හිමිගේ මළ සිරුර උන් ගෝවේ නගරයට රැගෙන ගොස්‌ තැබූහ.
ජනප්‍රවාද අපට අවඥවෙන් බැහැර කළ නොහැක. ජනප්‍රවාදයෙන් සහ ඉහත සාක්‍ෂි වලින් පෙන්වනුයේ රාහුල හිමි අවසන් කාලය ගෙවූයේ ඉතා හුදකලාව බවය. එසේම එක්‌ කවියකින් කියෑවෙන්නේ එම දේහය ගෝවේට ගෙනගිය බවය. රාහුල හිමි අම්බෙන වාසය කළ බව සනාථ වන තවත් කරුණු සහ දේහය ගෙන යාම පිළිබඳ විස්‌තර ඉදිරියේ සඳහන් කරමු.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිරිපා අඩවියේ අභිරහස් ඇත් සොහොන

ශ්‍රී පාද අඩවිය ගෞතම ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇතිවා සේම ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. අප විසින් දක්වා සිටින්නේ එවැනි අභිරහසක් පිළිබදවයි.

1940 ට ආසන්න කාලයේ ශ්‍රී පාද අඩවියට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන්යානයක් කාර්මික දෝෂයක් නිසා කඩා වැටිණි. යානයේ ගමන් කළ තිදෙනෙක් අනතුරේදී මිය ගියහ. අනතුරින් කම්පනයට පත්ව සිටි නියමුවා පැය කිහිපයකට පසු යානයෙන් බිමට බැස ගන වනාන්තරය මැදින් මිනිස් පුළුටක් සොයා ගමන් කරන්නට විය. කම්පනය හා තද පිපාසය ඔහු දුරු කර ගත්තේ ඉදුණු පලතුරු කෑමෙන් හා නිතර ගලාගිය සීතල පවිත්‍ර ඇළ ‍දොළවලින් ජලය පානය කිරීමෙනි. අරමුණක් නැතිව අසීරුවෙන් ඇවිද යන ඔහුට එක් තැනිතලා බිමක අක්කර ගණනාවක් විහිද ගිය අලි ඇටකටු, ඇත්දත් විසිර ගිය භූමියක් දක්නට ලැබිණි. ඒ වටා තිබුණේ සරුවට ගහකොළ වැඩී ගිය ගන වනාන්තරයයි. වනාන්තරය කෙළවර තැනිතලා සම භූමිය පැතිර තිබිණි. ඒ අසල ගලායන ජල පහරක් ද විය.
තැනිතලාව පුරා විසිර තිබූ ඇටසැකිලි, දිරාගිය ඇටසැකිලි හා ඇත්දළ අනුව එය ඇතුන්ගේ සුසානයක් බව ඔහුගේ සිතට අවබෝධ විය. ඔහු බොහෝ වේලා එය නිරීක්‍ෂණය කළේය.
දින ගණනාවක් ඉබාගාතේ කැලෑවේ ඇවිද ගිය ඔහුට ජනාවාසයට යා හැකි වූයේ තවත් දින ගණනාවකට පසු ඉතා වෙහෙසකර දිගු දුරක් පයින් ඇවිදීමෙනි. ගම්මුන්ගෙන් කෑමබීම, ප්‍රතිකාර, අත්උදව් ලැබී සුවපත් වූ ඔහු පසුව තම අත්දැකීම් ගැමියන්ට හා පුවත්පතකට කියා සිටියත් ආපසු එම ඇත් සොහොන සොයා යෑමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ භූමිය පිහිටි ස්ථානයට යන ගමන් මාර්ගයද සිතේ අවුල් තත්ත්වය නිසා මඟහැරී ගොස් තිබිණි. කාලය සමඟ ඔහු දුටු අත්දැකීම යටපත් වී ගියේය. ශ්‍රී පාද අඩවියේ අලි ඇතුන්ට සීමා වූ ගුප්ත සුසාන භූමියක් ඇති බවත් වියපත්ව මරණ ඉව දැනෙන අලි ඇතුන් ඒ සුසාන භූමිය කරා පැමිණ ඇද වැටී මිය යන බවත් ශ්‍රී පාද අඩවිය අවට පැරැණි ගැමි කතා හා ජනකතාවල කියැවෙයි. ඒ අනුව එය ඇතුන්ට සීමා වූ රහසක්ම විය.
ශ්‍රී පාද අඩවිය අති පූජනීය පවිත්‍ර ගුප්ත භූමියකි. සමන් දෙවිඳුන්ගේ වාහනයද ඇළි ඇතෙකි. වනාන්තර සරුවට වැඩී වන විනාශයක් නොතිබුණු එකල ලංකාව පුරා විසිර සිටි හෝ මැදරට හා ඒ අවට පැතිර සිටි දහස් ගණන් ඇතුන්ට ජීවත්වීම, අලිමංකඩ පිළිබඳ ගැටලු මතුවූයේ නැත. ගන වනාන්තරය මැද අවශ්‍ය තරම් ආහාර ඇතිව නිරෝගී ඇත්තු දීර්ඝායුෂ වින්දාහ. වනයට හානි, ගහකොළ කැපීම්, අලිමංකඩ ඇහිරීම් සිදුවූයේ නැත. ඒ නිසා සුවසේ ජීවත්ව ආයුෂ නිමාවී ගෙන එන බවට ඉව වැටෙන විට තමන්ගේ පරපුරේ සොහොන් බිම වෙත තනිව පැමිණීම හෝ රැළේ අත් උදවුකරුවන් සමඟ පැමිණීම සිදුවිය. ඒ සොහොන් බිම අවටද ආරක්‍ෂාව, ආහාර, ජලය ප්‍රමාණවත්ව තිබූ බැවින් ඉතිරි කාලය ජීවත්වීම පිළිබඳ ගැටලු මතුවූයේ නැත.
අවුරුදු දහස් ගණනක් ශ්‍රී පාද අඩවියේ තිබූ එම ගුප්ත ඇත් සොහොන උන්ගේ පරපුරටම සීමා වූ රහසක් විය. ඒ කාලවල ශ්‍රී පාද කඳුවැටිය ද ඒ අවට සියලු පරිවාර වනාන්තරද අලි ඇතුන්ගෙන් ගහන විය. එමෙන්ම ශ්‍රී පාද අඩවියට යාව පිහිටි සිංහරාජ තෙත් වනාන්තරය අවට සියලු පරිවාර වනාන්තර අවට අලි ඇතුන්ගෙන් පිරී පැවතිණි. අෑත සිට පැමිණි සංක්‍රමණික අලින් හා රංචුවලින් ඉවත් වූ හා ඉවත් කළ තනි අලිද මේ සීමාවේ නිදහසේ ජීවත් වූහ. ඒ නිසා ඇත් සොහොන ජීවමාන සත්‍ය යථාර්ථයක් විය.
අතීතයේ වෙසක් පසළොස්වකට පසු අවාරයේ ශ්‍රී පා නොයෑමට වන්දනාකරුවන් පෙලඹුණේද මිනිස් පුළුටක් නැති අවාරය, හරස් අතට වහින තද වැහි, එක දිගට දින ගණනක් අල්ලා සිටින වර්ෂාව, ඇඟකිලිපොළන දැඩි සීතල, තද මීදුම, හෙණ පිපිරීම්, අකුණු සමඟ රෑ දවල් දින ගණන් වර්ෂාව පැවතීම, වර්ෂාවට ශ්‍රී පාදයට යන පඩිපේළි, මංමාවත් යට කරගෙන අඩි ගණනක් උසට බොර වතුර කඳක් අවාරයට එකතු වීම සිදුවූ බැවිනි. අවාරය සමඟ ශ්‍රී පාද අඩවිය අෑත සිටින අලි ඇතුන්ගේද නිදැල්ලේ යන එන ගැවසෙන භූමියක් විය. එහෙත් මේ තත්ත්වය වෙනස් වූයේ කෙසේද? ඇත් සොහොන විනාශව ගියේ කෙසේදැයි අපි දැනගත යුතුය.
ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු 1835 පමණ උඩරට පුරා කෝපි වගාව පැතිරෙන්නට විය. බ්‍රිතාන්‍යයේ සිට කෝපි වැවීමට වගාකරුවෝ ලංකාවට පැමිණ අක්කරයක් සිලිම් දෙක වැනි ඉතා සුළු මුදලකට මිලදී ගත්හ. 1848 මුඩුබිම් පනත යටතේ තමාට නීත්‍යනුකූල ඔප්පුවකින් පෙන්විය නොහැකි සියලු ඉඩම් මුඩුබිම් පනතින් රාජසන්තක විය. උඩරැටියෝ උඩරට කැරලිවලින් පසු සරුසාර ගම් අත්හැර වඩාත් ආරක්‍ෂාකාරී කඳු ප්‍රපාත කරා ගොස් ජීවත්වීමට වූහ. මේ සමඟ යුරෝපයෙන් පැමිණි වගාකරුවෝ රජයෙන් කුණු කොල්ලෙට ගත් ඉඩම්වල දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වා කැලෑ එළිකොට කෝපි වතු ආරම්භ කළහ. සමකාලීන සමාජය වටා ලියැවුණු "තිත්ත කෝපි" වැනි ඉංග්‍රීසි නවකතාවලින් මේ ශෝකජනක කතාන්දරය මෙන්ම වතුකරුවන් මුහුණ පෑ ගැටලු විවරණය වෙයි.
සිංහලයන් අත්හැර ගිය පැරැණි උඩරට ගම්මාන - මුඩුබිම් පනත යටතේ පවරාගත් ගැමියන්ගේ ඉඩම් හා රජයේ කැලෑ එළිකොට කෝපි වගාව ආරම්භ විය. ඒ සමඟ කැලෑ විනාශය, දේශගුණික වෙනස්වීම්, ඇළ‍දොළ, දිය ඇලි සිඳීයෑම, අලි ඇතුන් වඳ වී යෑම සිදුවිය. සිංහරාජය, ශ්‍රී පාදය වටා පැතිර තිබූ පරිවාර කැලෑ මෙන්ම මේ පූජනීය ආරක්‍ෂිත කැලෑබිම් විශාල කොටසක්ද කෝපි වගාව සඳහා එළිපෙහෙළි විය. නිදැල්ලේ කැලෑවල හැසිරුණු අලි ඇතුන් දඩයම වතුකරුවන්ගේ එක් විනෝදාංශයක් විය. විනෝදය සඳහා අලින් සිය ගණන් - දහස් ගණන් මරා දැමීම සිදුවිය. මේ සමඟ නිදැල්ලේ ගැවසුණු අලි පරපුර වඳ වී යෑම ආරම්භ විය. හැටන්, ශ්‍රී පාද අඩවිය, සිංහරාජය, සාමිමලේ වැනි ඒ කඳු පාමුල ජීවත් වූ අලි ඇත්තු මෙන්ම ගවයන්ද වතුකරුවන්ගේ තුවක්කුවලට බිලි වූහ. මේ නිසා ඇත් සොහොන ක්‍රමයෙන් පාළුවීම ආරම්භ විය.
සුද්දන් ආදර්ශයට ගත් දේශීය ධනපතියෝද කෝපි වගාව ආරම්භ කළහ. 1875 පමණ කෝපි වගාව බිඳවැටුණු පසු සින්කෝනා, තේ, රබර්, පොල්, කෝකෝවා, ගම්මිරිස්, උඩරට දේශීය වගාව පැතිර ගියේය. සුදු ජාතිකයන් අතර වඩාත් පැතිර ගියේ තේ වගාවයි. ඉතිරිව තිබූ කැලෑ නගර සීමාවන් කඳුමුදුන් දක්වාම කැලෑ එළිකොට තේ වගාව පැතිර ගියේය. ඒ සමඟ ඉතිරිව සිටි අලි ගහනයද ක්‍රමයෙන් අඩුවන්නට විය.
ඇත්ගාල් කරවීම, විකිණීම සඳහා මදු ගසා හෝ ඇත්ගාල් මඟින් කැලෑ අලින් අල්ලා ගැනීම සිදුවිය. මඩකළපුව අවට විසූ "මට්ට" යනුවෙන් හඳුන්වන මුස්ලිම් ජන කොටස මදු ගසා අලින් ඇල්ලීමට ප්‍රකට විය. අලින් අල්ලා රට යැවීම ඉංග්‍රීසීන්ගේ එක් ආදායම් මාර්ගයක් විය. අල්ලා ගත් අලින් හීලෑ කිරීමේදී සිදුවන තුවාලවලින් බොහෝ දෙනා මිය ගියහ. පනාමුරේ ඇත්ගාලට පසු ඇත්ගාල් කරවීම අත්හිටුවිණි. මේ නිසා 1850 පසු ශ්‍රී පාදය අවට තිබූ ගුප්ත ඇත් සුසාන භූමියට ඇදී එන අලි ප්‍රමාණය බෙහෙවින් අඩුවීමට විය. 1850 පසු ක්‍රමයෙන් වනාන්තර ප්‍රමාණය අඩු වූ අතර ජනගහනය වැඩිවීම සිදුවිය. පරිවාර වනාන්තරවලින් අලි ඇතුන් වඳවීම ආරම්භ විය. ගම් යාව තිබූ වනාන්තර ගම්මුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබීමෙන් හා ගම් පුළුල් කිරීම් යටතේ ජනපද ඉඩම් ලෙස ගැමියන් අතර බෙදාදීමෙන් කැලෑ ඉඩම් තවත් අඩුවිය. දඩයම්කරුවෝ අතින් තව තවත් අලි ඇත්තු මරණයට පත්වූහ. ශ්‍රී පාදයට ඇදී එන පිරිස් හැටන් දුම්රිය පාර ආරම්භ වීමෙන් දෙගුණ තෙගුණ වූහ. 1940 වන විටත් ශ්‍රී පාදය අවට ගුප්ත ස්ථානයක පිහිටි ශ්‍රී පාදයේ ඇත් සොහොන අභාවයට ගිය බව කීම සාධාරණය.
අද වන විට ශ්‍රී පාද අඩවියේ ඉතිරිව ඇත්තේ දහතුන් දෙනකුගෙන් පමණ යුත් කුරු අලි රංචුවකි. ශ්‍රී පාද වන්දනා කාලයට එම සත්තු මිනිස් පුළුටක් නොදැනෙන ශ්‍රී පාද සීමාවේ අෑත කෙළවරවල සැරි සරති. ඉන්දුනීසියානු ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා හෙවත් හෙබර්ටන් කඳු අඩවියේ ලක්‍ෂපාන දියඇල්ල ආශ්‍රිතව මේ කුරු අලි රංචුව අවාරයට ගැවසෙන බව දුටුවන් ප්‍රකාශ කරයි.
සිංහරාජයේ ඉතිරිව ඇත්තේ එකම රැළක ඇතුන් තිදෙනෙකි. එකම රැළ තුළ උන්ගේ පැටවුන් ඇති නොවෙයි. මේ අනුව අතීතයේ සිට 1900 පමණ වනතුරු ශ්‍රී පාද අඩවියේ රහසිගත බිමක ගුප්ත ඇත් සොහොනක් තිබූ බව පිළිගැනීම නිවැරැදිය.
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤